ලිපිය පළකලේ
Admin : Trix Hunter
කාලෙකින් ඔයාලට නියම වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටිය ගේම්, සොෆ්ට්වෙයාර් එහෙම Torrent වලින් නැතුව Mediafire, Hotfile වගේ File Sharing වලින් බාන්න කැමති. හැබැයි ලොකුම අවුල තමා කොහොමද අපිට ඕන මෘදුකාංග එහෙම Mediafire, Hotfile වලින් හොයාගන්නේ කියලා.. හැබැයි ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා.
- මුලින්ම ඔයාලා Google එකට යන්න
- දැන් ඔයාලා මෙන්න මෙහෙම ඕකේ ටයිප් කරන්නකෝ
site:mediafire.com "Filename with extension"
site:mediafire.com brokenangel-arash.mp3
- දැන් ඔහොම ටයිප් කරලා එන්ටර් කරලා බලන්නකෝ
- දැක්කනේ ලිස්ට් එකක්ම ආවා නේද?
- ඔය වගේ අපිට වෙන අඩවියකත් හොයන්න පුලුවන්
site:hotfile.com "Filename with extension"
site:hotfile.com brokenangel-arash.mp3
- වැඩේ ගොඩ නේද? අවුලක් ආවොත් කියන්න. දැන් ඉතිං Mediafire ලිංක්ස් දාඩිය දාගෙන හොය හොයා හිටපු කාලේ ගියා..
වැඩේ හොඳනම් කමෙන්ට් එකක් එහෙම දාලාම යන්න
ලිපිය පළකලේ
Admin : Trix Hunter
කොහොමද කස්ටියට... මම නම් හොදින්.. ඔන්න අද එළකිරි වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටියම දන්නවනේ සමාන්‍යෙයන් අපට මුණුපොතේ අපේ ප්‍රෝෆයිල් එකට Animated GIF දාන්න බැ කියලා. මේක ගැන මිට අවුරුද්දකට කලින් විතර ගොඩක් කතා කළා. ඒත් පිලිතුරක් හොයාගන්න බැරි උනා. එත් ඔන්න මම පිලිතුරක් හොයාගත්තා.. මේකයි වැඩේ,
වැඩේ කරන්නේ මෙහෙමයි. මේ සඳහා අපිට මුණුපොතේ තියෙන පොඩි ඇප් එකක උදව් ගන්න වෙනවා..
හැබැයි මේකේ පොඩි පරහකුත් තියෙනවා. ඒක තමයි මේකට අපේ GIF දාන්න බැ.. එයාලා දිලා තියෙන ඒවා විතරයි අපේ ප්‍රෝෆයිල් එකට දාන්න පුලුවන්..
මෙන්න ඒ ගැන මම පොඩි විඩියෝ කට්ටකුත් කළා.. එකත් බලලාම ඉන්නකෝ..
එහෙනම් ඔයාලගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපෝ
ලිපිය පළකලේ
Admin : Trix Hunter
හැමෝම පරිගණකයෙන් ටොරන්ට් බාන්න දන්නවානේ... හැබැයි ගොඩක් කට්ටිය හිතාගෙන හිටියේ පරිගණකයෙන් විතරයි කියලා ටොරන්ට් බාන්න පුලුවන්.. ඒත් දැන් ෆෝන් එකෙනුත් ටොරන්ට් ගන්න පුලුවන්... කොහොමද වැඩේ???
අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා..
මේක අපිට කරන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් දුරකථනයට දාගන්න වෙනවා.... මෘදුකාංගයේ නම තමයි MTorrent
මේක ඕනම ෆෝන් එකකට යොදාගන්න පුලුවන්... Wi-Fi තියෙනවානම් ගොඩම තමයි. එහෙම නැත්තම් GPRS වලින් බාගන්නත් පුලුවන්... මේක ගොඩක්ම හොද සිංදු, මෘදුකාංග, පොඩි පොඩි විඩියෝ වගේ බාන්න තමයි... බාද්දි Speed එකත් ටිකක් තියෙනවා. මෙමගින් ටොරන්ට් Upload කරන්නත්, ඒවායේ
priorities එක High, Normal, Low ආදි වෙනස් කරන්නත් පුලුවන්...
