ලංකා ටොරන්ට් සයිට් එකට උදව්වක් අවශ්‍යයි!

ඔය‍ගොල්ලෝ දන්නවානේ අපි ලංකා ටොරන්ට් සයිට් එකක් හදනවා කියලා..ඉතින් මම ඒ සයිට් එක ලේසියෙන්ම සර්ච් කරන්න පුලුවන් වෙන්න ගුගල් Custom Search බාර් එකක් හැදුවා..ඒත් එකේදි අපේ ෆෝරම් එකේ තියෙන ඒවා සර්ච් කරාට පෙන්නන්නේ නැනේ...අනේ දන්න කෙනෙක් කියනවාද සර්ච් බාර් එකක් හදාගන්න හැටි...

මම මේකෙන් තමයි හැදුවේ...

Go to Site

ලංකාවේ මුල්ම Torrent වෙබ් අඩවිය - ඔබේ උදව් අවශ්‍යයි

මාත් නිකං ඉන්න ගමන් අපේ ලසිදු ස‍හෝදරයාත් එක්ක එකතු වෙලා සයිට් එකක් හැදුවා.. ලංකාවේ ටොරන්ට් සයිට් එකක්..‍හැබැයි ඉතින් ‍මේක තනියෙන් කරන්න බැ.. ඔයාලගේ උදව් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා! පුලුවන් නම් ඔයාලා ලග තියෙන ටොරන්ට් ෆයිල්ස් අපිට ලබාදෙන්න. ලබාදෙන්නේ මෙහෙමයි..

මුලින්ම මේ ‍සයිට් එකට යන්න

ඕක ෆෝරම් එකක්...ඔයාට තියෙන්නේ ඔයා ගාව තියෙන ටොරන්ට්ස් ඔය ෆොරම් එකේ පොස්ට් එකක් ලෙස දාන එක තමයි..

උදා - ඔයා ලග ගේම් එකක ටොරන්ට් එකක් තියෙනවා නම් ඒක අපේ ෆොරම් එකේ Games කියන කොටසේ පළ කරන්න...

අපි පසුව වෙනමම සර්ච් එන්ජිමකුත් සාදන්න හිතාගෙන ඉන්නවා ‍මේ සදහා..දැනට ෆොර්ම් එක විතරක් කිව්වේ තාම ෆෝරම් එකේ ගොඩක් ලිපි නැති හින්දා..

පොස්ට් දාන්න අඩවියේ Register වෙන්න ඕන... ඒකට මෙතනින් යන්න




අපිත් එක්ක එකතු වෙන්න කැමති අය ඉන්නවානම් කියන්න...අපි ගන්න බලන්නම්!

මෙම ‍ෆෝරම් එක දියුණු විය යුතු ආකාරය අපිට කමෙන්ට් එකකින් කියලා යන්නත් අමතක කරන්න එපා..මොකද ලංකාවේ වැඩක්නේ...

ISO Image ගැන නොදන්නා දේ...

ඉමේජ් ෆයිල් එකක් යන්න තේරුම් 2ක් ඇත. එනම් යම්කිසි පින්තුරයකි. අනික යම්කිසි CD/DVD එකක ඇති සියලුම දත්තයන්හි පිටපතක් ලබාගනිමින් සකසන තනි ෆයිලයකි. ඔබ සාමාන‍්‍යයෙන් කඩයකින් CD/DVD මිළදි ගෙන බලද්දි එහි ඇතුලත ඇත්තේ ISO වර්ගයේ ෆයිල් එකක් පමණක් විය හැක. ISO වැනි එක්ස්ටෙන්ශන් එකකින් අවසන් වන මෙම ෆයිල්ස් හදුන්වන්නේ Disk Image හෙවත් Image Files යන්නයි.




මේ ආකාරයේ ‍ගොනුවක් ඔබට සාමාන්‍ය ලෙස පරිගණකයේ ස්ථාපනය කර නොහැකිය.

ISO යන ප්‍රමිතිය මුළින්ම ලෝකයට හදුන්වා දුන්නේ ප්‍රමිතිකරණය පිළිබද ජාත්‍යන්තර සංවිධානය (International Organization for standardization = ISO )විසිනි. වර්තමානයේ මෘදුකාංග නිෂ්පාදකයින් බොහෝ දෙනෙක් තම මෘදුකාංග නිර්මාණය කර බෙදා හරින්නේ මෙම ISO ගොනු ලෙසය.

Disk Image වල ප්‍රභේද

Optical Disk, Hard Disk, Floppy Disk සදහා ‍යොදාගන්නා ISO වර්ග කිහිපයක් ඇත. ඒවා පහත දැක්වේ.

Optical Disk

BT5/BT6/BWA/BWI/BWS/BWT
C2D - CCD/IMG/SUB
CDI
CUE/BIN - CSO
DAA
DVD
ISO
ISZ
MDS/MDF
NRG
TOS/BIN

Hard Disk

DMG - GHO
GHS/V2I - MRIMG - PARTIMG

PARTIMG.BZ2 - PQI - TIB - UDIF - VDI - VHD - WIM - KB2

Floppy Disk                             

DCF - DMF - DMS - IMA/IMZ - IMG - VFD - ADF

ෆයර්ෆොක්ස් වලින් වෙබ් අඩවි ලස්සන කරමු..

ඔන්න මම ගෙනවා ෆයර්ෆොක්ස් වැඩ කැල්ලක්. හැමෝම කැමතිනේ තමන්ගේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක එහෙම ලස්සනට තියාගන්න. ඒ වගේම තමයි තමන් යන වෙබ් අඩවිත් එකත්. පහල පින්තුරයට බැලුවාම තේරුම් ගන්න පුලුවන් මේ මොකක්ද කියලා...


දැක්කනේ? කොහොමද? පහත තියෙන්නේ කරගන්න විදිහ..

මේක ඇඩොනයක්..
---------------------------------------------------------------
මුලින්ම මේ ලිංක් එකට ගිහිල්ලා ඇඩෝනය බාගන්න.. (ඇඩොනය ඉන්ස්ටොල් කරාට බ්‍රව්සර් එක ක්ලොස් කරන්න එපා)
Click Here

දැන් මේ ලිංක් එකට යන්න. ඊට පස්සේ බ්‍රව්සර් එක Close කරලා ආයිත් Open කරන්න.
Click Here

ආයිත් ඕපන් කරද්දි පහල පින්තුරයේ වගේ පිටුවක් දක්නට ලැබෙයි..

ඊට පස්සේ කරන්න තියෙන ඒවා ඔය පිටුවේ තියෙනවා..

කරන හැටි අපැහැදිලි නම් පහල තියෙන Html File එක බාගෙන කියවන්න. එතකොට තේරෙයි. ඔබේ අදහසත් කියලා යන්න..

Click Here To Download HTML

ඔය පහල තියෙන්නේ මම වෙනස් කරපු ඒවා...

ADSL වල DNS ගැටළුවට පිළියම්

ADSL පාව්ච්චි කරනවානම් ඒ අයට වර්ඩ්ප්‍රේස් වලින් හදපු සයිට් වලට යන්න බැ. පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ. ඔය වැඩේ මටත් උනා. පස්සේ හොයලා බැලුවා මොකක්ද ප්‍රශ්නේ කියලා. ඒත් හරිගියේ නැ. පස්සේ අහලා බැලුවා අපේ කණියා අයියාගෙන්. එයාගේ සයිට් එකටත් යන්න බැරුව හිටියේ.. එයා කිව්වා ADSL ගේ DNS අවුලක් කියලා. මම ඇහුවා මේක හදාගන්න විදිහක් නැද්ද කියලා. එයා කිව්වා DNS වලින්ම හදාගන්න පුලුවන් කියලා. හුටා! මම ඉතින් ඔය DNS ගැන දන්නේ නැනේ..ඊට පස්සේ අයියාගෙන්ම අහගත්තා..දැන්වත් DNS ගැන හොයන්න ඕන.

හරි. අපි දැන් මේක හදාගන්න හැටි බලමු.

මුලින්ම Start - Control Panel - Network Connections - Local Area Connection කියන එකේ Propertise යන්න. ඊට පස්සේ Internet Protocol (TCP/IP) කියන එකේ Propertise යන්න.

අපහැදිලි නම් පින්තුරය උඩ ක්ලික් කරලා බලන්න

දැන් ඕපන් වෙන Dialog Box එක යටම තියෙනවා DNS Server කියලා ටෙක්ස්බොක්ස් 2ක්.


ඒකට අපි DNS IP ඇඩ්රස් 2ක් දෙන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි.

මුලින්ම මේ වෙබ් අඩවියට යවන්න. OPEN DNS
දැන් ඒ සයිට් එකේ යටම තියෙනවා IP Address 2ක් ඒක පිලිවෙලින් අර ටෙක්ස්බොක්ස් වලට ඇතුලත් කරන්න ඕන.


දැන් ඇතුල් කලාට පස්සේ OK කරලා බලන්න. දැන් කිසි අවුලක් නැතිව වර්ඩ්ප්‍රෙස් සයිට් වලට යන්න පුලුවන්..

මේක ADSL පාව්ච්චි කරන හොද ලිපියක්. ඒ හින්දා ඔබේ අදහස පල කරන්නත් අමතක කරන්න එපා..

About Config යොදාගෙන Firefox වෙනස් කරමු

ඔබ ෆයර්ෆොක්ස් භාවිතා නොකරන්නෙක් නම්, ඔබට මේ About Config ගැන අවබෝධයක් නැතිව ඇති. මෙය සාමාන්‍ය වෙබ් පිටුවක් නොව, වෙනස් කම් රාශියක් කර ගත හැකි සැගවුනු පිටුවකි. මේ පිටුවේ තියෙන ඒවා දැක්ක ගමන් ඔබට අපැහැදිලි විය හැක. එම නිසා පහත පියවරවල් අනුගමනය කරන්න.



Firefox වේගවත් කරගැනිම


මුළින්ම URL Bar එකේ about:config ලෙස ටයිප් කරන්න.

දැන් එන Filter Bar එකේ Pipelining ලෙස ටයිප් කරන්න.

network.http.pipelining: හි Value එක True ලෙස ලබාදෙන්න.

network.http.proxy.pipelining: හි Value එක True ලෙස ලබාදෙන්න.

network.http.pipelining.maxrequests: හි Value එක 8-16 ත් අතර අගයක් ලබාදෙන්න.

දැන්  Filter Bar එකේ max-connections ලෙස ටයිප් කරන්න.

network.http.max-connections-per-server: හි Value එක 32 ලෙස ලබාදෙන්න.

Antivirus නැවැත්විම

ඔබ ප්‍රමාණයෙන් වැඩි ෆයිල්ස් බාගන්න අවස්ථා වලදි Antivirus මෘදුකාංගය ක්‍රියාත්මක විම හේතුවෙන් Download වේගය අඩු වේ. මෙම පහසුකම නැවැත්විමෙන් එතරම් හානියක් නොවේ, එවගේම Download වේගය වැඩි වේ.

browser.download.manager.scanWhenDone: හි Value එක False ලෙස ලබා දෙන්න.

Popups Window අලුත් Tab එකකින් විවෘත විම

අප සමහරක් ක්ලික් කිරිමේදි එහි අඩංගු දේ Popups Window එකක් ලෙස විවෘත වේ. එය මහත් අපහසුවකි. නමුත් එය අලුත් ටැබ් එකකින් විවෘත වන ලෙස සැකසුවොත්?

ඒ සදහා,

browser.link.open_newwindow.restriction: හි Value එක 0 ලෙස ලබාදෙන්න.

Search Bar Results නව Tab එකකින් විවෘත කරගැනිම

ඔබ යම් කිසි දෙයක් Search කර එහි Result එකක් උඩ ක්ලික් කරාම එම Tab එකේම එය ඕපන් වෙයි. ඉන්පසු නැවතත් Result එකක් බැලිමට නැවතත් අපි Back බොත්තම ක්ලික් කර කර යන්න ඕන.

මේ සදහා Filter Bar එකේ openintab ලෙස ටයිප් කරන්න.


browser.search.openintab: හි Value එක True ලෙස සකසන්න.

Extension Install කිරිමේදි ඇති වන ප්‍රමාදය ඉවත් කිරිම.

අපි නව Extension එකක් ඉන්ස්ටොල් කිරිමට යැමේදි ෆයර්ෆොක්ස් විසින් Countdown එකක් යොදා තිබෙනවා. එය කරදරයක් නම් එයත් අපිට ඉවත් කරගන්න පුලුවන්..එය සිදුකරන්නේ මේ විදිහටයි.

security.dialog_enable_delay: හි Value එක 0 ලෙස සකසන්න.

වෙබ් පිටුවක Source Codes එක වෙනවම විවෘත කරගැනිම.

බොහෝ වෙබ් නිර්මාණකරුවන් වෙනත් වෙබ් අඩවි වල Source Codes බැලිමේදි එය ෆයර්ෆොක්ස් තුලම පෙන්වනු ලබනවා.. නමුත් එයට අකමැති අය ‍එම කොඩ් එක කොපි කරගෙන තමන්ට කැමති Editor එකකට කොපි පෙස්ට් කරනවා. මෙය කෙලින්ම ඕපන් විමට හදන්නත් පුලුවන්. එය කරන්නේ මේ විදිහටයි.


Filter Bar එකේ view_source.editor ලෙස ටයිප් කරන්න.

view_source.editor.external: හි Vale එක True ලෙස සකසන්න.
view_source.editor.path: හි Vale එක සදහා ඔබට අවශ්‍ය Editor එකේ නම දෙන්න.


වැඩි Add-On ප්‍රමාණයක් සර්ච් වලිදි ලබාගැනිම.


ඔබ ඔබට අවශ්‍ය Add-On ලබාගැනිමේදි පෙන්වනු ලබන්නේ සර්ච් result 5ක් වැනි ගානක්..නමුත් එය වැඩි කරගන්න පුලුවන්.


Filter Bar එකේ getAddons ලෙස ටයිප් කරන්න.

extension.getAddons.maxresults: හි Vale එක 10 ක් හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයක් යොදන්න.

මේ ලිපිය ගැන ඔබේ අදහසක් පළ කරන්නත් අමතක කරන්න එපා...

අපි Fix කරමු ( XP Quick Fix )

ඔන්න දැන් කියන්න වෛයිරස් වලින් අ‍පේ පරිගණකයේ වෙනස් විම් කළොත් එය ලේසියෙන්ම හදාගන්න පුලුවන් ක්‍රමයක් ගැන.. මේ දවස්වල වෛරස් ගැන කියනවා වැඩි වගේ.. හරි අපි කතාවට බහිමුකෝ..

අපි සාමාන්‍යයෙන් වෛරස් එකක් පරිගණකයට ගියාම Repair හරි Format හරි කරනවානේ.. (ඒක විතරයිනේ කරන්න තියෙන්නේ ) ‍එහෙම නැතිව ‍මේක පහසුවෙන් කරගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි  XP Quick Fix කියන්නේ. ට්‍රෝජන් වගේ වයිරස් ගියාම ටාක්ස්මැනේජර්,කොන්ට්‍රොල් පැනල්, මයි ‍ඩොකියුමන්ට් වගේ ඕපන් වෙන්නේ නැනේ..ඒත් මේ මෘදුකාංගයෙන් ඒවා නැවතත් Enabled කරගන්න පුලුවන්..

පහත තියෙන්නේ මෘදුකාංගයේ පින්තුරයක්


පින්තුරයෙන්ම තේරෙනවානේ වැඩ කෑලි ටික..  මෘදුකාංගය බාගන්න මෙතන ක්ලික් කරන්න..

දුරකථන වෛරස ඉතිහාසයට යමු..

පරිගණක වෛරස ගැන වදවන ඔබ දුරකථන වෛරස ගැන දන්නවාද? දන්නේ නැත්නම් මේ‍ පොස්ට් එක බලන්න. අපි දැන් යන්න හදන්නේ දුරකථන වෛරස ඉතිහාසයටයි..




මුලික වශයෙන් ගත්තාම දුරකථන වෛරස පරිගණක වෛරස වලට සමානයි. මේ දෙවර්ගයම කරන්නේ ඔබේ උපකරණයට හානි කිරිමයි. ජංගම දුරකථනයකට වෛරස පැමිණෙන්නේ බ්ලුටුත්, එම්.එම්.එස් වලින්ය. දැනට සිදුකර ඇති අධ්‍යන වලින් ඔප්පු වි තිබෙන්නේ දුරකථන වෛරස වැඩියෙන් බලපෑම් කර තිබෙන්නේ Symbian  මෙහෙයුම් පද්ධති සහිත දුරකථන වලටයි. 


දුරකථන වෛරසයක් ගැන මුල්වරට සදහන් වුයේ 2004 ව‍සරේ ජුනි මා‍සයේදිය. එතැන් සිට අද දක්වා හදුනාගෙන ඇති වෛරස 05කි. එනම් Cabir, Skulls, Commwarrior, Locknut, Fontal මෙම වෛරස වේ.


Cabir වෛරසය


මුල්වරට වාර්තාවිම - 2004 වසරේ ජුනි මාසය
වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - බ්ලුටුත් හරහා
හානිය - කිසිදු හානියක් නැත


Skulls වෛරසය



මුල්වරට වාර්තාවිම - 2004 වසරේ නොවැම්බර් මාසය
වෛරසයේ බලපෑම - Symbian මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා
හානිය - දුරකථන පණිවිඩ ලබාගැනිම හා කෙටි පණිවිඩ යැවිම හැර අන් සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය විම

Commwarrior වෛරසය

මුල්වරට වාර්තාවිම - 2005 වසරේ ජනවාරි මාසය
වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - බ්ලුටුත් හා එම්.එම්.එස් හරහා
හානිය - Phone Book හි ඇතුලත් සියලුම අංක වලට එම්.එම්.එස් පණිවිඩ යැම.

Locknut වෛරසය

මුල්වරට වාර්තාවිම - 2005 වසරේ මාර්තු මාසය
වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා
හානිය - දුරකථනයේ සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය වේ

Fontal වෛරසය

මුල්වරට වාර්තාවිම - 2005 වසරේ අප්‍රේල් මාසය
වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා
හානිය - දුරකථනයේ සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය වේ

මේවා වලින් බේරිය හැකි ක්‍රම කතා කොළොත්,
නාදුනන ෆයිල්ස් හදුනාගෙන ඒවා අයින් කිරිම, ප්‍රතිවෛරස මෘදුකාංගයක් දුරකථනය ඉන්ස්ටොල් කිරිම..

මොකෝ හිතන්නේ මේ ලිපිය ගැන? ඔබේ අදහසත් ලියලාම යන්න. 



සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණයට උපදෙස් 22

මම අද මේ ලිපියෙන් කියන්න යන්නේ වෙබ් අඩවි නිර්මාණයට කැමති, දැනටමත් අඩවි නිර්මාණය කරමින් යන අයට එම වෙබ් අඩවිය‍ කොහොමද සාර්ථක කරගන්නේ කියලා.. ඔබ වෙබ් අඩවියක් නිර්මාණය කරනවා මේ කරුණු හොදින් හිතට ගෙන එය නිර්මාණය කරන්න..

1. භාවිතා කිරිමට පහසු මෙනු බාර් යොදන්න. (Navigation menu,rollver) එම මෙනු පැහැදිලි හා සරල ලෙස නිර්මාණය කරන්න.

2.සෑම විටම භාවිතා කරන්නාට හිතකර පාට යොදන්න. ඒ වගේම text size, text formatting,images,symbols ගැනත් සැළකිලිමත් වෙන්න. ඔබේ වෙබ් අඩවිය වර්ණ අන්ධතාවයෙන් පෙළෙන කෙනෙක්ට වුවත් බැලිය ආකාරයට නිර්මාණය කරන්න.


3. සෑම පිටුවක්ම ආකර්ශනයට පත් වන ලෙස නිර්මාණය කරන්න. නමුත් අන්තර්ගතය ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරිමට උත්සහා කරන්න.

4. වෙබ් අඩවියට මුලික කරුණ තොරතුරු සැපයිමයි. එයට Graphics, Flash වගේ සැරසිලි දැමිමෙන් තොරතුරු වලට ඇස යොමුවන්නේ නැ. ඒ වගේම වෙබ් අඩවිය ලොඩ් විම‍ට බොහෝ වේලාවක් ගතවේ. ඒසේම එක් පිටුවකට ලිංක්ස් 80 කටත් අඩුවෙන් ඇතුළත් කරන්න.

5. සියලුම ලිංක්ස් ක්‍රියාකාරිත්වයේ තිබිය යුතුය.


6. නිවැරදි HTML Tags හා Client Side Script භාවිතා කරන්න.

 

7. බ්‍රව්සර් වලට ගැලපෙන ලෙස වෙබ් පිටුව නිර්මාණය කරන්න.


8. වෙබ් අඩවියේ ඇති සියලුම පිටු වෙනත් වෙබ් අඩවි වල පිටු සමග සම්බන්ධ කිරිම මගින් Search Engine Crawler වලට මුලු වෙබ් අඩවිය ග්‍රහණය වි ඉක්මණට ලිස්ට් එක සැකසිම.


9. මන්දගාමී අන්තර්ජාල වේගයක් තුළදි වුවද වෙබ් පිටුව ඉක්මණින් ලොඩ් වන ලෙස සැකසිම.

10. Images සදහා Alt Images යෙදිමෙන් Search Engines තුලදි වාසි ලබාගත හැක.


11. වෙබ් අඩවියට අනිවාර්යෙන්ම Site Map එකක් ඇතුලත් කරන්න.



12. වෙබ් පිටු ලිංක් කිරිමට Imagesmaps, Hotkeys භාවිතයෙන් වළකින්න.



13.  පුමාණවත් උපකාරක තොරතුරු සැපයිමෙන් ලිපිය බලන්න සමග අන්තර් සම්බන්ධතාවයක් ඇති කරගත හැක.


14. සියලුම වෙබ් අඩවි සදහා Privacy Policies ඇතුළත් කිරිම.

15. වෙබ් අඩවියට පි‍විසෙන්නන්ට අඩවියේ පරමාර්ථය පිලිබදව කියන්න.

16. POP Up Banners යෙදිමෙන් වළකින්න.

17. ඔබගේ අඩවියේ වානිජයමය ලිංක්ස් හා සමාන්‍ය ලිංක්ස් වෙන වෙනම යොදන්න.

18.සියලුම Metatags හා Keywords සැම පිටුවකටම යොදන්න.

19. ලේඛකයන්ට හා නිර්මාණකරුවන්ට අඩවියේ තැනක් ලබාදෙන්න.

20. යම් නිශ්චිත පිවිසෙන්නන් කිහිපයක් අරමුණු කරගෙන තොරතුරු සපයන්න.

21. පිවිසෙන්නන් තෘප්තිමක් වන ආකාරයේ යම් කිසි දෙයකුත් අඩවියට ඇතුලට ඇතුළත් කරන්න.

22. පිවිසෙන්නන් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තොත් ඔබේ අඩවිය ජනප්‍රිය වෙනු නිසැකය.

ඉහත සදහන් කළ කරුණු හොදට හිතේ තියාගන්න. මොකද මේ කරුණු සැම අඩවියක් නිර්මාණයේදි වැදගත් විමයි. ලිපිය හොදනම් අදහසකුත් දාලාම යන්න.



උඩ පැන පැන ගේම් ගහන්න කැමතිද?


ඔය කට්ටිය ගේම් ගහලා තියෙන්නේ මොන විදිහටද? කිබොඩ්,මවුස්,ජොයිස්ටික් වලින්ද? කවදාවත් තමන්ගේ ශරිරයෙන් ගේම් ගහලා තියෙනවාද? ගහලා තියෙනවානම් අවුලක් නැ... මේක කරන්න අපිට ඕන වෙබ් කැම් එකක් විතරයි.. හරි අපි එහෙනම් වැඩේට බහිමු..

මුලින්ම අපි ට්‍රාන්ස්ෆෝමර් චිතප්‍රටියේ රොබෝ කෙනෙක්ගේ ඇගට බැහැලා ෆන් එකක් ගමු නේද? 

මුලින්ම මේ සයිට් එකට යන්න..
ඊට පස්සේ ලොකුවට Begin කියලා බොත්තමක් තියෙනවා.ඒක ඔබන්න..
දැන් පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඒගොල්ලන්ගේ ප්ලගින් එකක් දාගන්න කියනවා..ඒක අපි දාගන්න ඕන..


ඒක බාගෙන ඉන්ස්ටොල් කරගෙන නැවතත් මේ අඩවියට යන්න..ඊට පස්සේ ලෝඩ් වෙලා ඉවර වෙලා ෆන් එකක් ගන්න පුලුවන්..  

දැන් අනිත් එක.. අයන් මෑන් (Iron Man ) ගේ ඇග ඇතුලට බහින එක..

මුලින්ම මේ සයිට් එකට යන්න..

ඊට පස්සේ Welcome Sir කියලා පටන් අරගෙන විස්තරයක් දිගෙන දිගෙන යනවා..අපිට ඒක ස්කිප් කරලා ඇතුලට යන්න පුලුවන්.. එතනදිත් කළින් වගේම ප්ලගින් එකක් ගන්න වෙනවා..ප්ලගින් 2කම එකම නමින්, එකම විදිහටම ගියාට වෙනස්.. ඉස්සෙල්ලා වගේම බාගෙන ඉන්ස්ටොල් කරලා ඇතුළට යන්න පුලුවන්..

දැන් අපි යමු.. මිනි ගේම් පැත්තට..එහෙමත් නැතිනම් ෆ්ලැෂ් ගේම් පැත්තට..මේවා නම් ජොලි..

මේවා ගහන්න ලේසි විදිහට හදලා තියෙන්නේ..පහල තියෙනවා ඒ වගේ සයිට් කිහිපයක්..ඒවාට ගිහිල්ලා ගහලාම බලන්න...

ඔය පහල තියෙන වෙබ් කැම් ගේම් එකේ කරන්න තියෙන්නේ, ඕකේ පල්ලෙහාට හාර්ට් වැටෙනවා..ඒවා අතින් ගහලා කඩන්න තියෙන්නේ..හදවත් කඩන්නත් හොද නැ නේද? 


ඕකේ තියෙන්නේ අපිට පුලුවන් තරම් හයියෙන් හෙලවෙන්න තමයි.. හිහි

NewGround Cam Games
iView Games
Motion Games
The Game Area
LorenZGames

ඔන්න ඔහොම තමයි ශරිරයෙන් ක්‍රිඩා කරන්නේ.. ඉතින් මේ ගැන ඔබේ අදහස කියලාම යන්නකෝ...

බ්ලොග් කියවන්නන් වැඩියෙන් ගෙන්වා ගැනිම හා මගේ මෘදුකාංගය එළිදැක්විම

මේ දවස් වල ගොඩක් අය බ්ලොග් ලියන අය බිහි වෙලා ඉන්නවා. ඉතින් ඒ බ්ලොග් ලියන හැමෝම කැමති තමන්ගේ බ්ලොගයට ගොඩක් අය බලන්න එනවානම්.. මොකද බලන අය අනුවනේ කමෙන්ට් ගාන තීරණය වෙන්නේ.. (මම හරිද දන්නේ නැ.. ) ඉතින් මම මේ පොස්ට් කියන්නේ කොහොමද බ්ලොගයට එන පාථකයෝ වැඩි කරගන්නේ කියලා..


ක්‍රම ගොඩක් තියෙනවා.. කොහොමද බලන්න කරලාම බලන්නකෝ...

පිරිස් ගෙන්වා ගැනිමේ අඩවි


මම පහත දිලා තියෙන අඩවි වල වෙන වෙනම ලියාපදිංචි වෙන්න. ඒවා මගින් ඔබේ බ්ලොගයට කියවන්නන් ඇදි එනවා..

Yahoo Directory
Open Directory
Syndic8
Newisfree
NewsKnowledge
Guardian Weblog Guide
Technorati
Bloglines
Topix.net
Open Weblog Directory


මම ඔය දුන්නේ දැනට හොදම පිරිස් ගෙන්වා ගැනිමේ අඩවි 10යි.. මේවාට අමතරව තව ඒවා තියෙනවානම් ඒවායෙත් ලියාපදිංචි වෙන්න..තව ‍ගොඩක් තියෙනවා..මේ හොදම 10..


සමාජ ජාලා අඩවි තුල ලියාපදිංචිය


මෙමගිනුත් ගොඩක් පිරිස් ගෙන්වා ගන්න පුලුවන්.. උදා - මුණුපොත
මුණුපොතේ ඔබ කමෙන්ට් එකක් සිදුකරනවානම් එම කමෙන්ට් එකට පසු ඔබගේ බ්ලොගයේ ලිංක් එක දෙන්න..


මුණුපොත වගේම තවත් අඩවි ගත්තොත්,


Myspace.com , Twitter.comMybloglog.com


වෙනත් බ්ලොග් අඩවි වලින් පිරිස් ගෙන්වා ගැනිම


මෙය සිදුකරන්නේ වෙනත් වෙබ් අඩවියක අදහසක් පළකිරිම තුළින්.. මුණුපොතේ කමෙන්ට් කරන ආකාරයටම ඔබේ අදහසට යටින් බ්ලොග් අඩවියේ ලිපිනය යෙදිමෙන්.. ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවියක මෙම ක්‍රියාව සිදුකිරිමෙන් ඔබේ අඩවියට පිරිස් ගෙන්වා ගන්න පුලුවන්..


පහත තියෙනවා මෙම ක්‍රමය අනුගමනය කරන්න පුලුවන් ජනප්‍රිය අඩවි කිහිපයක්...


Digg
Twitthis
Stumbleupon
Reddit
Technorati


වැඩි කමෙන්ට් ප්‍රමාණයක් ලබාගැනිම


දැන් කියන්න යන්නේ බ්ලොග් පොස්ට් වලට කමෙන්ට් වැඩිපුර ලබාගන්න හැටි..

මුල්ම ක්‍රමය විදිහට ගත්තොත් අප දාන පොස්ට් වල බලන්නාගෙන් ප්‍රශ්න ඇහිම.. එතකොට එයට පිළිතුර දන්න කෙනා පිළිතුරු දෙනවා..එවිට ගොඩක් අය ඔබලේ ලිපියට කමෙන්ට් කරනවා..


දෙවැනි ක්‍රමය ලෙස ලියන ලිපිය උදාහරණ දක්වමින් ඉතා පැහැදිලිව ලිවිම..මුළු විෂය ධාරාවම වුවත් කමක් නැ....මොකද එවිට ගොඩක් අය හොද දැනුමක් ලබාගන්නවා. ඒ වගේම ඔබේ ලිපිය පිළිබදව අදහස් දැක්විම අනිවාර්යෙන්ම සිදුකරනවා...


ඔබේ අඩවියේ තත්වය පිලිබදව සැමවිමට සිහියෙන් ඉන්න


ඔබේ අඩවියේ තත්වය කියන්නේ Google PageRank,Alexa Rank ගැන එහෙම..ඕවා අපිට වෙන වෙනම බලාගන්න අපහසු නම් කරන්න තියෙන්නේ popuri අඩවියේ සහය පැතිමයි. එයට ගියාම මුල්ම පිටුවේ තියෙනවා පහත ආකාරයට කොටසක්.. එහි ඔබේ අඩවියේ ලිපිනය ඇතුල් කර Get Info බොත්තම ඔබන්න විතරයි.. එතකොට සියලුම තොරතුරු එසැනින් ඔබ වෙතට ගෙන එනවා.. 




popuri අඩවියට යන්න මෙතන ඔබන්න...


සයිට් මැප් එකක් සැදිම


අපිට පුලුවන් අපේ අඩවියට සයිට් මැප් එකක් හදලා කට්ටිය යම් කිසි දෙයක් හොයද්දි ඒයට අපේ බ්ලොගයේ සමාන දෙයක් තියෙනවානම් එය ඔහුට පෙන්වන්න.. එවිටත් ‍ඒ හරහා හොයන්නා අපේ බ්ලොගයට පැමිණෙනවා..


මේ ගැන විස්තර මෙතනින් බලාගන්න...


එහෙනම් ඔය ආකාරයට තමයි අපේ අඩවියට කියවන්නන් ගෙන්වා ගන්නේ හා අපේ ලිපි වලට කමෙන්ට් ලබාගන්නේ.. මෙම ක්‍රම හරියටම කරලා බලන්න..ඔබටත් වෙනසක් දැනේවි..ඉතින් මේක කරලාම බලන්න.. 


අහ්..තව දෙයක් කියන්න අමතක උනා..මම ගෙදර ඉන්න වෙලාවේ හැදුවා පොඩි මෘදුකාංගයක්..

IE Skin Changer


මෙයින් වෙන කාර්්‍ය ගැන කතා කලොත් අපි දැන් ක්‍රොම් බ්‍රව්සර් එකට, ෆයර් ෆොක්ස් එකට එහෙම තිම්ස් දානවනේ..නමුත් ඉන්ටර්නෙට් එක්ස්‍ෆ්ලොරා එකට නැනේ.. නමුත් මෙම මෘදුකාංගය හරහා එයටත් තිම් එකක් දාගන්න පුලුවන්...

Before 

After



දැනට මෙහි Support කරන්නේ Bitmap ආකාරයේ ඉමේජ් විතරයි..ඒ වගේම IE v6 වලට හා ඊට අඩු වර්ශන් වලට විතරයි වැඩ... IE v8 වගේ අලුත් ඒවාට වැඩ නැ..ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා මෙය තව වැඩි දියුණු කරන්න.. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මෙය සිදුකලාම හැම ෆොල්ඩරයක් ඇතුලටම මේක ඇක්ටිව් වෙනවා..ඒ හින්දා ලස්සන පින්තුරයක් දාලා හදාගන්න..

මෙය අපිට Manual කරගන්න පුලුවන් Registry එක වෙනස් කරලා.. මෙයින් වෙන්නේ එය මෘදුකාංගයක් හරහා සිදු කිරිමයි.. ඒ වගේම දාපු පින්තුරයක් ඉවත් කරන්නත් පුලුවන්..ඒ නිසා බය වෙන්න ඕන නැ... මෘදුකාංගය හසුරවන්න එච්චර අමාරුත් නැ.. 


මෙය සිදුකලේ VB 6 ආධාරයෙන්..


මෘදුකාංගය මෙතනින් බාගන්න...


පොස්ට් එක දිග වැඩි උනාද මන්දා..හිහි.. දැන් ඔබේ වාරේ අදහස් පළකරන්න..


ඔබට ජය!


Threat Fire වලට මාරු වෙලා බලමුද?


දිනෙන් දින අන්තර්ජාලය‍ට නිකුත් කරන මැල්වෙයා සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතිනවා. ඉතින් මේවා වලින් අපේ පරිගණකය ආරාක්ෂා කරගැනිමට අපි නොකරන දෙයක් නැ.. විශේෂයෙන්ම අපි අනිවාර්්‍යයෙන්ම ප්‍රතිවෛරස මෘදුකාංගයක් දාගන්නවානේ.. 


උදාහරණ ලෙස Kaspersky , AVG , Avast , Avira , Eset NOD 32 , Bitdefender වැනි ඒවා.. දැනට ප්‍රතිවෛරස මෘදුකාංග අතුරින් අංක එක Bitdefender ප්‍රතිවෛරස මෘදුකාංගයයි. නමුත් එය නුදුරේදිම වෙනස් වේ යැයි පරිගණක විශ්ලේෂකයින් පවසා සිටිනවා. ඒ මේ හැම ප්‍රතිවෛරස මෘදුකාංගයකටම ගහන්න අලුත් ප්‍රතිවෛරස මෘදුකාංගයක් පැමිණ තිබෙන බැවිනි. 


එහි නම ThreatFire මෙහි නිර්මාපකයින් පවසා සිටින්නේ අනිත් ප්‍රතිවෛරස මෘදුකාංග වලට වඩා 243% මෙය නව වෛයිරස හදුනාගන්නා බවයි. 
පරිගණක‍ යතුරුපුවරුවෙන් ඇතුල් කරන විධාන, ඔබගේ අනුදැනුමෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහන් පිළිබදව නිතර අවබෝධයෙන් සිටිනවා. මෙය සිදුවන්නේ Sophistricated  time behavioral analysis නැමැති තාක්ෂණය හරහාය. Zero - Day Threat ආකාරයේ වෛරස මෙයින් ඉතා පැහැදිලිව හදුනාගනී.  Zero - Day Threat යනු අනිත් ප්‍රතිවෛරස මෘදුකාංග වලට හදුනාගත නොහැකි ආකාරයෙන් පරිගණක වැඩසටහන්ය. 


සෑමදාම යාවත්කලීන කරන ප්‍රතිවෛරස මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ තිබ්බත් ඒවායින් 100% වෛයිරස හදුනාගන්නේ නැ.. Spyware,Adware,Rootkit,Trojan,Loggers,Viruses,Worms වැනි වෛයිරස පරිගණකය‍ට ඇතුල් විම Active Defence තාක්ෂණය සහිත ThreatFire නවතාලයි. User Interface එක හැසිරවිමට පහසු ලෙස සකස් කර තිබෙනවා. Kaspersky යොදා තිබුනොත් වෙනත් ප්‍රතිවෛරස මෘදුකාංගයක් දැමිමට බැරිය. නමුත් ThreatFire තවත් ප්‍රතිවෛරස මෘදුකාංගයක් සමග ඉතා හොදින් වැඩ කරයි. මෙමගින් පරිගණකය ස්ලෝ ‍විමක්ද සිදු නොවිම තවත් එක් ලක්ෂණයකි.


ඉතින් තවත් මොන කතාද? මෙය දාගත්තට පස්සේ කෝකටත් බෙහෙත ඔබ භාවිතා කරන ප්‍රතිවෛරස මෘදුකාංගය නොවන බව ඔබටම ‍තේරෙයි...


මෙතනින් ඔබට මෙය නොමිලේම භාගත කරගන්න පුලුවන්...


http://www.threatfire.com/


මේ ගැන ඔබේ අදහසත් කියලාම යන්න..

ගෙදර ඉදන් ලො‍කේ වටේ යන්න කැමතිද?



ඔන්න අද කියලා දෙන්න යන්නේ එළකිරි වැඩක් ගැන. මම හිතන්නේ කට්ටියම කැමති වෙයි මේ වැඩේට නම්. කට්ටියම කැමති ඇතිනේ අනිත් රටවල් වල පාරවල්, සත්තු වත්තවල්, මින් මැදුරවල් වගේ ඒවා බලන්න. සාමාන්‍යයෙන් ඒවා බලන්න රට යන්න එපැයි. ඒත් මම දැන් කියන්න යන දේ කරලා ඔය‍ගොල්ලන්ට ගෙදර ඉදලාම ලෝකේ වටේ යන්න පුලුවන්.

මේක ගැන හැදින්විමක් කළොත් අපි ලෝකේ වටේ යන්නේ කැමරාවක් හරහා. ඒ කියන්නේ IP කැමරාවක් හරහා. ගොඩක් වේලාවට අපිට හම්බුවෙන්නේ බලන්න Traffic කැමරා තමයි. ඒවා තියෙන්නේ පාරවල් බලන්න. නමුත් Personal කැමරා හරහා අපිට වෙනත් ස්ථාන වුනත් බලන්න පුලුවන්.

පහළ තියෙන රුපයෙන් ඔයගොල්ලන්ට IP කැමරාවකින් වෙන දේ පිළිබදව දැනගන්න පුලුවන්.


හොදයි. දැන් ඉහත තොරතුරු වලින් අවබෝධයක් ගන්න ඇති IP කැමරාවක ක්‍රියාකාරිත්වය පිළිබදව. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු. 

මුලින්ම Google.com වෙත යන්න
ඊට පස්සේ එකේ intitle:"Live View / - AXIS විදිහට ටයිප් කරලා එන්ටර් කරන්න.

දැන් ඊට ආදාළ ගොඩක් තොරතුරු ඔයගොල්ලන්ට ලැබෙනවා. ඒවා එකින් එක ඔයගොල්ලන්ට බලන්න තමයි තියෙන්නේ.

සමහරක් වේලාවට ඔය කැමරාවල් වැඩ නැතුව යනවා. ඒ කැමරාව ක්‍රියාත්මක වෙන්න පරිගණකය ක්‍රියාත්මක කර තිබිය යුතු නිසා. වැඩ නැත්තේ පරිගණකය ඕන් කරලා නැති හින්දා. හැබැයි පෙළක් කැමරා දවස් 365 වැඩ.

මම ඒ වගේ කැමරා ටිකක ලිංක්ස් දෙන්නම්..ඒවාටත් ගිහිං බලන්නකෝ.

වාරයක් බලන්න නම් මෙතනින් යන්න
ලන්ඩන් බලන්න ඕනේ නම් මෙතනින් යන්න
St. Martin - Deggonref පැත්ත බලන්න මෙතනින් යන්න
අර වෑන් වල බල්ලෝ දාගෙන ගිහිල්ලා දාන තැන බලන්න ඕන අය මෙතනින් යන්න
උෟරු කොටුවක් බලන්න මෙතනින් යන්න
පිරන්හා මාලු සෙට් එකක් බලන්න මෙතනින් යන්න

ඔය ටික තමයි මගේ හිතට අල්ලලා ගියේ. ඔයාලත් බලන්නකෝ.

හ්ම්ම් ඔන්න පොස්ට් එක ඉවරයි. දැන් ඔයාලගේ වාරේ මේ ගැන අදහස් දක්වන්න.