ඔන්න අද කට්ටියට කියන්න යන්නේ තවත් වැදගත් වෙයි හිතෙන දෙයක් ගැන.. ඒ තමයි Google Page Rank ගැන.. මට මේක මතක් වුනේ ඊයේ , ඊයේම මේ බ්ලොග් එ‍කේ තත්වේ බැලුවා Page Rank 2ක්... හ්ම්ම්ම්...නරකමත් නැ... ඉතින් දැන් මම මේ Google Page Rank ගැන කෙටි හැදින්විමක් හා මේක බලාගන්න හැටි කියන්නයි යන්නේ...


හරි අපි එහෙනම් අපි බලමු මොකක්ද මේ Google Page Rank කියන්නේ කියලා,


Google වර්තමානයේ ලොව හොදම සහ වේගවත්ම සෙවුම් යන්ත්‍රය බව හැමෝම දන්නවානේ.. ඉතා කෙටි කලක් තුල මේ තරම් ගමනක් Google ට එන්න හැකි වුනේ කොහොමද? මොකක්ද මේකේ රහස? රහස තමයි මේ Google Page Rank තාක්ෂණය.. මේකට PR Technology කියලත් කියනවා. 1995 දි  Larry Page විසින් Stanford විශ්ව විද්‍යාලයේ කරන ලද සොයගැනීමක් තමා 1998 දිSergey Brin සමග Google යන නමින් මේ සෙවුම් යන්‍ත්‍රය බිහිවුනේ..

මෙම සෙවුම් යන්ත්‍රය එහි සෙවුම් පද (Key words) සමග පෙළ ගැසීමේදී (Search Index) අනුගමනය කල ක්‍රමය තමා මේ PageRank කියලා කියන්නේ...ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ නේද? 

අපි මේ ගැන තව ටිකක් ක‍තා කොලොත්,

ගොඩක් ජනප්‍රිය හා ගුණාත්මක භාවයෙන් වැඩි වෙබ් අඩවි සදහා මේ Google Page Rank 7-10 ත් අතර අගයක් ලබාදෙනවා..

සාමාන්‍යයෙන් හොද මට්ටමේ වෙබ් අඩවි වලට Google Page Rank 3-6 ත් අතර අගයක් ලබාදෙනවා..

සාමාන්‍ය මට්ටමේ වෙබ් අඩවි වලට Google Page Rank 0-3 ත් අතර අගයක් ලබාදෙනවා..

දැන් අපි බලමු මේ Google Page Rank පරික්ෂා කරගන්න පුලුවන් ක්‍රම ගැන

  •  ගුගල් ටුල්බාර් වැන ඇඩෝනයකින් අපිට පුලුවන් පරික්ෂා කරගන්න..
  • එහෙමත් නැතිනම්, Page Rank Checker වැනි වෙබ් අඩවියකින් කරගන්නත් පුලුවන්...
පහල තියෙන්නේ අපි වැඩි වශයෙන් භාවිතා කරන වෙබ් අඩවි වල Google Page Rank ස්ථානයි

Google.com - PR 10 
Facebook.com - PR10
Wordpress.com - PR 9
Blogger.com - PR 8

කට්ටිය හිතයි Page Rank එක වැඩි වෙලා මොනවා කරන්නද කියලා!

  • Google සෙවුම් යන්ත්‍රයේ පෙළ ගැසීම්(Search Index)වල ඉදිරියට පැමිනීම
  • Google Adsense දැන්වීම් මගින් ලැබෙන ආදායම ඉහල යාම හා දැන්විම් ඉක්මණින් ලැබිම
  • වෙබ් අඩවියේ ගුණාත්මකභාවය වැඩිවීම
මම මේ ලිපියෙන් හැදුවේ මේ Page Rank කියන්නේ මොකක්ද, එය බලාගන්නේ කොහොමද හා එයින් ලැබෙන වාසි ගැන කතා කරන්නයි.. මොකද ලංකාවේ ගොඩක් වෙබ් අඩවි හදන අය මේ Page Rank ගැන තියෙන දැනිම අඩුයි.. සමහරක් විට ගොඩක් අය (හැමෝම නෙමෙයි) අද වෙන්න ඇති මොකක්ද මේ Page Rank කියන්නේ කියලා දැනගත්තේ... තවත් මේ ගැන තොරතුරු ඕ‍නේ නම් Wikipidia අඩවියෙන් බලාගන්න පුලුවන්..

Wikipidia ලිපිය බලන්න මෙතන ක්ලික් කරන්න..

එහෙනම් මම යනවා...මම හිතන්නේ Page Rank ගැන පොඩි හරි දැනුමක් එන්න ඇති... යන ගමන් ඔබේ අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා..