ලිපිය පළකලේ
Admin : Trix Hunter
කාලෙකින් ඔයාලට නියම වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටිය ගේම්, සොෆ්ට්වෙයාර් එහෙම Torrent වලින් නැතුව Mediafire, Hotfile වගේ File Sharing වලින් බාන්න කැමති. හැබැයි ලොකුම අවුල තමා කොහොමද අපිට ඕන මෘදුකාංග එහෙම Mediafire, Hotfile වලින් හොයාගන්නේ කියලා.. හැබැයි ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා.
- මුලින්ම ඔයාලා Google එකට යන්න
- දැන් ඔයාලා මෙන්න මෙහෙම ඕකේ ටයිප් කරන්නකෝ
site:mediafire.com "Filename with extension"
site:mediafire.com brokenangel-arash.mp3
- දැන් ඔහොම ටයිප් කරලා එන්ටර් කරලා බලන්නකෝ
- දැක්කනේ ලිස්ට් එකක්ම ආවා නේද?
- ඔය වගේ අපිට වෙන අඩවියකත් හොයන්න පුලුවන්
site:hotfile.com "Filename with extension"
site:hotfile.com brokenangel-arash.mp3
- වැඩේ ගොඩ නේද? අවුලක් ආවොත් කියන්න. දැන් ඉතිං Mediafire ලිංක්ස් දාඩිය දාගෙන හොය හොයා හිටපු කාලේ ගියා..
වැඩේ හොඳනම් කමෙන්ට් එකක් එහෙම දාලාම යන්න
ලිපිය පළකලේ
Admin : Trix Hunter
කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්න ඕන. මට මුලින් කියන්න බැරි උනානේ... ඔන්න අද මොනවත් කියලා දෙන්න නම් නේමේ යන්නේ... ගොඩක් වේලාවට එදිනෙදා පරිගණක භාවිතයේදි ගැටළු මතු වෙනවානේ... මේවා ඉතින් අපි හදන්න ට්‍රයි කරනවා. බැරි උනාම යකා නැගලා කොහේට හරි ගේනියලා මොනර කොළ ටිකකුත් පුජා කොරලා එනවා... ඉතින් මේ වගේ ප්‍රශ්න විසදා ගන්න වෙනම තැනක් තියෙනවානම් නියමයි නේද? ඉතින් අපි මුණුපොතේ හැදුවා පොඩි ගෘෘප් එකක්... කෙනෙක් දන්නෙ නැති දෙයක් තව කෙනෙක් දැනගෙන ඉන්න පුලුවන්. ඉතින් මේකට එකතු වෙන්න. දන්න දේවල් කියලා දෙන්න. ඒ වගේම ඔයාලගේ යාලුවොත් මේ ගෘෘප් එකට ඇඩ් කරන්න. එතකොට ඉතා ඉක්මණින් ප්‍රශ්නයට උත්තර ගන්න පුලුවන් වගේම, ඉතා සාරවත් උත්තර ගන්නත් පුලුවන්...
මේ පහල තියෙන ලිංක් එකෙන් ගෘෘප් එකට ගිහිල්ලා එකතු වෙලාම බලන්නකෝ...
අහන්න තියෙන පරිගණක සම්බන්ධ ඕන ගැටලුවක් මෙතන දාන්න පුලුවන්.. ඔයාලගේ අදහස් එහෙමත් කියන්න අමතක කරන්න එපා.. එහෙනම් අදට මම ගියා...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න කාලෙකින් මුණුපොතේ වැඩ කැල්ලක් ගැන කියලා දෙන්න හිතුවා... මේක මමත් දැනගත්තේ අද... කෙළින්ම කිව්වොත් මේකෙන් වෙන්නේ අපේ මුණුපොතේ ප්‍රොෆයිල් එකේ ඉන්න යාලුවන්ගේ පින්තුර යොදාගෙන ලස්සන පොස්ටරයක් හදලා දෙන එක... මෙමගින්ම එම පොස්ටරයට යාලුවන්ව ටැග් කරන නිසා එයාලට මේක දැකගන්නත් ලේසි... පහල තියෙන්නේ මම හදපු පොස්ටරය..
අහ්... කොහොමද වැඩේ... මරුනේ... පස්සේ ඕනේනම් මේකේ Print එකක් ගන්න පුලුවන්..
මේක කරගන්න ඕනේනම් පහල දිලා තියෙන සයිට් එකට ගිහිල්ලා හදාගන්න පුලුවන්...
මේක බලලා නිකං යන්න එපා... අදහසක් එහෙම දාලා යන්න... අදට එහෙනම් මම යන්නම්...
Thursday, February 17, 2011
ලිපිය පළකලේ
Admin : Trix Hunter
කාලෙකින් පොස්ට් එකක් දැම්මේත් නැනේ.. ඒ හින්දා අද අරගෙන ආවා ඔයාලට වැදගත් වෙන ලිපියක්...
අද මම කියන්න යන්නේ ගුගල් ක්‍රෝම් වල අපේ Bookmarks කරගන්න හැටි.. මේ වැඩේ ගොඩක් ලේසි කරගන්න.. ඔය කට්ටිය අනිවාර්්‍යයෙන් මේක කරගන්න. මොකද මගේ නම් ක්‍රෝම් වල Bookmarks එකසිය ගානක් විතර තියෙනවා... ඔය ටික නැති වුනොත් නම්.... හරි අපි කතාවට බහිමු..
