ඔන්න මම ඊයේ මගේ පොස්ට් එක ටයිප් කලේ Malithi Web ෆොන්ටය යොදාගෙන..ඇත්තටම ඒ ෆොන්ටය ටිකක් අමුතුයි, ලස්සනයි..

මම කියන්න යන්නේ කොහොමද අපි ලියන පොස්ට් එකට Malithi Web යොදාගන්නේ කියලා...

මේක අපිට මුළු බ්ලොගයටම දාගන්නත් පුලුවන්...

මුලින්ම ඔයගොල්ලෝ පොස්ට් එක ලියලා ඉවර කරන්න. දැන් ලිපියේ ඔක්කොම අකුරු ටික Select කරලා Arial ෆොන්ටය ලබා‍ දෙන්න.


දැන් අපි යන්නේ Malithi Web දාගන්නයි. දැන් පොස්ට් එඩිටර් එකේම තියෙන Edit HTML ටැබ් එකට යන්න. ඊට පස්සේ එකේ උඩම ඇති ෆොන්ට් වර්ග වල නම්, එකේ මුල්ම ෆොන්ට් වර්ගයේ නම තෝරලා එතනට Malithi Web කියලා ටයිප් කරන්න.

අපි ලියන පොස්ට් එක ජේද කිහිපයකට ලියනවානම් ඒ වගේ ගොඩක් ඇති..

 මේකෙදි අපි කළින් තේරුවේ Arial ෆොන්ටය නිසා අපි මේකෙදි වෙනස් කලේ Arial ෆොන්ටයයි.

දැන් ආයිත් Compose Tab එකට ගිහිල්ලා බලන්න අකුරු වෙනස් වෙලා තියේයි.. කොහොමද වැඩේ... මට නම් මේ වැඩේ අල්ලලා ගියා.. මම හිතන්නේ යුනිකොඩ් පැකේජ් එක ඉන්ස්ටොල් කරද්දි Malithi Web ෆොන්ටයත් ඉන්ස්ටොල් වෙනවා..ඒ හින්දා හොදයි..

එහෙනම් මේ ගැන ඔයාගේ අදහසත් දාලාම යන්න..