අද ඔයාලට කියන්න යන්නේ Welcome Tab වලින් මුණුපොතේ මිතුරු පිටුව ලස්සන කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.  හරි ‍. අපි දැන් වැඩේට බහිමු..

මේ මිතුරු පිටු (Fan Pages) ලස්සන කරගන්න බොහෝ ඇප්ලිකේෂන් දැන් මුණුපො‍තේ තියෙනවා.. ඒවායින් එකක් තමයි Welcome Tab කියන්නේ..

හරි මුලින්ම Welcome Tab ඇප්‍ලිකේශන් එකට මෙතනින් යන්න..
ඒකට ගියාම එගොල්ලන්ගේ ඇප්ලිකේශන් එක ගැන විස්තරයක් තියෙනවා. කරන හැටි එකේ යටත් තියෙනවා...ඒකට යටින් Add To My Fan Page කියලා බොත්තමක් තියෙනවා. ඒක ඔබන්න..

ඊට පස්සේ ඔයාව අලුත් පිටුවකට ගෙනියනවා.. ඒකෙන් තමයි Welcome Tab එකක් දාන්න ඕන පේජ් එක තෝරන්නේ..‍ පේජ් එක තෝරන්නකෝ එතනින්.. පස්සේ ටික වේලාවකින්

ඔය වගේ බොත්තමක් පෙනෙයි..ඒක ඔබන්න. හරි..දැන් ඔයාව ‍ඔයා තෝරපු පේ‍ජ් එකට යනවා. අපි දැන් මුලික වැඩ ටික ඉවරයි!!!

දැන් ඔයාගේ පේජ් එකේ උඩ නැවිගේෂන් බාර් එක බලන්න..එතන තියෙනවා Welcome කියලා ටැබ් එකක් එක ඔබන්න..

එකට ගියාම Form එකක් පෙනවා..අපි එකට අපේ තොරතුරු දිලා රෙජිස්ටර් වෙන්න ඕනේ..එතකොට ඒ Form එක නැති වෙනවා.. එකේ තව පල්ලෙහාට යද්දි මේ වගේ කොටසක් පෙනෙයි..


ඔතන තියෙන්නේ මෙන්න මේ වගේ කොඩ් එකක්..

<img src="http://farm5.static.flickr.com/4034/4429125619_d77d8d4cba_o.jpg"></img>

ඔය උඩ කොඩ් එකේ රතුපාටින් තියෙන තැනට දාන්න ඕන ඔයා පෙජ් එකට දාන පින්තුරයේ Direct Link එක... තව ඕකට අපිට ඕන වචන ටිකකුත් දාගන්න පුලුවන්..  

ඔය පහල තියෙන්නේ පින්තුරයක් නැතිව අකුරු ටිකක් විතරක් දැම්මාම...



ඔන්න ඔය ක්‍රමෙන් අපිට පුලුවන් කවුරුහරි පෙජ් එක‍ට එද්දි මුලින්ම ඔය Welcome Tab එක පේන විදිහට දාන්න..එහෙනම් ඔන්න ඔහොම තමයි Welcome Tab වලින් Facebook Fan Page ලස්සන කරගන්නේ..

මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැතිව ඇති මේ ගැන..දන්න අයත් ඇති. ඒත් මේක දන්නේ නැති අයට ගොඩක් වැදගත් වෙයි.. 

කමෙන්ට් එකකුත් දාලාම යන්නකෝ..