Wordle - අකුරු හැඩ වැඩ දාලා හදාගන්න

මෙන්න තවත් වැඩ කෑල්ලක් ගෙනවා ඔයාලා වෙනුවෙන්ම. කට්ටිය කැමතිද මොනවාහරි අකුරු සේට් එකක් වැඩ කෑලි දාලා හදාගන්න. මේ වගේ එකක් නම් පොටෝෂෝප් වගේ භාවිතා කරලත් කරගන්න පුලුවන්. ඒ උනාට මේ ක්‍රමේ ලේසියි.. පහල තියෙන්නේ මම එහෙම හදාගත්ත පින්තුරයක්..


කොහොමද? මරු නේද වැඩේ??? වැඩේ ලේසිය කරන්න තියෙන්නේ මෙච්චරයි..

මුලින්ම මේ වෙබ් අඩවියට යන්න - Wordle
ගියාට පස්සේ උඩින්ම ලොකු Text Box එකක් තියෙනවා. එතනට ඔයාට දාන්න ඕන වචන ‍ටික පහලට ටයිප් කර කර යන්න තියෙන්නේ!
ඊට පස්සේ ඊ‍ට පහළින් තියෙන GO බොත්තම ඔබන්න.
ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඔය උඩ වගේ හැදිලා එයි. එතනින් තව අපිට ඕනේ නම් ෆොන්ට්, පාට,  ‍අකුරු වල ස්ථාන වගේ ඒවා වෙනස් කරන්නත් පුලුවන්.

වැඩේ අල්ලලා ගියා නම් අදහසක් දාන්නත් අමතක කරන්න එපා.. ඔයාලගේ අදහස් තමයි මගේ ශක්තිය.

සස්රුත සිංහල සෙවුම් ගැජටය

කස්ටිය කොහොමද හුග කාලෙකින් පොස්ට් එකක් දාන්න යන්නේ! මේක වින්ඩොස් විස්ටා හා 7 භාවිතා කරන අයට තමයි. මේක පොඩි ගැජට් එකක්. කට්ටිය දන්නවාද සස්රුත එක ගැන. ශ්‍රි ලංකාවේ ප්‍රථම සිංහල සර්ච් එන්ජින් එක. දැකලා නැත්තම් මෙතනින් යන්න. ඉතින් මේකෙන් මොනවා හරි සර්ච් කරගන්න නම් මේ අඩවියට යන්නම ඕනේනේ.. එහෙම නැතුව කරගන්න මෙන්න ක්‍රමය. මේක මම ඉස්සෙල්ලා කිව්වා පොඩි ගැජට් එකක්. හැදුවේ මගේ යාලුවෙක්. නම උදිත් (UI Creation). මේකෙන් වෙන්නේ ඒ වෙබ් අඩවිය පොඩි ගැජට් එකක් විදිහට වින්ඩොස් සෙවන් හා විස්ටා වල Side Bar එකට දාන එක.. මෙහෙම කිව්වාට තේරුනේ නැත්තම් මෙන්න තියෙනවා තිර සටහන්.. බලලාම ඉන්නකෝ...




 මේක ඉතින් ලංකාවේ වැඩක් නේ... කැමති අය බාගන්නකෝ... මෙන්න ලිංක් එක...


අදහසකුත් දාලාම යන්න.. මම යනවා...

DMCA - බ්ලොග් හොරුන්ව මට්ටු කරමු

කට්ටිය කොහොමද? හොදින් ඇති කියලා හිතනවා.. අද බ්ලොග් ලියන කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් දෙනවා.. ‍දැන් අලුතෙන් බ්ලොග් අඩවි හදනවා කට්ටිය හෝ හෝ ගාලා... හැබැයි ඔය බ්ලොග් වලින් භාගයක් විතර අනුන්ගේ බ්ලොග් පොස්ට් කොපි කරලා දාලා තියෙන්නේ... මට ඊයේත් ඒ වගේ එකෙක් හම්බුනා.. ඉතින් මේ අයගෙන් බේරෙන්න ක්‍රමයක් තමයි මේ DMCA කියන්නේ...

මේක නොමිලේ දෙන සේවාවක්.. මේකෙන් දෙන විශේෂාංග ගැන කතා කළොත්,

  • ‍අපි මේක අපේ බ්ලොගයට දැම්මාම පැය 24 ම මෙයා අපේ බ්ලොගය ගැන නිරික්ෂණය කරමින් ඉන්නේ
  • ඒ වගේම අපිට බ්ලොග් එකට දාගන්න බැජ් වර්ග රාශියක් දිලා තියෙනවා.
  • එක අකවුන්ට් එකකට අපිට ඕන තරම් බ්ලොගස් ඇතුල් කරන්න පුලුවන්..
  • ඒ වගේම කවුරු හරි ‍හොරකම් කරලා තිබ්බොත් ‍අපිට Case එකක් දාන්නත් පුළුවන්..
  • අපි දාපු බ්ලොග් වල හැම තොරතුරක්ම මෙහි Dashboard එක මගින් බලාගන්න පුලුවන්..
මේකේ තව වැඩ කෑලි තියෙනවා.. මාත් ඔන්න බැජ් එකක් දාගත්තා..දකින්න ඇතිනේ..

