Mediafire වලින් ගින්නක් නැතුව අපිට ඕනේ ෆයිල් හොයමු

කාලෙකින් ඔයාලට නියම වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටිය ගේම්, සොෆ්ට්වෙයාර් එහෙම Torrent වලින් නැතුව Mediafire, Hotfile වගේ File Sharing වලින් බාන්න කැමති. හැබැයි ලොකුම අවුල තමා කොහොමද අපිට ඕන මෘදුකාංග එහෙම Mediafire, Hotfile වලින් හොයාගන්නේ කියලා.. හැබැයි ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා.



  • මුලින්ම ඔයාලා Google එකට යන්න
  • දැන් ඔයාලා මෙන්න මෙහෙම ඕකේ ටයිප් කරන්නකෝ

   site:mediafire.com "Filename with extension"
site:mediafire.com brokenangel-arash.mp3




  • දැන් ඔහොම ටයිප් කරලා එන්ටර් කරලා බලන්නකෝ
  • දැක්කනේ ලිස්ට් එකක්ම ආවා නේද?
  • ඔය වගේ අපිට වෙන අඩවියකත් හොයන්න පුලුවන්
   site:hotfile.com "Filename with extension"
   site:hotfile.com brokenangel-arash.mp3

  • වැඩේ ගොඩ නේද? අවුලක් ආවොත් කියන්න. දැන් ඉතිං Mediafire ලිංක්ස් දාඩිය දාගෙන හොය හොයා හිටපු කාලේ ගියා..
වැඩේ හොඳනම් කමෙන්ට් එකක් එහෙම දාලාම යන්න

මුණුපොතට GIF දාන්න ( Exclusive From TrixHunter )

කොහොමද කස්ටියට... මම නම් හොදින්.. ඔන්න අද එළකිරි වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටියම දන්නවනේ සමාන්‍යෙයන් අපට මුණුපොතේ අපේ ප්‍රෝෆයිල් එකට Animated GIF දාන්න බැ කියලා. මේක ගැන මිට අවුරුද්දකට කලින් විතර ගොඩක් කතා කළා. ඒත් පිලිතුරක් හොයාගන්න බැරි උනා. එත් ඔන්න මම පිලිතුරක් හොයාගත්තා.. මේකයි වැඩේ,



වැඩේ කරන්නේ මෙහෙමයි. මේ සඳහා අපිට මුණුපොතේ තියෙන පොඩි ඇප් එකක උදව් ගන්න වෙනවා..


හැබැයි මේකේ පොඩි පරහකුත් තියෙනවා. ඒක තමයි මේකට අපේ GIF දාන්න බැ.. එයාලා දිලා තියෙන ඒවා විතරයි අපේ ප්‍රෝෆයිල් එකට දාන්න පුලුවන්..

මෙන්න ඒ ගැන මම පොඩි විඩියෝ කට්ටකුත් කළා.. එකත් බලලාම ඉන්නකෝ..



එහෙනම් ඔයාලගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපෝ

අපොයි!! උදව් කරහල්ලකෝ

කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්න ඕන. මට මුලින් කියන්න බැරි උනානේ... ඔන්න අද මොනවත් කියලා දෙන්න නම් නේමේ යන්නේ... ගොඩක් වේලාවට එදිනෙදා පරිගණක භාවිතයේදි ගැටළු මතු වෙනවානේ... මේවා ඉතින් අපි හදන්න ට්‍රයි කරනවා. බැරි උනාම යකා නැගලා කොහේට හරි ගේනියලා මොනර කොළ ටිකකුත් පුජා කොරලා එනවා... ඉතින් මේ වගේ ප්‍රශ්න විසදා ගන්න වෙනම තැනක් තියෙනවානම් නියමයි නේද? ඉතින් අපි මුණුපොතේ හැදුවා පොඩි ගෘෘප් එකක්... කෙනෙක් දන්නෙ නැති දෙයක් තව කෙනෙක් දැනගෙන ඉන්න පුලුවන්. ඉතින් මේකට එකතු වෙන්න. දන්න දේවල් කියලා දෙන්න. ඒ වගේම ඔයාලගේ යාලුවොත් මේ ගෘෘප් එකට ඇඩ් කරන්න. එතකොට ඉතා ඉක්මණින් ප්‍රශ්නයට උත්තර ගන්න පුලුවන් වගේම, ඉතා සාරවත් උත්තර ගන්නත් පුලුවන්...



 මේ පහල තියෙන ලිංක් එකෙන් ගෘෘප් එකට ගිහිල්ලා එකතු වෙලාම බලන්නකෝ...


 අහන්න තියෙන පරිගණක සම්බන්ධ ඕන ගැටලුවක් මෙතන දාන්න පුලුවන්.. ඔයාලගේ අදහස් එහෙමත් කියන්න අමතක කරන්න එපා.. එහෙනම් අදට මම ගියා...

