මෙන්න තවත් අලුත් දෙයක්.. කට්ටිය උත්සහ කරන්නේ නැති දෙයක්... දැන් ගොඩක් අය PDF ෆයිල් බාගෙන ඒවා කියවන්න ඊට ආදාල මෘදුකාංග යොදාගන්නවා... ඒත් ඇත්තෙන්ම මේවා කියවන්න වෙනත් මෘදුකාංග ඕන වෙන්නේ නැ... මේක කරන්න අපිට අපි අන්තර්ජාලයට එන්න භාවිතා කරන Google Chrome Browser එක යොදාගැනිමට පුලුවන්... අපි බලමු මේක කරන්නේ කොහොමද කරන්නේ කියලා...

Step 1 - අපිට අවශ්‍ය ෆයිලය උඩ Right Click කරලා Open With විධානය තෝරන්න


දැන් Open With විධානයේ තියෙන Browse Button එක ක්ලික් කරන්න... ඉන්පසු Google Chrome ඉන්ස්ටොල් කරලා තියෙන Path එක දෙන්න..

ඔබට එය කිරිමට අපහසු නම් මේසේ කරන්න.. Google Chrome Shortcut එක උඩ Right Click කරලා Propertise තෝරන්න. දැන් Target Box කියන එකේ තියෙන Path එක Copy කරගන්න...



ඉන්පසු ඉහත දැක්වු Browse වින්ඩෝවට එම Path එක Paste කරන්න... දැන් Chrome.exe එක දැකගත හැකි අතර එය තෝරා OK කරන්න... එවිට ඔබ කලින්  Open With මගින් විවෘත කිරිමට උත්සහ කළ PDF  ෆයිල් එක Chrome තුලින් විවෘත වනු ඇත..



මේසේ විවෘත නොවේ නම්,


Chrome වලට ගොස් එහි Address Bar එකේ මෙසේ ටයිප් කර Enter කරන්න... 


about:plugins


එහි Chrome PDF Viewer කියන එක Enable ආකාරයට සකස් කරන්න... එවිට ඔබටත් Chrome තුලින් PDF බැලිය හැක. 

ප්‍රශ්න තියෙනවානම් අහන්න, ඔබේ අදහසුත් කියලා යන්න...