වැඩිවිස්තර ඔයාලා ඒ අඩවියටම ගිහිල්ලා බලාගන්න - උදව් ඕනේ නම්
මෙතන ඔබන්න
වෙබ් අඩවිය තමයි - www.mobile.morrent.com
දැන් ඔයාගේ වාරේ අදහස් දක්වන්න
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න කාලෙකින් මුණුපොතේ වැඩ කැල්ලක් ගැන කියලා දෙන්න හිතුවා... මේක මමත් දැනගත්තේ අද... කෙළින්ම කිව්වොත් මේකෙන් වෙන්නේ අපේ මුණුපොතේ ප්‍රොෆයිල් එකේ ඉන්න යාලුවන්ගේ පින්තුර යොදාගෙන ලස්සන පොස්ටරයක් හදලා දෙන එක... මෙමගින්ම එම පොස්ටරයට යාලුවන්ව ටැග් කරන නිසා එයාලට මේක දැකගන්නත් ලේසි... පහල තියෙන්නේ මම හදපු පොස්ටරය..
අහ්... කොහොමද වැඩේ... මරුනේ... පස්සේ ඕනේනම් මේකේ Print එකක් ගන්න පුලුවන්..
මේක කරගන්න ඕනේනම් පහල දිලා තියෙන සයිට් එකට ගිහිල්ලා හදාගන්න පුලුවන්...
මේක බලලා නිකං යන්න එපා... අදහසක් එහෙම දාලා යන්න... අදට එහෙනම් මම යන්නම්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මෙන්න තවත් අලුත් දෙයක්.. කට්ටිය උත්සහ කරන්නේ නැති දෙයක්... දැන් ගොඩක් අය PDF ෆයිල් බාගෙන ඒවා කියවන්න ඊට ආදාල මෘදුකාංග යොදාගන්නවා... ඒත් ඇත්තෙන්ම මේවා කියවන්න වෙනත් මෘදුකාංග ඕන වෙන්නේ නැ... මේක කරන්න අපිට අපි අන්තර්ජාලයට එන්න භාවිතා කරන Google Chrome Browser එක යොදාගැනිමට පුලුවන්... අපි බලමු මේක කරන්නේ කොහොමද කරන්නේ කියලා...
Step 1 - අපිට අවශ්‍ය ෆයිලය උඩ Right Click කරලා Open With විධානය තෝරන්න
දැන් Open With විධානයේ තියෙන Browse Button එක ක්ලික් කරන්න... ඉන්පසු Google Chrome ඉන්ස්ටොල් කරලා තියෙන Path එක දෙන්න..
ඔබට එය කිරිමට අපහසු නම් මේසේ කරන්න.. Google Chrome Shortcut එක උඩ Right Click කරලා Propertise තෝරන්න. දැන් Target Box කියන එකේ තියෙන Path එක Copy කරගන්න...
ඉන්පසු ඉහත දැක්වු Browse වින්ඩෝවට එම Path එක Paste කරන්න... දැන් Chrome.exe එක දැකගත හැකි අතර එය තෝරා OK කරන්න... එවිට ඔබ කලින් Open With මගින් විවෘත කිරිමට උත්සහ කළ PDF ෆයිල් එක Chrome තුලින් විවෘත වනු ඇත..
මේසේ විවෘත නොවේ නම්,
Chrome වලට ගොස් එහි Address Bar එකේ මෙසේ ටයිප් කර Enter කරන්න...
about:plugins
එහි Chrome PDF Viewer කියන එක Enable ආකාරයට සකස් කරන්න... එවිට ඔබටත් Chrome තුලින් PDF බැලිය හැක.
ප්‍රශ්න තියෙනවානම් අහන්න, ඔබේ අදහසුත් කියලා යන්න...
Thursday, January 27, 2011
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මෙන්න අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් අරං ආවා... ගොඩක් අය ඩවුන්ලෝඩ් කරනකොට භාවිතා කරන්නේ IDM හෙවත් Internet Download Manager නේ.. ඒක තමයි මගේ හිතට අල්ලපු හොදම Download Manager එක. හැබැයි ඉතින් ඒකත් නිකං දෙන්නේ නැ.. දවස් 30කට විතරයි දෙන්නේ... මගේ අද ඔය දවස් 30 ඉවර උනා.. මට දැන් ඒක අතහරින්නත් බැරි හින්දා මම පොඩි වැඩක් කළා..
අද මම කියලා දෙන්නේ දවස් 30 ඉවර වෙලා Block උන IDM එක Unblock කරගන්න හැටියි.. ඔයකට්ටියත් මේ දේ වෙලා ඇති...
