Showing posts with label online. Show all posts
Showing posts with label online. Show all posts

අපොයි!! උදව් කරහල්ලකෝ

කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්න ඕන. මට මුලින් කියන්න බැරි උනානේ... ඔන්න අද මොනවත් කියලා දෙන්න නම් නේමේ යන්නේ... ගොඩක් වේලාවට එදිනෙදා පරිගණක භාවිතයේදි ගැටළු මතු වෙනවානේ... මේවා ඉතින් අපි හදන්න ට්‍රයි කරනවා. බැරි උනාම යකා නැගලා කොහේට හරි ගේනියලා මොනර කොළ ටිකකුත් පුජා කොරලා එනවා... ඉතින් මේ වගේ ප්‍රශ්න විසදා ගන්න වෙනම තැනක් තියෙනවානම් නියමයි නේද? ඉතින් අපි මුණුපොතේ හැදුවා පොඩි ගෘෘප් එකක්... කෙනෙක් දන්නෙ නැති දෙයක් තව කෙනෙක් දැනගෙන ඉන්න පුලුවන්. ඉතින් මේකට එකතු වෙන්න. දන්න දේවල් කියලා දෙන්න. ඒ වගේම ඔයාලගේ යාලුවොත් මේ ගෘෘප් එකට ඇඩ් කරන්න. එතකොට ඉතා ඉක්මණින් ප්‍රශ්නයට උත්තර ගන්න පුලුවන් වගේම, ඉතා සාරවත් උත්තර ගන්නත් පුලුවන්...



 මේ පහල තියෙන ලිංක් එකෙන් ගෘෘප් එකට ගිහිල්ලා එකතු වෙලාම බලන්නකෝ...


 අහන්න තියෙන පරිගණක සම්බන්ධ ඕන ගැටලුවක් මෙතන දාන්න පුලුවන්.. ඔයාලගේ අදහස් එහෙමත් කියන්න අමතක කරන්න එපා.. එහෙනම් අදට මම ගියා...

mcaf.ee - ආරාක්ෂාවත් එක්කම ලිපින කෙටි කරන්න

දැන් ඉතින් අන්තර්ජාලයේ ලිපින කෙටි කිරිමේ අඩවි වැහි වැහැලානේ...   TinyURL , Geega.in , Tiny වගේ එක එක ඒවා තියෙනවා... මාත් එකක් හැදුවා..  හැබැයි දැන්නම් ඒක වැඩ නැ... ඉතින් අද මම කියන්න යන්නේ මේ හැම එක‍ටම වඩා හොද සේවාවක් සපයන ආයතනයක් ගැන.. ආයතනය ගැන නම් කට්ටිය දන්නවා.. හැමෝම දන්න Mcafee තමයි මේ සේවාවත් සපයන්නේ...

මේකෙන් වෙන්න දිග වෙබ් ලිපින  කෙටි කරනවා.. හැබැයි මේකෙන් වෙබ් ලිපින වලට ආරාක්ෂාවත් සපයනවා.. ඒ කිව්වේ කෙටි කරපු වෙබ් ලිපිනයේ Phishing වගේ වෛයිරස් තිබ්බොත් අල්ලනවා... ම්ම්ම්... තාමත් තේරුනේ නැත්තම් කෙටි කරලාම බලන්නකෝ...

වෙබ් අඩවියට මෙතන ඔබන්න

Google PageRank ගැන සරලව

ඔන්න අද කට්ටියට කියන්න යන්නේ තවත් වැදගත් වෙයි හිතෙන දෙයක් ගැන.. ඒ තමයි Google Page Rank ගැන.. මට මේක මතක් වුනේ ඊයේ , ඊයේම මේ බ්ලොග් එ‍කේ තත්වේ බැලුවා Page Rank 2ක්... හ්ම්ම්ම්...නරකමත් නැ... ඉතින් දැන් මම මේ Google Page Rank ගැන කෙටි හැදින්විමක් හා මේක බලාගන්න හැටි කියන්නයි යන්නේ...

