ඔන්න අද මට හරි සතුටු දවසක් කිව්වොත් මම නිවැරදි කියලා හිතනවා. මොකද මම මේ බ්ලොග් කරණයට ඇවිල්ලා අදට හරියටම අවුරුද්දක් වෙනවා.. මේ කෙටි කාලයේදි මම ගොඩක් දේවල් දැනගත්තා, ඉගෙන ගත්තා. මම මේ අවුරුද්දක කාලය පුරාවටම ඔයාලාට වැදගත් වෙන තාක්ෂණික ලිපි ගෙනවා.. ඉදිරියටත් එහෙමයි.. ම්ම්ම්... අපි ටිකක් අතීතයට ගියොත් මම සිංහල බ්ලොග් කරණය ගැන දැනගත්තේ අහම්බෙන්.. මම මුලින්ම දැනගත්තේ සිංහල බ්ලොගර් සංසදය තමයි. ඊට පස්සේ මම එතනින් හැම බ්ලොග් එකක් වගේම කියවන්න පටන් ගත්තා.. ඔය කියවන අතර මටත් හිතුනා මේ වගේ බ්ලොග් එකක් පටන් ගන්න. ඊට පස්සේ මම පොඩ්ඩක් ඒ ගැන හොයලා බැලුවා.. එතකොට තමයි දැක්කේ සිංහල බ්ලොගර් සංසදයේ බ්ලොග් එකක් පටන් ගන්න කැමති අයට ලියලා තියෙන උපකාරක ලිපිය දැක්කේ.. ඊට පස්සේ මම ඒකෙන් බලලා Wordpress බ්ලොග් අඩවියක් හැදුවා.. ඒ වෙබ් අඩවිය තාමත් තියෙනවා.. ඒක බලන්න ‍පහල ලිංක් එකට යන්න. මම එකේ ලිපි ගොඩක් මේකේ දාලා තියෙනවා.. (නම නම් නිකං පිස්සුවක් වගේම තමයි)

Wordpress බ්ලොග් අඩවිය

ඔය ඉන්න අතරේ මම බලපු ගොඩක් බ්ලොග් හදලා තිබ්බේ බ්ලොගර් උඩ. ඉතින් මම මගේ වර්ඩ්ප්‍රේස් බ්ලොග් අඩවියේ කට්ටියගෙන් ඇහුවා වර්ඩ්ප්‍රේස් ද හොද බ්ලොගර් ද කියලා, ගොඩක් අය කිව්වේ බ්ලොගර් කියලා ඉතින් නමොවිත්තියෙන් මම 2010 ජනවාරි 6 වෙනිදා බ්ලොගර් වලට මාරු උනා.. ඒක තමයි මේ තාම තියෙන්නේ...

මම මුලින්ම මගේ කලින් බ්ලොග් එකේ තිබ්බ පොස්ට් හා අලුත් පොස්ට් එහෙම දැම්මා.. කොහොම හරි මගේ මුල්ම පොස්ට් එක Facebook වලට Email මගින් Photos හා Videos දාමු ‍කියන ලිපියට කමෙන්ට් කරලා තිබ්බේ Buddhika Karunanayaka කියන කෙනා තමයි.. ඊට පස්සේ ගොඩක් අය මගේ ලිපි වලට අදහස් දක්වලා තිබ්බා..


මම කාලයක් යද්දි ගොඩක් තාක්ෂණික දේවල් ගැන දැනගත්තා.. ඒ හැම එකක්ම මම මේ බ්ලොග් එක හරහා බෙදාගත්තා.. ඒ අතරතුර මට ගොඩක් යාලුවෝ හම්බුනා. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.. 


ඉතින් මේ තරම් කාලයක් මගේ බ්ලොග් ඇවිල්ලා අදහස් දක්වලා මට දිරිය දුන් සෑම දෙනාටම මම බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා.. ඒ වගේම ඉදිරියටත් මාත් එක්කම රැදිලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා.. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්..