ටොරන්ට් එකක් සැදිම හා ටොරන්ට් ගබඩාව
Friday, September 03, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
අහ්..කොහොමද කට්ටියට? මේ දවස් ටිකේ ලිපියක් දාන්නත් බැරි උනා..මොකද කට්ටිය දන්නවා ඇති ඇයි කියලා..මායි යාලුවෙකුයි ලංකාවේ මුල්ම ටොරන්ට් ගබඩාව හැදුවා..කළින් තිබ්බේ නිකං පොඩි ෆෝරම් එකක්නේ..දැන් ඔන්න එහෙම නැ... කට්ටියම ගිහිල්ලා බලන්නකෝ...
මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ කොහොමද ටොරන්ට් එකක් හදාගන්නේ කියලා..මේක ගැන දාන්න කියලා මුණුපොතේ ගොඩක් අය කිව්වා.. අන්න ඒ හින්දා තමයි දාන්නේ...
මුලින්ම අපිට පහල තියෙන දේවල් ඕන වෙනවා.. ගොඩක් නැ එකයි..හිහි
Torrent Downloader එකක්
ඒකට නම් ගොඩක් මෘදුකාංග තියෙනවා..මම මෙතනදි භාවිතා කරන්නේ Bit Torrent කියන මෘදුකාංගය. ඒක බාගන්න මෙතන ඔබන්න.
------------------------------------------------------------------------------------------------------
හරි..දැන් ඒක බාගෙන ඉන්ස්ටොල් කරලා ඒක ඕපන් කරන්න..එවිට පහල වගේ තිරයක් පෙනෙයි.
දැන් වම් පැත්තේ උඩ කොනේ තියෙන File ක්ලික් කරන්න. ඊට පස්සේ Create New Torrent ක්ලික් කරන්න. එවිට පහත වගේ තිරයක් එයි.
දැන් ඔයාලට ඕන එක ෆයිල් කිහිපයක් විතරක් ටොරන්ට් එකක් කරන්න නම් Add Files ක්ලික් අවශ්‍ය ෆයිල් ටික තොරලා OK කරන්න.
නැත්නම් මුළු ෆොල්ඩරයක්ම නම් Add Directory කියන බොත්තම ඔබලා ෆොල්ඩරය තෝරලා OK කරන්න.
ඊට පස්සේ ඊට පහළින් තියෙනවා Torrents Options කියලා බොක්ස් එකක්.. එතනින් Trackers කියන කොටුවට පහල තියෙන ලිංක්ස් ටික දාන්න..
http://open.tracker.thepiratebay.org/announce
http://www.torrent-downloads.to:2710/announce
http://denis.stalker.h3q.com:6969/announce
udp://denis.stalker.h3q.com:6969/announce
http://www.sumotracker.com/announce
දැන් අපි වැඩේ කරගෙන ඉවරයි..දැන් කරන්න Create And Save As... බොත්තම ඔබන එකයි..
ඊට පස්සේ තත්පර කිහිපයක් ගිහිල්ලා සේව් කරන්න ඕන තැන අහනවා..එතකොට ඉතින් සේව් කරන්න ඕන තැන දෙන්න තමයි තියෙන්නේ...
ඔන්න ඔය ටික තමයි ටොරන්ට් සැදිමේ ක්‍රියාවලිය.. කට්ටිය කැමති නම් ඔයාලා ගාව තියෙන ගේම්ස්,මුවිස් වගේ ඒවාත් ඔය ටොරන්ට් එකක් විදිහට හදලා ලංකාවේ ටොරන්ට් ගබඩාවට දාන්න පුලුවන්.. ඒක කරන හැටි පහල යුටියුබ් විඩියෝ එකේ තියෙනවා..
ඔන්න ඔහොමයි.... වැඩේ..ඉතින් මේ ටොරන්ට් ගබඩාව ගැන අනිත් යාලුවන්ටත් පුලුවන්නම් කියන්න...එහෙනම් අපි ගියා...ඔබට ජය! අදහසකුත් දාලාම යන්න...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Torrents
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
September 3, 2010 at 8:06 PM
ෂා..පට්ට වටිනවා.ඕකට blu ray movies එහෙමත් දාන්න පුලුවන්ද?මගේ ලඟ bluray movie ගොඩක් තියනවා.
September 3, 2010 at 8:28 PM
තමන් හදපු ටොරන්ට් තමන්ම සීඩ් කලොත් විතරයි අනිත් අයට බාගන්න ලැබෙන්නේ...(සීඩ් කරන්න කට්ටිය එකතුවෙනකම්) මම හරිනේ ද.?
September 3, 2010 at 9:04 PM
@ dinesh - ඔව් පුලුවන්..දැන් රෙජිස්ටර් වෙලාද ඉන්නේ...
September 3, 2010 at 9:05 PM
@ ගීත් | Geeth - ඔව්...ස්තුතියි ප්‍රතිචාරයට!
September 3, 2010 at 9:39 PM
එල එල මල්ලියො මෑක්සා වෑඩක්
September 4, 2010 at 8:39 AM
@ ශාන් - ඔන්න අයියේ පොස්ට් එක...තැංකු ප්‍රතිචාරයට!
September 4, 2010 at 10:39 AM
ayya mama upload karapu 1k download wenne nane...ewa seed karannath download karala inna one ne..kohomada seed karanne
September 4, 2010 at 11:19 AM
මල්ලි bytehost පාවිචිචි කරන්න එපා , ඔයාගේ SMF forum එක හොස්ට් කරන්න .. මොකද bytehost.com එකේ database එක දෙන්නේ "50 MB" විතරයි . සයිට් එක හිට් වුනාට පස්සේ , දාන ලිපි වලට , signup details වලට ,....etc. දඩබඩ ගාලා database එක පිරෙනවා , ඒක නිසා වෙන hosting එකක් ගන්න .. (http://www.free-webhosts.com/webhosting-01.php)
ඔයාගේ හොඳටයි කියුවේ , කැමැත්තක් කරන්න ...
මගේ අර ආදර සින්ඩියටත් ඉඩ මදි වෙලා ඉන්නේ , එකේ database එක තව ටික දවසකින් පිරෙනවා , එතකොට මටත් මගේ syndicator script එක වෙන තැනකට ගෙනියන්න ඕනේ ..
September 4, 2010 at 12:01 PM
@ Unknown_User/හිඟන්නා - අහ්.. ඔව් අයියේ..මොකක් හරි කරන්න බලන්න ඕන..ස්තුතියි අයියේ කිව්වාට!
September 4, 2010 at 4:44 PM
මචන් අර දාලා තියන එකමත් එක රටක ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරන්න බෑනේ
September 4, 2010 at 10:06 PM
paya 6k seed kara..
September 5, 2010 at 12:50 PM
@ Sagara Sanjeewa - මම බලන්නම්...
September 5, 2010 at 12:51 PM
@ srimalyapa - එළ..එළ
November 6, 2010 at 2:28 PM
I need help for develop my torrent tracker.
මම පටන්ගත්ත මෙ ලොකු වැඩෙට උදවු කරන්න කැමති අය ඉන්නවනම් මාව contact කරන්න.
http://www.ceylonbay.net
e mail - admin@ceylonbay.net
if u have any torrents pls upload. only for sri lankans. unlimited torrent dounload and upload. only for limited time.
i wish u all the best for torrentspy.
December 2, 2010 at 11:22 PM
සයිට් එක වැඩ නෑනෙ
April 8, 2011 at 5:50 PM
api wena web site ekakin download karapu torrent apita aye edit karaganna puluwanda