DocStoc - ඇඩ්සෙන්ස් වලට තල්ලුවක්

ගොඩක් අය උත්සහා කරන්නේ ගුගල් මගින් ලබාදෙන ගන්නම අමාරු සේවාව ලබාගන්නනේ.. ඒ කියන්නේ ගුගල් ඇඩ්සෙන්ස්... ඉතින් මට හම්බුනා පොඩි සයිට් එකක්. ‍(පොඩි කිව්වාට පොඩි නැ හොදේ) මේ සයිට් එක හරහා අපිට ඇඩ්සෙන්ස් ලබාගන්න පුලුවන්(ලු) මේ වගේ පොස්ට් එකක් ලසිදු අයියාත් දාලා තිබ්බා.. මේක මම දැනගත්තේ ඊයේ රාත්‍රියේදි තමයි.. මාත් මේකට ඉල්ලුම් කරලා තියෙන්නේ..

මේක මම දැනගත්තේ DigitalPoint වෙබ් අඩවියෙන්..



අපි දැන් ඇඩ්සෙන්ස් ගන්න යන වෙබ් අඩවියේ නම Docstoc. මුලින්ම ඔයාලා පහල තියෙන ලිංක් එකට ගිහිල්ලා ඔයාගේ තොරතුරු දීලා රෙජිස්ටර් වෙන්න...

http://www.docstoc.com/login/?ref=header-reg&pt=92&register=1&ft=19

දැන් ඔයා රෙජිස්ටර් උන තොරතුරු දිලා වෙබ් අඩවියට ඇතුල් වෙන්න. ඊට පස්සේ ඔයාලා ගාව තියෙන මොනවාහරි Documents ටිකක් ඔය සයිට් එකට දාන්න.. මොනවගේ ඒවාද දන්නේ කියලා දැනගන්න ඕනේනම් ඔය සයිට් එකට කට්ටිය දාලා තියෙන ඒවා බලන්න...දැන් පහල තියෙන ලිංක් එකට යන්න..

http://www.docstoc.com/doccash/join/

ඔතනදි ඇඩ්සෙන්ස් අකවුන්ට් තියෙන අයටත් ආයිත් ගන්න පුලුවන්.. ඔයාලා අලුතෙන් හදනවානම්  I'd like to set up an AdSense account කියන ‍එක තෝරන්න. දැන් එන ෆෝම් එකට ඔයාගේ ඊ-මේල් ලිපිනය දිලා Submit බොත්තම් ඔබන්න. ඊට පස්සේ ඔයාලට ඇඩ්සෙන්ස් එකෙන් හා මේ වෙබ් අඩවියෙන් මේල් 2ක් එවයි... ඇඩ්සෙන්ස් එකෙන් ආපු මැසේජ් එක බලලා එකේ තියෙනවා ලිංක් එකක්. එක ක්ලික් කරලා ලැබෙන ෆෝම් එක පුරවන්නත් ඕන.. දවස් දෙකකින් විතර ඇඩ්සෙන්ස් වලින් ඔයාට මේල් එකක් එවයි ඔයාට ඇඩ්සෙන්ස් හම්බුනාද කියලා... 


ඔයාලා ඇඩ්සෙන්ස් වලට ඉල්ලුම් කළාට පස්සේ එම අකවුන්ට් ‍එකේ තත්වය ඔයාලට පහල ලිංක් එකෙන් බලාගන්න පුලුවන්..


http://www.docstoc.com/settings/?tab=doccash


මට තාම හම්බුනේ නැ... ඔන්න හම්බුනේ නැ කියලා මාවනම් කන්න එපා... ට්‍රයි කරලා බලන්න... ඉතින් හරි ගියොත් එහෙම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා...  ඉතින් අදහසක් දාන්නත් අමතක කරන්න එපා... 

Keyloggers - සැම දෙයක් දෙසම බලාසිටින සැගවුනු ඇස

යතුරුපුවරුවෙන් පරිගණකයට ඇතුල් කරන සියලුම දත්ත ඔබගේ අනුදැනුමකින් තොරව වාර්තා කරගෙන ආදාළ වැඩසටහන නිපදවු පුද්ගලයාට එවලේම හෝ පසුව ලබාදෙන වැඩසටහන් Keylogger ලෙස හදුන්වයි..
Keylogger යන වචනය සැදි තිබෙන්නේ Key + Log කියන වචන දෙක එකට එකතු විමෙනි. අපේ රටේ තිබෙන බොහෝමයක් ඉන්ටර්නෙට් කැෆේ වල මෙම වර්ගයේ වැඩසටහන් ස්ථාපනය වි පවතී.



ඔබ භාවිතා කරන පරිගණකයේත් මෙවැනි ‍වැඩසටහන් ක්‍රියාත්මක වෙනවාදැයි සොයා එය නැවැත්විය හැක. එසේ නොමැති නම් මෙම නෙට් කැෆේ වල තිබෙන පරිගණක වල ඊ-මේල් ලිපින , මුර පද වගේ දැ ටයිප් කිරිමේදි Character Map එක යොදා ගෙන ටයිප් කරන්න.. එය ලබා ගැනිම සදහා,

Start > All Programes > Accessories > System Tools > Character Map

නමුත් මේ ආකාරයට ටයිප් කෙරුවත් ඒවාත් හසු කරගත හැකි මෙවැනි වැඩසටහන් දැන් තිබෙනවා.. ඉතින් අපි ඊළගට බලමු කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා..

මේ සදහා අපිට පෝටබල් මාදිලියේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් යොදාගත හැක. නැතිනම් උබුන්ටු Live CD එකක් යොදාගෙන මේ වැඩේ පහසුවෙන් කරගත හැක. Puppy Linux, Slax, DSL යනු මෙවන් පෝටබල් වර්ගයේ මෙහෙයුම් පද්ධති වේ. මේවා ‍පෙන් ඩ්‍රයිව් එකක වුවත් පහසුවෙන් ගෙන යා හැකිය. පසුව Chrome වෙබ් බ්‍රවුසරය පරිගණකයේ පිහිටුවා ගන්න. මෙහිද පොටබල් සංස්කරණයක් තිබේ.. ඉන්පසු බ්‍රව්සරයට LastPass නැමැති ඇඩෝනය ස්ථාපනය කරගන්න. එය භාවිතයෙන් ඔබට අවශ්‍ය මුරපද සියල්ල ඇතුලත් කර Automatic Logging ඔප්ෂනය ක්‍රියාත්මක කරන්න. මී ළගට ඔබට අවශ්‍ය සියලුම මුරපද මෙම ඇඩෝනය භාවිතයෙන් අවශ්‍ය වෙබ් අඩවි වලට පහසුවෙන් ඇතුලත් කර ගත හැක. මෙමගින් ඔබේ දත්ත වලට උපරිම ආරාක්ෂාවක් ලබාගත හැක..

LastPass Extension - https://chrome.google.com/extensions/detail/hdokiejnpimakedhajhdlcegeplioahd?hl=en
Chrome Portable - http://portableapps.com/apps/internet/google_chrome_portable
Puppy Linux Portable - http://www.pendrivelinux.com/puppy-linux-on-usb/
Wikipedia - http://en.wikipedia.org/wiki/Keystroke_logging

මම හිතනවා පොස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... එහෙනම් අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා..

Google For You - ප්‍රශ්නේට මෙහෙම උත්තර දෙමු!

ඔන්න අද උදේම කට්ටිය පුදුම වෙන දෙයක් දෙන්න යන්නේ, මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.. දැන් මුණුපොතේ දි එහෙම කට්ටිය අපෙන් ප්‍රශ්න අහනවනේ. ඉතින් ගොඩක් අය ඒකට දෙන පිළිතුර තමයි ගුගල් එකේ බලන්න කියලා.. ඕක ‍ඔහොම කියනවාට වඩා ටිකක් වෙනස් විදිහකට දුන්නොත් මොකද?


මෙහෙමයි වැඩේ කරන්නේ!

මුලින්ම Google For You වෙබ් අඩවියට යන්න. (ලිංක් එක වැඩ කලේ නැත්තම් වෙබ් පිටුව Refresh කරන්න)
ඊට පස්සේ එතන තියෙන සර්ච් බොක්ස් එකේ අරයා කළින් අහපු ප්‍රශ්නය ටයිප් කරන්න.
ඊ‍ට පස්සේ Google Search බොත්තම ඔබන්න.
එහෙම කළාට පස්සේ ඊට පහලින් පොඩි ලිංක් එකක් දෙනවා පේනවා ඇති.
අන්න ඒක අර ප්‍රශ්නේ අහපු කෙනාට දෙන්න..
ඕනේ නම් කොහොමද මේක වෙන්නේ කියලා බලන්නනම් ඔයත් ඒ ලිංක් එකට ගිහිල්ලා බලන්නකෝ..

කොහොමද වැඩේ? වැඩේ හොදනම් අදහසක් දාලා යන්නත් අමතක කරන්නත් එපා..

QR Codes - වචන හංගන්න මේක ගමුද?

අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක්.. මේක ගැන සමහරෙක් දන්නවත් ඇති. කමක් නැ ආයිත් දැනගත්තා කියලා වැඩි වෙනවා ඇ.. හරි අපි බලමු මේ මොකක්ද කියලා? කට්ටිය දන්නවානේ Barcode ගැන. ඔව් ඔව් අර කලු පාට කොටුවක් වගේ එකක සුදු පාට ඉරි ගහලා තියෙන්නේ.. හිහි..


අන්න ඒ වගේ දැන් අලුත් කෝඩ් ජාතියක් තියෙනවා. අහලා තියෙනවාද? ඒක තමයි,

QR CODES

මේක කට්ටිය අද වෙන්නත් පුලුවන් ඇහුවේ.. මේ කෝඩ් වලදි පින්තුරය පෙන්නන්නේ Barcode පින්තුරයක් ‍වගේ නෙමෙයි. මේ පහල තියෙන්නේ ඒක පෙන්නන හැටි..

පොඩි ලස්සනකුත් තියෙනවා නේද? මේ ගැන වැඩි විස්තර ඕනේ නම් විකිපිඩියා එකේ තියෙනවා. ඒක බලන්න මෙතන ඔබන්න.

ඉතින් අද මම කියන්න යන්නේ කොහොමද මේ QR CODE එකක් හදාගන්නේ හා කොහොමද එහෙම හදාගත්ත එකක් බලන්නේ කියලා. මේ වැඩ දෙකම ලේසියි..

QR CODE එකක් හදාගමු

‍මේ සදහා අපිට වෙබ් අඩවියක සහය පැතිමට අවශ්‍ය වෙනවා. මේ සදහා මම යොදාගන්නේ kaywa කියන වෙබ් අඩවියෙන් අපිට දිලා තියෙන QR Code Generator එක. මුලින්ම මේ වෙබ් අඩවියට යන්න ඕන.. ඒකට මෙතන ඔබන්න.

සයිට් එකට ගියාම ටිකක් පහලින් තියෙනවා Content Type (Text,URL,Phonenumber,SMS) කියලා එකක්. එකක් එතනින් ඔයාට ඕනේ එක තෝරගන්න. ඊට පස්සේ ඊට පහලින් තියෙන කොටුවේ හංගන්න ඕන වචන සේට් එක ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ Generate බොත්තම් ඔබන්න. ටික වේලාවකින් ඔයාගේ QR Code එක හැදිලා එයි.

QR CODE එකක් කියවන්නේ කොහොමද?


‍මේ සදහා අපිට වෙන වෙබ් අඩවියක සහය පතන්න වෙනවා. ඒ වෙබ් අඩවියේ නම Mini QR. මුලින්ම මෙතනින් ඒ වෙබ් අඩවියට යන්න. ගිහිල්ලා ඒ සයිට් එකේ තියෙන සුදු කොටුවේ ඔයාගේ පින්තුරේ ලිංක් එක දෙන්න ඕනේ. ලිංක් එක දීලා Submit කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ ගානට අර QR CODE එකේ තිබ්බිච්ච හැංගිච්ච අකුරු ටික පේනවා..

ඔයාලා හිතනවානම් මේ ලිපිය ඔබට වැදගත් උනා කියලා ප්‍රතිචාරයක් දාලා යන්න අමතක කරන්න එපා.. එහෙනම් අදට අපි ගියා. තාම ඔයගොල්ලෝ YouthTurn එක්ක එකතු‍වුනේ නැත්තම් මෙතන ඔබන්න.

ප.ලි - මේවා කියවන්න දැන් ෆොන් වලටත් මෘදුකාංග තියෙනවා.. ඒවා වලින් හැම ෆොන් එකකටම වගේ වැඩ කරන ඒවා හදලා තියෙන්නේ Neo-Reader සමාගමෙන්.. ඒ වෙබ් අඩවියෙන් ඒ මෘදුකාංගය නොමිලේම බාගන්න පුලුවන්. ඒකට මෙතන ඔබන්න..

Youth Turn - Social Network - එකතු වෙලාම බලන්න

අද මම ආවේ අලුත් වෙබ් අඩවියක් ගැන කියන්න. මේක කියවගෙන යද්දි කියයි මේ වගේ ඒවා දැන් වැහි වැහැලා කියලා. කමක් නැ.. කියවලාම බලන්නකෝ..

මම මීට කාලෙකට ඉස්සෙල්ලා ඒ කිව්වේ මාස 5කට විතර උඩදි මගේ මුණුපොතේ දාලා තිබ්බා YouthTurn කියලා වෙබ් අඩවියක් හදාගෙන යනවා කියලා. මගේ මුණුපොතේ යාලුවෝ නම් දන්නවා ඇති. ඔන්න ඊයේ රැ සයිට් එකේ ‍වැඩ ඉවර කලේ. දැනට මේකට ගොඩක් විශේෂාංග දාලා තියෙනවා.. තව ගොඩක් තියෙනවා.. හ්ම්ම්... ඔය පහල තියෙන්නේ මෙහි තිර සටහන් කිහිපයක්..

වෙබ් අඩවියේ ඉදරි පෙනුම
යහලුවන් සමග චැට් කරන අතරතුර
මෙහි දැනට තිබෙන විශේෂාංග ගැන ටිකක් ගැන කතා‍ ‍කළොත් මේවා තමයි තියෙන්නේ

Polls - මෙමගින් ඔබට Polls සැදිමට පුලුවන්..
Groups - මෙමගින් ඔබට මුණුපොතේ වගේ Groups සාදා ඒයට අන් අයට එකතු විමට කියන්න පුලුවන්
Articles - මෙමගින් ඔබට Notes ලියා තැබිමේ හැකියාව ඇත.
Q&A (Question & Answer) මෙය මුණුපොතේ ඉදිරියට එන්නට තිබෙන ‍විශේෂාංගයක්.. මෙමගින් ඔබේ ප්‍රශ්න වලට උත්තර ගන්න පුලුවන්
Blog - මෙමගින් ඔබට Blog එකක් ලිවිමට පුලුවන්
Albums - මෙය මගින් ඔබට ඔබේ පින්තුර Albums සැදිමට පුලුවන්.

මීට අමතරව මෙහි චැට් කිරිමේ පහසුකමත්, ඔබ ඔ‍බේ පින්තුර වලට යාලුවන්ව ටැග් කිරිමේ පහසුකමත් ඇත. 

අපි මෙහිදි අපේ පරිශිලකයින්ගේ පෞද්ගලිකත්වය ගැන ගොඩක් හොයලා බැලුවා.. එම නිසා ඔබට ඔබේ පෞද්ගලිකත්වය ගැන බිය විය යුතු නැ.

ඉදිරියේදි අප තවත් ගොඩක් විශේෂාංග එකතු කරන්න ඉන්නවා. ඒ වගේම අපේ මෙම අඩවියේ Mobile Version එකත් නිකුත් කරන්න බලාපො‍රොත්තු වෙනවා. 

මේ සදහා උදව් කරපු ගොඩක් අය ඉන්නවා. මෙය හැසිරවිමට දැනට මම සමග තව තිදෙනෙක් එකතු වෙලා ඉන්නවා.. කසුන් සෙනෙහස්කෙෂාන්, අනිත් කෙ‍නාගේ නම දාන්න එපා කිව්වා.. 

ඒ වගේම නන් අයුරින් උදව් කරපු අයටත් ගොඩක් ස්තුතියි!

ඉතින් ඔබේ අදහස් අපිට කියන්න. ඒ වගේම මෙහි සමාජිකයෙකු වෙන්නත් අමතක කරන්න එපා. 

වෙබ් අඩවියට යැමට පහල ලිංක් එක ඔබන්න.

Chrome Extension හදමු - කුප්පි 2

සමාවෙන්න ඕනේ මේ පොස්ට් එක දාන්න පරක්කු උනාට. මේ‍ක උදේ දාන්න හිටියේ. ඒත් ඒකට වැස්ස හරස් උනා. තව කුප්පියක් ලියන්න තිබ්බත් වැස්ස ෂුවර් නැති නිසා ඒ කුප්පියත් මේ කුප්පියත් එක්කම ලියලා දාන්නම්. එහෙනම් අපි වැඩේට බහිමු. අපි ගිය සැරේ පොස්ට් එකෙන් කතා කළේ RssInclude කියන වෙබ් අඩවිය ගැනනේ. කට්ටිය ඒ පොස්ට් එක බැලුවේ නැත්තම් මෙතන ඔබන්න. කට්ටිය ඒ පොස්ට් එකේ මම දීලා තිබ්බ ෆයිල් එකත් බාගන්න ඇති කියලා හිතනවා. හරි. එහෙනම් ඒ ඔක්කොම එක තැනකට අරගෙන වැඩේ පටන් ගමු.


1. මුලින්ම ඔයා කලින් පොස්ට් එකේදි බාගත්ත ෆයිල් එක ඕපන් කරන්න.

2. එකේ ඔයාට  icon.png, icon_128.png, manifest.json, style.css, trixhunter.html කියලා ෆයිල්ස් 5ක් දැකගන්න  ලැබේයි.

3. මුලින්ම trixhunter.html කියන එක ඔයාලගේ බ්ලොග් එකේ නමින් Rename කරගන්න. (yoursitename.html)

4. දැන් ඒ ෆයිල් එක Notepad ආධාරයෙන් ඕපන් කරගන්න.

5. එකේ <td> <td> කියන කෝඩ් දෙක අතරේ තියෙන javascript එක අයින් කරන්න.

6. ඊට පස්සේ එතනට අර මම කලින් පොස්ට් එකේ කිව්වා වගේ අර සයිට් එකෙන් අපිට ලබාදෙන කෝඩ් එක එතනට පේස්ට් කරන්න ඕනේ. දැන් ඒ ෆයිල් එක සේව් කරගන්න.

7. දැන් manifest.json කියන ෆයිල් එක Notepad ආධාරයෙන් ඕපන් කරගන්න. එකේ Name, Description වගේ තැන් වෙනස් කරන්න. එකේම තියෙන popup කියන තැනට අපි කළින් හදාගත්ත html ෆයිල් එකේ නම දෙන්න ඕනේ. දැන් ඒ ෆයිල් එකත් සේව් කරගන්න.


8. දැන් ඔයගොල්ලෝ icons 2ක් හදාගන්න ඕන. ඒ දෙකම .png විදිහට හදාගන්න ඕන. මුල්ම අයිකොන් එක 128x128 px සයිස් එකට හදලා ඒක icon_128.png විදිහට ඔයාලගේ අර ෆයිල්ස් තියෙන ෆොල්ඩර් එකේම තියාගන්න. අනිත් එක 19x19 px සයිස් එකට හදලා ඒක icon.png කියලා සේව් කරගන්න.


ඔයාට අයිකොන් හදන්න ආමාරු නම් මේ අඩවියේ වල බලන්න - http://www.iconarchive.com/

9. දැන් අපි ඔක්කොම ෆයිල්ස් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපේ ෆයිල්ස් ටික Chrome Extension එකක් විදිහට හදාගන්න එක.

10. ඒකට මුලින්ම මේ ලිංක් එක ක්ලික් කරන්න. ඒකේ උඩම දකුණු පැත්තේ තියෙන Developer Mode කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට බට්න් 3ක් දැකගන්න පුලුවන්. එකෙන් Load unpacked extension කියන බොත්තම ඔබලා ඔයාලා හදාගත්ත ෆයිල්ස් තියෙන ෆොල්ඩරය තෝරන්න.

දැන් ඔයාගේ extension එක ඔයාගේ browser එක ස්ථාපනය වෙනවා. දැන් ඉතින් ඔයාගේ browser එකේ උඩම දකුණු කෙලවරේ ඔයා ‍කලින් යොදාගත්ත අයිකොන් එක වැටිලා ඇති ඒක ඔබන්න.


ඔන්න එහෙනම් අපි ‍අපේ මුල්ම Chrome Extension එක හදලා ඉවරයි. ඔය තමයි මුලික දැනුම. ඔය කෝඩ් එක අධ්‍යනය කරලා තව තව දේවල් හදන්න පුලුවන්.

දැන් ඔයා හදපු එක අනිත් අයට දෙනවානම් එක ඉස්සෙල්ලා Extension Gallery එකට දාන්න ඕන. ඒකට මෙතන ඔබන්න.


එහෙනම් ඔන්න අපේ වැඩේ ඉවරයි. දැන් ඔයාගේ වැඩේ. ඔයාත් මේ වගේ එකක් හැදුවානම් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. අදහසක් දාන්නත් අමතක කරන්න එපා. අපහැදිලි තැනක් තියෙනවානම් කියන්න. 

Chrome Extension හදමු - කුප්පි 1

ඔන්න අද Chrome Extension හදමු - කුප්පි 1 දෙන්න යන්නේ. කට්ටිය කලින් ලිපිය කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න.  අද කියලා දෙන්න යන්නේ කොහොමද මුලික පියවර කරගන්නේ කියලා! ඉතින් අද මම කියන්නේ කොහොමද RSS BOX එකක් හදාගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව පියවර වල් ගැන බලමු!


මුලින්ම අපිට මේක සදහා වෙබ් අඩවියක සහය අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒකට RssInclude කියන වෙබ් අඩවිය යොදාගන්නවා.


මුලින්ම මෙතනින් RssInclude වෙබ් අඩවියට පිවිසෙන්න.


ඊට පස්සේ Create a New RSS Box කියන ලොකු නිල් පාට බොත්තම ඔබන්න.


දැන් ඔයා කැමති තේමාවක් (Template) එකක් තෝරගන්න.


දැන් ඔයාගේ බ්ලොග් එකේ RSS FEED ලිපිනය දෙන්න.


ඔක්කොම හදාගත්තාට පස්සේ ඔයාලා යන්න ඕන content and styling options කියන ටැබ් එකට.




ඊට පස්සේ ඔය‍‍ගොල්ලෝ ඊළග ටැබ් එකට ගියාම ඔයාලා මේ සයිට් එකේ Register වෙන්න ඕනේ. Register වෙලා කලින් පරිදි Include කියන ටැබ් එකට යන්න ඕන.  


එතකොට එතනින් අපිට මේ බොක්ස් එක කෝඩ් වර්ග කිහිපයකින් තෝරගන්න දෙනවා. මම JaveScript code ‍එක තෝරගන්නවා. 


ඒක අපි කොහේහරි සේව් කරගෙන තියාගන්න ඕන.


දැන් අපි හදන්න යන්නේ අපේ Extension එක. මුලින්ම මම දීලා තියෙන File එක බාගන්න.



බාගෙන ලග තියාගෙන ඉන්න. ඊළග ලිපියෙන් අපි Extension එකේ ෆයිල්ස් හදන හැටි ගැන කතා කරමු!

Chrome Extension හදමු - කුප්පි 0


කොහොමද කට්ටියට?? මම අද නිකං ඉන්න වේලාවක හැදුවා පොඩි Chrome Extension එකක්. ඉතින් මම හිතුවා මම හදපු හැටි පියවරෙන් පියවර ඔයාලටත් කියලා දෙන්න. මේකෙන්‍ වෙන්නේ යම්කිසි වෙබ් අඩවියක RSS FEED වලින් ඒ වෙබ් අඩවියට යන්නේ නැතුව ඒ Extension එක මගින් බලන්න. තේරුනේ නැත්තම් අර මම හැදුවා කිව්ව Extension එක ටෙස්ට් කරලා බලන්නකෝ.


දැක්කද? ඔන්න ඔහොම තමයි ඔයාලගේ Chrome Extension එකත් පෙන්නේ.. අදට මම ඔයගොල්ලන්ට මුලික දැනුම හා දැනගත යුතු දේවල් පිලිබද කියන්නම්..

අවශ්‍ය මුලික දැනුම

HTML 5 , Javascript වගේ ඒවා ගැන ටිකක් ඉගෙන ‍ගන්න ඕන. ඊට පස්සේ මේ Chrome Extension එකටම කියලා තියෙනවා API එකක්. එකත් ටිකක් බලන්න ඕනේ. එකට මෙතන කොටන්න.

දැන් ඔය  Extension එකක ප්‍රධාන කොටස් එහෙමත් තියෙනවා. 

ඒවා කිහිපයක් නම්, extension එකක් ඇතුලෙ user interface එක පොඩි පොඩි Sub කොටස් කඩලා පෙන්නන්න පුලුවනි. මේ පොඩි පොඩි කොටස් මෙහෙමයි.