මේකෙන් අපිට පහල තියෙන ඒවා ‍හොරකම් කලොත් බලාගන්න පුලුවන්..
  • පින්තුර
  • වචන
  • විඩියෝ
  • ගීත
  • ලිපි

ඉතින් දැන්ම ඔයාලත් අකවුන්ට් එකක් හදාගෙන බලන්න.. නිකංනේ දෙන්නෙත්... අඩවියට යන්න පහල ලිංක් එක ක්ලික් කරන්න


ඔබේ අදහස කියලා යන්නත් අමතක කරන්න එපා

uTorrent Speedup Pro - ටොරන්ට් වේගෙන් බාන්න

ඔන්න ටොරන්ට් බාන අයට නියම සෝෆ්ට්වෙයාර් එකක් දෙන්න හිතුනා.. මාත් මේක දවස් 2ක් විතර භාවිතා කරලා හොදද කියලා බලලා තමයි ඔයාලටත් දෙන්න හිතුවේ.. මේක මගේ ඉන්ටර්නේට් ‍ස්ලෝ වුන වේලාවකදි නම් ඇත්තටම ස්පිඩ් එක වැඩි උනා... පහත පින්තුර 2ක පිළිවෙලට බලන්නකෝ.. ඕක මම ගත්ත පෝටොස් 2ක්..

මෘදුකාංගය ඕපන් කිරිමට පෙර

මෘදුකාංගය ඕපන් කර විනාඩි 2 ක් විතර ගිය පසු

දැක්‍කානේ.. ඊට පස්සේ ස්පිඩ් එකනම් 50ට අඩුවෙන් ගියේ නැ.. ඇත්තටම හොද මෘදුකාංගයක්..අහ් මෘදුකාංගයේ නමත් කියන්න බැරි උනා..නම නම් දකින්න ඇති පින්තුර වලින්...



uTorrent Speedup Pro

හැබැයි මේක වැඩ කරන්නේ uTorrent මෘදුකාංගයට විතරයි. 

1. මුලින්ම මෘදුකාංගය බාගෙන ඕපන් කරගන්න ( ඕපන් කරන්න කලින් ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියන්න )
2. ඊට පස්සේ කෙලින්ම Accelerate වෙනවා.. ඊට පස්සේ මෘදුකාංගය Close කරන්නේ නැතිව තියන්න..
3. පරිගණකය Restart කරනවානම් ආයිත් මෘදුකාංගය ඕපන් කරන්න ඕන.. 

ඕක කරලා බැලුවාම තේරෙයි.. කරලාම බලන්නකෝ...


එහෙනම් මම යනවා...අදහසක් දාලාම යන්නකෝ...

Megaupload Hack කරමු!

ඔන්න දැන් Megaupload එක හැක් කරන හැටි කියන්න යන්නේ.. හැක් කිව්වාට හැක් එකක්ම නෙමෙයි..ඒ තමයි දැන් Megaupload වල ෆයිල් Download කරද්දි ෆි යුසර් විදිහට ගියොත් විනාඩියක් වගේ වේලාවක් (Wating Timer) බලාගන්න ඉන්න වෙනවානේ ෆයිල් එක Download වෙනකන්..ඒත් දැන් කරන ක්‍රමෙන් කලොත් වේලාව යනකන් බලාගෙන ඉන්නේ නැතිව ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්... 

මේ වගේ ඉස්සර Rapidshare වලටත් කරන්න පුලුවන් කම තිබ්බා... එත් දැන් බැ...

මුලින්ම ඔයගොල්‍ලන්ට ඩවුන්ලොඩ් කරන්න ඕන ෆයිල් ඩවුන්ලොඩ් කරගන්න Megaupload යන්නකෝ...
ඊට පස්සේ Free User විදිහට තෝරන්න..එතකොට වේලාව යන්න පටන් ගන්නවානේ..
එතකොට බ්‍රවිසරයේ ඇඩ්රස් බාර් එකේ තියෙන ලිංක් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක ‍පෙස්ට් කරලා එන්ටර් කරන්නකෝ...

javascript:alert(count=1)


එතකොට මැසෙජ් බොක්ස් එකක් එයි එකත් එන්ටර් කරන්න..ඔන්න දැන් කෙලින්ම ෆයිල් එක ඩවුන්ලොඩ් වෙයි...


කරලාම බලන්නකෝ... අදහසක් දාන්නත් අමතක කරන්න එපා...

mcaf.ee - ආරාක්ෂාවත් එක්කම ලිපින කෙටි කරන්න

දැන් ඉතින් අන්තර්ජාලයේ ලිපින කෙටි කිරිමේ අඩවි වැහි වැහැලානේ...   TinyURL , Geega.in , Tiny වගේ එක එක ඒවා තියෙනවා... මාත් එකක් හැදුවා..  හැබැයි දැන්නම් ඒක වැඩ නැ... ඉතින් අද මම කියන්න යන්නේ මේ හැම එක‍ටම වඩා හොද සේවාවක් සපයන ආයතනයක් ගැන.. ආයතනය ගැන නම් කට්ටිය දන්නවා.. හැමෝම දන්න Mcafee තමයි මේ සේවාවත් සපයන්නේ...

මේකෙන් වෙන්න දිග වෙබ් ලිපින  කෙටි කරනවා.. හැබැයි මේකෙන් වෙබ් ලිපින වලට ආරාක්ෂාවත් සපයනවා.. ඒ කිව්වේ කෙටි කරපු වෙබ් ලිපිනයේ Phishing වගේ වෛයිරස් තිබ්බොත් අල්ලනවා... ම්ම්ම්... තාමත් තේරුනේ නැත්තම් කෙටි කරලාම බලන්නකෝ...

වෙබ් අඩවියට මෙතන ඔබන්න