හරි අපි එහෙනම් අපි බලමු මොකක්ද මේ Google Page Rank කියන්නේ කියලා,


Google වර්තමානයේ ලොව හොදම සහ වේගවත්ම සෙවුම් යන්ත්‍රය බව හැමෝම දන්නවානේ.. ඉතා කෙටි කලක් තුල මේ තරම් ගමනක් Google ට එන්න හැකි වුනේ කොහොමද? මොකක්ද මේකේ රහස? රහස තමයි මේ Google Page Rank තාක්ෂණය.. මේකට PR Technology කියලත් කියනවා. 1995 දි  Larry Page විසින් Stanford විශ්ව විද්‍යාලයේ කරන ලද සොයගැනීමක් තමා 1998 දිSergey Brin සමග Google යන නමින් මේ සෙවුම් යන්‍ත්‍රය බිහිවුනේ..

මෙම සෙවුම් යන්ත්‍රය එහි සෙවුම් පද (Key words) සමග පෙළ ගැසීමේදී (Search Index) අනුගමනය කල ක්‍රමය තමා මේ PageRank කියලා කියන්නේ...ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ නේද? 

අපි මේ ගැන තව ටිකක් ක‍තා කොලොත්,

ගොඩක් ජනප්‍රිය හා ගුණාත්මක භාවයෙන් වැඩි වෙබ් අඩවි සදහා මේ Google Page Rank 7-10 ත් අතර අගයක් ලබාදෙනවා..

සාමාන්‍යයෙන් හොද මට්ටමේ වෙබ් අඩවි වලට Google Page Rank 3-6 ත් අතර අගයක් ලබාදෙනවා..

සාමාන්‍ය මට්ටමේ වෙබ් අඩවි වලට Google Page Rank 0-3 ත් අතර අගයක් ලබාදෙනවා..

දැන් අපි බලමු මේ Google Page Rank පරික්ෂා කරගන්න පුලුවන් ක්‍රම ගැන

  •  ගුගල් ටුල්බාර් වැන ඇඩෝනයකින් අපිට පුලුවන් පරික්ෂා කරගන්න..
  • එහෙමත් නැතිනම්, Page Rank Checker වැනි වෙබ් අඩවියකින් කරගන්නත් පුලුවන්...
පහල තියෙන්නේ අපි වැඩි වශයෙන් භාවිතා කරන වෙබ් අඩවි වල Google Page Rank ස්ථානයි

Google.com - PR 10 
Facebook.com - PR10
Wordpress.com - PR 9
Blogger.com - PR 8

කට්ටිය හිතයි Page Rank එක වැඩි වෙලා මොනවා කරන්නද කියලා!

  • Google සෙවුම් යන්ත්‍රයේ පෙළ ගැසීම්(Search Index)වල ඉදිරියට පැමිනීම
  • Google Adsense දැන්වීම් මගින් ලැබෙන ආදායම ඉහල යාම හා දැන්විම් ඉක්මණින් ලැබිම
  • වෙබ් අඩවියේ ගුණාත්මකභාවය වැඩිවීම
මම මේ ලිපියෙන් හැදුවේ මේ Page Rank කියන්නේ මොකක්ද, එය බලාගන්නේ කොහොමද හා එයින් ලැබෙන වාසි ගැන කතා කරන්නයි.. මොකද ලංකාවේ ගොඩක් වෙබ් අඩවි හදන අය මේ Page Rank ගැන තියෙන දැනිම අඩුයි.. සමහරක් විට ගොඩක් අය (හැමෝම නෙමෙයි) අද වෙන්න ඇති මොකක්ද මේ Page Rank කියන්නේ කියලා දැනගත්තේ... තවත් මේ ගැන තොරතුරු ඕ‍නේ නම් Wikipidia අඩවියෙන් බලාගන්න පුලුවන්..

Wikipidia ලිපිය බලන්න මෙතන ක්ලික් කරන්න..

එහෙනම් මම යනවා...මම හිතන්නේ Page Rank ගැන පොඩි හරි දැනුමක් එන්න ඇති... යන ගමන් ඔබේ අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා..