හරි අපි වැඩේට බහිමු..
මුලින්ම ඔයාලගේ Block උන IDM එක පරිගණකයෙන් ඉවත් කරන්න..
දැන් පහල තියෙන ලිංක් එකෙන් IDM එක ඩවුන්ලෝඩ් කරගන්න...
දැන් ඕක වින්රාර් එකෙන් දිග හැරලා (Extract) එකේ තියෙන Setup එක ඕපන් කරන්න... ඊට පස්සේ අලුත් IDM එක එක ඉන්ස්ටොල් කරගෙන යන්න..
දැන් අපි ඉන්ස්ටොල් කරපු IDM එක ඕපන් කරලා බලන්න.. ඒත් කළින් වගේම Serial No එකක් ඉල්ලුවොත්,
ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ෆොල්ඩරයේම තියෙන අනිත් Setup ෆයිල් එක ඕපන් කරන්න.. දැන් ඒකේ කියලා තියෙන විදිහට ඒකත් ඉන්ස්ටොල් කරගන්න..
දැන් වැඩේ අහවරයි.. දැන් ඉතින් හැමදාම අවුලක් නැතුව IDM පාවිච්චි කරන්න පුලුවන්... ප්‍රශ්නයක් ආවොත් කියන්න අනිවා වැඩේ ගොඩ දාලා දෙන්නම්... ඉතින් ඔයාලගේ අදහසුත් කියලාම යන්න...
Saturday, January 22, 2011
ලිපිය පළකලේ
Admin : Trix Hunter
කොහොමද ඔයාලාට? ටික කාලෙකින් පොස්ට් එකක් දැම්මෙත් නැති හින්දා අද මට හිතුනා අදත් කාටත් වැදගත් දෙයක් කියන්න.
සාමාන්‍යෙයන් මුණුපොතේදි, ප්‍රසිද්ධ ෆොරම් වලදි වගේ අපිට නොයෙකුත් ලිංක් වර්ග හම්බුවෙනවා.. ගොඩක් ලිංක් තියෙන්නේ bit.ly , tinyurl වගේ එකකින් කෙටි කරලා තමයි. ඔය bit.ly , tinyurl වගේ ඒවාවලින් මොන මොන ලිංක්ස් හංගලා එවනවාද දන්නේ නෑ. සමහරක් විට අසභ්‍ය වෙබ් අඩවි, පිශින් වෙබ් අඩවි, Spyware වෙබ් අඩවි වගේ.. ඉතින් මේවා වලින් බේරන්න හොදම ක්‍රෙම් තමයි මේ..
Long Url
මෙය මගින් bit.ly , tinyurl වගේ ඒවා වලින් කෙටි කරන ලිංක්ස් වලින් අපිව ගෙනියන්නේ මොනවගේ වෙබ් අඩවියකටද කියලා බලාගන්න පුලුවන්.. ඔයාලාම හිතලා බලන්න මෙය කොච්චර හොදද කියලා..
වෙබ් අඩවියට යන්න
මෙතන ඔබන්න.
ඔය වෙබ් අඩවියට ගිය ගමන් තියෙන Text Box එකේ අපිට බලාගන්න ඕන ලිංක් එක ටයිප් කරලා Expand බොත්තම ඔබන්න.
උදාහරණයකට මෙම ලිංක් එක බලන්න - http://bit.ly/fGWGhc
පොස්ට් එක හොදනම් ඔයාලාගේ අදහසුත් කියලාම යන්න.
Saturday, January 01, 2011
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න අද මුලින්ම කියන්න ඕන කට්ටියට සුභම සුභ නව වසරක් වේවා කියලා! මාතෘකාව දැක්කම මොකෝ හිතෙන්නේ.. බොරුවක් වගේ කියලා නේද? නැහැ.. මේක ඇත්ත. අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා...
ඔබ අතින් හෝ ඔබේ පරිගණකයේ ප්‍රශ්නයක් නිසා හෝ ඔබේ පරිගණකයට හානි වුවහොත් මම වගකියන්නේ නැත.
හරි..අපි පටන් ගමු. මෙහෙමයි වැඩේ..
අපි දැන් වින්ඩොස් එක්ස්පී CD එක දාලා සාමාන්‍ය විදිහට Format කරගෙන යන්න දෙන්න. ඔහොම ගිහිල්ලා ඔයාලගේ පරිගණකය එක තැනකදි Restart වෙනවා. ඊට පස්සේ පහල තිර සටහනේ පේනවා වගේ තිරයක් ඔබට ලැබෙයි.
