Showing posts with label Trix Hunter. Show all posts
Showing posts with label Trix Hunter. Show all posts

Mediafire වලින් ගින්නක් නැතුව අපිට ඕනේ ෆයිල් හොයමු

කාලෙකින් ඔයාලට නියම වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටිය ගේම්, සොෆ්ට්වෙයාර් එහෙම Torrent වලින් නැතුව Mediafire, Hotfile වගේ File Sharing වලින් බාන්න කැමති. හැබැයි ලොකුම අවුල තමා කොහොමද අපිට ඕන මෘදුකාංග එහෙම Mediafire, Hotfile වලින් හොයාගන්නේ කියලා.. හැබැයි ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා.



  • මුලින්ම ඔයාලා Google එකට යන්න
  • දැන් ඔයාලා මෙන්න මෙහෙම ඕකේ ටයිප් කරන්නකෝ

   site:mediafire.com "Filename with extension"
site:mediafire.com brokenangel-arash.mp3




  • දැන් ඔහොම ටයිප් කරලා එන්ටර් කරලා බලන්නකෝ
  • දැක්කනේ ලිස්ට් එකක්ම ආවා නේද?
  • ඔය වගේ අපිට වෙන අඩවියකත් හොයන්න පුලුවන්
   site:hotfile.com "Filename with extension"
   site:hotfile.com brokenangel-arash.mp3

  • වැඩේ ගොඩ නේද? අවුලක් ආවොත් කියන්න. දැන් ඉතිං Mediafire ලිංක්ස් දාඩිය දාගෙන හොය හොයා හිටපු කාලේ ගියා..
වැඩේ හොඳනම් කමෙන්ට් එකක් එහෙම දාලාම යන්න

මුණුපොතට GIF දාන්න ( Exclusive From TrixHunter )

කොහොමද කස්ටියට... මම නම් හොදින්.. ඔන්න අද එළකිරි වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටියම දන්නවනේ සමාන්‍යෙයන් අපට මුණුපොතේ අපේ ප්‍රෝෆයිල් එකට Animated GIF දාන්න බැ කියලා. මේක ගැන මිට අවුරුද්දකට කලින් විතර ගොඩක් කතා කළා. ඒත් පිලිතුරක් හොයාගන්න බැරි උනා. එත් ඔන්න මම පිලිතුරක් හොයාගත්තා.. මේකයි වැඩේ,



වැඩේ කරන්නේ මෙහෙමයි. මේ සඳහා අපිට මුණුපොතේ තියෙන පොඩි ඇප් එකක උදව් ගන්න වෙනවා..


හැබැයි මේකේ පොඩි පරහකුත් තියෙනවා. ඒක තමයි මේකට අපේ GIF දාන්න බැ.. එයාලා දිලා තියෙන ඒවා විතරයි අපේ ප්‍රෝෆයිල් එකට දාන්න පුලුවන්..

මෙන්න ඒ ගැන මම පොඩි විඩියෝ කට්ටකුත් කළා.. එකත් බලලාම ඉන්නකෝ..



එහෙනම් ඔයාලගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපෝ

බ්ලොග්කරණයට අවුරුද්දයි


ඔන්න අද මට හරි සතුටු දවසක් කිව්වොත් මම නිවැරදි කියලා හිතනවා. මොකද මම මේ බ්ලොග් කරණයට ඇවිල්ලා අදට හරියටම අවුරුද්දක් වෙනවා.. මේ කෙටි කාලයේදි මම ගොඩක් දේවල් දැනගත්තා, ඉගෙන ගත්තා. මම මේ අවුරුද්දක කාලය පුරාවටම ඔයාලාට වැදගත් වෙන තාක්ෂණික ලිපි ගෙනවා.. ඉදිරියටත් එහෙමයි.. ම්ම්ම්... අපි ටිකක් අතීතයට ගියොත් මම සිංහල බ්ලොග් කරණය ගැන දැනගත්තේ අහම්බෙන්.. මම මුලින්ම දැනගත්තේ සිංහල බ්ලොගර් සංසදය තමයි. ඊට පස්සේ මම එතනින් හැම බ්ලොග් එකක් වගේම කියවන්න පටන් ගත්තා.. ඔය කියවන අතර මටත් හිතුනා මේ වගේ බ්ලොග් එකක් පටන් ගන්න. ඊට පස්සේ මම පොඩ්ඩක් ඒ ගැන හොයලා බැලුවා.. එතකොට තමයි දැක්කේ සිංහල බ්ලොගර් සංසදයේ බ්ලොග් එකක් පටන් ගන්න කැමති අයට ලියලා තියෙන උපකාරක ලිපිය දැක්කේ.. ඊට පස්සේ මම ඒකෙන් බලලා Wordpress බ්ලොග් අඩවියක් හැදුවා.. ඒ වෙබ් අඩවිය තාමත් තියෙනවා.. ඒක බලන්න ‍පහල ලිංක් එකට යන්න. මම එකේ ලිපි ගොඩක් මේකේ දාලා තියෙනවා.. (නම නම් නිකං පිස්සුවක් වගේම තමයි)

Wordpress බ්ලොග් අඩවිය

ඔය ඉන්න අතරේ මම බලපු ගොඩක් බ්ලොග් හදලා තිබ්බේ බ්ලොගර් උඩ. ඉතින් මම මගේ වර්ඩ්ප්‍රේස් බ්ලොග් අඩවියේ කට්ටියගෙන් ඇහුවා වර්ඩ්ප්‍රේස් ද හොද බ්ලොගර් ද කියලා, ගොඩක් අය කිව්වේ බ්ලොගර් කියලා ඉතින් නමොවිත්තියෙන් මම 2010 ජනවාරි 6 වෙනිදා බ්ලොගර් වලට මාරු උනා.. ඒක තමයි මේ තාම තියෙන්නේ...

මම මුලින්ම මගේ කලින් බ්ලොග් එකේ තිබ්බ පොස්ට් හා අලුත් පොස්ට් එහෙම දැම්මා.. කොහොම හරි මගේ මුල්ම පොස්ට් එක Facebook වලට Email මගින් Photos හා Videos දාමු ‍කියන ලිපියට කමෙන්ට් කරලා තිබ්බේ Buddhika Karunanayaka කියන කෙනා තමයි.. ඊට පස්සේ ගොඩක් අය මගේ ලිපි වලට අදහස් දක්වලා තිබ්බා..


මම කාලයක් යද්දි ගොඩක් තාක්ෂණික දේවල් ගැන දැනගත්තා.. ඒ හැම එකක්ම මම මේ බ්ලොග් එක හරහා බෙදාගත්තා.. ඒ අතරතුර මට ගොඩක් යාලුවෝ හම්බුනා. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.. 


ඉතින් මේ තරම් කාලයක් මගේ බ්ලොග් ඇවිල්ලා අදහස් දක්වලා මට දිරිය දුන් සෑම දෙනාටම මම බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා.. ඒ වගේම ඉදිරියටත් මාත් එක්කම රැදිලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා.. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්..