Mobile එකෙන් ටොරන්ට් බාමු

හැමෝම පරිගණකයෙන් ටොරන්ට් බාන්න දන්නවානේ... හැබැයි ‍ගොඩක් කට්ටිය හිතා‍ගෙන හිටියේ පරිගණකයෙන් විතරයි කියලා ටොරන්ට් බාන්න පුලුවන්.. ඒත් දැන් ෆෝන් එකෙනුත් ටොරන්ට් ගන්න පුලුවන්... කොහොමද වැඩේ???



අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා..

මේක අපිට කරන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් දුරකථනයට දාගන්න වෙනවා.... මෘදුකාංගයේ නම තමයි MTorrent


මේක ඕනම ෆෝන් එකකට යොදාගන්න පුලුවන්... Wi-Fi තියෙනවානම් ගොඩම තමයි. එහෙම නැත්තම් GPRS වලින් බාගන්නත් පුලුවන්... මේක ගොඩක්ම හොද සිංදු, මෘදුකාංග, පොඩි පොඩි විඩියෝ වගේ බාන්න තමයි... බාද්දි Speed එකත් ටිකක් තියෙනවා. මෙමගින් ටොරන්ට් Upload කරන්නත්, ඒවායේ priorities එක High, Normal, Low ආදි වෙනස් කරන්නත් පුලුවන්...



වැඩිවිස්තර ඔයාලා ‍ඒ අඩවියටම ගිහිල්ලා බලාගන්න - උදව් ඕනේ නම් මෙතන ඔබන්න

වෙබ් අඩවිය තමයි - www.mobile.morrent.com

දැන් ඔයාගේ වාරේ අදහස් දක්වන්න 



මුණුපොතේ යාලු පොස්ටර - FriendlyPoster

ඔන්න කාලෙකින් මුණුපොතේ වැඩ කැල්ලක් ගැන කියලා දෙන්න හිතුවා... මේක මමත් දැනගත්තේ අද... කෙළින්ම කිව්වොත් මේකෙන් වෙන්නේ අපේ මුණුපොතේ ප්‍රොෆයිල් එකේ ඉන්න යාලුවන්ගේ පින්තුර යොදාගෙන ලස්සන පොස්ටරයක් හදලා දෙන එක... මෙමගින්ම එම පොස්ටරයට යාලුවන්ව ටැග් කරන නිසා එයාලට මේක දැකගන්නත් ලේසි... පහල තියෙන්නේ මම හදපු පොස්ටරය..


අහ්... කොහොමද වැඩේ... මරුනේ... පස්සේ ඕනේනම් මේකේ Print එකක් ගන්න පුලුවන්..


මේක කරගන්න ඕනේනම් පහල දිලා තියෙන සයිට් එකට ගිහිල්ලා හදාගන්න පුලුවන්...


මේක බලලා නිකං යන්න එපා... අදහසක් එහෙම දාලා යන්න... අදට එහෙනම් මම යන්නම්...

Chrome තුළින් PDF කියවමු

මෙන්න තවත් අලුත් දෙයක්.. කට්ටිය උත්සහ කරන්නේ නැති දෙයක්... දැන් ගොඩක් අය PDF ෆයිල් බාගෙන ඒවා කියවන්න ඊට ආදාල මෘදුකාංග යොදාගන්නවා... ඒත් ඇත්තෙන්ම මේවා කියවන්න වෙනත් මෘදුකාංග ඕන වෙන්නේ නැ... මේක කරන්න අපිට අපි අන්තර්ජාලයට එන්න භාවිතා කරන Google Chrome Browser එක යොදාගැනිමට පුලුවන්... අපි බලමු මේක කරන්නේ කොහොමද කරන්නේ කියලා...

Step 1 - අපිට අවශ්‍ය ෆයිලය උඩ Right Click කරලා Open With විධානය තෝරන්න


දැන් Open With විධානයේ තියෙන Browse Button එක ක්ලික් කරන්න... ඉන්පසු Google Chrome ඉන්ස්ටොල් කරලා තියෙන Path එක දෙන්න..

ඔබට එය කිරිමට අපහසු නම් මේසේ කරන්න.. Google Chrome Shortcut එක උඩ Right Click කරලා Propertise තෝරන්න. දැන් Target Box කියන එකේ තියෙන Path එක Copy කරගන්න...



ඉන්පසු ඉහත දැක්වු Browse වින්ඩෝවට එම Path එක Paste කරන්න... දැන් Chrome.exe එක දැකගත හැකි අතර එය තෝරා OK කරන්න... එවිට ඔබ කලින්  Open With මගින් විවෘත කිරිමට උත්සහ කළ PDF  ෆයිල් එක Chrome තුලින් විවෘත වනු ඇත..



මේසේ විවෘත නොවේ නම්,


Chrome වලට ගොස් එහි Address Bar එකේ මෙසේ ටයිප් කර Enter කරන්න... 


about:plugins


එහි Chrome PDF Viewer කියන එක Enable ආකාරයට සකස් කරන්න... එවිට ඔබටත් Chrome තුලින් PDF බැලිය හැක. 

ප්‍රශ්න තියෙනවානම් අහන්න, ඔබේ අදහසුත් කියලා යන්න...