දැන් ඔයාලා SHIFT + F10 ඔබන්න. දැන් අපිට Command Prompt එක ඕපන් වෙනවා. එකේ ඔයාලා taskmgr කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.
දැන් ඔයාලාට Task Manager එක ඕපන් වෙනවා. එතනින් දැනට පරිගණකයේ Run වන සියලුම Programmes පෙන්නනවා. එතන තියෙනවා setup.exe කියලා එකක්. එක උඩ Right Click කරලා Priority කියන එක Highest ලෙස ලබාදෙන්න.
ඊට පස්සේ Task Manager එක Close කරලා, විනාඩි 9 ක් වගේ කාලයකදි ඔක්කොම වැඩ ටික ඉවරවෙයි.. ( වේලාව පරිගණකයෙන් පරිගණකයට වෙනස් විය හැක )
ඕකෙන් අපිට විනාඩි 39ක්ම ඉතිරි කරගන්න පුලුවන්..
ඉතින්, ඔයාලාත් Computer එක Format කරනවානම් මේ වැඩේ කරලා බලන්න. ඔයාලගේ අදහසුත් කියලා යන්න.
Thursday, December 09, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න අද උදේම කට්ටිය පුදුම වෙන දෙයක් දෙන්න යන්නේ, මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.. දැන් මුණුපොතේ දි එහෙම කට්ටිය අපෙන් ප්‍රශ්න අහනවනේ. ඉතින් ගොඩක් අය ඒකට දෙන පිළිතුර තමයි ගුගල් එකේ බලන්න කියලා.. ඕක ඔහොම කියනවාට වඩා ටිකක් වෙනස් විදිහකට දුන්නොත් මොකද?
මෙහෙමයි වැඩේ කරන්නේ!
මුලින්ම
Google For You වෙබ් අඩවියට යන්න. (ලිංක් එක වැඩ කලේ නැත්තම් වෙබ් පිටුව Refresh කරන්න)
ඊට පස්සේ එතන තියෙන සර්ච් බොක්ස් එකේ අරයා කළින් අහපු ප්‍රශ්නය ටයිප් කරන්න.
ඊට පස්සේ Google Search බොත්තම ඔබන්න.
එහෙම කළාට පස්සේ ඊට පහලින් පොඩි ලිංක් එකක් දෙනවා පේනවා ඇති.
අන්න ඒක අර ප්‍රශ්නේ අහපු කෙනාට දෙන්න..
ඕනේ නම් කොහොමද මේක වෙන්නේ කියලා බලන්නනම් ඔයත් ඒ ලිංක් එකට ගිහිල්ලා බලන්නකෝ..
කොහොමද වැඩේ? වැඩේ හොදනම්
අදහසක් දාලා යන්නත් අමතක කරන්නත් එපා..
Tuesday, December 07, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක්.. මේක ගැන සමහරෙක් දන්නවත් ඇති. කමක් නැ ආයිත් දැනගත්තා කියලා වැඩි වෙනවා ඇ.. හරි අපි බලමු මේ මොකක්ද කියලා? කට්ටිය දන්නවානේ Barcode ගැන. ඔව් ඔව් අර කලු පාට කොටුවක් වගේ එකක සුදු පාට ඉරි ගහලා තියෙන්නේ.. හිහි..
අන්න ඒ වගේ දැන් අලුත් කෝඩ් ජාතියක් තියෙනවා. අහලා තියෙනවාද? ඒක තමයි,
QR CODES
මේක කට්ටිය අද වෙන්නත් පුලුවන් ඇහුවේ.. මේ කෝඩ් වලදි පින්තුරය පෙන්නන්නේ Barcode පින්තුරයක් වගේ නෙමෙයි. මේ පහල තියෙන්නේ ඒක පෙන්නන හැටි..
පොඩි ලස්සනකුත් තියෙනවා නේද? මේ ගැන වැඩි විස්තර ඕනේ නම් විකිපිඩියා එකේ තියෙනවා. ඒක බලන්න
මෙතන ඔබන්න.
ඉතින් අද මම කියන්න යන්නේ කොහොමද මේ QR CODE එකක් හදාගන්නේ හා කොහොමද එහෙම හදාගත්ත එකක් බලන්නේ කියලා. මේ වැඩ දෙකම ලේසියි..
