Infolinks වලින් වැඩ කරමු දෙවැනි ලිපිය දාන්න ප්‍රමාද උන එක ගැන සමාවෙන්න. මම හිතන්නේ කට්ටියටම Infolinks Activation Mail එක ඇති. හ්ම්ම්ම්...තාමත් මේල් එක ආවේ නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. ආයිත් උත්සහා කරලා බලන්නකෝ. තාම කට්ටිය Infolinks වලින් වැඩ කරමු පළමු ලිපිය කියෙව්වේ නැත්තම් පහල ලිංක් එකෙන් ගිහිල්ලා බලන්න.
Infolinks වලින් වැඩ කරමු - පළමු ලිපිය >>

හරි. දැන් හැමෝම Infolinks වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාගේ අකවුන්ට් එකට ඇතුල් වෙන්න. දැන් ඔයාට පහත විදිහේ තිරයක් ලැබෙයි. (පළමු පින්තුරය බලන්න)

පළමු පින්තුරය
ඔතන තමයි ඔයාගේ අකවුන්ට් එක හම්බුවුන මුදල් ප්‍රමාණය, ක්ලික්ස් ප්‍රමාණය, Impression ප්‍රමාණය එහෙම පෙන්නන්නේ.

මම ඔයාට කිව්‍වානේ අපි රෙජිස්ටර් වෙද්දි අපේ වෙබ් අඩවිය විදිහට ඉංග්‍රිසි සයිට් එකක් දෙන්න කියලා. දැන් හදන්නේ අපි ඒක අපේ සිංහල බ්ලොගයට ඇඩ් කරගන්නයි. ඒක කරගන්න පහළ තියෙන විදිහට කරන්න.

මුලින්ම My Account කියන කොටසට යන්න (දෙවැනි රුපය බලන්න)


දෙවැනි රුපය


දැන් එන තිරයේ Add Websites කියන කොටසට යන්න. (තුන්වැනි රුපය බලන්න)





ඔතනදි ඔයාගේ බ්ලොග් එකේ විස්තර දිලා Submit බොත්තම ඔබන්න. ‍බ්ලොග් එක ඇඩ් වෙන්න ටික දවසක් යන්නට ඉඩ තියෙනවා.
දැන් අපි බලමු අපිට ලැබෙන ඇඩ්ස් අපිට අවශ්‍ය ලෙස සකසාගන්න හැටි ගැන.

ඒකට ඔයා මුලින්ම  Integration Guide කියන කොටසේම තියෙන Advanced Integration Wizard කොටසට යන්න ඕන. (හතරවැනි රුපය බලන්න)


හතරවැනි රුපය
එම කොටසේ තියෙන කොටස් ගැන පහත පැහැදිලි කරලා තියෙනවා.

Highlight Color 
හයිලයිට් කලර් කියන්නේ අපේ ලිපියේ ඇඩ් ‍එක වැටෙන ටෙක්ස්ට් එක හයිලයිට් වෙන්න ඕන පාටයි.

Double/Dotted Underline 
මෙමගින් පුලුවන් ඇඩ් එක වැටෙන ටෙක්ස්ට් එක යටින් ඉරක් ඇදලා තියෙනවා වගේ දාන්න. හරියට අපි අපේ පෝස්ට් එක ලිංක් කළා වගේ. ඒ ගොල්ලෝ නම් කියලා තියෙන Double කියන ක්‍රමය තියන්න කියලා. ඒ හින්දා ඒක තියන්න.

Max Allowed Number of Highlighted Links per Page 
මෙමගින් කරන්නේ අපේ පොස්ට් එකකට කොච්චර ඇඩ්ස් පෙන්නන්ද කියලා. එගොල්ලෝ උපරිම දිලා තියෙන්නේ ඇඩ් 12 යි.

Content Category 
මෙමගින් කරන්නේ අපේ බ්ලොගයේ පෙන්නන්න ඕන ඇඩ්ස් වර්ගය ගැනයි. ඒ කියන්නේ කාර් ගැනද, අන්තර්ජාලය ගැනද, සෞඛ්‍ය ගැනද වගේ දේවලුයි.

මේ ක්‍රියාකාරකම් වල Live Demo එකක් දකුණු පසින් බලාගන්නත් පුළුවන්. ඒ හින්දා කිසි අපහසුවකින් තොරව වැඩේ කරගන්න පුළුවන්.

සියල්ල කරාට පස්සේ පිටුවේ යටම තියෙන කියන එකට හරි ලකුණ දාලා Save කියන නිල්පාට බොත්තම ඔබන්න.

දැන් අපි බලමු මේකෙන් මුදල් ගෙන්න ගන්න පුළුවන් ක්‍රම ගැන

1. Payoneer Prepaid Mastercard කාඩ් එකක් මගින්.. ඔයාට කාඩ් එකක් ගන්න ඕනේ නම් මෙතන ඔබන්න. 

2. Paypal Account එකක් මගින්. 

3. Check හෝ බැංකුවක් මගින්.

ඔය ක්‍රම වලින් 1 සහ 2 යන ක්‍රම පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මොකද බැංකුවකට ගෙන්න ගන්නවා කි‍යන්නේ මහා පිස්සු වැඩක්. කොහොමත් ලංකාවට එක භාවිතා වෙන්නේ නැ..

මම දැන් කියන්නම් කොහොමද Paypal Account එකක් එකක් Infolinks වලට ඇඩ් කරන්නේ කියලා.

මුලින්ම My Account කියන එකට යන්න. ( දැනටමත් එකට යන්න දන්න හින්දා පින්තුර දාන්නේ නැ හොදේ)
දැන් ඔයාට පහත ‍වගේ තිරයක් ලැබෙයි. එතනින් Payment Details කියන එක ඉස්සරහා තියෙන Edit බොත්තම ඔබන්න. (පස්වැනි රුපය බලන්න)

පස්වැනි රුපය
දැන් පහත වගේ තිරයක් ලැබෙයි. එකෙන් Paypal Account කියන එක තෝරලා ඔයාගේ Paypal Account එකේ මේල් එක දෙන්න. දිලා සේව් කරන්න. (හයවැනි රුපය බලන්න)

හයවැනි රුපය
අපි දැන් සියල්ල හදාගෙන ඉවරයි. ලිපි ටිකත් ඉවරයි. ඔයාලත් Autoblog එකක් වගේ හදනවානම් Infolinks  ලැබෙයි. කට්ටියම Autoblog හදන්න ඕනේ නම් මෙතන බලන්න. 

මගේ මේ බ්ලොග් එකට නම් දැන්ම ඇඩ්ස් ඇඩ් වෙලා වගේ...දැන් විශ්වාසයි නේද?

අනිත් කාරණය කට්ටිය ඇඩ්සෙන්ස් වලට ට්‍රයි කරනවානම් හොද ට්‍රැෆික් එකක් තියෙන්න ඕනේනේ. ඒකට අපේ බ්ලොග් එක Google,Yahoo,Bing වගේ ඒවාට විතරක් ඇඩ් කරලා මදි. මුළු ලෝකෙන්ම කට්ටිය ගෙන්න ගන්න මෙන්න ‍ලේසිම විදිහ. 

ලොකේ පුරා තියෙන හැම සර්ච් එන්ජින් එකකටම බ්ලොග් එක ඇඩ් එක කරගන්න 


මේකට ඩොමේන් එකක් දෙන්න කැමති අය ඉන්නවානම් කියන්න. අනික මේකේ නැති සර්ච් එන්ජින් තියෙනවානම් කියන්න ඒවත් දාන්නම්...

ලිපියේ අඩුපාඩු, ඔබේ අත්දැකිම් එහෙමත් අපිත් එක්ක බෙදාගන්න