How To Save Bookmarks In Chrome
මුලින්ම ක්‍රෝම් ඕපන් කරලා එකේ දකුණු පැත්තේ උඩ කෙලවරේ තියෙන
Icon එක ක්ලික් කරන්න.. දැන් අපිට මෙනු එකක් දැකගන්න පුලුවන් එකෙන් Bookmark Manager කියන එකට යන්න.. දැන් ඔයාලට New Tab එකක් එනවා.. දැන් ඒ Tab එකේ පහලින් තියෙන Organize බොත්තම ඔබලා එන Menu එකෙන් Export Bookmarks කියන එක තෝරන්න..
දැන් ඔයාලට දක්නට ලැබෙන බොක්ස් එකෙන් අපිට සේව් කරන්න ඕන නමක් එහෙම දිලා අපේ Bookmarks සේට් එක සේව් කරගන්න තමයි තියෙන්නේ...
Backup Chrome bookmarks and restore them in another browser
මේ සදහා අපිට අවශ්‍ය වෙනවා පොඩි මෘදුකාංගයක්. එකේ නම තමයි Transmute. ඒක මෙතනින් බාගන්න පුලුවන්...
එහෙනම් අවුල්ක් ආවොත් කමෙන්ට් එකකින් කියන්න.. ඕබේ අදහස පලකරන්නත් අමතක කරන්නත් එපා...
Thursday, January 27, 2011
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මෙන්න අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් අරං ආවා... ගොඩක් අය ඩවුන්ලෝඩ් කරනකොට භාවිතා කරන්නේ IDM හෙවත් Internet Download Manager නේ.. ඒක තමයි මගේ හිතට අල්ලපු හොදම Download Manager එක. හැබැයි ඉතින් ඒකත් නිකං දෙන්නේ නැ.. දවස් 30කට විතරයි දෙන්නේ... මගේ අද ඔය දවස් 30 ඉවර උනා.. මට දැන් ඒක අතහරින්නත් බැරි හින්දා මම පොඩි වැඩක් කළා..
අද මම කියලා දෙන්නේ දවස් 30 ඉවර වෙලා Block උන IDM එක Unblock කරගන්න හැටියි.. ඔයකට්ටියත් මේ දේ වෙලා ඇති...
හරි අපි වැඩේට බහිමු..
මුලින්ම ඔයාලගේ Block උන IDM එක පරිගණකයෙන් ඉවත් කරන්න..
දැන් පහල තියෙන ලිංක් එකෙන් IDM එක ඩවුන්ලෝඩ් කරගන්න...
දැන් ඕක වින්රාර් එකෙන් දිග හැරලා (Extract) එකේ තියෙන Setup එක ඕපන් කරන්න... ඊට පස්සේ අලුත් IDM එක එක ඉන්ස්ටොල් කරගෙන යන්න..
දැන් අපි ඉන්ස්ටොල් කරපු IDM එක ඕපන් කරලා බලන්න.. ඒත් කළින් වගේම Serial No එකක් ඉල්ලුවොත්,
ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ෆොල්ඩරයේම තියෙන අනිත් Setup ෆයිල් එක ඕපන් කරන්න.. දැන් ඒකේ කියලා තියෙන විදිහට ඒකත් ඉන්ස්ටොල් කරගන්න..
දැන් වැඩේ අහවරයි.. දැන් ඉතින් හැමදාම අවුලක් නැතුව IDM පාවිච්චි කරන්න පුලුවන්... ප්‍රශ්නයක් ආවොත් කියන්න අනිවා වැඩේ ගොඩ දාලා දෙන්නම්... ඉතින් ඔයාලගේ අදහසුත් කියලාම යන්න...
Saturday, January 22, 2011
ලිපිය පළකලේ
Admin : Trix Hunter
කොහොමද ඔයාලාට? ටික කාලෙකින් පොස්ට් එකක් දැම්මෙත් නැති හින්දා අද මට හිතුනා අදත් කාටත් වැදගත් දෙයක් කියන්න.
සාමාන්‍යෙයන් මුණුපොතේදි, ප්‍රසිද්ධ ෆොරම් වලදි වගේ අපිට නොයෙකුත් ලිංක් වර්ග හම්බුවෙනවා.. ගොඩක් ලිංක් තියෙන්නේ bit.ly , tinyurl වගේ එකකින් කෙටි කරලා තමයි. ඔය bit.ly , tinyurl වගේ ඒවාවලින් මොන මොන ලිංක්ස් හංගලා එවනවාද දන්නේ නෑ. සමහරක් විට අසභ්‍ය වෙබ් අඩවි, පිශින් වෙබ් අඩවි, Spyware වෙබ් අඩවි වගේ.. ඉතින් මේවා වලින් බේරන්න හොදම ක්‍රෙම් තමයි මේ..
Long Url
මෙය මගින් bit.ly , tinyurl වගේ ඒවා වලින් කෙටි කරන ලිංක්ස් වලින් අපිව ගෙනියන්නේ මොනවගේ වෙබ් අඩවියකටද කියලා බලාගන්න පුලුවන්.. ඔයාලාම හිතලා බලන්න මෙය කොච්චර හොදද කියලා..
වෙබ් අඩවියට යන්න
මෙතන ඔබන්න.
ඔය වෙබ් අඩවියට ගිය ගමන් තියෙන Text Box එකේ අපිට බලාගන්න ඕන ලිංක් එක ටයිප් කරලා Expand බොත්තම ඔබන්න.
උදාහරණයකට මෙම ලිංක් එක බලන්න - http://bit.ly/fGWGhc
පොස්ට් එක හොදනම් ඔයාලාගේ අදහසුත් කියලාම යන්න.
Sunday, December 12, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
යතුරුපුවරුවෙන් පරිගණකයට ඇතුල් කරන සියලුම දත්ත ඔබගේ අනුදැනුමකින් තොරව වාර්තා කරගෙන ආදාළ වැඩසටහන නිපදවු පුද්ගලයාට එවලේම හෝ පසුව ලබාදෙන වැඩසටහන්
Keylogger ලෙස හදුන්වයි..
Keylogger යන වචනය සැදි තිබෙන්නේ
Key + Log කියන වචන දෙක එකට එකතු විමෙනි. අපේ රටේ තිබෙන බොහෝමයක් ඉන්ටර්නෙට් කැෆේ වල මෙම වර්ගයේ වැඩසටහන් ස්ථාපනය වි පවතී.
ඔබ භාවිතා කරන පරිගණකයේත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවාදැයි සොයා එය නැවැත්විය හැක. එසේ නොමැති නම් මෙම නෙට් කැෆේ වල තිබෙන පරිගණක වල ඊ-මේල් ලිපින , මුර පද වගේ දැ ටයිප් කිරිමේදි Character Map එක යොදා ගෙන ටයිප් කරන්න.. එය ලබා ගැනිම සදහා,
Start > All Programes > Accessories > System Tools > Character Map
නමුත් මේ ආකාරයට ටයිප් කෙරුවත් ඒවාත් හසු කරගත හැකි මෙවැනි වැඩසටහන් දැන් තිබෙනවා.. ඉතින් අපි ඊළගට බලමු කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා..
මේ සදහා අපිට පෝටබල් මාදිලියේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් යොදාගත හැක. නැතිනම් උබුන්ටු Live CD එකක් යොදාගෙන මේ වැඩේ පහසුවෙන් කරගත හැක. Puppy Linux, Slax, DSL යනු මෙවන් පෝටබල් වර්ගයේ මෙහෙයුම් පද්ධති වේ. මේවා පෙන් ඩ්‍රයිව් එකක වුවත් පහසුවෙන් ගෙන යා හැකිය. පසුව Chrome වෙබ් බ්‍රවුසරය පරිගණකයේ පිහිටුවා ගන්න. මෙහිද පොටබල් සංස්කරණයක් තිබේ.. ඉන්පසු බ්‍රව්සරයට LastPass නැමැති ඇඩෝනය ස්ථාපනය කරගන්න. එය භාවිතයෙන් ඔබට අවශ්‍ය මුරපද සියල්ල ඇතුලත් කර Automatic Logging ඔප්ෂනය ක්‍රියාත්මක කරන්න. මී ළගට ඔබට අවශ්‍ය සියලුම මුරපද මෙම ඇඩෝනය භාවිතයෙන් අවශ්‍ය වෙබ් අඩවි වලට පහසුවෙන් ඇතුලත් කර ගත හැක. මෙමගින් ඔබේ දත්ත වලට උපරිම ආරාක්ෂාවක් ලබාගත හැක..
LastPass Extension -
https://chrome.google.com/extensions/detail/hdokiejnpimakedhajhdlcegeplioahd?hl=en
Chrome Portable -
http://portableapps.com/apps/internet/google_chrome_portable
Puppy Linux Portable -
http://www.pendrivelinux.com/puppy-linux-on-usb/
Wikipedia -
http://en.wikipedia.org/wiki/Keystroke_logging
මම හිතනවා පොස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... එහෙනම් අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා..
Thursday, December 09, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න අද උදේම කට්ටිය පුදුම වෙන දෙයක් දෙන්න යන්නේ, මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.. දැන් මුණුපොතේ දි එහෙම කට්ටිය අපෙන් ප්‍රශ්න අහනවනේ. ඉතින් ගොඩක් අය ඒකට දෙන පිළිතුර තමයි ගුගල් එකේ බලන්න කියලා.. ඕක ඔහොම කියනවාට වඩා ටිකක් වෙනස් විදිහකට දුන්නොත් මොකද?
මෙහෙමයි වැඩේ කරන්නේ!
මුලින්ම
Google For You වෙබ් අඩවියට යන්න. (ලිංක් එක වැඩ කලේ නැත්තම් වෙබ් පිටුව Refresh කරන්න)
ඊට පස්සේ එතන තියෙන සර්ච් බොක්ස් එකේ අරයා කළින් අහපු ප්‍රශ්නය ටයිප් කරන්න.
ඊට පස්සේ Google Search බොත්තම ඔබන්න.
එහෙම කළාට පස්සේ ඊට පහලින් පොඩි ලිංක් එකක් දෙනවා පේනවා ඇති.
අන්න ඒක අර ප්‍රශ්නේ අහපු කෙනාට දෙන්න..
ඕනේ නම් කොහොමද මේක වෙන්නේ කියලා බලන්නනම් ඔයත් ඒ ලිංක් එකට ගිහිල්ලා බලන්නකෝ..
කොහොමද වැඩේ? වැඩේ හොදනම්
අදහසක් දාලා යන්නත් අමතක කරන්නත් එපා..
Tuesday, December 07, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක්.. මේක ගැන සමහරෙක් දන්නවත් ඇති. කමක් නැ ආයිත් දැනගත්තා කියලා වැඩි වෙනවා ඇ.. හරි අපි බලමු මේ මොකක්ද කියලා? කට්ටිය දන්නවානේ Barcode ගැන. ඔව් ඔව් අර කලු පාට කොටුවක් වගේ එකක සුදු පාට ඉරි ගහලා තියෙන්නේ.. හිහි..
අන්න ඒ වගේ දැන් අලුත් කෝඩ් ජාතියක් තියෙනවා. අහලා තියෙනවාද? ඒක තමයි,
QR CODES
මේක කට්ටිය අද වෙන්නත් පුලුවන් ඇහුවේ.. මේ කෝඩ් වලදි පින්තුරය පෙන්නන්නේ Barcode පින්තුරයක් වගේ නෙමෙයි. මේ පහල තියෙන්නේ ඒක පෙන්නන හැටි..
පොඩි ලස්සනකුත් තියෙනවා නේද? මේ ගැන වැඩි විස්තර ඕනේ නම් විකිපිඩියා එකේ තියෙනවා. ඒක බලන්න
මෙතන ඔබන්න.
ඉතින් අද මම කියන්න යන්නේ කොහොමද මේ QR CODE එකක් හදාගන්නේ හා කොහොමද එහෙම හදාගත්ත එකක් බලන්නේ කියලා. මේ වැඩ දෙකම ලේසියි..
QR CODE එකක් හදාගමු
මේ සදහා අපිට වෙබ් අඩවියක සහය පැතිමට අවශ්‍ය වෙනවා. මේ සදහා මම යොදාගන්නේ kaywa කියන වෙබ් අඩවියෙන් අපිට දිලා තියෙන QR Code Generator එක. මුලින්ම මේ
වෙබ් අඩවියට යන්න ඕන.. ඒකට
මෙතන ඔබන්න.
සයිට් එකට ගියාම ටිකක් පහලින් තියෙනවා Content Type (Text,URL,Phonenumber,SMS) කියලා එකක්. එකක් එතනින් ඔයාට ඕනේ එක තෝරගන්න. ඊට පස්සේ ඊට පහලින් තියෙන කොටුවේ හංගන්න ඕන වචන සේට් එක ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ Generate බොත්තම් ඔබන්න. ටික වේලාවකින් ඔයාගේ QR Code එක හැදිලා එයි.
QR CODE එකක් කියවන්නේ කොහොමද?
මේ සදහා අපිට වෙන වෙබ් අඩවියක සහය පතන්න වෙනවා. ඒ වෙබ් අඩවියේ නම Mini QR. මුලින්ම
මෙතනින් ඒ වෙබ් අඩවියට යන්න. ගිහිල්ලා ඒ සයිට් එකේ තියෙන සුදු කොටුවේ ඔයාගේ පින්තුරේ ලිංක් එක දෙන්න ඕනේ. ලිංක් එක දීලා Submit කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ ගානට අර QR CODE එකේ තිබ්බිච්ච හැංගිච්ච අකුරු ටික පේනවා..
ඔයාලා හිතනවානම් මේ ලිපිය ඔබට වැදගත් උනා කියලා ප්‍රතිචාරයක් දාලා යන්න අමතක කරන්න එපා.. එහෙනම් අදට අපි ගියා. තාම ඔයගොල්ලෝ YouthTurn එක්ක එකතුවුනේ නැත්තම්
මෙතන ඔබන්න.
ප.ලි - මේවා කියවන්න දැන් ෆොන් වලටත් මෘදුකාංග තියෙනවා.. ඒවා වලින් හැම ෆොන් එකකටම වගේ වැඩ කරන ඒවා හදලා තියෙන්නේ Neo-Reader සමාගමෙන්.. ඒ වෙබ් අඩවියෙන් ඒ මෘදුකාංගය නොමිලේම බාගන්න පුලුවන්. ඒකට
මෙතන ඔබන්න..
Monday, December 06, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
අද මම ආවේ අලුත් වෙබ් අඩවියක් ගැන කියන්න. මේක කියවගෙන යද්දි කියයි මේ වගේ ඒවා දැන් වැහි වැහැලා කියලා. කමක් නැ.. කියවලාම බලන්නකෝ..
මම මීට කාලෙකට ඉස්සෙල්ලා ඒ කිව්වේ මාස 5කට විතර උඩදි මගේ මුණුපොතේ දාලා තිබ්බා YouthTurn කියලා වෙබ් අඩවියක් හදාගෙන යනවා කියලා. මගේ මුණුපොතේ යාලුවෝ නම් දන්නවා ඇති. ඔන්න ඊයේ රැ සයිට් එකේ වැඩ ඉවර කලේ. දැනට මේකට ගොඩක් විශේෂාංග දාලා තියෙනවා.. තව ගොඩක් තියෙනවා.. හ්ම්ම්... ඔය පහල තියෙන්නේ මෙහි තිර සටහන් කිහිපයක්..
 |
| වෙබ් අඩවියේ ඉදරි පෙනුම |
 |
| යහලුවන් සමග චැට් කරන අතරතුර |
මෙහි දැනට තිබෙන විශේෂාංග ගැන ටිකක් ගැන කතා කළොත් මේවා තමයි තියෙන්නේ
Polls - මෙමගින් ඔබට Polls සැදිමට පුලුවන්..
Groups - මෙමගින් ඔබට මුණුපොතේ වගේ Groups සාදා ඒයට අන් අයට එකතු විමට කියන්න පුලුවන්
Articles - මෙමගින් ඔබට Notes ලියා තැබිමේ හැකියාව ඇත.
Q&A (Question & Answer) මෙය මුණුපොතේ ඉදිරියට එන්නට තිබෙන විශේෂාංගයක්.. මෙමගින් ඔබේ ප්‍රශ්න වලට උත්තර ගන්න පුලුවන්
Blog - මෙමගින් ඔබට Blog එකක් ලිවිමට පුලුවන්
Albums - මෙය මගින් ඔබට ඔබේ පින්තුර Albums සැදිමට පුලුවන්.
මීට අමතරව මෙහි චැට් කිරිමේ පහසුකමත්, ඔබ ඔබේ පින්තුර වලට යාලුවන්ව ටැග් කිරිමේ පහසුකමත් ඇත.
අපි මෙහිදි අපේ පරිශිලකයින්ගේ පෞද්ගලිකත්වය ගැන ගොඩක් හොයලා බැලුවා.. එම නිසා ඔබට ඔබේ පෞද්ගලිකත්වය ගැන බිය විය යුතු නැ.
ඉදිරියේදි අප තවත් ගොඩක් විශේෂාංග එකතු කරන්න ඉන්නවා. ඒ වගේම අපේ මෙම අඩවියේ Mobile Version එකත් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ සදහා උදව් කරපු ගොඩක් අය ඉන්නවා. මෙය හැසිරවිමට දැනට මම සමග තව තිදෙනෙක් එකතු වෙලා ඉන්නවා..
කසුන් සෙනෙහස්,
කෙෂාන්, අනිත් කෙනාගේ නම දාන්න එපා කිව්වා..
ඒ වගේම නන් අයුරින් උදව් කරපු අයටත් ගොඩක් ස්තුතියි!
ඉතින් ඔබේ අදහස් අපිට කියන්න. ඒ වගේම මෙහි සමාජිකයෙකු වෙන්නත් අමතක කරන්න එපා.
වෙබ් අඩවියට යැමට පහල ලිංක් එක ඔබන්න.
Saturday, November 27, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මෙන්න තවත් වැඩ කෑල්ලක් ගෙනවා ඔයාලා වෙනුවෙන්ම. කට්ටිය කැමතිද මොනවාහරි අකුරු සේට් එකක් වැඩ කෑලි දාලා හදාගන්න. මේ වගේ එකක් නම් පොටෝෂෝප් වගේ භාවිතා කරලත් කරගන්න පුලුවන්. ඒ උනාට මේ ක්‍රමේ ලේසියි.. පහල තියෙන්නේ මම එහෙම හදාගත්ත පින්තුරයක්..
කොහොමද? මරු නේද වැඩේ??? වැඩේ ලේසිය කරන්න තියෙන්නේ මෙච්චරයි..
මුලින්ම මේ වෙබ් අඩවියට යන්න -
Wordle
ගියාට පස්සේ උඩින්ම ලොකු Text Box එකක් තියෙනවා. එතනට ඔයාට දාන්න ඕන වචන ටික පහලට ටයිප් කර කර යන්න තියෙන්නේ!
ඊට පස්සේ ඊට පහළින් තියෙන GO බොත්තම ඔබන්න.
ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඔය උඩ වගේ හැදිලා එයි. එතනින් තව අපිට ඕනේ නම් ෆොන්ට්, පාට, අකුරු වල ස්ථාන වගේ ඒවා වෙනස් කරන්නත් පුලුවන්.
වැඩේ අල්ලලා ගියා නම් අදහසක් දාන්නත් අමතක කරන්න එපා.. ඔයාලගේ අදහස් තමයි මගේ ශක්තිය.
Friday, November 26, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
කස්ටිය කොහොමද හුග කාලෙකින් පොස්ට් එකක් දාන්න යන්නේ! මේක වින්ඩොස් විස්ටා හා 7 භාවිතා කරන අයට තමයි. මේක පොඩි ගැජට් එකක්. කට්ටිය දන්නවාද සස්රුත එක ගැන. ශ්‍රි ලංකාවේ ප්‍රථම සිංහල සර්ච් එන්ජින් එක. දැකලා නැත්තම්
මෙතනින් යන්න. ඉතින් මේකෙන් මොනවා හරි සර්ච් කරගන්න නම් මේ අඩවියට යන්නම ඕනේනේ.. එහෙම නැතුව කරගන්න මෙන්න ක්‍රමය. මේක මම ඉස්සෙල්ලා කිව්වා පොඩි ගැජට් එකක්. හැදුවේ මගේ යාලුවෙක්. නම
උදිත් (UI Creation). මේකෙන් වෙන්නේ ඒ වෙබ් අඩවිය පොඩි ගැජට් එකක් විදිහට වින්ඩොස් සෙවන් හා විස්ටා වල Side Bar එකට දාන එක.. මෙහෙම කිව්වාට තේරුනේ නැත්තම් මෙන්න තියෙනවා තිර සටහන්.. බලලාම ඉන්නකෝ...
මේක ඉතින් ලංකාවේ වැඩක් නේ... කැමති අය බාගන්නකෝ... මෙන්න ලිංක් එක...
අදහසකුත් දාලාම යන්න.. මම යනවා...
Wednesday, November 10, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
කට්ටිය කොහොමද? හොදින් ඇති කියලා හිතනවා.. අද බ්ලොග් ලියන කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් දෙනවා.. දැන් අලුතෙන් බ්ලොග් අඩවි හදනවා කට්ටිය හෝ හෝ ගාලා... හැබැයි ඔය බ්ලොග් වලින් භාගයක් විතර අනුන්ගේ බ්ලොග් පොස්ට් කොපි කරලා දාලා තියෙන්නේ... මට ඊයේත් ඒ වගේ එකෙක් හම්බුනා.. ඉතින් මේ අයගෙන් බේරෙන්න ක්‍රමයක් තමයි මේ
DMCA කියන්නේ...
මේක නොමිලේ දෙන සේවාවක්.. මේකෙන් දෙන විශේෂාංග ගැන කතා කළොත්,
- අපි මේක අපේ බ්ලොගයට දැම්මාම පැය 24 ම මෙයා අපේ බ්ලොගය ගැන නිරික්ෂණය කරමින් ඉන්නේ
- ඒ වගේම අපිට බ්ලොග් එකට දාගන්න බැජ් වර්ග රාශියක් දිලා තියෙනවා.
- එක අකවුන්ට් එකකට අපිට ඕන තරම් බ්ලොගස් ඇතුල් කරන්න පුලුවන්..
- ඒ වගේම කවුරු හරි හොරකම් කරලා තිබ්බොත් අපිට Case එකක් දාන්නත් පුළුවන්..
- අපි දාපු බ්ලොග් වල හැම තොරතුරක්ම මෙහි Dashboard එක මගින් බලාගන්න පුලුවන්..
මේකේ තව වැඩ කෑලි තියෙනවා.. මාත් ඔන්න බැජ් එකක් දාගත්තා..දකින්න ඇතිනේ..
මේකෙන් අපිට පහල තියෙන ඒවා හොරකම් කලොත් බලාගන්න පුලුවන්..
- පින්තුර
- වචන
- විඩියෝ
- ගීත
- ලිපි
ඉතින් දැන්ම ඔයාලත් අකවුන්ට් එකක් හදාගෙන බලන්න.. නිකංනේ දෙන්නෙත්... අඩවියට යන්න පහල ලිංක් එක ක්ලික් කරන්න
ඔබේ අදහස කියලා යන්නත් අමතක කරන්න එපා
Saturday, November 06, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න ටොරන්ට් බාන අයට නියම සෝෆ්ට්වෙයාර් එකක් දෙන්න හිතුනා.. මාත් මේක දවස් 2ක් විතර භාවිතා කරලා හොදද කියලා බලලා තමයි ඔයාලටත් දෙන්න හිතුවේ.. මේක මගේ ඉන්ටර්නේට් ස්ලෝ වුන වේලාවකදි නම් ඇත්තටම ස්පිඩ් එක වැඩි උනා... පහත පින්තුර 2ක පිළිවෙලට බලන්නකෝ.. ඕක මම ගත්ත පෝටොස් 2ක්..
 |
| මෘදුකාංගය ඕපන් කිරිමට පෙර |
 |
| මෘදුකාංගය ඕපන් කර විනාඩි 2 ක් විතර ගිය පසු |
දැක්‍කානේ.. ඊට පස්සේ ස්පිඩ් එකනම් 50ට අඩුවෙන් ගියේ නැ.. ඇත්තටම හොද මෘදුකාංගයක්..අහ් මෘදුකාංගයේ නමත් කියන්න බැරි උනා..නම නම් දකින්න ඇති පින්තුර වලින්...
uTorrent Speedup Pro
හැබැයි මේක වැඩ කරන්නේ uTorrent මෘදුකාංගයට විතරයි.
1. මුලින්ම මෘදුකාංගය බාගෙන ඕපන් කරගන්න ( ඕපන් කරන්න කලින් ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියන්න )
2. ඊට පස්සේ කෙලින්ම Accelerate වෙනවා.. ඊට පස්සේ මෘදුකාංගය Close කරන්නේ නැතිව තියන්න..
3. පරිගණකය Restart කරනවානම් ආයිත් මෘදුකාංගය ඕපන් කරන්න ඕන..
ඕක කරලා බැලුවාම තේරෙයි.. කරලාම බලන්නකෝ...
එහෙනම් මම යනවා...අදහසක් දාලාම යන්නකෝ...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න දැන් Megaupload එක හැක් කරන හැටි කියන්න යන්නේ.. හැක් කිව්වාට හැක් එකක්ම නෙමෙයි..ඒ තමයි දැන් Megaupload වල ෆයිල් Download කරද්දි ෆි යුසර් විදිහට ගියොත් විනාඩියක් වගේ වේලාවක් (Wating Timer) බලාගන්න ඉන්න වෙනවානේ ෆයිල් එක Download වෙනකන්..ඒත් දැන් කරන ක්‍රමෙන් කලොත් වේලාව යනකන් බලාගෙන ඉන්නේ නැතිව ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්...
මේ වගේ ඉස්සර Rapidshare වලටත් කරන්න පුලුවන් කම තිබ්බා... එත් දැන් බැ...
මුලින්ම ඔයගොල්‍ලන්ට ඩවුන්ලොඩ් කරන්න ඕන ෆයිල් ඩවුන්ලොඩ් කරගන්න Megaupload යන්නකෝ...
ඊට පස්සේ Free User විදිහට තෝරන්න..එතකොට වේලාව යන්න පටන් ගන්නවානේ..
එතකොට බ්‍රවිසරයේ ඇඩ්රස් බාර් එකේ තියෙන ලිංක් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක පෙස්ට් කරලා එන්ටර් කරන්නකෝ...
javascript:alert(count=1)
එතකොට මැසෙජ් බොක්ස් එකක් එයි එකත් එන්ටර් කරන්න..ඔන්න දැන් කෙලින්ම ෆයිල් එක ඩවුන්ලොඩ් වෙයි...
කරලාම බලන්නකෝ... අදහසක් දාන්නත් අමතක කරන්න එපා...
Thursday, October 28, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
දැන් ඉතින් අන්තර්ජාලයේ ලිපින කෙටි කිරිමේ අඩවි වැහි වැහැලානේ...

TinyURL , Geega.in , Tiny වගේ එක එක ඒවා තියෙනවා... මාත් එකක් හැදුවා..

හැබැයි දැන්නම් ඒක වැඩ නැ...

ඉතින් අද මම කියන්න යන්නේ මේ හැම එකටම වඩා හොද සේවාවක් සපයන ආයතනයක් ගැන.. ආයතනය ගැන නම් කට්ටිය දන්නවා.. හැමෝම දන්න Mcafee තමයි මේ සේවාවත් සපයන්නේ...
මේකෙන් වෙන්න දිග වෙබ් ලිපින කෙටි කරනවා.. හැබැයි මේකෙන් වෙබ් ලිපින වලට ආරාක්ෂාවත් සපයනවා.. ඒ කිව්වේ කෙටි කරපු වෙබ් ලිපිනයේ Phishing වගේ වෛයිරස් තිබ්බොත් අල්ලනවා...

ම්ම්ම්... තාමත් තේරුනේ නැත්තම් කෙටි කරලාම බලන්නකෝ...
Wednesday, October 27, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න අද දෙන්න යන්නේ තවත් අලුත් මෘදුකාංගයක්.. නම තමයි Web Cam Max. මේකෙන් වෙන්නේ අපි Skype හරහා වගේ ඇමතුමක් ලබාගද්දි අපේ පින්තුරේට එක එක Effects, Faces, Emoctaions එහෙම දාන එකයි.
ඔය ඉහල පින්තුරේ වගේ Effects එකසිය ගානක් අපිට දාගන්න පුලුවන්.. තව ඕනේනම් අපිට අලුතෙන් ඇතුල් කරගන්නත් පුලුවන්..
ඔයගොල්ලොන්ට මේක Webcammax අඩවියෙන්ම බාගන්න පුලුවන්..හැබැයි Trail තමයි..
වෙබ් අඩවියෙන් බාගන්නවානම්
මෙතන ඔබන්න..
ඔයාලට මුලු වර්ශන් එකම ඕනේනම් පහත දිලා තියෙන ටොරන්ට් එක බාගන්න..
Click
Here To Download Torrent
Software එකේ දිලා තියෙන Effects වලට අමතරව තව Effects දාගන්න ඕනේ නම්
මෙතනින් යන්න..
ඉතින් මෘදුකාංගය ගැන හිතෙන දේ ඔය පහල තියෙන සුදු කොටුවේ වචනේකින් හරි කියලා යන්න අමතක කරන්න එපා...
Saturday, October 23, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න අද කට්ටියට කියන්න යන්නේ තවත් වැදගත් වෙයි හිතෙන දෙයක් ගැන.. ඒ තමයි Google Page Rank ගැන.. මට මේක මතක් වුනේ ඊයේ , ඊයේම මේ බ්ලොග් එකේ තත්වේ බැලුවා Page Rank 2ක්... හ්ම්ම්ම්...නරකමත් නැ... ඉතින් දැන් මම මේ Google Page Rank ගැන කෙටි හැදින්විමක් හා මේක බලාගන්න හැටි කියන්නයි යන්නේ...
හරි අපි එහෙනම් අපි බලමු මොකක්ද මේ Google Page Rank කියන්නේ කියලා,
Google වර්තමානයේ ලොව හොදම සහ වේගවත්ම සෙවුම් යන්ත්‍රය බව හැමෝම දන්නවානේ.. ඉතා කෙටි කලක් තුල මේ තරම් ගමනක් Google ට එන්න හැකි වුනේ කොහොමද? මොකක්ද මේකේ රහස? රහස තමයි මේ Google Page Rank තාක්ෂණය.. මේකට PR Technology කියලත් කියනවා. 1995 දි
Larry Page විසින් Stanford විශ්ව විද්‍යාලයේ කරන ලද සොයගැනීමක් තමා 1998 දිSergey Brin සමග Google යන නමින් මේ සෙවුම් යන්‍ත්‍රය බිහිවුනේ..
මෙම සෙවුම් යන්ත්‍රය එහි සෙවුම් පද (Key words) සමග පෙළ ගැසීමේදී (Search Index) අනුගමනය කල ක්‍රමය තමා මේ PageRank කියලා කියන්නේ...ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ නේද?
අපි මේ ගැන තව ටිකක් කතා කොලොත්,
ගොඩක් ජනප්‍රිය හා ගුණාත්මක භාවයෙන් වැඩි වෙබ් අඩවි සදහා මේ Google Page Rank 7-10 ත් අතර අගයක් ලබාදෙනවා..
සාමාන්‍යයෙන් හොද මට්ටමේ වෙබ් අඩවි වලට Google Page Rank 3-6 ත් අතර අගයක් ලබාදෙනවා..
සාමාන්‍ය මට්ටමේ වෙබ් අඩවි වලට Google Page Rank 0-3 ත් අතර අගයක් ලබාදෙනවා..
දැන් අපි බලමු මේ Google Page Rank පරික්ෂා කරගන්න පුලුවන් ක්‍රම ගැන
පහල තියෙන්නේ අපි වැඩි වශයෙන් භාවිතා කරන වෙබ් අඩවි වල Google Page Rank ස්ථානයි
කට්ටිය හිතයි Page Rank එක වැඩි වෙලා මොනවා කරන්නද කියලා!
- Google සෙවුම් යන්ත්‍රයේ පෙළ ගැසීම්(Search Index)වල ඉදිරියට පැමිනීම
- Google Adsense දැන්වීම් මගින් ලැබෙන ආදායම ඉහල යාම හා දැන්විම් ඉක්මණින් ලැබිම
- වෙබ් අඩවියේ ගුණාත්මකභාවය වැඩිවීම
මම මේ ලිපියෙන් හැදුවේ මේ Page Rank කියන්නේ මොකක්ද, එය බලාගන්නේ කොහොමද හා එයින් ලැබෙන වාසි ගැන කතා කරන්නයි.. මොකද ලංකාවේ ගොඩක් වෙබ් අඩවි හදන අය මේ Page Rank ගැන තියෙන දැනිම අඩුයි.. සමහරක් විට ගොඩක් අය (හැමෝම නෙමෙයි) අද වෙන්න ඇති මොකක්ද මේ Page Rank කියන්නේ කියලා දැනගත්තේ... තවත් මේ ගැන තොරතුරු ඕනේ නම් Wikipidia අඩවියෙන් බලාගන්න පුලුවන්..
Wikipidia ලිපිය බලන්න මෙතන ක්ලික් කරන්න..
එහෙනම් මම යනවා...මම හිතන්නේ
Page Rank ගැන පොඩි හරි දැනුමක් එන්න ඇති... යන ගමන් ඔබේ අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා..
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න මුණුපොතේ කිව්වා වගේම ගොඩක් වටින වෙබ් අඩවියක් ගැන කියන්නයි යන්නේ...
