Showing posts with label Free. Show all posts
Showing posts with label Free. Show all posts

Mediafire වලින් ගින්නක් නැතුව අපිට ඕනේ ෆයිල් හොයමු

කාලෙකින් ඔයාලට නියම වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටිය ගේම්, සොෆ්ට්වෙයාර් එහෙම Torrent වලින් නැතුව Mediafire, Hotfile වගේ File Sharing වලින් බාන්න කැමති. හැබැයි ලොකුම අවුල තමා කොහොමද අපිට ඕන මෘදුකාංග එහෙම Mediafire, Hotfile වලින් හොයාගන්නේ කියලා.. හැබැයි ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා.



  • මුලින්ම ඔයාලා Google එකට යන්න
  • දැන් ඔයාලා මෙන්න මෙහෙම ඕකේ ටයිප් කරන්නකෝ

   site:mediafire.com "Filename with extension"
site:mediafire.com brokenangel-arash.mp3




  • දැන් ඔහොම ටයිප් කරලා එන්ටර් කරලා බලන්නකෝ
  • දැක්කනේ ලිස්ට් එකක්ම ආවා නේද?
  • ඔය වගේ අපිට වෙන අඩවියකත් හොයන්න පුලුවන්
   site:hotfile.com "Filename with extension"
   site:hotfile.com brokenangel-arash.mp3

  • වැඩේ ගොඩ නේද? අවුලක් ආවොත් කියන්න. දැන් ඉතිං Mediafire ලිංක්ස් දාඩිය දාගෙන හොය හොයා හිටපු කාලේ ගියා..
වැඩේ හොඳනම් කමෙන්ට් එකක් එහෙම දාලාම යන්න

අපොයි!! උදව් කරහල්ලකෝ

කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්න ඕන. මට මුලින් කියන්න බැරි උනානේ... ඔන්න අද මොනවත් කියලා දෙන්න නම් නේමේ යන්නේ... ගොඩක් වේලාවට එදිනෙදා පරිගණක භාවිතයේදි ගැටළු මතු වෙනවානේ... මේවා ඉතින් අපි හදන්න ට්‍රයි කරනවා. බැරි උනාම යකා නැගලා කොහේට හරි ගේනියලා මොනර කොළ ටිකකුත් පුජා කොරලා එනවා... ඉතින් මේ වගේ ප්‍රශ්න විසදා ගන්න වෙනම තැනක් තියෙනවානම් නියමයි නේද? ඉතින් අපි මුණුපොතේ හැදුවා පොඩි ගෘෘප් එකක්... කෙනෙක් දන්නෙ නැති දෙයක් තව කෙනෙක් දැනගෙන ඉන්න පුලුවන්. ඉතින් මේකට එකතු වෙන්න. දන්න දේවල් කියලා දෙන්න. ඒ වගේම ඔයාලගේ යාලුවොත් මේ ගෘෘප් එකට ඇඩ් කරන්න. එතකොට ඉතා ඉක්මණින් ප්‍රශ්නයට උත්තර ගන්න පුලුවන් වගේම, ඉතා සාරවත් උත්තර ගන්නත් පුලුවන්...



 මේ පහල තියෙන ලිංක් එකෙන් ගෘෘප් එකට ගිහිල්ලා එකතු වෙලාම බලන්නකෝ...


 අහන්න තියෙන පරිගණක සම්බන්ධ ඕන ගැටලුවක් මෙතන දාන්න පුලුවන්.. ඔයාලගේ අදහස් එහෙමත් කියන්න අමතක කරන්න එපා.. එහෙනම් අදට මම ගියා...

Mobile එකෙන් ටොරන්ට් බාමු

හැමෝම පරිගණකයෙන් ටොරන්ට් බාන්න දන්නවානේ... හැබැයි ‍ගොඩක් කට්ටිය හිතා‍ගෙන හිටියේ පරිගණකයෙන් විතරයි කියලා ටොරන්ට් බාන්න පුලුවන්.. ඒත් දැන් ෆෝන් එකෙනුත් ටොරන්ට් ගන්න පුලුවන්... කොහොමද වැඩේ???



අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා..

මේක අපිට කරන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් දුරකථනයට දාගන්න වෙනවා.... මෘදුකාංගයේ නම තමයි MTorrent


මේක ඕනම ෆෝන් එකකට යොදාගන්න පුලුවන්... Wi-Fi තියෙනවානම් ගොඩම තමයි. එහෙම නැත්තම් GPRS වලින් බාගන්නත් පුලුවන්... මේක ගොඩක්ම හොද සිංදු, මෘදුකාංග, පොඩි පොඩි විඩියෝ වගේ බාන්න තමයි... බාද්දි Speed එකත් ටිකක් තියෙනවා. මෙමගින් ටොරන්ට් Upload කරන්නත්, ඒවායේ priorities එක High, Normal, Low ආදි වෙනස් කරන්නත් පුලුවන්...



වැඩිවිස්තර ඔයාලා ‍ඒ අඩවියටම ගිහිල්ලා බලාගන්න - උදව් ඕනේ නම් මෙතන ඔබන්න

වෙබ් අඩවිය තමයි - www.mobile.morrent.com

දැන් ඔයාගේ වාරේ අදහස් දක්වන්න 



Chrome බට්ටාගේ Bookmarks ටික Backup කරගමු

කාලෙකින් පොස්ට් එකක් දැම්මේත් නැනේ.. ඒ හින්දා අද අරගෙන ආවා ඔයාලට වැදගත් වෙන ලිපියක්...

අද මම කියන්න යන්නේ ගුගල් ක්‍රෝම් වල අපේ Bookmarks කරගන්න හැටි.. මේ වැඩේ ගොඩක් ලේසි කරගන්න.. ඔය කට්ටිය අනිවාර්්‍යයෙන් මේක කරගන්න. මොකද මගේ නම් ක්‍රෝම් වල Bookmarks එකසිය ගානක් විතර තියෙනවා... ඔය ටික නැති වුනොත් නම්.... හරි අපි කතාවට බහිමු..

How To Save Bookmarks In Chrome


මුලින්ම ක්‍රෝම් ඕපන් කරලා එකේ දකුණු පැත්තේ උඩ කෙලවරේ තියෙන 


Icon එක ක්ලික් කරන්න.. දැන් අපිට මෙනු එකක් දැකගන්න පුලුවන් එකෙන් Bookmark Manager කියන එකට යන්න.. දැන් ඔයාලට New Tab එකක් එනවා.. දැන් ඒ Tab එකේ පහලින් තියෙන Organize බොත්තම ඔබලා එන Menu එකෙන් Export Bookmarks කියන එක තෝරන්න..


දැන් ඔයාලට දක්නට ලැබෙන බොක්ස් එකෙන් අපිට සේව් කරන්න ඕන නමක් එහෙම දිලා අපේ Bookmarks සේට් එක සේව් කරගන්න තමයි තියෙන්නේ...

Backup Chrome bookmarks and restore them in another browser


මේ සදහා අපිට අවශ්‍ය වෙනවා පොඩි මෘදුකාංගයක්. එකේ නම තමයි Transmute. ඒක මෙතනින් බාගන්න පුලුවන්...


එහෙනම් අවුල්ක් ආවොත් කමෙන්ට් එකකින් කියන්න.. ඕබේ අදහස පලකරන්නත් අමතක කරන්නත් එපා...

QR Codes - වචන හංගන්න මේක ගමුද?

අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක්.. මේක ගැන සමහරෙක් දන්නවත් ඇති. කමක් නැ ආයිත් දැනගත්තා කියලා වැඩි වෙනවා ඇ.. හරි අපි බලමු මේ මොකක්ද කියලා? කට්ටිය දන්නවානේ Barcode ගැන. ඔව් ඔව් අර කලු පාට කොටුවක් වගේ එකක සුදු පාට ඉරි ගහලා තියෙන්නේ.. හිහි..


අන්න ඒ වගේ දැන් අලුත් කෝඩ් ජාතියක් තියෙනවා. අහලා තියෙනවාද? ඒක තමයි,

QR CODES

මේක කට්ටිය අද වෙන්නත් පුලුවන් ඇහුවේ.. මේ කෝඩ් වලදි පින්තුරය පෙන්නන්නේ Barcode පින්තුරයක් ‍වගේ නෙමෙයි. මේ පහල තියෙන්නේ ඒක පෙන්නන හැටි..

පොඩි ලස්සනකුත් තියෙනවා නේද? මේ ගැන වැඩි විස්තර ඕනේ නම් විකිපිඩියා එකේ තියෙනවා. ඒක බලන්න මෙතන ඔබන්න.

ඉතින් අද මම කියන්න යන්නේ කොහොමද මේ QR CODE එකක් හදාගන්නේ හා කොහොමද එහෙම හදාගත්ත එකක් බලන්නේ කියලා. මේ වැඩ දෙකම ලේසියි..

QR CODE එකක් හදාගමු

‍මේ සදහා අපිට වෙබ් අඩවියක සහය පැතිමට අවශ්‍ය වෙනවා. මේ සදහා මම යොදාගන්නේ kaywa කියන වෙබ් අඩවියෙන් අපිට දිලා තියෙන QR Code Generator එක. මුලින්ම මේ වෙබ් අඩවියට යන්න ඕන.. ඒකට මෙතන ඔබන්න.

සයිට් එකට ගියාම ටිකක් පහලින් තියෙනවා Content Type (Text,URL,Phonenumber,SMS) කියලා එකක්. එකක් එතනින් ඔයාට ඕනේ එක තෝරගන්න. ඊට පස්සේ ඊට පහලින් තියෙන කොටුවේ හංගන්න ඕන වචන සේට් එක ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ Generate බොත්තම් ඔබන්න. ටික වේලාවකින් ඔයාගේ QR Code එක හැදිලා එයි.

QR CODE එකක් කියවන්නේ කොහොමද?


‍මේ සදහා අපිට වෙන වෙබ් අඩවියක සහය පතන්න වෙනවා. ඒ වෙබ් අඩවියේ නම Mini QR. මුලින්ම මෙතනින් ඒ වෙබ් අඩවියට යන්න. ගිහිල්ලා ඒ සයිට් එකේ තියෙන සුදු කොටුවේ ඔයාගේ පින්තුරේ ලිංක් එක දෙන්න ඕනේ. ලිංක් එක දීලා Submit කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ ගානට අර QR CODE එකේ තිබ්බිච්ච හැංගිච්ච අකුරු ටික පේනවා..

ඔයාලා හිතනවානම් මේ ලිපිය ඔබට වැදගත් උනා කියලා ප්‍රතිචාරයක් දාලා යන්න අමතක කරන්න එපා.. එහෙනම් අදට අපි ගියා. තාම ඔයගොල්ලෝ YouthTurn එක්ක එකතු‍වුනේ නැත්තම් මෙතන ඔබන්න.

ප.ලි - මේවා කියවන්න දැන් ෆොන් වලටත් මෘදුකාංග තියෙනවා.. ඒවා වලින් හැම ෆොන් එකකටම වගේ වැඩ කරන ඒවා හදලා තියෙන්නේ Neo-Reader සමාගමෙන්.. ඒ වෙබ් අඩවියෙන් ඒ මෘදුකාංගය නොමිලේම බාගන්න පුලුවන්. ඒකට මෙතන ඔබන්න..

Wordle - අකුරු හැඩ වැඩ දාලා හදාගන්න

මෙන්න තවත් වැඩ කෑල්ලක් ගෙනවා ඔයාලා වෙනුවෙන්ම. කට්ටිය කැමතිද මොනවාහරි අකුරු සේට් එකක් වැඩ කෑලි දාලා හදාගන්න. මේ වගේ එකක් නම් පොටෝෂෝප් වගේ භාවිතා කරලත් කරගන්න පුලුවන්. ඒ උනාට මේ ක්‍රමේ ලේසියි.. පහල තියෙන්නේ මම එහෙම හදාගත්ත පින්තුරයක්..


කොහොමද? මරු නේද වැඩේ??? වැඩේ ලේසිය කරන්න තියෙන්නේ මෙච්චරයි..

මුලින්ම මේ වෙබ් අඩවියට යන්න - Wordle
ගියාට පස්සේ උඩින්ම ලොකු Text Box එකක් තියෙනවා. එතනට ඔයාට දාන්න ඕන වචන ‍ටික පහලට ටයිප් කර කර යන්න තියෙන්නේ!
ඊට පස්සේ ඊ‍ට පහළින් තියෙන GO බොත්තම ඔබන්න.
ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඔය උඩ වගේ හැදිලා එයි. එතනින් තව අපිට ඕනේ නම් ෆොන්ට්, පාට,  ‍අකුරු වල ස්ථාන වගේ ඒවා වෙනස් කරන්නත් පුලුවන්.

වැඩේ අල්ලලා ගියා නම් අදහසක් දාන්නත් අමතක කරන්න එපා.. ඔයාලගේ අදහස් තමයි මගේ ශක්තිය.

DMCA - බ්ලොග් හොරුන්ව මට්ටු කරමු

කට්ටිය කොහොමද? හොදින් ඇති කියලා හිතනවා.. අද බ්ලොග් ලියන කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් දෙනවා.. ‍දැන් අලුතෙන් බ්ලොග් අඩවි හදනවා කට්ටිය හෝ හෝ ගාලා... හැබැයි ඔය බ්ලොග් වලින් භාගයක් විතර අනුන්ගේ බ්ලොග් පොස්ට් කොපි කරලා දාලා තියෙන්නේ... මට ඊයේත් ඒ වගේ එකෙක් හම්බුනා.. ඉතින් මේ අයගෙන් බේරෙන්න ක්‍රමයක් තමයි මේ DMCA කියන්නේ...

මේක නොමිලේ දෙන සේවාවක්.. මේකෙන් දෙන විශේෂාංග ගැන කතා කළොත්,

  • ‍අපි මේක අපේ බ්ලොගයට දැම්මාම පැය 24 ම මෙයා අපේ බ්ලොගය ගැන නිරික්ෂණය කරමින් ඉන්නේ
  • ඒ වගේම අපිට බ්ලොග් එකට දාගන්න බැජ් වර්ග රාශියක් දිලා තියෙනවා.
  • එක අකවුන්ට් එකකට අපිට ඕන තරම් බ්ලොගස් ඇතුල් කරන්න පුලුවන්..
  • ඒ වගේම කවුරු හරි ‍හොරකම් කරලා තිබ්බොත් ‍අපිට Case එකක් දාන්නත් පුළුවන්..
  • අපි දාපු බ්ලොග් වල හැම තොරතුරක්ම මෙහි Dashboard එක මගින් බලාගන්න පුලුවන්..
මේකේ තව වැඩ කෑලි තියෙනවා.. මාත් ඔන්න බැජ් එකක් දාගත්තා..දකින්න ඇතිනේ..

මේකෙන් අපිට පහල තියෙන ඒවා ‍හොරකම් කලොත් බලාගන්න පුලුවන්..
  • පින්තුර
  • වචන
  • විඩියෝ
  • ගීත
  • ලිපි

ඉතින් දැන්ම ඔයාලත් අකවුන්ට් එකක් හදාගෙන බලන්න.. නිකංනේ දෙන්නෙත්... අඩවියට යන්න පහල ලිංක් එක ක්ලික් කරන්න


ඔබේ අදහස කියලා යන්නත් අමතක කරන්න එපා

Megaupload Hack කරමු!

ඔන්න දැන් Megaupload එක හැක් කරන හැටි කියන්න යන්නේ.. හැක් කිව්වාට හැක් එකක්ම නෙමෙයි..ඒ තමයි දැන් Megaupload වල ෆයිල් Download කරද්දි ෆි යුසර් විදිහට ගියොත් විනාඩියක් වගේ වේලාවක් (Wating Timer) බලාගන්න ඉන්න වෙනවානේ ෆයිල් එක Download වෙනකන්..ඒත් දැන් කරන ක්‍රමෙන් කලොත් වේලාව යනකන් බලාගෙන ඉන්නේ නැතිව ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්... 

මේ වගේ ඉස්සර Rapidshare වලටත් කරන්න පුලුවන් කම තිබ්බා... එත් දැන් බැ...

මුලින්ම ඔයගොල්‍ලන්ට ඩවුන්ලොඩ් කරන්න ඕන ෆයිල් ඩවුන්ලොඩ් කරගන්න Megaupload යන්නකෝ...
ඊට පස්සේ Free User විදිහට තෝරන්න..එතකොට වේලාව යන්න පටන් ගන්නවානේ..
එතකොට බ්‍රවිසරයේ ඇඩ්රස් බාර් එකේ තියෙන ලිංක් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක ‍පෙස්ට් කරලා එන්ටර් කරන්නකෝ...

javascript:alert(count=1)


එතකොට මැසෙජ් බොක්ස් එකක් එයි එකත් එන්ටර් කරන්න..ඔන්න දැන් කෙලින්ම ෆයිල් එක ඩවුන්ලොඩ් වෙයි...


කරලාම බලන්නකෝ... අදහසක් දාන්නත් අමතක කරන්න එපා...

mcaf.ee - ආරාක්ෂාවත් එක්කම ලිපින කෙටි කරන්න

දැන් ඉතින් අන්තර්ජාලයේ ලිපින කෙටි කිරිමේ අඩවි වැහි වැහැලානේ...   TinyURL , Geega.in , Tiny වගේ එක එක ඒවා තියෙනවා... මාත් එකක් හැදුවා..  හැබැයි දැන්නම් ඒක වැඩ නැ... ඉතින් අද මම කියන්න යන්නේ මේ හැම එක‍ටම වඩා හොද සේවාවක් සපයන ආයතනයක් ගැන.. ආයතනය ගැන නම් කට්ටිය දන්නවා.. හැමෝම දන්න Mcafee තමයි මේ සේවාවත් සපයන්නේ...

මේකෙන් වෙන්න දිග වෙබ් ලිපින  කෙටි කරනවා.. හැබැයි මේකෙන් වෙබ් ලිපින වලට ආරාක්ෂාවත් සපයනවා.. ඒ කිව්වේ කෙටි කරපු වෙබ් ලිපිනයේ Phishing වගේ වෛයිරස් තිබ්බොත් අල්ලනවා... ම්ම්ම්... තාමත් තේරුනේ නැත්තම් කෙටි කරලාම බලන්නකෝ...

වෙබ් අඩවියට මෙතන ඔබන්න

Web Cam Max - Webcam එකෙන් වැඩ දාන්න

ඔන්න අද දෙන්න යන්නේ තවත් අලුත් මෘදුකාංගයක්.. නම තමයි Web Cam Max. මේකෙන් වෙන්නේ අපි Skype හරහා වගේ ඇමතුමක් ලබාගද්දි අපේ පින්තුරේට එක එක Effects, Faces, Emoctaions එහෙම දාන එකයි.

ඔය ඉහල පින්තුරේ වගේ Effects එකසිය ගානක් අපිට දාගන්න පුලුවන්.. තව ඕනේනම් අපිට අලුතෙන් ඇතුල් කරගන්නත් පුලුවන්..


ඔයගොල්ලොන්ට මේක Webcammax අඩවියෙන්ම බාගන්න පුලුවන්..හැබැයි Trail තමයි..

 වෙබ් අඩවියෙන් බාගන්නවානම් මෙතන ඔබන්න..

ඔයා‍ලට මුලු වර්ශන් එකම ඕනේනම් පහත දිලා තියෙන ටොරන්ට් එක බාගන්න..

Click Here To Download Torrent

Software එකේ දිලා තියෙන Effects වලට අමතරව තව Effects දාගන්න ඕනේ නම් මෙතනින් යන්න..

ඉතින් මෘදුකාංගය ගැන හිතෙන දේ ඔය පහල තියෙන සුදු කොටුවේ වචනේකින් හරි කියලා යන්න අමතක කරන්න එපා...

Virus Total - Virus වලින් ඔන්ලයින්ම බේරෙන්න

ඔන්න මුණුපොතේ කිව්වා වගේම ගොඩක් වටින වෙබ් අඩවියක් ගැන කියන්නයි යන්නේ...මේකනම් ඇත්තටම ගොඩක් වටින අඩවියක්.. මේක හරියට Online Virus Guard එකක් වගේ.. එක Guard එකක් විතරක් නෙමෙයි Guard 42ක එකතුවක්.. ඒ කියන්න අපේ ෆයිල් එකක් Guard 42 කින් Scan කරලා දෙනවා...කොහොමද වැඩේ???? පහල තියෙන්නේ Guard වල ලිස්ට් එක..
  • AhnLab-V3 
  • Emsisoft
  • AntiVir 
  • eSafe
  • Antiy-AVL 
  • eTrust-Vet
  • Authentium  
  • F-Prot
  • Avast  
  • F-Secure
  • Avast5  
  • Fortinet
  • AVG  
  • GData
  • BitDefender 
  • Ikarus
  • CAT-QuickHeal  
  • Jiangmin
  • ClamAV  
  • K7AntiVirus
  • Comodo 
  • Kaspersky
  • DrWeb  
  • McAfee
  • McAfee-GW-Edition
  • Microsoft
  • NOD32
  • Norman
  • nProtect
  • Panda
  • PCTools
  • Prevx
  • Rising
  • Sophos
  • Sunbelt
  • SUPERAntiSpyware
  • Symantec
  • TheHacker
  • TrendMicro
  • TrendMicro-HouseCall
  • VBA32
  • ViRobot
  • VirusBuster

අනික ඕවා හැමදාම යාවත්කාල (Update) වෙනවා. ඒ වගේම ඕවා වල අලුත්ම වර්ශන් එක තමයි තියෙන්නෙත්...

අඩවියේ නම තමයි Total Virus.com


අපි දැන් බලමු මේක පාවිච්චි කරන්නේ කියලා!!

1. මුලින්ම මෙතනින් මෙම වෙබ් අඩවියට යන්න.

2. මුල් පිටුවෙම තියෙනවා Choose File කියලා ෆයිල් අප්ලෝඩ් කරන්න තියෙන තැනක්..එතනින් Scan
කරගන්න ඕනේ ෆයිල් එක තෝරලා දෙන්න..


උපරිම අප්ලෝඩ් කරන්න පුලුවන් 20MB දක්වා ෆයිල් පමණි..

3. මෙතනින් ගිහින් වෙබ් අඩවි Scan කරගන්න පුලුවන්..


දැන් අපිට ඔය වෙබ් සයිට් එකට ගිහිල්ලාමනේ ඔය වැඩේ කරගන්න තියෙන්නේ...ඒක ටිකක් එපා වෙන වැඩක්..ඉතින් ඒකටත් එගොල්ලෝ පිළියමක් දිලා තියෙනවා.. ඒ තමයි,

VT Uploader


මේකෙන් පුලුවන් අපේ පරිගණකයේ තියෙන ෆයිල් එකක් උඩ Right Click කරලා Send To විධානයෙන් අර ෆයිල් එක Scan කරගන්න...



අනිත් ගැජට් එක තමයි... අපි ෆයිල් එකක් අන්තර්ජාලයෙන් බාගන්නවා නම් බාගන්න කළින් මේකෙන් Scan කරගන්න පුලුවන්...


මේකේ තව වැඩකැලි තියෙනවා... සයිට් එකට ගිහිල්ලාම බලන්නකෝ...

තාමත් අපේ මුණුපොතේ මිතුරු පිටුවට එකතු වුනේ නැත්තම් මෙතන ඔබලා එකතු වෙන්න...

එහෙනම් මම යනවා..අදහසක් දාන්නත් අමතක කරන්න එපා...

1GB Free Space ගන්න ඕනේද?

සුභ උදැසනක් හැමෝටම... ඔන්න අද උදේම හැමෝටම වාසියක් වෙන දෙයක් කියන්න යන්නේ.... ලංකාවේ අලුත් හොස්ටින් කම්පැනියක් ඇවිල්ලා... වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න ආස අයට මෙන්න චාන්ස් එක...


මේ අයගෙන් ඔයාලා කැමති ඩොමේන් එකක් ගත්තොත් 1 GB හොස්ටින් ‍ෆී දෙනවා... කොහොමද වැඩේ.... එතකොට ස්පෙස් ගන්න සල්ලි යන්නෙත් නැ...

හොස්ට් එකනම් මාරම ස්පිඩ්..



ප්‍රශ්න තියෙනවා නම් පහත මේල් ලිපිනයෙන් දැනගන්න පුලුවන්.

hoxpert@hotmail.com


අහ්.. තව දෙයක් මේ මාසේ 30 වෙනිදා‍ට කලින් ගන්න අයට 10% ක වට්ටමක් ගන්නත් පුලුවන්...


තව ඔය කට්ටිය Auto Blogging කරනවානම් ඒ සදහාත් විශේෂ පහසුකම් ලබාගන්න පුලුවන්...

මාත් මේ දැන් වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න හදන්නේ....


අදම එහෙනම් සයිට් එකට ගිහිල්ලා බලන්න...


සයිට් එකට යන්න මෙතන ඔබන්න...