Virus Total - Virus වලින් ඔන්ලයින්ම බේරෙන්න

ඔන්න මුණුපොතේ කිව්වා වගේම ගොඩක් වටින වෙබ් අඩවියක් ගැන කියන්නයි යන්නේ...මේකනම් ඇත්තටම ගොඩක් වටින අඩවියක්.. මේක හරියට Online Virus Guard එකක් වගේ.. එක Guard එකක් විතරක් නෙමෙයි Guard 42ක එකතුවක්.. ඒ කියන්න අපේ ෆයිල් එකක් Guard 42 කින් Scan කරලා දෙනවා...කොහොමද වැඩේ???? පහල තියෙන්නේ Guard වල ලිස්ට් එක..
  • AhnLab-V3 
  • Emsisoft
  • AntiVir 
  • eSafe
  • Antiy-AVL 
  • eTrust-Vet
  • Authentium  
  • F-Prot
  • Avast  
  • F-Secure
  • Avast5  
  • Fortinet
  • AVG  
  • GData
  • BitDefender 
  • Ikarus
  • CAT-QuickHeal  
  • Jiangmin
  • ClamAV  
  • K7AntiVirus
  • Comodo 
  • Kaspersky
  • DrWeb  
  • McAfee
  • McAfee-GW-Edition
  • Microsoft
  • NOD32
  • Norman
  • nProtect
  • Panda
  • PCTools
  • Prevx
  • Rising
  • Sophos
  • Sunbelt
  • SUPERAntiSpyware
  • Symantec
  • TheHacker
  • TrendMicro
  • TrendMicro-HouseCall
  • VBA32
  • ViRobot
  • VirusBuster

අනික ඕවා හැමදාම යාවත්කාල (Update) වෙනවා. ඒ වගේම ඕවා වල අලුත්ම වර්ශන් එක තමයි තියෙන්නෙත්...

අඩවියේ නම තමයි Total Virus.com


අපි දැන් බලමු මේක පාවිච්චි කරන්නේ කියලා!!

1. මුලින්ම මෙතනින් මෙම වෙබ් අඩවියට යන්න.

2. මුල් පිටුවෙම තියෙනවා Choose File කියලා ෆයිල් අප්ලෝඩ් කරන්න තියෙන තැනක්..එතනින් Scan
කරගන්න ඕනේ ෆයිල් එක තෝරලා දෙන්න..


උපරිම අප්ලෝඩ් කරන්න පුලුවන් 20MB දක්වා ෆයිල් පමණි..

3. මෙතනින් ගිහින් වෙබ් අඩවි Scan කරගන්න පුලුවන්..


දැන් අපිට ඔය වෙබ් සයිට් එකට ගිහිල්ලාමනේ ඔය වැඩේ කරගන්න තියෙන්නේ...ඒක ටිකක් එපා වෙන වැඩක්..ඉතින් ඒකටත් එගොල්ලෝ පිළියමක් දිලා තියෙනවා.. ඒ තමයි,

VT Uploader


මේකෙන් පුලුවන් අපේ පරිගණකයේ තියෙන ෆයිල් එකක් උඩ Right Click කරලා Send To විධානයෙන් අර ෆයිල් එක Scan කරගන්න...



අනිත් ගැජට් එක තමයි... අපි ෆයිල් එකක් අන්තර්ජාලයෙන් බාගන්නවා නම් බාගන්න කළින් මේකෙන් Scan කරගන්න පුලුවන්...


මේකේ තව වැඩකැලි තියෙනවා... සයිට් එකට ගිහිල්ලාම බලන්නකෝ...

තාමත් අපේ මුණුපොතේ මිතුරු පිටුවට එකතු වුනේ නැත්තම් මෙතන ඔබලා එකතු වෙන්න...

එහෙනම් මම යනවා..අදහසක් දාන්නත් අමතක කරන්න එපා...

pLan - අතිශයින්ම ගේම් පිස්සන්ට විතරයි

අද ඔන්න උදේ පාන්දරම ගේම් පිස්සන්ට මරු භාණ්ඩයක් දෙන්න යන්නේ.. අපි සමාන්‍යයෙන් ‍කාර් ගේම් එකක් වගේ ගහද්දදි අපි විතරයි ගහන්නේ..නැත්තම් පරිගණකය Network කරලා ‍තියෙනවානම් යාලුවෝ දෙන්නෙක් එක්ක ගහන්න පුළුවන්.. ඒත් දැන් මම කියන්න යන්නේ පිටරට ඉන්න ගේම් කාරයොත් එක්ක ලංකාවේ ඉදන් Play කරන හැටි..

මුලින්ම ඔයගොල්ලෝ පහල තියෙන කුඩා මෘදුකාංගය බාගන්න.