QR CODE එකක් හදාගමු
මේ සදහා අපිට වෙබ් අඩවියක සහය පැතිමට අවශ්‍ය වෙනවා. මේ සදහා මම යොදාගන්නේ kaywa කියන වෙබ් අඩවියෙන් අපිට දිලා තියෙන QR Code Generator එක. මුලින්ම මේ
වෙබ් අඩවියට යන්න ඕන.. ඒකට
මෙතන ඔබන්න.
සයිට් එකට ගියාම ටිකක් පහලින් තියෙනවා Content Type (Text,URL,Phonenumber,SMS) කියලා එකක්. එකක් එතනින් ඔයාට ඕනේ එක තෝරගන්න. ඊට පස්සේ ඊට පහලින් තියෙන කොටුවේ හංගන්න ඕන වචන සේට් එක ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ Generate බොත්තම් ඔබන්න. ටික වේලාවකින් ඔයාගේ QR Code එක හැදිලා එයි.
QR CODE එකක් කියවන්නේ කොහොමද?
මේ සදහා අපිට වෙන වෙබ් අඩවියක සහය පතන්න වෙනවා. ඒ වෙබ් අඩවියේ නම Mini QR. මුලින්ම
මෙතනින් ඒ වෙබ් අඩවියට යන්න. ගිහිල්ලා ඒ සයිට් එකේ තියෙන සුදු කොටුවේ ඔයාගේ පින්තුරේ ලිංක් එක දෙන්න ඕනේ. ලිංක් එක දීලා Submit කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ ගානට අර QR CODE එකේ තිබ්බිච්ච හැංගිච්ච අකුරු ටික පේනවා..
ඔයාලා හිතනවානම් මේ ලිපිය ඔබට වැදගත් උනා කියලා ප්‍රතිචාරයක් දාලා යන්න අමතක කරන්න එපා.. එහෙනම් අදට අපි ගියා. තාම ඔයගොල්ලෝ YouthTurn එක්ක එකතුවුනේ නැත්තම්
මෙතන ඔබන්න.
ප.ලි - මේවා කියවන්න දැන් ෆොන් වලටත් මෘදුකාංග තියෙනවා.. ඒවා වලින් හැම ෆොන් එකකටම වගේ වැඩ කරන ඒවා හදලා තියෙන්නේ Neo-Reader සමාගමෙන්.. ඒ වෙබ් අඩවියෙන් ඒ මෘදුකාංගය නොමිලේම බාගන්න පුලුවන්. ඒකට
මෙතන ඔබන්න..
Saturday, November 27, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මෙන්න තවත් වැඩ කෑල්ලක් ගෙනවා ඔයාලා වෙනුවෙන්ම. කට්ටිය කැමතිද මොනවාහරි අකුරු සේට් එකක් වැඩ කෑලි දාලා හදාගන්න. මේ වගේ එකක් නම් පොටෝෂෝප් වගේ භාවිතා කරලත් කරගන්න පුලුවන්. ඒ උනාට මේ ක්‍රමේ ලේසියි.. පහල තියෙන්නේ මම එහෙම හදාගත්ත පින්තුරයක්..
කොහොමද? මරු නේද වැඩේ??? වැඩේ ලේසිය කරන්න තියෙන්නේ මෙච්චරයි..
මුලින්ම මේ වෙබ් අඩවියට යන්න -
Wordle
ගියාට පස්සේ උඩින්ම ලොකු Text Box එකක් තියෙනවා. එතනට ඔයාට දාන්න ඕන වචන ටික පහලට ටයිප් කර කර යන්න තියෙන්නේ!
ඊට පස්සේ ඊට පහළින් තියෙන GO බොත්තම ඔබන්න.
ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඔය උඩ වගේ හැදිලා එයි. එතනින් තව අපිට ඕනේ නම් ෆොන්ට්, පාට, අකුරු වල ස්ථාන වගේ ඒවා වෙනස් කරන්නත් පුලුවන්.
වැඩේ අල්ලලා ගියා නම් අදහසක් දාන්නත් අමතක කරන්න එපා.. ඔයාලගේ අදහස් තමයි මගේ ශක්තිය.
