අහ්..කොහොමද කට්ටියට? මේ දවස් ටිකේ ලිපියක් දාන්නත් බැරි උනා..මොකද කට්ටිය දන්නවා ඇති ඇයි කියලා..මායි යාලුවෙකුයි ලංකාවේ මුල්ම ටොරන්ට් ගබඩාව හැදුවා..කළින් තිබ්බේ නිකං පොඩි ෆෝරම් එකක්නේ..දැන් ඔන්න එහෙම නැ... කට්ටියම ගිහිල්ලා බලන්නකෝ...



මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ කොහොමද ටොරන්ට් එකක් හදාගන්නේ කියලා..මේක ගැන දාන්න කියලා මුණුපොතේ ගොඩක් අය කිව්වා.. අන්න ඒ හින්දා තමයි දාන්නේ...

මුලින්ම අපිට පහල තියෙන දේවල් ඕන වෙනවා.. ගොඩක් නැ එකයි..හිහි

Torrent Downloader එකක්
ඒකට නම් ගොඩක් මෘදුකාංග තියෙනවා..මම මෙතනදි භාවිතා කරන්නේ Bit Torrent කියන මෘදුකාංගය. ඒක බාගන්න මෙතන ඔබන්න.
------------------------------------------------------------------------------------------------------
හරි..දැන් ඒක බාගෙන ඉන්ස්ටොල් කරලා ඒක ඕපන් කරන්න..එවිට පහල වගේ තිරයක් පෙනෙයි.



දැන් වම් පැත්තේ උඩ කොනේ තියෙන File ක්ලික් කරන්න. ඊට පස්සේ Create New Torrent ක්ලික් කරන්න. එවිට පහත වගේ තිරයක් එයි.


දැන් ඔයාලට ඕන එක ෆයිල් කිහිපයක් විතරක් ටොරන්ට් එකක් කරන්න නම් Add Files ක්ලික් අවශ්‍ය ෆයිල් ටික තොරලා OK කරන්න.

නැත්නම් මුළු ෆොල්ඩරයක්ම නම් Add Directory කියන බොත්තම ඔබලා ෆොල්ඩරය ‍තෝරලා OK කරන්න.

ඊට පස්සේ ඊට පහළින් තියෙනවා Torrents Options කියලා බොක්ස් එකක්.. එතනින්  Trackers කියන කොටුවට පහල තියෙන ලිංක්ස් ටික දාන්න..

http://open.tracker.thepiratebay.org/announce
http://www.torrent-downloads.to:2710/announce
http://denis.stalker.h3q.com:6969/announce
udp://denis.stalker.h3q.com:6969/announce
http://www.sumotracker.com/announce

දැන් අපි වැඩේ කරගෙන ඉවරයි..දැන් කරන්න Create And Save As... බොත්තම ඔබන එකයි..


 ඊට පස්සේ  තත්පර කිහිපයක් ගිහිල්ලා සේව් කරන්න ඕන තැන අහනවා..එතකොට ඉතින් සේව් කරන්න ඕන තැන දෙන්න තමයි තියෙන්නේ...


ඔන්න ඔය ටික තමයි ටොරන්ට් සැදිමේ ක්‍රියාවලිය.. කට්ටිය කැමති නම් ඔයාලා ගාව තියෙන ගේම්ස්,මුවිස් වගේ ඒවාත් ඔය ටොරන්ට් එකක් විදිහට හදලා ලංකාවේ ටොරන්ට් ගබඩාවට දාන්න පුලුවන්.. ඒක කරන හැටි පහල යුටියුබ් විඩියෝ එකේ තියෙනවා..







ඔන්න ඔහොමයි.... වැඩේ..ඉතින් මේ ටොරන්ට් ගබඩාව ගැන අනිත් යාලුවන්ටත් පුලුවන්නම් කියන්න...එහෙනම් අපි ගියා...ඔබට ජය! අදහසකුත් දාලාම යන්න...