අපොයි!! උදව් කරහල්ලකෝ

කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්න ඕන. මට මුලින් කියන්න බැරි උනානේ... ඔන්න අද මොනවත් කියලා දෙන්න නම් නේමේ යන්නේ... ගොඩක් වේලාවට එදිනෙදා පරිගණක භාවිතයේදි ගැටළු මතු වෙනවානේ... මේවා ඉතින් අපි හදන්න ට්‍රයි කරනවා. බැරි උනාම යකා නැගලා කොහේට හරි ගේනියලා මොනර කොළ ටිකකුත් පුජා කොරලා එනවා... ඉතින් මේ වගේ ප්‍රශ්න විසදා ගන්න වෙනම තැනක් තියෙනවානම් නියමයි නේද? ඉතින් අපි මුණුපොතේ හැදුවා පොඩි ගෘෘප් එකක්... කෙනෙක් දන්නෙ නැති දෙයක් තව කෙනෙක් දැනගෙන ඉන්න පුලුවන්. ඉතින් මේකට එකතු වෙන්න. දන්න දේවල් කියලා දෙන්න. ඒ වගේම ඔයාලගේ යාලුවොත් මේ ගෘෘප් එකට ඇඩ් කරන්න. එතකොට ඉතා ඉක්මණින් ප්‍රශ්නයට උත්තර ගන්න පුලුවන් වගේම, ඉතා සාරවත් උත්තර ගන්නත් පුලුවන්...



 මේ පහල තියෙන ලිංක් එකෙන් ගෘෘප් එකට ගිහිල්ලා එකතු වෙලාම බලන්නකෝ...


 අහන්න තියෙන පරිගණක සම්බන්ධ ඕන ගැටලුවක් මෙතන දාන්න පුලුවන්.. ඔයාලගේ අදහස් එහෙමත් කියන්න අමතක කරන්න එපා.. එහෙනම් අදට මම ගියා...

Mobile එකෙන් ටොරන්ට් බාමු

හැමෝම පරිගණකයෙන් ටොරන්ට් බාන්න දන්නවානේ... හැබැයි ‍ගොඩක් කට්ටිය හිතා‍ගෙන හිටියේ පරිගණකයෙන් විතරයි කියලා ටොරන්ට් බාන්න පුලුවන්.. ඒත් දැන් ෆෝන් එකෙනුත් ටොරන්ට් ගන්න පුලුවන්... කොහොමද වැඩේ???



අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා..

මේක අපිට කරන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් දුරකථනයට දාගන්න වෙනවා.... මෘදුකාංගයේ නම තමයි MTorrent


මේක ඕනම ෆෝන් එකකට යොදාගන්න පුලුවන්... Wi-Fi තියෙනවානම් ගොඩම තමයි. එහෙම නැත්තම් GPRS වලින් බාගන්නත් පුලුවන්... මේක ගොඩක්ම හොද සිංදු, මෘදුකාංග, පොඩි පොඩි විඩියෝ වගේ බාන්න තමයි... බාද්දි Speed එකත් ටිකක් තියෙනවා. මෙමගින් ටොරන්ට් Upload කරන්නත්, ඒවායේ priorities එක High, Normal, Low ආදි වෙනස් කරන්නත් පුලුවන්...



වැඩිවිස්තර ඔයාලා ‍ඒ අඩවියටම ගිහිල්ලා බලාගන්න - උදව් ඕනේ නම් මෙතන ඔබන්න

වෙබ් අඩවිය තමයි - www.mobile.morrent.com

දැන් ඔයාගේ වාරේ අදහස් දක්වන්න 



මුණුපොතේ යාලු පොස්ටර - FriendlyPoster

ඔන්න කාලෙකින් මුණුපොතේ වැඩ කැල්ලක් ගැන කියලා දෙන්න හිතුවා... මේක මමත් දැනගත්තේ අද... කෙළින්ම කිව්වොත් මේකෙන් වෙන්නේ අපේ මුණුපොතේ ප්‍රොෆයිල් එකේ ඉන්න යාලුවන්ගේ පින්තුර යොදාගෙන ලස්සන පොස්ටරයක් හදලා දෙන එක... මෙමගින්ම එම පොස්ටරයට යාලුවන්ව ටැග් කරන නිසා එයාලට මේක දැකගන්නත් ලේසි... පහල තියෙන්නේ මම හදපු පොස්ටරය..


අහ්... කොහොමද වැඩේ... මරුනේ... පස්සේ ඕනේනම් මේකේ Print එකක් ගන්න පුලුවන්..


මේක කරගන්න ඕනේනම් පහල දිලා තියෙන සයිට් එකට ගිහිල්ලා හදාගන්න පුලුවන්...


මේක බලලා නිකං යන්න එපා... අදහසක් එහෙම දාලා යන්න... අදට එහෙනම් මම යන්නම්...