Saturday, November 06, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න ටොරන්ට් බාන අයට නියම සෝෆ්ට්වෙයාර් එකක් දෙන්න හිතුනා.. මාත් මේක දවස් 2ක් විතර භාවිතා කරලා හොදද කියලා බලලා තමයි ඔයාලටත් දෙන්න හිතුවේ.. මේක මගේ ඉන්ටර්නේට් ස්ලෝ වුන වේලාවකදි නම් ඇත්තටම ස්පිඩ් එක වැඩි උනා... පහත පින්තුර 2ක පිළිවෙලට බලන්නකෝ.. ඕක මම ගත්ත පෝටොස් 2ක්..
 |
මෘදුකාංගය ඕපන් කිරිමට පෙර |
 |
මෘදුකාංගය ඕපන් කර විනාඩි 2 ක් විතර ගිය පසු |
දැක්‍කානේ.. ඊට පස්සේ ස්පිඩ් එකනම් 50ට අඩුවෙන් ගියේ නැ.. ඇත්තටම හොද මෘදුකාංගයක්..අහ් මෘදුකාංගයේ නමත් කියන්න බැරි උනා..නම නම් දකින්න ඇති පින්තුර වලින්...
uTorrent Speedup Pro
හැබැයි මේක වැඩ කරන්නේ uTorrent මෘදුකාංගයට විතරයි.
1. මුලින්ම මෘදුකාංගය බාගෙන ඕපන් කරගන්න ( ඕපන් කරන්න කලින් ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියන්න )
2. ඊට පස්සේ කෙලින්ම Accelerate වෙනවා.. ඊට පස්සේ මෘදුකාංගය Close කරන්නේ නැතිව තියන්න..
3. පරිගණකය Restart කරනවානම් ආයිත් මෘදුකාංගය ඕපන් කරන්න ඕන..
ඕක කරලා බැලුවාම තේරෙයි.. කරලාම බලන්නකෝ...
එහෙනම් මම යනවා...අදහසක් දාලාම යන්නකෝ...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න දැන් Megaupload එක හැක් කරන හැටි කියන්න යන්නේ.. හැක් කිව්වාට හැක් එකක්ම නෙමෙයි..ඒ තමයි දැන් Megaupload වල ෆයිල් Download කරද්දි ෆි යුසර් විදිහට ගියොත් විනාඩියක් වගේ වේලාවක් (Wating Timer) බලාගන්න ඉන්න වෙනවානේ ෆයිල් එක Download වෙනකන්..ඒත් දැන් කරන ක්‍රමෙන් කලොත් වේලාව යනකන් බලාගෙන ඉන්නේ නැතිව ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්...
මේ වගේ ඉස්සර Rapidshare වලටත් කරන්න පුලුවන් කම තිබ්බා... එත් දැන් බැ...
මුලින්ම ඔයගොල්‍ලන්ට ඩවුන්ලොඩ් කරන්න ඕන ෆයිල් ඩවුන්ලොඩ් කරගන්න Megaupload යන්නකෝ...
ඊට පස්සේ Free User විදිහට තෝරන්න..එතකොට වේලාව යන්න පටන් ගන්නවානේ..
එතකොට බ්‍රවිසරයේ ඇඩ්රස් බාර් එකේ තියෙන ලිංක් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක පෙස්ට් කරලා එන්ටර් කරන්නකෝ...
javascript:alert(count=1)
එතකොට මැසෙජ් බොක්ස් එකක් එයි එකත් එන්ටර් කරන්න..ඔන්න දැන් කෙලින්ම ෆයිල් එක ඩවුන්ලොඩ් වෙයි...
කරලාම බලන්නකෝ... අදහසක් දාන්නත් අමතක කරන්න එපා...
Wednesday, October 27, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න අද දෙන්න යන්නේ තවත් අලුත් මෘදුකාංගයක්.. නම තමයි Web Cam Max. මේකෙන් වෙන්නේ අපි Skype හරහා වගේ ඇමතුමක් ලබාගද්දි අපේ පින්තුරේට එක එක Effects, Faces, Emoctaions එහෙම දාන එකයි.
ඔය ඉහල පින්තුරේ වගේ Effects එකසිය ගානක් අපිට දාගන්න පුලුවන්.. තව ඕනේනම් අපිට අලුතෙන් ඇතුල් කරගන්නත් පුලුවන්..
ඔයගොල්ලොන්ට මේක Webcammax අඩවියෙන්ම බාගන්න පුලුවන්..හැබැයි Trail තමයි..
වෙබ් අඩවියෙන් බාගන්නවානම්
මෙතන ඔබන්න..
ඔයාලට මුලු වර්ශන් එකම ඕනේනම් පහත දිලා තියෙන ටොරන්ට් එක බාගන්න..
Click
Here To Download Torrent
Software එකේ දිලා තියෙන Effects වලට අමතරව තව Effects දාගන්න ඕනේ නම්
මෙතනින් යන්න..
ඉතින් මෘදුකාංගය ගැන හිතෙන දේ ඔය පහල තියෙන සුදු කොටුවේ වචනේකින් හරි කියලා යන්න අමතක කරන්න එපා...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
අද ඔන්න උදේ පාන්දරම ගේම් පිස්සන්ට මරු භාණ්ඩයක් දෙන්න යන්නේ.. අපි සමාන්‍යයෙන් කාර් ගේම් එකක් වගේ ගහද්දදි අපි විතරයි ගහන්නේ..නැත්තම් පරිගණකය Network කරලා තියෙනවානම් යාලුවෝ දෙන්නෙක් එක්ක ගහන්න පුළුවන්.. ඒත් දැන් මම කියන්න යන්නේ පිටරට ඉන්න ගේම් කාරයොත් එක්ක ලංකාවේ ඉදන් Play කරන හැටි..
මුලින්ම ඔයගොල්ලෝ පහල තියෙන කුඩා මෘදුකාංගය බාගන්න.
Password - pLan
බාගත්තාට පස්සේ එක Desktop එකට Extract කරගන්න.. දැන් pLan.exe කියන එක Run කරන්න.. දැන් ඒක ඕපන් වෙලා තත් 3ක් වගේ කාලයක් යද්දි එක System Tray එකට යනවා..
දැන් එක උඩ Right Click කරලා Internet කියන එක තෝරන්න..
දැන් ආයිත් එක උඩ Left Click කරලා මෘදුකාංගය ඕපන් කරගන්න.. දැන් එකෙන් Notification කියන තෝරන්න. එතනින් ඔයාට ගහන්න ඕන ගේම් එක Select කරන්න. (ඔයා තෝරන ගේම් එක ඔයාගේ පරිගණකයේ තියෙන්න ඕනේ)
දැන් ගේම් එක ඕපන් කරන්න ඕන.. ඊට පස්සේ ඔයාගේ ගේම් එකේ Menu එකේ තියෙන්න LAN Play කියලා එකක්...එකෙන් තමයි Play කරන්න ඕනේ...
ඔයා Download කරපු එකේ පින්තුර ටිකක් ඇති මේක Most Wanted Game එකට කරන හැටි..ඒක බලලා අනිත් ඒවා තේරුම් ගන්න පුලුවන්..
හැබැයි ගේම් නම් පිටරට එවුන් එක්ක ගහන්න තියා හිතන්නවාත් බැ... හිහි
අදහසක් දාලාම යන්න
Wednesday, September 22, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මම මේක ගැන බබාලෝකය බ්ලොග් එකේ තියලා දැක්කේ...ඉතින් අනිත් අයටත් දැනගන්න එක්ක මම මේකේ දාන්න හිතුවා...
මේක ටිකක් අලුත් වැඩක් කිව්වොත් නිවැරදි... මේකෙන් පුලුවන් අපිට North America, Europe, Asia, Africa, Australia යන රටවල් වල පාරේ ඇවිදින්න... හරියට නිකං රොන්දේ ගහනවා වගේ...හිහි...
ඔය පහල තියෙන්නේ මම North America වල ගිය වේලාවේ ගත්ත පින්තුරයක්...
පින්තුරේ දැක්කම මොකෝ හිතන්නේ??? එළ වගේ නේද? මට නම් වැඩේ අල්ලලා ගියා...
මේකේ අවුල තමයි හැම රටකටම යන්න බැරිකම...
මෙතනින් සයිට් එකට ගිහිල්ලා බලන්න...
අදහසක් දාන්න අමතක කරන්නත් එපා... ඒ වගේම ටුවිටර් අයත් එක්කත් ටුවිට් කළොත් හොදයි නේද?
Saturday, September 11, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
අපේ කට්ටිය අලුත් වැඩ වලට කැමතිනේ...මෙන්න එහෙනම් ඔයාලගේ යාලුවන්ව බය කරන්න නියම ක්‍රම ටිකක්... අදහසක් දාන්න අමතක කරන්න එපා...
ඔයාලගේ යාලුවන්ව මේල් වලින් රවට්ටන්න...
