Showing posts with label shop. Show all posts
Showing posts with label shop. Show all posts
eBay හරහා භාණ්ඩ විකිණිමට අපිටත් හැකිද?
Saturday, September 18, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මම මේ පොස්ට් එක දාන්නේ යාළුවෙක්ගේ ඉල්ලිමකට.. ඔව්..අපිටත් පුළුවන් භාණ්ඩ විකුණන්න. ඒකට ඔයා මුලින්ම ebay වල සාමාජිකයෙකු වි සිටින්න ඕනේ. දැන් My Ebay හි Sell නම් මෙනුවේ තියෙන Sell an item කියන ස්ථානයට පිවිසෙන්න.
එවිට පහත වගේ තිරයක් දක්නට ලැබෙනවා. එතනින් Start Selling කියන බොත්තම ඔබන්න.
දැන් ඔයාගේ Account එකට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙනවා.. ඊට පස්සේ Browse Category එකෙන් ඔයා විකුණන්න හදන භාණ්ඩය ගැලපෙන කාණ්ඩය තෝරලා දෙන්න..
දැන් පහළින් තියෙන Continue බොත්තම ඔබන්න..
ඊට පස්සේ ලැබෙන Create Your Listing පිටුවෙන් ඔබේ භාණ්ඩය පිලිබද විස්තරයක් හා ජායාරුප කිහිපයක් වුවත් අප්ලෝඩ් කරන්න පුලුවන්...
සියලුම තොරතුරු දි අවසන් වුවාට පසු පහල තියෙන Continue බොත්තම ඔබලා ඉවර කරන්න...
ඔබ මෙහිදි භාණ්ඩය ඉදිරිපත් කරන්නේ Auction ආකාරයට නම් ඒ සදහා මුලිදි eBay තුළින් සේවා ගාස්තුවක් අය නොකරයි. නමුත් භාණ්ඩය විකිනෙන අවස්ථාවේදි ඒ සදහා 5% ක සේවා ගාස්තුවක් අය කර ගනියි... කෙළින්ම Buy Now ආකාරයෙන් ඉදිරිපත් කරනවානම් ඒ සදහා යන මුදල පසෙකින් පෙන්වනු ලබයි... ඒ පිළිබද ඔබේ අවධානය යොමුකරන්න..
සියල්ල නිසි ලෙස සම්පුර්ණ කර පසු eBay Search Box එක තුල ඔබේ Keywords ටයිප් කර බැලිමේදි ඔබගේ භාණ්ඩය දිස් විය යුතුය...
ඔබේ භාණ්ඩයට යමෙක් මුදල් ගෙව්වේ නම් ඒ තැනාත්තාට ඉක්මණින් එම භාණ්ඩය යැවිය යුතුය.. එය යැවිමට බැරි වුවොත් එම තැනැත්තා ඒ බව eBay වෙත දැනුම් දුන්නොත් ඔබේ ඉදිරි eBay ගණුදෙනු වලදි එය අහිතකර ලෙස බලපාන නිසා එම භාණ්ඩය ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුය...

Subscribe to:
Posts (Atom)