Showing posts with label Mobile. Show all posts
Showing posts with label Mobile. Show all posts

Mobile එකෙන් ටොරන්ට් බාමු

හැමෝම පරිගණකයෙන් ටොරන්ට් බාන්න දන්නවානේ... හැබැයි ‍ගොඩක් කට්ටිය හිතා‍ගෙන හිටියේ පරිගණකයෙන් විතරයි කියලා ටොරන්ට් බාන්න පුලුවන්.. ඒත් දැන් ෆෝන් එකෙනුත් ටොරන්ට් ගන්න පුලුවන්... කොහොමද වැඩේ???



අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා..

මේක අපිට කරන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් දුරකථනයට දාගන්න වෙනවා.... මෘදුකාංගයේ නම තමයි MTorrent


මේක ඕනම ෆෝන් එකකට යොදාගන්න පුලුවන්... Wi-Fi තියෙනවානම් ගොඩම තමයි. එහෙම නැත්තම් GPRS වලින් බාගන්නත් පුලුවන්... මේක ගොඩක්ම හොද සිංදු, මෘදුකාංග, පොඩි පොඩි විඩියෝ වගේ බාන්න තමයි... බාද්දි Speed එකත් ටිකක් තියෙනවා. මෙමගින් ටොරන්ට් Upload කරන්නත්, ඒවායේ priorities එක High, Normal, Low ආදි වෙනස් කරන්නත් පුලුවන්...



වැඩිවිස්තර ඔයාලා ‍ඒ අඩවියටම ගිහිල්ලා බලාගන්න - උදව් ඕනේ නම් මෙතන ඔබන්න

වෙබ් අඩවිය තමයි - www.mobile.morrent.com

දැන් ඔයාගේ වාරේ අදහස් දක්වන්න 



Snaptu - eBuddyට ගහයිද?

කොහොමද කට්ටියට? මකුළු දැල් එකයි බ්ලොග් එකේ.. මම මේ දවස් ටිකේ බ්ලොග් එක Close කරලා තිබ්බේ.. මොකද දන්නවාද? තිම් එකක් එහෙම දාලා ලස්සනට හදාන්න.. කොහෙද හිතට හරියන තිම් එකක් තිබ්බේ නැ.. පස්සේ තිබ්බ එකම දාලා බ්ලොග් එක Open කළා.

අද පොස්ට් එකෙන් මම කියන්න යන්නේ මොබයිල් එකෙන් මුණුපොතට, ටුවිටරේට යන අයට හොද මෘදුකාංගයක්. ගොඩක් අය භාවිතා කරන්නේ eBuddy, Nimbuzz වගේ ඒවානේ.. මාත් මේක දාගත්තේ මගේ මොබයිල් එකේ eBuddy, Nimbuzz වගේ ඒවා වැ‍ඩ කළේ නැ එකයි..

Snaptu තමයි මෘදුකාංගයේ නම. මේකත් Mobile Messanger ඝනයේ මෘදුකාංගයක්.  eBuddy, Nimbuzz වගේම අඩු මුදලක් තමයි මේකෙන් ඉන්ටර්නෙට් යද්දි කැපෙන්නේ.


ඒ විතරක් නෙමෙයි. මේකෙන් Picasa, News & Blogs, Weather, Sports News, Cricket Info වගේ ඒවාට යන්නත් පුළුවන්.

අනික මේ මෘදුකාංගය හැම දුරකථනයකටම වැඩ කරනවා. ඒ වගේම ගොඩක් වේගවත්. ඒ නිසා අපේ කාලය හා මුදල් ඉතිරි කරනවා..



තව මේකේ Menu එක ආධුනිකයෙකුට භාවිතා කරන්න පුලුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක නිසා අළුත් අය බය වෙන්නේ නැතුව යන්න. අපිට මේ Menu එකට තවත් එක් එක් ඇප්ලිකේෂන් ඇතුල් කරගන්න පුළුවන්.

උදා - Youtube, Gtalk 

කට්ටිය මේකත් ට්‍රයි කරලා බලන්න.. අනිවා කැමති වෙයි.. කට්ටිය m.snaptu.com කියන අඩවියට ඔයාගේ දුරකථ‍නයෙන් ගිහිල්ලාම බාගන්න. පරිගණකයට බාගන්න ඕනේ නම් මෙතන ඔබන්න..

කට්ටියට මේ ගැන වැඩි දුර තොරතුරු හරි, ප්‍රශ්න හරි තියෙනවා නම් පහල ලිංක් දෙකෙන් යන්න...



බ්ලොග් එක දුරකථනයෙන් බලන්න හදන්නේ මෙහෙමයි....


ඔන්න දැන් මම කියන්න යන්නේ ඔයාගේ බ්ලොග් එක දුරකථනයෙන් බලන්න පුලුවන් විදිහට හදාගන්න හැටි.. මේක හැදුවාට ඔයාගේ බ්ලොගයට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැ... මම ඔන්න මේක උපුටාගත්ත තැනත් දානවා..නැත්තම් ඉතින් අපේ ඇයෝ...


හරි..මම කියන විදිහට කරගන්න පුලුවන්...

මුලින්ම Design - Edit HTML ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න..

දැන් පහල තියෙන කෝඩ් එක හොයාගන්න... ( Ctrl + F )

<b:include data='blog' name='all-head-content'/&gt

(මේ‍ කෝඩ් එක හොයාගන්න බැරි උනොත් </head> එක හොයාගෙන ඊට පහලින් කෝඩ් එක පේස්ට් කරන්න)

දැන් පහල තියෙන කෝඩ් එක ඔයා ඉහළ හොයාගත්ත කෝඩ් එකට පහලින් පේස්ට් කරන්න...

<meta content='IE=EmulateIE7' http-equiv='X-UA-Compatible'/>
<b:if cond='data:blog.isMobile'>
<meta content='width=device-width,minimum-scale=1.0,maximum-scale=1.0' name='viewport'/>
<b:else/>
<meta content='width=1100' name='viewport'/>
</b:if>

ඔන්න දැන් ඔයාගේ බ්ලොග් එකත් කිසිම කරදරයක් නැතුව දුරකථනයකින් වුවත් බලන්න පුලුවන්...


මොබිටෙල් ජංජාල

මේ අවුල නම් මොබිටෙල් කවදා හදයි ද දන්නේ නැ. මම connect වෙලා ඉන්ටර්නේට් යනකොට සැරින්සැරේට disconnect වෙනවා. අනේ ඒ ඇයි කියලා දන්නවානම් කියනවාද? සිග්නල් නැති වෙනවාද දන්නේ නැ......

කරුණාකර.... උදව් කරන්න.....

මම අද උදේ Mobitel ඩොන්ගල් ගහලා ඉන්ටර්නේට් යන්න හැදුවා.. Connect බොත්තම එබුවා. පස්සේ Connect වෙන්න බැලු.... Error එකක් එනවා. " error 619:A" කියලා තමයි මුලින්ම ති‍බුනේ.. මට හරියට මතක නැ... මම මේක ලියන්නේ Cafe එකක ඉදන්... අනේ! දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ මොකක්ද අවුල කියලා.....