මේ වෙබ් අඩවි දෙකෙන් ඔබේ යාලුවන්ට මේල් එකක් යවන්න පුලුවන්...එතකොට ඔයාව එයාට හොයාගන්න බැ කවුද ඒව්වේ කියලා... වෙබ් අඩවිය රෙජිස්ටර් වෙන්න ඕනේත් නැනේ...
AnonMail (මේ වෙබ් අඩවියෙන් ඔබට ඇනිමොව්ස් විදිහට අන්තර්ජාලයේ සැරිසරන්නත් පුලුවන්)
Foammails
යාලුවාව කෝල් එකකින් බය කරන්න...
ඔන්න තවත් නියම වැඩක්...මේකෙන් ඔයාලගේ යාලුවන්ට කෝල් එකක් ගන්න පුලුවන්...හැබැයි ඉතින් ගන්නේ කොහෙන්ද කියලා නැ...හිහි
Prank Dialer (මේකෙනම් ගොඩක් එවා නිකං නෙවෙයි)
My Phone Blaster (මේක නම් නිකං දෙන්නේ)
Poop එකක් අරින්න... (මේකනම් මම දන්නෙත් නැ..හොයලා බලන්නකෝ)
Poop Sender (මේකත් නිකං නෙමෙයි)
ඕවා කරලාම බලන්නකෝ...මාත් යාලුවෝ ටිකක් බය කෙරුවා...හිහි...ඔන්න අදහසකුත් දාලාම යන්න හොදේ...
Monday, February 08, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මම කියන්න යන දේ සමහර විට ඔයගොල්ලෝ දන්නවත් ඇති. කමක් නැ දන්නේ නැති අය අහගන්නකෝ. මේක ටිකක් අමුතු මෘදුකාංගයක්. මේකේ නම තමයි FaceMorpher. මේකෙන් කරන්නේ අපිට කැමති පින්තුර දෙකක් (හොදට වැඩකරන්න නම් මුණු දෙකක් ඕනේ) Morphe කරන්න පුලුවන්. පින්තුර දෙක හදලා අපිට ඒක Gif , Avi , Swf , Jpg , html එකක් විදිහට සේව් කරගන්න පුලුවන්. අරගෙනම බලන්න.
Thursday, January 28, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔබගේ වෙබ් Browser ගෙදර පිටුව නැත්තම් Home Page තමන්ට අවශය විදිහට සකස් කර ගන්න පුලුවන් විදිහක් ගැනයි දැන් මේ මම කියන්න යන්නේ... ඒක සිදු කරගන්න පුලුවන් වෙබ් අඩවියක් තමයි The-Page.net කියන්නේ.. ගිහිල්ලාම බලන්න...
එම අඩවියට ගිය පසු පෙන්නේ මේ විදිහට. පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය නමක් හා Theme එකක් තෝරා දෙන්න.

පස්සේ ඉතින් Create Welcome Page බොත්තම ඔබන්න....
Thursday, January 28, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මම දැන් කියන්න යන්නේ පරිගණකයේ Welcome Screenඑක වෙනස් කරගන්න පුලුවන් විදිහක් ගැනයි..... මේකට අපිට උදවි වෙන්නේ
Log On Studio නම් මෘදුකාංගයයි. එක කරන ඒක මේ මෘදුකාංගය නිසා ගොඩක් පහසුයි.....
මුලින්ම මෘදුකාංගය රන් කරගෙන එහි තියෙන New යන බොත්තම ඔබන්න.
පස්සේ එන වින්ඩෝවේ ඔබ සාදන Screen එකේ තොරතුරු ලබා දෙන්න. පස්සේ OK බොත්තම ඔබන්න.
පස්සේ එන වින්ඩෝව OK කරන්න.
අන්තිමට ඔබට ලැබෙනවා. LogonStudio Editor වින්ඩෝව පස්සේ ඔයගොල්ලන්ට කියලා Screen එකක්
හදා ගන්න පුලුවන්.
පස්සේ ඉතින් හදං ඉවරවෙලා රතු පාටින් රවුම් කරලා තියෙන බොත්තම ඔබන්න. Edit කර ගන්න පුලුවන් දකුණු
පැත්තේ තියෙන Elements වලින්........ ගොඩක් ලේසියි කරලා බලන්න. අවුලක් ආවොත් කියන්න.
මෙන්න මෙතනින් මෘදුකාංගය බාගන්න. මේ ෆයිල් එකේ සයිස් 7.55 MB විතර වෙනවා....