ඔය ටික ඔය නිකං ඉන්න වේලාවකට අතපත ගාලා බලන්නකෝ.. අනික ඔය තව පොඩි පොඩි Extension එහෙම දාලා බලන්න. හරි. එහෙනම් අනිත් පොස්ට් එක දානකම් ඕවා බලන්න. අනිකත් ඉක්මණට දාන්නම්. අදට මම යන්නම්. ආයිත් ඉක්මණට හම්බුවෙමු! මේ කුප්පිය ගැන ඔයාලගේ අදහස් ඔය පහලින් ලියලාම යන්නකෝ. 

Wordle - අකුරු හැඩ වැඩ දාලා හදාගන්න

මෙන්න තවත් වැඩ කෑල්ලක් ගෙනවා ඔයාලා වෙනුවෙන්ම. කට්ටිය කැමතිද මොනවාහරි අකුරු සේට් එකක් වැඩ කෑලි දාලා හදාගන්න. මේ වගේ එකක් නම් පොටෝෂෝප් වගේ භාවිතා කරලත් කරගන්න පුලුවන්. ඒ උනාට මේ ක්‍රමේ ලේසියි.. පහල තියෙන්නේ මම එහෙම හදාගත්ත පින්තුරයක්..


කොහොමද? මරු නේද වැඩේ??? වැඩේ ලේසිය කරන්න තියෙන්නේ මෙච්චරයි..

මුලින්ම මේ වෙබ් අඩවියට යන්න - Wordle
ගියාට පස්සේ උඩින්ම ලොකු Text Box එකක් තියෙනවා. එතනට ඔයාට දාන්න ඕන වචන ‍ටික පහලට ටයිප් කර කර යන්න තියෙන්නේ!
ඊට පස්සේ ඊ‍ට පහළින් තියෙන GO බොත්තම ඔබන්න.
ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඔය උඩ වගේ හැදිලා එයි. එතනින් තව අපිට ඕනේ නම් ෆොන්ට්, පාට,  ‍අකුරු වල ස්ථාන වගේ ඒවා වෙනස් කරන්නත් පුලුවන්.

වැඩේ අල්ලලා ගියා නම් අදහසක් දාන්නත් අමතක කරන්න එපා.. ඔයාලගේ අදහස් තමයි මගේ ශක්තිය.

සස්රුත සිංහල සෙවුම් ගැජටය

කස්ටිය කොහොමද හුග කාලෙකින් පොස්ට් එකක් දාන්න යන්නේ! මේක වින්ඩොස් විස්ටා හා 7 භාවිතා කරන අයට තමයි. මේක පොඩි ගැජට් එකක්. කට්ටිය දන්නවාද සස්රුත එක ගැන. ශ්‍රි ලංකාවේ ප්‍රථම සිංහල සර්ච් එන්ජින් එක. දැකලා නැත්තම් මෙතනින් යන්න. ඉතින් මේකෙන් මොනවා හරි සර්ච් කරගන්න නම් මේ අඩවියට යන්නම ඕනේනේ.. එහෙම නැතුව කරගන්න මෙන්න ක්‍රමය. මේක මම ඉස්සෙල්ලා කිව්වා පොඩි ගැජට් එකක්. හැදුවේ මගේ යාලුවෙක්. නම උදිත් (UI Creation). මේකෙන් වෙන්නේ ඒ වෙබ් අඩවිය පොඩි ගැජට් එකක් විදිහට වින්ඩොස් සෙවන් හා විස්ටා වල Side Bar එකට දාන එක.. මෙහෙම කිව්වාට තේරුනේ නැත්තම් මෙන්න තියෙනවා තිර සටහන්.. බලලාම ඉන්නකෝ...




 මේක ඉතින් ලංකාවේ වැඩක් නේ... කැමති අය බාගන්නකෝ... මෙන්න ලිංක් එක...


අදහසකුත් දාලාම යන්න.. මම යනවා...

DMCA - බ්ලොග් හොරුන්ව මට්ටු කරමු

කට්ටිය කොහොමද? හොදින් ඇති කියලා හිතනවා.. අද බ්ලොග් ලියන කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් දෙනවා.. ‍දැන් අලුතෙන් බ්ලොග් අඩවි හදනවා කට්ටිය හෝ හෝ ගාලා... හැබැයි ඔය බ්ලොග් වලින් භාගයක් විතර අනුන්ගේ බ්ලොග් පොස්ට් කොපි කරලා දාලා තියෙන්නේ... මට ඊයේත් ඒ වගේ එකෙක් හම්බුනා.. ඉතින් මේ අයගෙන් බේරෙන්න ක්‍රමයක් තමයි මේ DMCA කියන්නේ...

මේක නොමිලේ දෙන සේවාවක්.. මේකෙන් දෙන විශේෂාංග ගැන කතා කළොත්,

  • ‍අපි මේක අපේ බ්ලොගයට දැම්මාම පැය 24 ම මෙයා අපේ බ්ලොගය ගැන නිරික්ෂණය කරමින් ඉන්නේ
  • ඒ වගේම අපිට බ්ලොග් එකට දාගන්න බැජ් වර්ග රාශියක් දිලා තියෙනවා.
  • එක අකවුන්ට් එකකට අපිට ඕන තරම් බ්ලොගස් ඇතුල් කරන්න පුලුවන්..
  • ඒ වගේම කවුරු හරි ‍හොරකම් කරලා තිබ්බොත් ‍අපිට Case එකක් දාන්නත් පුළුවන්..
  • අපි දාපු බ්ලොග් වල හැම තොරතුරක්ම මෙහි Dashboard එක මගින් බලාගන්න පුලුවන්..
මේකේ තව වැඩ කෑලි තියෙනවා.. මාත් ඔන්න බැජ් එකක් දාගත්තා..දකින්න ඇතිනේ..

මේකෙන් අපිට පහල තියෙන ඒවා ‍හොරකම් කලොත් බලාගන්න පුලුවන්..
  • පින්තුර
  • වචන
  • විඩියෝ
  • ගීත
  • ලිපි

ඉතින් දැන්ම ඔයාලත් අකවුන්ට් එකක් හදාගෙන බලන්න.. නිකංනේ දෙන්නෙත්... අඩවියට යන්න පහල ලිංක් එක ක්ලික් කරන්න


ඔබේ අදහස කියලා යන්නත් අමතක කරන්න එපා

uTorrent Speedup Pro - ටොරන්ට් වේගෙන් බාන්න

ඔන්න ටොරන්ට් බාන අයට නියම සෝෆ්ට්වෙයාර් එකක් දෙන්න හිතුනා.. මාත් මේක දවස් 2ක් විතර භාවිතා කරලා හොදද කියලා බලලා තමයි ඔයාලටත් දෙන්න හිතුවේ.. මේක මගේ ඉන්ටර්නේට් ‍ස්ලෝ වුන වේලාවකදි නම් ඇත්තටම ස්පිඩ් එක වැඩි උනා... පහත පින්තුර 2ක පිළිවෙලට බලන්නකෝ.. ඕක මම ගත්ත පෝටොස් 2ක්..

මෘදුකාංගය ඕපන් කිරිමට පෙර

මෘදුකාංගය ඕපන් කර විනාඩි 2 ක් විතර ගිය පසු

දැක්‍කානේ.. ඊට පස්සේ ස්පිඩ් එකනම් 50ට අඩුවෙන් ගියේ නැ.. ඇත්තටම හොද මෘදුකාංගයක්..අහ් මෘදුකාංගයේ නමත් කියන්න බැරි උනා..නම නම් දකින්න ඇති පින්තුර වලින්...



uTorrent Speedup Pro

හැබැයි මේක වැඩ කරන්නේ uTorrent මෘදුකාංගයට විතරයි. 

1. මුලින්ම මෘදුකාංගය බාගෙන ඕපන් කරගන්න ( ඕපන් කරන්න කලින් ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියන්න )
2. ඊට පස්සේ කෙලින්ම Accelerate වෙනවා.. ඊට පස්සේ මෘදුකාංගය Close කරන්නේ නැතිව තියන්න..
3. පරිගණකය Restart කරනවානම් ආයිත් මෘදුකාංගය ඕපන් කරන්න ඕන.. 

ඕක කරලා බැලුවාම තේරෙයි.. කරලාම බලන්නකෝ...


එහෙනම් මම යනවා...අදහසක් දාලාම යන්නකෝ...

Megaupload Hack කරමු!

