කොහොමද කට්ටියට? මකුළු දැල් එකයි බ්ලොග් එකේ.. මම මේ දවස් ටිකේ බ්ලොග් එක Close කරලා තිබ්බේ.. මොකද දන්නවාද? තිම් එකක් එහෙම දාලා ලස්සනට හදාන්න.. කොහෙද හිතට හරියන තිම් එකක් තිබ්බේ නැ.. පස්සේ තිබ්බ එකම දාලා බ්ලොග් එක Open කළා.

අද පොස්ට් එකෙන් මම කියන්න යන්නේ මොබයිල් එකෙන් මුණුපොතට, ටුවිටරේට යන අයට හොද මෘදුකාංගයක්. ගොඩක් අය භාවිතා කරන්නේ eBuddy, Nimbuzz වගේ ඒවානේ.. මාත් මේක දාගත්තේ මගේ මොබයිල් එකේ eBuddy, Nimbuzz වගේ ඒවා වැ‍ඩ කළේ නැ එකයි..

Snaptu තමයි මෘදුකාංගයේ නම. මේකත් Mobile Messanger ඝනයේ මෘදුකාංගයක්.  eBuddy, Nimbuzz වගේම අඩු මුදලක් තමයි මේකෙන් ඉන්ටර්නෙට් යද්දි කැපෙන්නේ.


ඒ විතරක් නෙමෙයි. මේකෙන් Picasa, News & Blogs, Weather, Sports News, Cricket Info වගේ ඒවාට යන්නත් පුළුවන්.

අනික මේ මෘදුකාංගය හැම දුරකථනයකටම වැඩ කරනවා. ඒ වගේම ගොඩක් වේගවත්. ඒ නිසා අපේ කාලය හා මුදල් ඉතිරි කරනවා..



තව මේකේ Menu එක ආධුනිකයෙකුට භාවිතා කරන්න පුලුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක නිසා අළුත් අය බය වෙන්නේ නැතුව යන්න. අපිට මේ Menu එකට තවත් එක් එක් ඇප්ලිකේෂන් ඇතුල් කරගන්න පුළුවන්.

උදා - Youtube, Gtalk 

කට්ටිය මේකත් ට්‍රයි කරලා බලන්න.. අනිවා කැමති වෙයි.. කට්ටිය m.snaptu.com කියන අඩවියට ඔයාගේ දුරකථ‍නයෙන් ගිහිල්ලාම බාගන්න. පරිගණකයට බාගන්න ඕනේ නම් මෙතන ඔබන්න..

කට්ටියට මේ ගැන වැඩි දුර තොරතුරු හරි, ප්‍රශ්න හරි තියෙනවා නම් පහල ලිංක් දෙකෙන් යන්න...