ගුගල් Chrome ඕපන් වෙද්දි පාස්වර්ඩ් එකක් දාන හැටි

ඔන්න දැන් කියන්න යන්නේ ගුගල් ක්‍රොම් පාවිච්චි කරන අයට පොඩි වැදගත් දෙයක් ගැන..හවුලේ පරිගණකය පාවිච්චි කරනවානම් මේක වැදගත් වෙයි. මම පාව්ච්චි කරන්නෙත් ක්‍රොම්. ඉතින් මට ඕන උනා මේ ක්‍රොම් එක ඕපන් වෙද්දි පාස්වර්ඩ් එක දෙන්න බැරිද කියලා හොයන්න...පස්සේ ටිකක් හොයලා හොයලා බැලුවා..මෙන්න දෙයියෝ දුන්නා වගේ ළගටම හම්බුනා..



මේක කරන්නේ ක්‍රොම් එක්ස්ටෙන්ෂන් එකකින්.. එකේ නම Secure Profile කියලා. නියම එක්ස්ටෙන්ශන් එක.. අපි මේක කරන හැටි පියවරෙන් පියවර බලමු..


පියවර 1 - Secure Profile එක්ස්ටෙන්ෂන් එක බාගන්න
පියවර 2 - දැන් එක බාගත්තට පස්සේ නිකම්ම Install වෙනවා.
පියවර 3 - දැන් Message එකක් එනවා.. ඒක OK කරන්න..දැන් පහල තියෙනවා වගේ පිටුවක් ලැබෙයි..


ඔතනදි ඔයාට ඕන පාස්වර්ඩ් එක දිලා Save කරන්න..

පියවර 4 - දැන් ක්‍රොම් එක නැවතත් ඕපන් කරලා බලන්න..ඕපන් වෙද්දි පාස්වර්ඩ් එක ඉල්ලනවා..මාර ගති..අවුලකට තියෙන්නේ අපි ටයිප් කරන පාස්වර්ඩ් අනිත් අයට පෙනවා...ඒකට මොකෝ?? බලාගෙන ඉන්න එකට දෙකක් දිලා පාස්වර්ඩ් එක ගහන එකනේ තියෙන්නේ...හිහි.. :P

දාගෙනම බලලා කමෙන්ට් එකක් දාන්න... මිට වඩා හොද එකක් ඔයගොල්ලෝ ගාව තියෙනවානම් අපිට කියන්නත් අමතක කරන්න එපා..

මුණුපොතේ වැඩ කිඩ - යාලුවන්ව Status එකට ටැග් කරන හැටි..

සුභ උදැසනක් හැමෝටම.. ගොඩදෙනෙක් මුණුපොත භාවිතා කරන හින්දා ඔයගොල්ලන්ට මේ එක හරහා කරන්න පුලුවන් පොඩි ජොලි වැඩ ටිකක් කරන විදිහ කියලා දෙන්න හිතුවා..සිරාවට මේවා මාර ගති. අදහසක් දාන්න හොදේ..




1 - දැන් අපි අපේ Status එක අලුත් කළාම එකට කට්ටියට Like කරන්න විතරයිනේ පුලුවන්. ඒත් දැන් එකට කැමති නැති අයට Dislike බොත්තමක් එකතු කරන්නත් පුලුවන්. ඒක කරන්නේ මුණුපොතේම තියෙන App එකකින්.. 

මෙතනින් ගිහිල්ලාම බලන්න

2 - ඔයාගේ ස්ටේටස් එක වේලාවකට Share කරගැනිමට සලස්විම කරන්නත් පුලුවන්.. ඒකට මෙන්න මේ  Later Bro කියන ඒක යොදාගන්න පුලුවන්..

3 - දැන් බලමු ලස්සනම කෑල්ල.. අපි දැන් මුණුපොතට පින්තුරයක් වගේ දැම්මාම යාලුවන්ව Tag කරනවානේ.දැන් අපිට Status එකටත් යාලුවෝ Tag කරන්න පුලුවන්..ඒක කරන්නේ මෙන්න මෙහෙමයි...