ඔන්න දැන් Megaupload එක හැක් කරන හැටි කියන්න යන්නේ.. හැක් කිව්වාට හැක් එකක්ම නෙමෙයි..ඒ තමයි දැන් Megaupload වල ෆයිල් Download කරද්දි ෆි යුසර් විදිහට ගියොත් විනාඩියක් වගේ වේලාවක් (Wating Timer) බලාගන්න ඉන්න වෙනවානේ ෆයිල් එක Download වෙනකන්..ඒත් දැන් කරන ක්‍රමෙන් කලොත් වේලාව යනකන් බලාගෙන ඉන්නේ නැතිව ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්... 

මේ වගේ ඉස්සර Rapidshare වලටත් කරන්න පුලුවන් කම තිබ්බා... එත් දැන් බැ...

මුලින්ම ඔයගොල්‍ලන්ට ඩවුන්ලොඩ් කරන්න ඕන ෆයිල් ඩවුන්ලොඩ් කරගන්න Megaupload යන්නකෝ...
ඊට පස්සේ Free User විදිහට තෝරන්න..එතකොට වේලාව යන්න පටන් ගන්නවානේ..
එතකොට බ්‍රවිසරයේ ඇඩ්රස් බාර් එකේ තියෙන ලිංක් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක ‍පෙස්ට් කරලා එන්ටර් කරන්නකෝ...

javascript:alert(count=1)


එතකොට මැසෙජ් බොක්ස් එකක් එයි එකත් එන්ටර් කරන්න..ඔන්න දැන් කෙලින්ම ෆයිල් එක ඩවුන්ලොඩ් වෙයි...


කරලාම බලන්නකෝ... අදහසක් දාන්නත් අමතක කරන්න එපා...

mcaf.ee - ආරාක්ෂාවත් එක්කම ලිපින කෙටි කරන්න

දැන් ඉතින් අන්තර්ජාලයේ ලිපින කෙටි කිරිමේ අඩවි වැහි වැහැලානේ...   TinyURL , Geega.in , Tiny වගේ එක එක ඒවා තියෙනවා... මාත් එකක් හැදුවා..  හැබැයි දැන්නම් ඒක වැඩ නැ... ඉතින් අද මම කියන්න යන්නේ මේ හැම එක‍ටම වඩා හොද සේවාවක් සපයන ආයතනයක් ගැන.. ආයතනය ගැන නම් කට්ටිය දන්නවා.. හැමෝම දන්න Mcafee තමයි මේ සේවාවත් සපයන්නේ...

මේකෙන් වෙන්න දිග වෙබ් ලිපින  කෙටි කරනවා.. හැබැයි මේකෙන් වෙබ් ලිපින වලට ආරාක්ෂාවත් සපයනවා.. ඒ කිව්වේ කෙටි කරපු වෙබ් ලිපිනයේ Phishing වගේ වෛයිරස් තිබ්බොත් අල්ලනවා... ම්ම්ම්... තාමත් තේරුනේ නැත්තම් කෙටි කරලාම බලන්නකෝ...

වෙබ් අඩවියට මෙතන ඔබන්න

Web Cam Max - Webcam එකෙන් වැඩ දාන්න

ඔන්න අද දෙන්න යන්නේ තවත් අලුත් මෘදුකාංගයක්.. නම තමයි Web Cam Max. මේකෙන් වෙන්නේ අපි Skype හරහා වගේ ඇමතුමක් ලබාගද්දි අපේ පින්තුරේට එක එක Effects, Faces, Emoctaions එහෙම දාන එකයි.

ඔය ඉහල පින්තුරේ වගේ Effects එකසිය ගානක් අපිට දාගන්න පුලුවන්.. තව ඕනේනම් අපිට අලුතෙන් ඇතුල් කරගන්නත් පුලුවන්..


ඔයගොල්ලොන්ට මේක Webcammax අඩවියෙන්ම බාගන්න පුලුවන්..හැබැයි Trail තමයි..

 වෙබ් අඩවියෙන් බාගන්නවානම් මෙතන ඔබන්න..

ඔයා‍ලට මුලු වර්ශන් එකම ඕනේනම් පහත දිලා තියෙන ටොරන්ට් එක බාගන්න..

Click Here To Download Torrent

Software එකේ දිලා තියෙන Effects වලට අමතරව තව Effects දාගන්න ඕනේ නම් මෙතනින් යන්න..

ඉතින් මෘදුකාංගය ගැන හිතෙන දේ ඔය පහල තියෙන සුදු කොටුවේ වචනේකින් හරි කියලා යන්න අමතක කරන්න එපා...

Google PageRank ගැන සරලව

ඔන්න අද කට්ටියට කියන්න යන්නේ තවත් වැදගත් වෙයි හිතෙන දෙයක් ගැන.. ඒ තමයි Google Page Rank ගැන.. මට මේක මතක් වුනේ ඊයේ , ඊයේම මේ බ්ලොග් එ‍කේ තත්වේ බැලුවා Page Rank 2ක්... හ්ම්ම්ම්...නරකමත් නැ... ඉතින් දැන් මම මේ Google Page Rank ගැන කෙටි හැදින්විමක් හා මේක බලාගන්න හැටි කියන්නයි යන්නේ...

හරි අපි එහෙනම් අපි බලමු මොකක්ද මේ Google Page Rank කියන්නේ කියලා,


Google වර්තමානයේ ලොව හොදම සහ වේගවත්ම සෙවුම් යන්ත්‍රය බව හැමෝම දන්නවානේ.. ඉතා කෙටි කලක් තුල මේ තරම් ගමනක් Google ට එන්න හැකි වුනේ කොහොමද? මොකක්ද මේකේ රහස? රහස තමයි මේ Google Page Rank තාක්ෂණය.. මේකට PR Technology කියලත් කියනවා. 1995 දි  Larry Page විසින් Stanford විශ්ව විද්‍යාලයේ කරන ලද සොයගැනීමක් තමා 1998 දිSergey Brin සමග Google යන නමින් මේ සෙවුම් යන්‍ත්‍රය බිහිවුනේ..

මෙම සෙවුම් යන්ත්‍රය එහි සෙවුම් පද (Key words) සමග පෙළ ගැසීමේදී (Search Index) අනුගමනය කල ක්‍රමය තමා මේ PageRank කියලා කියන්නේ...ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ නේද? 

අපි මේ ගැන තව ටිකක් ක‍තා කොලොත්,

ගොඩක් ජනප්‍රිය හා ගුණාත්මක භාවයෙන් වැඩි වෙබ් අඩවි සදහා මේ Google Page Rank 7-10 ත් අතර අගයක් ලබාදෙනවා..

සාමාන්‍යයෙන් හොද මට්ටමේ වෙබ් අඩවි වලට Google Page Rank 3-6 ත් අතර අගයක් ලබාදෙනවා..

සාමාන්‍ය මට්ටමේ වෙබ් අඩවි වලට Google Page Rank 0-3 ත් අතර අගයක් ලබාදෙනවා..

දැන් අපි බලමු මේ Google Page Rank පරික්ෂා කරගන්න පුලුවන් ක්‍රම ගැන

  •  ගුගල් ටුල්බාර් වැන ඇඩෝනයකින් අපිට පුලුවන් පරික්ෂා කරගන්න..
  • එහෙමත් නැතිනම්, Page Rank Checker වැනි වෙබ් අඩවියකින් කරගන්නත් පුලුවන්...
පහල තියෙන්නේ අපි වැඩි වශයෙන් භාවිතා කරන වෙබ් අඩවි වල Google Page Rank ස්ථානයි

Google.com - PR 10 
Facebook.com - PR10
Wordpress.com - PR 9
Blogger.com - PR 8

කට්ටිය හිතයි Page Rank එක වැඩි වෙලා මොනවා කරන්නද කියලා!

  • Google සෙවුම් යන්ත්‍රයේ පෙළ ගැසීම්(Search Index)වල ඉදිරියට පැමිනීම
  • Google Adsense දැන්වීම් මගින් ලැබෙන ආදායම ඉහල යාම හා දැන්විම් ඉක්මණින් ලැබිම
  • වෙබ් අඩවියේ ගුණාත්මකභාවය වැඩිවීම
මම මේ ලිපියෙන් හැදුවේ මේ Page Rank කියන්නේ මොකක්ද, එය බලාගන්නේ කොහොමද හා එයින් ලැබෙන වාසි ගැන කතා කරන්නයි.. මොකද ලංකාවේ ගොඩක් වෙබ් අඩවි හදන අය මේ Page Rank ගැන තියෙන දැනිම අඩුයි.. සමහරක් විට ගොඩක් අය (හැමෝම නෙමෙයි) අද වෙන්න ඇති මොකක්ද මේ Page Rank කියන්නේ කියලා දැනගත්තේ... තවත් මේ ගැන තොරතුරු ඕ‍නේ නම් Wikipidia අඩවියෙන් බලාගන්න පුලුවන්..

Wikipidia ලිපිය බලන්න මෙතන ක්ලික් කරන්න..

එහෙනම් මම යනවා...මම හිතන්නේ Page Rank ගැන පොඩි හරි දැනුමක් එන්න ඇති... යන ගමන් ඔබේ අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා..

Virus Total - Virus වලින් ඔන්ලයින්ම බේරෙන්න

ඔන්න මුණුපොතේ කිව්වා වගේම ගොඩක් වටින වෙබ් අඩවියක් ගැන කියන්නයි යන්නේ...මේකනම් ඇත්තටම ගොඩක් වටින අඩවියක්.. මේක හරියට Online Virus Guard එකක් වගේ.. එක Guard එකක් විතරක් නෙමෙයි Guard 42ක එකතුවක්.. ඒ කියන්න අපේ ෆයිල් එකක් Guard 42 කින් Scan කරලා දෙනවා...කොහොමද වැඩේ???? පහල තියෙන්නේ Guard වල ලිස්ට් එක..
  • AhnLab-V3 
  • Emsisoft
  • AntiVir 
  • eSafe
  • Antiy-AVL 
  • eTrust-Vet
  • Authentium  
  • F-Prot
  • Avast  
  • F-Secure
  • Avast5  
  • Fortinet
  • AVG  
  • GData
  • BitDefender 
  • Ikarus
  • CAT-QuickHeal  
  • Jiangmin
  • ClamAV  
  • K7AntiVirus
  • Comodo 
  • Kaspersky
  • DrWeb  
  • McAfee
  • McAfee-GW-Edition
  • Microsoft
  • NOD32
  • Norman
  • nProtect
  • Panda
  • PCTools
  • Prevx
  • Rising
  • Sophos
  • Sunbelt
  • SUPERAntiSpyware
  • Symantec
  • TheHacker
  • TrendMicro
  • TrendMicro-HouseCall
  • VBA32
  • ViRobot
  • VirusBuster

අනික ඕවා හැමදාම යාවත්කාල (Update) වෙනවා. ඒ වගේම ඕවා වල අලුත්ම වර්ශන් එක තමයි තියෙන්නෙත්...

අඩවියේ නම තමයි Total Virus.com


අපි දැන් බලමු මේක පාවිච්චි කරන්නේ කියලා!!

1. මුලින්ම මෙතනින් මෙම වෙබ් අඩවියට යන්න.

2. මුල් පිටුවෙම තියෙනවා Choose File කියලා ෆයිල් අප්ලෝඩ් කරන්න තියෙන තැනක්..එතනින් Scan
කරගන්න ඕනේ ෆයිල් එක තෝරලා දෙන්න..


උපරිම අප්ලෝඩ් කරන්න පුලුවන් 20MB දක්වා ෆයිල් පමණි..

3. මෙතනින් ගිහින් වෙබ් අඩවි Scan කරගන්න පුලුවන්..


දැන් අපිට ඔය වෙබ් සයිට් එකට ගිහිල්ලාමනේ ඔය වැඩේ කරගන්න තියෙන්නේ...ඒක ටිකක් එපා වෙන වැඩක්..ඉතින් ඒකටත් එගොල්ලෝ පිළියමක් දිලා තියෙනවා.. ඒ තමයි,

VT Uploader


මේකෙන් පුලුවන් අපේ පරිගණකයේ තියෙන ෆයිල් එකක් උඩ Right Click කරලා Send To විධානයෙන් අර ෆයිල් එක Scan කරගන්න...



අනිත් ගැජට් එක තමයි... අපි ෆයිල් එකක් අන්තර්ජාලයෙන් බාගන්නවා නම් බාගන්න කළින් මේකෙන් Scan කරගන්න පුලුවන්...


මේකේ තව වැඩකැලි තියෙනවා... සයිට් එකට ගිහිල්ලාම බලන්නකෝ...

තාමත් අපේ මුණුපොතේ මිතුරු පිටුවට එකතු වුනේ නැත්තම් මෙතන ඔබලා එකතු වෙන්න...

එහෙනම් මම යනවා..අදහසක් දාන්නත් අමතක කරන්න එපා...

pLan - අතිශයින්ම ගේම් පිස්සන්ට විතරයි

අද ඔන්න උදේ පාන්දරම ගේම් පිස්සන්ට මරු භාණ්ඩයක් දෙන්න යන්නේ.. අපි සමාන්‍යයෙන් ‍කාර් ගේම් එකක් වගේ ගහද්දදි අපි විතරයි ගහන්නේ..නැත්තම් පරිගණකය Network කරලා ‍තියෙනවානම් යාලුවෝ දෙන්නෙක් එක්ක ගහන්න පුළුවන්.. ඒත් දැන් මම කියන්න යන්නේ පිටරට ඉන්න ගේම් කාරයොත් එක්ක ලංකාවේ ඉදන් Play කරන හැටි..

මුලින්ම ඔයගොල්ලෝ පහල තියෙන කුඩා මෘදුකාංගය බාගන්න.

Password - pLan

බාගත්තාට පස්සේ එක Desktop එකට Extract කරගන්න.. දැන් pLan.exe කියන එක Run කරන්න.. දැන් ඒක ඕපන් වෙලා තත් 3ක් වගේ කාලයක් යද්දි එක System Tray එකට යනවා..


දැන් එක උඩ Right Click කරලා Internet කියන එක තෝරන්න..


දැන් ආයිත් එක උඩ Left Click කරලා මෘදුකාංගය ඕපන් කරගන්න.. දැන් එකෙන් Notification කියන ‍තෝරන්න. එතනින් ඔයාට ගහන්න ඕන ගේම් එක Select කරන්න. (ඔයා තෝරන ගේම් එක ඔයාගේ පරිගණකයේ තියෙන්න ඕනේ)


දැන් ගේම් එක ඕපන් කරන්න ඕන.. ඊට පස්සේ ඔයාගේ ගේම් එකේ Menu එකේ තියෙන්න LAN Play කියලා එකක්...එකෙන් තමයි Play කරන්න ඕනේ...

ඔයා Download කරපු එකේ පින්තුර ටිකක් ඇති මේක Most Wanted Game එකට කරන හැටි..ඒක බලලා අනිත් ඒවා තේරුම් ගන්න පුලුවන්..

හැබැයි ගේම් නම් පිටරට එවුන් එක්ක ගහන්න තියා හිතන්නවාත් බැ... හිහි

අදහසක් දාලාම යන්න

eType - අපිව සම්පුර්ණ කරයිද?

කොහොමද කට්ටියට?? කාලෙකින් ලිපියක් ලියන්න ආවා. අදත් ඔය කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙන මෘදුකාංගයක් ගැන කියන්නයි යන්නේ.. මාත් මේක දැක්කේ අන්තර්ජාලයේ ඇඩ් එකකිදි.. ඔයගොල්ලොත් මේක සමහරවිට දැකලා ඇති..

eType තමයි මෘදුකාංගයේ නම. ඉංග්‍රිසි දැනුම අඩු අයට හොද මෘදුකාංගයක්.. මේක ඉංග්‍රිසි දන්න අයටත් වටිනවා ඕං..


මේකෙන් වෙන්නේ අපි දැන් ඉංග්‍රිසි ලිපියක් ටයිප් කරනවා කියලා හිතමුකෝ. ඕකේදි අපිට ඉංග්‍රිසි වචනයක් හරි වැරදෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. ඒ වගේ වේලාවට තමයි මේයා පිහිට වෙන්නේ.. මේක ඕං මුණුපොතේ චැට් කරන අයටත් හොදයි.. තාම මේ කියන එක තේරුනේ නැත්තම් පහල විඩියෝ එක බලන්නකෝ...එතකොට තේරෙයි...



මේක හැම වෙබ් අඩවියක් සහ සෑම මෘදුකාංගයක් සමගම හොදින් වැඩ කරනවා.. පහල තියෙන්නේ වැඩ කරන වෙබ් අඩවි හා මෘදුකාංග කිහිපයක්...


ඉතින් මොකෝ හි‍තෙන්නේ මේ ගැන...‍ හොදයි වගේ නේද??? බල බලා ඉන්න ඕනේ නැ..දැන්ම බාගන්න... 426KB වගේ සයිස් එක.. මේක අනික ‍නොමිලේ දෙන මෘදුකාංගයක්..

බාගන්න ඕන අය පහල තියෙන බොත්තම ඔබන්නකෝ...


ලිපිය හොදනම් අදහසක් දාලාම යන්න අමතක කරන්න එපා... අනික් කාරණය ඔය පහල තියෙන බැනරය.. ගිහිල්ලාම බලන්නකෝ...මේකනම් අර DL BUX ව‍ගේ නෙවෙයි ඕං..  (Domain එකක් පරිත්‍යාග කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න)


කැමති අය එකතු වෙන්නකෝ... එහෙනම් මම ගියා...

Snaptu - eBuddyට ගහයිද?

කොහොමද කට්ටියට? මකුළු දැල් එකයි බ්ලොග් එකේ.. මම මේ දවස් ටිකේ බ්ලොග් එක Close කරලා තිබ්බේ.. මොකද දන්නවාද? තිම් එකක් එහෙම දාලා ලස්සනට හදාන්න.. කොහෙද හිතට හරියන තිම් එකක් තිබ්බේ නැ.. පස්සේ තිබ්බ එකම දාලා බ්ලොග් එක Open කළා.

අද පොස්ට් එකෙන් මම කියන්න යන්නේ මොබයිල් එකෙන් මුණුපොතට, ටුවිටරේට යන අයට හොද මෘදුකාංගයක්. ගොඩක් අය භාවිතා කරන්නේ eBuddy, Nimbuzz වගේ ඒවානේ.. මාත් මේක දාගත්තේ මගේ මොබයිල් එකේ eBuddy, Nimbuzz වගේ ඒවා වැ‍ඩ කළේ නැ එකයි..

Snaptu තමයි මෘදුකාංගයේ නම. මේකත් Mobile Messanger ඝනයේ මෘදුකාංගයක්.  eBuddy, Nimbuzz වගේම අඩු මුදලක් තමයි මේකෙන් ඉන්ටර්නෙට් යද්දි කැපෙන්නේ.


ඒ විතරක් නෙමෙයි. මේකෙන් Picasa, News & Blogs, Weather, Sports News, Cricket Info වගේ ඒවාට යන්නත් පුළුවන්.

අනික මේ මෘදුකාංගය හැම දුරකථනයකටම වැඩ කරනවා. ඒ වගේම ගොඩක් වේගවත්. ඒ නිසා අපේ කාලය හා මුදල් ඉතිරි කරනවා..



තව මේකේ Menu එක ආධුනිකයෙකුට භාවිතා කරන්න පුලුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක නිසා අළුත් අය බය වෙන්නේ නැතුව යන්න. අපිට මේ Menu එකට තවත් එක් එක් ඇප්ලිකේෂන් ඇතුල් කරගන්න පුළුවන්.

උදා - Youtube, Gtalk 

කට්ටිය මේකත් ට්‍රයි කරලා බලන්න.. අනිවා කැමති වෙයි.. කට්ටිය m.snaptu.com කියන අඩවියට ඔයාගේ දුරකථ‍නයෙන් ගිහිල්ලාම බාගන්න. පරිගණකයට බාගන්න ඕනේ නම් මෙතන ඔබන්න..

කට්ටියට මේ ගැන වැඩි දුර තොරතුරු හරි, ප්‍රශ්න හරි තියෙනවා නම් පහල ලිංක් දෙකෙන් යන්න...



Winamp සහ Orbit Downloader පොටර්බල් මෘදුකාංග දැන්ම බාගන්න

කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි වුනානේ..ඔන්න ඒ හින්දා අද දැනට ලෝකයේ ගොඩක් දෙනා භාවිතා කරන ‍මෘදුකාංගයක් දෙන්න හිතුවා.. අලුත් දෙයක් නෙමෙයි... Winamp කියන මෘදුකාංගයේ අලුත්ම වර්ශන් එක..නිකං මෘදුකාංගය නෙමෙයි.. Portable මෘදුකාංගය..

ඉන්ටර්නෙට් රෙඩි‍යෝ එහෙම කරනවානම් මේකෙන් තමයි කරන්නේ.. අනික Portable නිසා පරිගණකය ස්ලෝ වෙන්නෙත් නැ.. 

දැන්ම කට්ටිය ඩවුන්ලෝඩ් කරගන්න..


මෙන්න බෝනස් මෘදුකාංගය (හිහි) - Orbit Downloader Portable 

මේකත් ඉතාමත් හොද Internet Download Manager මෘදුකාංගයක්. මේකත් ගොඩක් අය දැනට භාවිතා කරනවා. මේක බාගන්නවානම් පහල ලිංක් එක ක්ලික් කරන්න... 

බ්ලොගයට Random Ad Banners දාමු.

සුභ උදැසනක් කට්ටියට! කොහොමද ඉතින්? මම අද තවත් ඔයගොල්ලන්ට වටින ගැජට් එකක් ගෙනවා. එහෙනම් අපි බලමු මොකක්ද මේ කියලා.



ගොඩක් බ්ලොග් ලියන අය තමන්ගේ බ්ලොග් එකේ අනිත් සහෝදර බ්ලොග් කරුවන්ගේ ඇඩ් එකක් දාගෙන ඉන්නවානේ. ඉතින් අපි මුලින්ම ඇඩ් 4න් පටන් ගත්තාට පස්සේ පස්සේ වෙද්දි ඇඩ් 8ක් වගේ ඒනවා. එතකොට බ්ලොග් එකේ ඉඩත් යනවා වැඩිනේ. අන්න ඒකට තමයි මේ අලුත් ගැජට් එක තියෙන්නේ. මමත් මේක දාගෙන ඉන්නේ. මේක වෙන මොකුත් නෙමෙයි අපේ බ්ලොග් එකට දාලා තියෙන ඇඩ්ස් මාරුවෙන් මාරුවට පෙන්නන එක. ඒ කියන්නේ එක Ad Slot එකකට දැන්විම් 2ක් දාන්න පුළුවන්. මේක වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේනම් මගේ බ්ලොග් එකේ ඇඩ් දාලා තියෙන තැන බලන්නකෝ.

හරි. අපි දැන් මේක කරන හැ‍‍ටි බලමු.

මුලින්ම බ්ලොග් වල Design Tab එකට යන්න.
දැන් Add a Gadget බොත්තම ඔබන්න.
දැන් HTML/JAVASCRIPT බොත්තම ඔබලා පහල තියෙන කෝඩ් එක එතනට පේස්ට් කරන්න.

<div align="center">
    <table border="0"  cellpadding="2" cellspacing="6" width="265" bgcolor="#ffffff">
    <tbody><tr>
    <td><center>

    <!--  BANNER#1  -->

    <script language="JavaScript">
    images = new Array(2);

    images[0] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-1' border='0' height='125' width='125' alt='AD DESCRIPTION'></a>";

    images[1] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-2' border='0' height='125' width='125' alt='AD DESCRIPTION'></a>";

    index = Math.floor(Math.random() * images.length);
    document.write(images[index]);
    </script>

    </center></td>

    <td><center>

    <!--  BANNER#2  -->

    <script language="JavaScript">
    images = new Array(2);

    images[0] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-1' border='0' height='125' width='125' alt='AD DESCRIPTION'></a>";

    images[1] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-2' border='0' height='125' width='125' alt='AD DESCRIPTION'></a>";

    index = Math.floor(Math.random() * images.length);
    document.write(images[index]);
    </script>

    </center></td>
    </tr>
    <tr>

    <td><center>

    <!--  BANNER#3  -->

    <script language="JavaScript">
    images = new Array(2);

    images[0] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-1' border='0' height='125' width='125' alt='AD DESCRIPTION'></a>";

    images[1] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-2' border='0' height='125' width='125' alt='AD DESCRIPTION'></a>";

    index = Math.floor(Math.random() * images.length);
    document.write(images[index]);
    </script>

    </center></td>

    <td><center>

    <!--  BANNER#4  -->

    <script language="JavaScript">
    images = new Array(2);

    images[0] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-1' border='0' height='125' width='125' alt='AD DESCRIPTION'></a>";

    images[1] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-2' border='0' height='125' width='125' alt='AD DESCRIPTION'></a>";

    index = Math.floor(Math.random() * images.length);
    document.write(images[index]);
    </script>

    </td></center>

    </tr>

    </tbody></table>

    <table border="0" bordercolor="#0084ce" cellpadding="2" cellspacing="6" width="265" bgcolor="#ffffff">
    <tbody>
          <tr>
           <td><center><a href="URL OF ADVERTISER" rel="nofollow"><img width="265" height="37" border="0" alt="Advertise Now!" src="URL OF BANNER’S IMAGE" /></a></center></td>
          </tr>

        </tbody></table>

    </div>


වැදගත් - ඔය කොළ පාටින් තියෙන ඒවා වෙනස් කරන්න ඕනේ. අන්තිමට තියෙන රතුපාටින් තියෙන කෝඩ් එකත් වෙනස් කරන්න පුළුවන්.

දැන් ඔයාගේ බ්ලොගයටත් Random Ad Banners Widgets එකක් තියෙනවා. අදහසකුත් දාලාම යන්නකෝ.

Infolinks වලින් වැඩ කරමු - අවසන් ලිපිය


Infolinks වලින් වැඩ කරමු දෙවැනි ලිපිය දාන්න ප්‍රමාද උන එක ගැන සමාවෙන්න. මම හිතන්නේ කට්ටියටම Infolinks Activation Mail එක ඇති. හ්ම්ම්ම්...තාමත් මේල් එක ආවේ නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. ආයිත් උත්සහා කරලා බලන්නකෝ. තාම කට්ටිය Infolinks වලින් වැඩ කරමු පළමු ලිපිය කියෙව්වේ නැත්තම් පහල ලිංක් එකෙන් ගිහිල්ලා බලන්න.
Infolinks වලින් වැඩ කරමු - පළමු ලිපිය >>

හරි. දැන් හැමෝම Infolinks වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාගේ අකවුන්ට් එකට ඇතුල් වෙන්න. දැන් ඔයාට පහත විදිහේ තිරයක් ලැබෙයි. (පළමු පින්තුරය බලන්න)

පළමු පින්තුරය
ඔතන තමයි ඔයාගේ අකවුන්ට් එක හම්බුවුන මුදල් ප්‍රමාණය, ක්ලික්ස් ප්‍රමාණය, Impression ප්‍රමාණය එහෙම පෙන්නන්නේ.

මම ඔයාට කිව්‍වානේ අපි රෙජිස්ටර් වෙද්දි අපේ වෙබ් අඩවිය විදිහට ඉංග්‍රිසි සයිට් එකක් දෙන්න කියලා. දැන් හදන්නේ අපි ඒක අපේ සිංහල බ්ලොගයට ඇඩ් කරගන්නයි. ඒක කරගන්න පහළ තියෙන විදිහට කරන්න.

මුලින්ම My Account කියන කොටසට යන්න (දෙවැනි රුපය බලන්න)


දෙවැනි රුපය


දැන් එන තිරයේ Add Websites කියන කොටසට යන්න. (තුන්වැනි රුපය බලන්න)





ඔතනදි ඔයාගේ බ්ලොග් එකේ විස්තර දිලා Submit බොත්තම ඔබන්න. ‍බ්ලොග් එක ඇඩ් වෙන්න ටික දවසක් යන්නට ඉඩ තියෙනවා.
දැන් අපි බලමු අපිට ලැබෙන ඇඩ්ස් අපිට අවශ්‍ය ලෙස සකසාගන්න හැටි ගැන.

ඒකට ඔයා මුලින්ම  Integration Guide කියන කොටසේම තියෙන Advanced Integration Wizard කොටසට යන්න ඕන. (හතරවැනි රුපය බලන්න)


හතරවැනි රුපය
එම කොටසේ තියෙන කොටස් ගැන පහත පැහැදිලි කරලා තියෙනවා.

Highlight Color 
හයිලයිට් කලර් කියන්නේ අපේ ලිපියේ ඇඩ් ‍එක වැටෙන ටෙක්ස්ට් එක හයිලයිට් වෙන්න ඕන පාටයි.

Double/Dotted Underline 
මෙමගින් පුලුවන් ඇඩ් එක වැටෙන ටෙක්ස්ට් එක යටින් ඉරක් ඇදලා තියෙනවා වගේ දාන්න. හරියට අපි අපේ පෝස්ට් එක ලිංක් කළා වගේ. ඒ ගොල්ලෝ නම් කියලා තියෙන Double කියන ක්‍රමය තියන්න කියලා. ඒ හින්දා ඒක තියන්න.

Max Allowed Number of Highlighted Links per Page 
මෙමගින් කරන්නේ අපේ පොස්ට් එකකට කොච්චර ඇඩ්ස් පෙන්නන්ද කියලා. එගොල්ලෝ උපරිම දිලා තියෙන්නේ ඇඩ් 12 යි.

Content Category 
මෙමගින් කරන්නේ අපේ බ්ලොගයේ පෙන්නන්න ඕන ඇඩ්ස් වර්ගය ගැනයි. ඒ කියන්නේ කාර් ගැනද, අන්තර්ජාලය ගැනද, සෞඛ්‍ය ගැනද වගේ දේවලුයි.

මේ ක්‍රියාකාරකම් වල Live Demo එකක් දකුණු පසින් බලාගන්නත් පුළුවන්. ඒ හින්දා කිසි අපහසුවකින් තොරව වැඩේ කරගන්න පුළුවන්.

සියල්ල කරාට පස්සේ පිටුවේ යටම තියෙන කියන එකට හරි ලකුණ දාලා Save කියන නිල්පාට බොත්තම ඔබන්න.

දැන් අපි බලමු මේකෙන් මුදල් ගෙන්න ගන්න පුළුවන් ක්‍රම ගැන

1. Payoneer Prepaid Mastercard කාඩ් එකක් මගින්.. ඔයාට කාඩ් එකක් ගන්න ඕනේ නම් මෙතන ඔබන්න. 

2. Paypal Account එකක් මගින්. 

3. Check හෝ බැංකුවක් මගින්.

ඔය ක්‍රම වලින් 1 සහ 2 යන ක්‍රම පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මොකද බැංකුවකට ගෙන්න ගන්නවා කි‍යන්නේ මහා පිස්සු වැඩක්. කොහොමත් ලංකාවට එක භාවිතා වෙන්නේ නැ..

මම දැන් කියන්නම් කොහොමද Paypal Account එකක් එකක් Infolinks වලට ඇඩ් කරන්නේ කියලා.

මුලින්ම My Account කියන එකට යන්න. ( දැනටමත් එකට යන්න දන්න හින්දා පින්තුර දාන්නේ නැ හොදේ)
දැන් ඔයාට පහත ‍වගේ තිරයක් ලැබෙයි. එතනින් Payment Details කියන එක ඉස්සරහා තියෙන Edit බොත්තම ඔබන්න. (පස්වැනි රුපය බලන්න)

පස්වැනි රුපය
දැන් පහත වගේ තිරයක් ලැබෙයි. එකෙන් Paypal Account කියන එක තෝරලා ඔයාගේ Paypal Account එකේ මේල් එක දෙන්න. දිලා සේව් කරන්න. (හයවැනි රුපය බලන්න)

හයවැනි රුපය
අපි දැන් සියල්ල හදාගෙන ඉවරයි. ලිපි ටිකත් ඉවරයි. ඔයාලත් Autoblog එකක් වගේ හදනවානම් Infolinks  ලැබෙයි. කට්ටියම Autoblog හදන්න ඕනේ නම් මෙතන බලන්න. 

මගේ මේ බ්ලොග් එකට නම් දැන්ම ඇඩ්ස් ඇඩ් වෙලා වගේ...දැන් විශ්වාසයි නේද?

අනිත් කාරණය කට්ටිය ඇඩ්සෙන්ස් වලට ට්‍රයි කරනවානම් හොද ට්‍රැෆික් එකක් තියෙන්න ඕනේනේ. ඒකට අපේ බ්ලොග් එක Google,Yahoo,Bing වගේ ඒවාට විතරක් ඇඩ් කරලා මදි. මුළු ලෝකෙන්ම කට්ටිය ගෙන්න ගන්න මෙන්න ‍ලේසිම විදිහ. 

ලොකේ පුරා තියෙන හැම සර්ච් එන්ජින් එකකටම බ්ලොග් එක ඇඩ් එක කරගන්න 


මේකට ඩොමේන් එකක් දෙන්න කැමති අය ඉන්නවානම් කියන්න. අනික මේකේ නැති සර්ච් එන්ජින් තියෙනවානම් කියන්න ඒවත් දාන්නම්...

ලිපියේ අඩුපාඩු, ඔබේ අත්දැකිම් එහෙමත් අපිත් එක්ක බෙදාගන්න