Password - pLan

බාගත්තාට පස්සේ එක Desktop එකට Extract කරගන්න.. දැන් pLan.exe කියන එක Run කරන්න.. දැන් ඒක ඕපන් වෙලා තත් 3ක් වගේ කාලයක් යද්දි එක System Tray එකට යනවා..


දැන් එක උඩ Right Click කරලා Internet කියන එක තෝරන්න..


දැන් ආයිත් එක උඩ Left Click කරලා මෘදුකාංගය ඕපන් කරගන්න.. දැන් එකෙන් Notification කියන ‍තෝරන්න. එතනින් ඔයාට ගහන්න ඕන ගේම් එක Select කරන්න. (ඔයා තෝරන ගේම් එක ඔයාගේ පරිගණකයේ තියෙන්න ඕනේ)


දැන් ගේම් එක ඕපන් කරන්න ඕන.. ඊට පස්සේ ඔයාගේ ගේම් එකේ Menu එකේ තියෙන්න LAN Play කියලා එකක්...එකෙන් තමයි Play කරන්න ඕනේ...

ඔයා Download කරපු එකේ පින්තුර ටිකක් ඇති මේක Most Wanted Game එකට කරන හැටි..ඒක බලලා අනිත් ඒවා තේරුම් ගන්න පුලුවන්..

හැබැයි ගේම් නම් පිටරට එවුන් එක්ක ගහන්න තියා හිතන්නවාත් බැ... හිහි

අදහසක් දාලාම යන්න

eBay හරහා භාණ්ඩ විකිණිමට අපිටත් හැකිද?



මම මේ පොස්ට් එක දාන්නේ යාළුවෙක්ගේ ඉල්ලිමකට.. ඔව්..අපිටත් පුළුවන් භාණ්ඩ විකුණන්න.  ඒකට ඔයා මුලින්ම ebay වල සාමාජිකයෙකු වි සිටින්න ඕනේ. දැන් My Ebay හි Sell නම් මෙනුවේ තියෙන Sell an item කියන ස්ථානයට පිවිසෙන්න.


එවිට‍ පහත වගේ තිරයක් දක්නට ලැබෙනවා. එතනින් Start Selling කියන බොත්තම ඔබන්න.

දැන් ඔයාගේ Account එකට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙනවා.. ඊට පස්සේ Browse Category එකෙන් ඔයා විකුණන්න හදන භාණ්ඩය ගැලපෙන කාණ්ඩය තෝරලා දෙන්න..



දැන් පහළින් තියෙන Continue බොත්තම ඔබන්න..


ඊට පස්සේ ලැබෙන Create Your Listing පිටුවෙන් ඔබේ භාණ්ඩය පිලිබද විස්තරයක් හා ජායාරුප කිහිපයක් වුවත් අප්ලෝඩ් කරන්න පුලුවන්...


සියලුම තොරතුරු දි අවසන් වුවාට පසු පහල තියෙන Continue බොත්තම ඔබලා ඉවර කරන්න...

ඔබ මෙහිදි භාණ්ඩය ඉදිරිපත් කරන්නේ Auction ආකාරයට නම් ඒ සදහා මුලිදි eBay තුළින් සේවා ගාස්තුවක් අය නොකරයි. නමුත් භාණ්ඩය විකිනෙන අවස්ථාවේදි ඒ සදහා 5% ක සේවා ගාස්තුවක් අය කර ගනියි... කෙළින්ම Buy Now ආකාරයෙන් ඉදිරිපත් කරනවානම් ඒ සදහා යන මුදල පසෙකින් පෙන්වනු ලබයි... ඒ පිළිබද ඔබේ අවධානය යොමුකරන්න..

සියල්ල නිසි ලෙස සම්පුර්ණ කර පසු eBay Search Box එක තුල ඔබේ Keywords ටයිප් කර බැලිමේදි ඔබගේ භාණ්ඩය දිස් විය යුතුය...

ඔබේ භාණ්ඩයට යමෙක් මුදල් ගෙව්වේ නම් ඒ තැනාත්තා‍ට ඉක්මණින් එම භාණ්ඩය යැවිය යුතුය.. එය යැවිමට බැරි වුවොත් එම තැනැත්තා ඒ බව eBay වෙත දැනුම් දුන්නොත් ඔබේ ඉදිරි eBay ගණුදෙනු වලදි එය අහිතකර ලෙස බලපාන නිසා එම භාණ්ඩය ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුය...