මම අද මේ ලිපියෙන් කියන්න යන්නේ වෙබ් අඩවි නිර්මාණයට කැමති, දැනටමත් අඩවි නිර්මාණය කරමින් යන අයට එම වෙබ් අඩවිය‍ කොහොමද සාර්ථක කරගන්නේ කියලා.. ඔබ වෙබ් අඩවියක් නිර්මාණය කරනවා මේ කරුණු හොදින් හිතට ගෙන එය නිර්මාණය කරන්න..

1. භාවිතා කිරිමට පහසු මෙනු බාර් යොදන්න. (Navigation menu,rollver) එම මෙනු පැහැදිලි හා සරල ලෙස නිර්මාණය කරන්න.


2.සෑම විටම භාවිතා කරන්නාට හිතකර පාට යොදන්න. ඒ වගේම text size, text formatting,images,symbols ගැනත් සැළකිලිමත් වෙන්න. ඔබේ වෙබ් අඩවිය වර්ණ අන්ධතාවයෙන් පෙළෙන කෙනෙක්ට වුවත් බැලිය ආකාරයට නිර්මාණය කරන්න.


3. සෑම පිටුවක්ම ආකර්ශනයට පත් වන ලෙස නිර්මාණය කරන්න. නමුත් අන්තර්ගතය ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරිමට උත්සහා කරන්න.

4. වෙබ් අඩවියට මුලික කරුණ තොරතුරු සැපයිමයි. එයට Graphics, Flash වගේ සැරසිලි දැමිමෙන් තොරතුරු වලට ඇස යොමුවන්නේ නැ. ඒ වගේම වෙබ් අඩවිය ලොඩ් විම‍ට බොහෝ වේලාවක් ගතවේ. ඒසේම එක් පිටුවකට ලිංක්ස් 80 කටත් අඩුවෙන් ඇතුළත් කරන්න.

5. සියලුම ලිංක්ස් ක්‍රියාකාරිත්වයේ තිබිය යුතුය.


6. නිවැරදි HTML Tags හා Client Side Script භාවිතා කරන්න.

 

7. බ්‍රව්සර් වලට ගැලපෙන ලෙස වෙබ් පිටුව නිර්මාණය කරන්න.


8. වෙබ් අඩවියේ ඇති සියලුම පිටු වෙනත් වෙබ් අඩවි වල පිටු සමග සම්බන්ධ කිරිම මගින් Search Engine Crawler වලට මුලු වෙබ් අඩවිය ග්‍රහණය වි ඉක්මණට ලිස්ට් එක සැකසිම.


9. මන්දගාමී අන්තර්ජාල වේගයක් තුළදි වුවද වෙබ් පිටුව ඉක්මණින් ලොඩ් වන ලෙස සැකසිම.

10. Images සදහා Alt Images යෙදිමෙන් Search Engines තුලදි වාසි ලබාගත හැක.


11. වෙබ් අඩවියට අනිවාර්යෙන්ම Site Map එකක් ඇතුලත් කරන්න.



12. වෙබ් පිටු ලිංක් කිරිමට Imagesmaps, Hotkeys භාවිතයෙන් වළකින්න.



13.  පුමාණවත් උපකාරක තොරතුරු සැපයිමෙන් ලිපිය බලන්න සමග අන්තර් සම්බන්ධතාවයක් ඇති කරගත හැක.


14. සියලුම වෙබ් අඩවි සදහා Privacy Policies ඇතුළත් කිරිම.

15. වෙබ් අඩවියට පි‍විසෙන්නන්ට අඩවියේ පරමාර්ථය පිලිබදව කියන්න.

16. POP Up Banners යෙදිමෙන් වළකින්න.

17. ඔබගේ අඩවියේ වානිජයමය ලිංක්ස් හා සමාන්‍ය ලිංක්ස් වෙන වෙනම යොදන්න.

18.සියලුම Metatags හා Keywords සැම පිටුවකටම යොදන්න.

19. ලේඛකයන්ට හා නිර්මාණකරුවන්ට අඩවියේ තැනක් ලබාදෙන්න.

20. යම් නිශ්චිත පිවිසෙන්නන් කිහිපයක් අරමුණු කරගෙන තොරතුරු සපයන්න.

21. පිවිසෙන්නන් තෘප්තිමක් වන ආකාරයේ යම් කිසි දෙයකුත් අඩවියට ඇතුලට ඇතුළත් කරන්න.

22. පිවිසෙන්නන් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තොත් ඔබේ අඩවිය ජනප්‍රිය වෙනු නිසැකය.

ඉහත සදහන් කළ කරුණු හොදට හිතේ තියාගන්න. මොකද මේ කරුණු සැම අඩවියක් නිර්මාණයේදි වැදගත් විමයි. ලිපිය හොදනම් අදහසකුත් දාලාම යන්න.