මේකෙදි උපරිම යාලුවෝ 6දෙනායි Tag කරන්න පුලුවන්.. (Satus @yourfriendname @yourfirnedname)

4 - මේකෙන් අපිට පුලුවන් අපේ Status ටික දාලා අපි බ්ලොගයට දාන්නේ Label Cloud එකක්..ඒවගේ එකක් හදාගන්න.. ඒකට මෙන්න මෙතනින් ගිහිල්ලා හදාගන්න පුලුවන්..

5 - මේක පොඩි Trick එකක්.. ඔයා ඔයාගේ Status එකේ පහල තියෙන ලිංක් එක දාන්නකෝ. දැන් එක බලන කෙනාට එයාගේම අකවුන්ට් එක තමයි පෙන්නේ..ඔයා බැලුවොත් ඔයාට ඔයාවමයි පෙන්නේ..

http://facebook.com/profile.php?=73322363

මේක බැලුවොත් පෙනෙයි මේක නෙමෙයිනේ මගේ Profile ID එක කියලා..ඒක තමයි මේක නෙමෙයි ඔයාගේ Profile ID එක.. මේක Status එකටම දාන්න ඕනේ නැ..

කරලාම බලන්න.බලලා කමෙන්ට් එකක් දාන්න..

අනවශය මේල් බ්ලොක් කරමු.

ඔන්න තවත් එදිනෙදා වැදගත් වන දෙයක් ගැන කියන්නයි යන්නේ. අපි දැන් ඔය වෙබ් සයිට් වල රෙජිස්ටර් උනාම පෙලක් වේලාවට එකදිගට කරදරකාරි මේල් එනවානේ. දැන් කියන්නේ ඒ එන එක නවත්වන්න පුලුවන් ක්‍රමයක් ගැනයි. මේක මම ජිමේල් වලට කරන හැටි දාන්නම්..

ඔය සමහරක් අයගේ අකවුන්ට් වල මේල් 3000 ගණන් තියෙන්නේ ඔය හින්දා.. ඔය ටික හරියට බැලුවොත් බාගෙට බාගයක්ම තියෙන්නේ ඔය කියන කරදරකාරි මේල් තමයි..



පහල තියෙන පියවරවල් පැහැදිලිව කියවා කරන්න..

1 - මුලින්ම ජිමේල් වලට ලොග් වෙලා උඩ දකුණු කෙළවරේ තියෙනවා Settings කියලා Button එකක්..එක ඔබන්න.

2 - දැන් එ‍කේ තියෙනවා Filter කියලා ඒක ඔබලා Create New Filter බොත්තම ඔබන්න.

3 - දැන් Form කියන තැනට Block කරන්න ඕන මේල් ලිපිනය ඇතුළත් කරන්න. දැන් ඊළග පියවරට යන්න එතනින් Delete It එක තෝරන්න..

මේ ලිපියෙන් ඔබ දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකකුත් දාලාම යන්න..

Pen Drive එක ලස්සන කරගන්න ඕනේද?

කොහොමද කස්ටියට..මම දැන් කියන්න යන්නේ කොහොමද ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක ලස්සන කරගන්නේ කියලා..අපි මේ කරන ක්‍රමය තව ටිකක් වැඩිදියුණු කරලා තමයි ඔය කාලයක් ව්‍යාප්ත වුන මහාසොනා.exe වයිරස් එක ක්‍රියාත්මක උනේ.. ( මොකෝ කියන්නේ ඒවගේ එකක් හදන හැටි දාන්නද? LOL :) )



හරි අපි වැඩේට බහිමු..

මුලින්ම අපිට ඕන අපේ පෙන් එකේ තියෙන ඩිෆෝලට් අයිකන් එකට ලස්සන අයිකන් එකක් දාන්න..
ලස්සන අයිකන් ඕනේනම් මෙන්න මෙතනින් යන්න..

හරි දැන් අයිකන් එක ඩවුන්ලොඩ් කරගත්තානම් ඒ අයිකන් එක ඔයාගේ පෙන් එකට Paste කරලා ඒක Hide කරන්න.

දැන් ඔයගොල්ලෝ Notepad ඕපන් කරගෙන ඔය පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්නකෝ..

[autorun]

icon = iconname.ico
label = yourname


ඕකේ රතු පාටින් තියෙන iconname කියන එකට ඔයා ඩවුන්ලොඩ් කරගත්ත අයිකන් එකේ නම දෙන්න.  ඒ වගේම yourname කියන තැනට ඔයාගේ නම හරි වෙන මොකක් හරි නමක් දෙන්න..

දැන් ඒක සේව් කරගන්න autorun.inf විදිහට. ඊට පස්සේ ඒ ෆයිල් එක පෙන් එකට Paste කරන්න.

දැන් පෙන් එක ගලවලා ආයිත් connect කරලා බලන්න..
හැබැයි අපි ගහන වෙන පරිගණකයක ඩිසේබල් කරලා තිබ්බොත් මේක වැඩ කරන්නේ නැතිව යයි..

ඔන්න ඔය පහල ලොකු කොටුවක් ඇති. එකේ අදහසක් දාලාම යන්නකෝ

IP ඇඩ්රස් එකෙන් කාගේහරි පරිගණකයකට වැඩක් දෙමු... (කුප්පි 0)

ඔන්න නියම හැකින් වැඩක් කියලා දෙන්න යන්නේ...ඒක තමයි කොහොමද කාගේහරි ඇඩ්රස් එක හොයාගෙන එයාගේ පරිගණකයට වැඩක් දෙන එක.. එක හොයන එක ගැන හැකින් පංතියේ දාලා තිබ්බා ඒකම මම මෙතන දාන්නම්..මොකද මේ දවස් වල පොඩි වැඩක් හින්දා..



මේක හොයාගත්තට ලංකාව ඇතුලත නම් පොඩි අවුලක් තියෙනවා.මොකද අපි අපේ මොඩම් එක හෝ රවුටරේ ඕෆ් කරලා ඔන් කරපු ගමන් අපේ අයි.පී. එක වෙනස් වෙනවනේ.දුක තමා.ඒක අපේ ජංජාල ජාලේ හැටි.අනිත් බොහෝ රට වල නම් එහෙම නෑ කියලා මම අහලා තියෙනවා.ඉතින් දැන් කියන්න තියෙන්නේ අපි කාට හරි මොකක් හරි වැඩක් දෙන්න යනවනම්(ලංකාව ඇතුලත) අපි එයාගේ අයි.පී එක හොයා ගත්තනම් එයා පරිගණකය වහන්න කලින් අපිට අපේ ඉතුරු වැඩ ටිකත් කරගන්න වෙනවා.

මෙහෙමයි. ඔයාලගේම වෙබ් අඩවිය භාවිතා කරලා මේක කරන්න පුලුවන්.(බ්ලොග් වල නම් බෑ).එහෙම නැත්තම් ඔය ඕන තරම් නොමිලේ වෙබ් අඩවි හදාගන්න දෙන අඩවි තියෙන්නේ ඒකක රෙජිස්ටර් වෙලා මේ වැඩේ කරන්නත් පුලුවන්.හැබැයි ඒක PHP ගොනු අප්ලෝඩ් කරන්න අවසර තියෙන එකක් වෙන්න ඕනේ.

උදාහරන-

www.t35.com
www.110MB.com

1-මෙතනින් මේ සඳහා අවශ්‍යය PHP ගොනුව(2 Kb) බා ගන්න.පොඩී ෆයිල් එකක්.


අහ්හ්..කියන්න අමතක උනානේ.මේ කියලා දෙන්න යන්නේ තමන්ගේම වෙබ් අඩවියක් නැති අයටයි.තියෙන අයට ඕන නම් එයාලගේ වෙබ් අඩවියේ වෙනම පේජ් එකක් විදිහට දාන්නත් පුලුවන් වගේම මේකේ කෝඩ් එක අරගෙන මුල් පිටුවෙම හන්ගන්නත් පුලුවන්.

2-දැන් තියෙන්නේ ඔය කියන නොමිලේ වෙබ් හොස්ටින් දෙන අඩවියක අපේ ගිනුමට අපි බාගත්ත Index.php කියන ගොනුව අප්ලෝඩ් කරන එක.



3-දැන් අපේ ගිනුම රෙජිස්ටර් වෙලා තියෙන ඩොමේන් එකට ගියම මෙන්න මේ විදිහට අයි.ඵී.එක පේනවා.ඒත් සමගම ඒ යන කෙනාගේ අයි.පී. එක අපේ ගිනුමේ වෙනම Text ගොනුවක තැන්පත් වෙනවා.අයි.පී.එකට අමතරව එයා අපු වෙලාව,කී සැරයක් ආවද,අවසානෙට ආවේ කීයටද මේ විස්තර ඔක්කොම අපිට ලබාගන්න පුලුවන්.


ඔයාලට තියෙන්නේ IP එක දැනගන්න ඕන කෙනාට ඔයාලගේ වෙබ් අඩවියේ ලින්ක් එක දීලා ඒකට යන්න කියන එක විතරයි.

ඕක ඔය තියෙන විදිහට ගෙඩිය පිටින්ම දාන්නේ නැතුව අපි මොකක් හරි පේජ් එකක් හදලා ඒකේ හන්ගලා දැම්මනම් ඕකට යන කෙනාට සැක හිතෙන්නේ නෑ.

නොමිලේ වෙබ් හොස්ටින් දෙන අඩවි ගැන වැඩිය දන්නේ නැත්තම් මේ වීඩියෝ ටික බලන්න.මේකේ තියෙන්නේ අර මම උදාහරන විදිහට කිව්ව අඩවි වලින් T35 කියන අඩවියේ ගිණුමක් ආරම්භ කිරීම,ගොනු අප්ලෝඩ් කිරීම වගේ දේවල්.දන්නේ නැත්තම් බලන්න.

http://www.youtube.com/watch?v=Dps2isMO5t8
http://www.youtube.com/watch?v=vVIe9BHMi2c
http://www.youtube.com/watch?v=j7KcL72BOf0
http://www.youtube.com/watch?v=zvuwh85WHdA

මේක හොයාගෙන ලොකු ලොකු වැඩ කරන්න පුලුවන්...ඒක ඉස්සරහට කියලා දෙන්නම්කෝ.... එහෙනම් දැනට අපි ගියා...


මා මෙය කර බලද්දි වැඩ කරන්නේ නැ..මොකෝ හින්දාද දන්නේ නැ...සමාවෙන්න ඕන...

My Computer තුල පොඩි වැඩක්....

හුග දවසකින් කිසිම දෙයක් දෙන්න බැරි උනා..තරහා වෙන්නනම් එපා.. ඔන්න ඒ හින්දා අද නියම Trix එකක් කියලා දෙන්න යන්නේ... මම කියලා දෙන්නේ කොහොමද My Computer එකට අපේම Drive දාගන්නේ කියලා..



මුලින්ම C:  Drive එකට ගිහිල්ලා කැමති නමකින් ෆොල්ඩරයක් හදාගන්න..

දැන් Start >> Run >> Type CMD & Enter
එතකොට Command Prompt එක ඕපන් වෙනවා..

එකේ මෙන්න මෙහෙම ටයිප් කරලා එන්ටර් කරන්න.
subst z: c:\trixhunter


දැන් My Computer එකට ගිහිල්ලා බලන්නකෝ...කොහොමද වැඩේ...?

-------------------------------------------------------------------------------------------------------------

හරි දැන් බලමු කොහොමද අපි හදපු Drive ඩ්ලිට් කරන්නේ කියලා...

Start >> Run >> Type CMD & Enter

මේ විදිහට ටයිප් කරලා එන්ටර් කරන්න..

subst z: /d

මම උඩම කොඩ් එකේ රතු පාටින් තියෙන ඒවා ඔයාට කැමති විදිහට වෙනස් කරගන්න පුලුවන්...

z: කියන්නේ හදන්න ඕන ඩ්‍රයිව් එකේ letter එකයි
trixhunter කියන්නේ හැදෙන ඩ්‍රයිව් එකේ නමයි


අපි හදන ‍ඩ්‍රයිව් එක මුලින්ම C Drive එකේ ෆොල්ඩර් එකක් හදලා කරන හින්දා අලුතින් හැදෙන ඩ්‍රයිව් එකේ Space එක එන්නේ C Drive එකේ Free Space එකයි.