මේකනම් ඇත්තටම ගොඩක් වටින අඩවියක්.. මේක හරියට Online Virus Guard එකක් වගේ.. එක Guard එකක් විතරක් නෙමෙයි Guard 42ක එකතුවක්.. ඒ කියන්න අපේ ෆයිල් එකක් Guard 42 කින් Scan කරලා දෙනවා...කොහොමද වැඩේ???? පහල තියෙන්නේ Guard වල ලිස්ට් එක..
- AhnLab-V3
- Emsisoft
- AntiVir
- eSafe
- Antiy-AVL
- eTrust-Vet
- Authentium
- F-Prot
- Avast
- F-Secure
- Avast5
- Fortinet
- AVG
- GData
- BitDefender
- Ikarus
- CAT-QuickHeal
- Jiangmin
- ClamAV
- K7AntiVirus
- Comodo
- Kaspersky
- DrWeb
- McAfee
- McAfee-GW-Edition
- Microsoft
- NOD32
- Norman
- nProtect
- Panda
- PCTools
- Prevx
- Rising
- Sophos
- Sunbelt
- SUPERAntiSpyware
- Symantec
- TheHacker
- TrendMicro
- TrendMicro-HouseCall
- VBA32
- ViRobot
- VirusBuster
අනික ඕවා හැමදාම යාවත්කාල (Update) වෙනවා. ඒ වගේම ඕවා වල අලුත්ම වර්ශන් එක තමයි තියෙන්නෙත්...
අඩවියේ නම තමයි
Total Virus.com
අපි දැන් බලමු මේක පාවිච්චි කරන්නේ කියලා!!
1. මුලින්ම
මෙතනින් මෙම වෙබ් අඩවියට යන්න.
2. මුල් පිටුවෙම තියෙනවා Choose File කියලා ෆයිල් අප්ලෝඩ් කරන්න තියෙන තැනක්..එතනින් Scan
කරගන්න ඕනේ ෆයිල් එක තෝරලා දෙන්න..
උපරිම අප්ලෝඩ් කරන්න පුලුවන් 20MB දක්වා ෆයිල් පමණි..
3.
මෙතනින් ගිහින් වෙබ් අඩවි Scan කරගන්න පුලුවන්..
දැන් අපිට ඔය වෙබ් සයිට් එකට ගිහිල්ලාමනේ ඔය වැඩේ කරගන්න තියෙන්නේ...ඒක ටිකක් එපා වෙන වැඩක්..ඉතින් ඒකටත් එගොල්ලෝ පිළියමක් දිලා තියෙනවා.. ඒ තමයි,
VT Uploader
මේකෙන් පුලුවන් අපේ පරිගණකයේ තියෙන ෆයිල් එකක් උඩ Right Click කරලා Send To විධානයෙන් අර ෆයිල් එක Scan කරගන්න...
අනිත් ගැජට් එක තමයි... අපි ෆයිල් එකක් අන්තර්ජාලයෙන් බාගන්නවා නම් බාගන්න කළින් මේකෙන් Scan කරගන්න පුලුවන්...
මේකේ තව වැඩකැලි තියෙනවා... සයිට් එකට ගිහිල්ලාම බලන්නකෝ...
තාමත් අපේ මුණුපොතේ මිතුරු පිටුවට එකතු වුනේ නැත්තම්
මෙතන ඔබලා එකතු වෙන්න...
එහෙනම් මම යනවා..අදහසක් දාන්නත් අමතක කරන්න එපා...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
අද ඔන්න උදේ පාන්දරම ගේම් පිස්සන්ට මරු භාණ්ඩයක් දෙන්න යන්නේ.. අපි සමාන්‍යයෙන් කාර් ගේම් එකක් වගේ ගහද්දදි අපි විතරයි ගහන්නේ..නැත්තම් පරිගණකය Network කරලා තියෙනවානම් යාලුවෝ දෙන්නෙක් එක්ක ගහන්න පුළුවන්.. ඒත් දැන් මම කියන්න යන්නේ පිටරට ඉන්න ගේම් කාරයොත් එක්ක ලංකාවේ ඉදන් Play කරන හැටි..
මුලින්ම ඔයගොල්ලෝ පහල තියෙන කුඩා මෘදුකාංගය බාගන්න.
Password - pLan
බාගත්තාට පස්සේ එක Desktop එකට Extract කරගන්න.. දැන් pLan.exe කියන එක Run කරන්න.. දැන් ඒක ඕපන් වෙලා තත් 3ක් වගේ කාලයක් යද්දි එක System Tray එකට යනවා..
දැන් එක උඩ Right Click කරලා Internet කියන එක තෝරන්න..
දැන් ආයිත් එක උඩ Left Click කරලා මෘදුකාංගය ඕපන් කරගන්න.. දැන් එකෙන් Notification කියන තෝරන්න. එතනින් ඔයාට ගහන්න ඕන ගේම් එක Select කරන්න. (ඔයා තෝරන ගේම් එක ඔයාගේ පරිගණකයේ තියෙන්න ඕනේ)
දැන් ගේම් එක ඕපන් කරන්න ඕන.. ඊට පස්සේ ඔයාගේ ගේම් එකේ Menu එකේ තියෙන්න LAN Play කියලා එකක්...එකෙන් තමයි Play කරන්න ඕනේ...
ඔයා Download කරපු එකේ පින්තුර ටිකක් ඇති මේක Most Wanted Game එකට කරන හැටි..ඒක බලලා අනිත් ඒවා තේරුම් ගන්න පුලුවන්..
හැබැයි ගේම් නම් පිටරට එවුන් එක්ක ගහන්න තියා හිතන්නවාත් බැ... හිහි
අදහසක් දාලාම යන්න