සමාවෙන්න ඕනේ මේ පොස්ට් එක දාන්න පරක්කු උනාට. මේ‍ක උදේ දාන්න හිටියේ. ඒත් ඒකට වැස්ස හරස් උනා. තව කුප්පියක් ලියන්න තිබ්බත් වැස්ස ෂුවර් නැති නිසා ඒ කුප්පියත් මේ කුප්පියත් එක්කම ලියලා දාන්නම්. එහෙනම් අපි වැඩේට බහිමු. අපි ගිය සැරේ පොස්ට් එකෙන් කතා කළේ RssInclude කියන වෙබ් අඩවිය ගැනනේ. කට්ටිය ඒ පොස්ට් එක බැලුවේ නැත්තම් මෙතන ඔබන්න. කට්ටිය ඒ පොස්ට් එකේ මම දීලා තිබ්බ ෆයිල් එකත් බාගන්න ඇති කියලා හිතනවා. හරි. එහෙනම් ඒ ඔක්කොම එක තැනකට අරගෙන වැඩේ පටන් ගමු.


1. මුලින්ම ඔයා කලින් පොස්ට් එකේදි බාගත්ත ෆයිල් එක ඕපන් කරන්න.

2. එකේ ඔයාට  icon.png, icon_128.png, manifest.json, style.css, trixhunter.html කියලා ෆයිල්ස් 5ක් දැකගන්න  ලැබේයි.

3. මුලින්ම trixhunter.html කියන එක ඔයාලගේ බ්ලොග් එකේ නමින් Rename කරගන්න. (yoursitename.html)

4. දැන් ඒ ෆයිල් එක Notepad ආධාරයෙන් ඕපන් කරගන්න.

5. එකේ <td> <td> කියන කෝඩ් දෙක අතරේ තියෙන javascript එක අයින් කරන්න.

6. ඊට පස්සේ එතනට අර මම කලින් පොස්ට් එකේ කිව්වා වගේ අර සයිට් එකෙන් අපිට ලබාදෙන කෝඩ් එක එතනට පේස්ට් කරන්න ඕනේ. දැන් ඒ ෆයිල් එක සේව් කරගන්න.

7. දැන් manifest.json කියන ෆයිල් එක Notepad ආධාරයෙන් ඕපන් කරගන්න. එකේ Name, Description වගේ තැන් වෙනස් කරන්න. එකේම තියෙන popup කියන තැනට අපි කළින් හදාගත්ත html ෆයිල් එකේ නම දෙන්න ඕනේ. දැන් ඒ ෆයිල් එකත් සේව් කරගන්න.


8. දැන් ඔයගොල්ලෝ icons 2ක් හදාගන්න ඕන. ඒ දෙකම .png විදිහට හදාගන්න ඕන. මුල්ම අයිකොන් එක 128x128 px සයිස් එකට හදලා ඒක icon_128.png විදිහට ඔයාලගේ අර ෆයිල්ස් තියෙන ෆොල්ඩර් එකේම තියාගන්න. අනිත් එක 19x19 px සයිස් එකට හදලා ඒක icon.png කියලා සේව් කරගන්න.


ඔයාට අයිකොන් හදන්න ආමාරු නම් මේ අඩවියේ වල බලන්න - http://www.iconarchive.com/

9. දැන් අපි ඔක්කොම ෆයිල්ස් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපේ ෆයිල්ස් ටික Chrome Extension එකක් විදිහට හදාගන්න එක.

10. ඒකට මුලින්ම මේ ලිංක් එක ක්ලික් කරන්න. ඒකේ උඩම දකුණු පැත්තේ තියෙන Developer Mode කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට බට්න් 3ක් දැකගන්න පුලුවන්. එකෙන් Load unpacked extension කියන බොත්තම ඔබලා ඔයාලා හදාගත්ත ෆයිල්ස් තියෙන ෆොල්ඩරය තෝරන්න.

දැන් ඔයාගේ extension එක ඔයාගේ browser එක ස්ථාපනය වෙනවා. දැන් ඉතින් ඔයාගේ browser එකේ උඩම දකුණු කෙලවරේ ඔයා ‍කලින් යොදාගත්ත අයිකොන් එක වැටිලා ඇති ඒක ඔබන්න.


ඔන්න එහෙනම් අපි ‍අපේ මුල්ම Chrome Extension එක හදලා ඉවරයි. ඔය තමයි මුලික දැනුම. ඔය කෝඩ් එක අධ්‍යනය කරලා තව තව දේවල් හදන්න පුලුවන්.

දැන් ඔයා හදපු එක අනිත් අයට දෙනවානම් එක ඉස්සෙල්ලා Extension Gallery එකට දාන්න ඕන. ඒකට මෙතන ඔබන්න.


එහෙනම් ඔන්න අපේ වැඩේ ඉවරයි. දැන් ඔයාගේ වැඩේ. ඔයාත් මේ වගේ එකක් හැදුවානම් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. අදහසක් දාන්නත් අමතක කරන්න එපා. අපහැදිලි තැනක් තියෙනවානම් කියන්න.