ඔන්න තවත් එදිනෙදා වැදගත් වන දෙයක් ගැන කියන්නයි යන්නේ. අපි දැන් ඔය වෙබ් සයිට් වල රෙජිස්ටර් උනාම පෙලක් වේලාවට එකදිගට කරදරකාරි මේල් එනවානේ. දැන් කියන්නේ ඒ එන එක නවත්වන්න පුලුවන් ක්‍රමයක් ගැනයි. මේක මම ජිමේල් වලට කරන හැටි දාන්නම්..

ඔය සමහරක් අයගේ අකවුන්ට් වල මේල් 3000 ගණන් තියෙන්නේ ඔය හින්දා.. ඔය ටික හරියට බැලුවොත් බාගෙට බාගයක්ම තියෙන්නේ ඔය කියන කරදරකාරි මේල් තමයි..



පහල තියෙන පියවරවල් පැහැදිලිව කියවා කරන්න..

1 - මුලින්ම ජිමේල් වලට ලොග් වෙලා උඩ දකුණු කෙළවරේ තියෙනවා Settings කියලා Button එකක්..එක ඔබන්න.

2 - දැන් එ‍කේ තියෙනවා Filter කියලා ඒක ඔබලා Create New Filter බොත්තම ඔබන්න.

3 - දැන් Form කියන තැනට Block කරන්න ඕන මේල් ලිපිනය ඇතුළත් කරන්න. දැන් ඊළග පියවරට යන්න එතනින් Delete It එක තෝරන්න..

මේ ලිපියෙන් ඔබ දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකකුත් දාලාම යන්න..