කට්ටිය කොහොමද? හොදින් ඇති කියලා හිතනවා.. අද බ්ලොග් ලියන කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් දෙනවා.. ‍දැන් අලුතෙන් බ්ලොග් අඩවි හදනවා කට්ටිය හෝ හෝ ගාලා... හැබැයි ඔය බ්ලොග් වලින් භාගයක් විතර අනුන්ගේ බ්ලොග් පොස්ට් කොපි කරලා දාලා තියෙන්නේ... මට ඊයේත් ඒ වගේ එකෙක් හම්බුනා.. ඉතින් මේ අයගෙන් බේරෙන්න ක්‍රමයක් තමයි මේ DMCA කියන්නේ...

මේක නොමිලේ දෙන සේවාවක්.. මේකෙන් දෙන විශේෂාංග ගැන කතා කළොත්,

  • ‍අපි මේක අපේ බ්ලොගයට දැම්මාම පැය 24 ම මෙයා අපේ බ්ලොගය ගැන නිරික්ෂණය කරමින් ඉන්නේ
  • ඒ වගේම අපිට බ්ලොග් එකට දාගන්න බැජ් වර්ග රාශියක් දිලා තියෙනවා.
  • එක අකවුන්ට් එකකට අපිට ඕන තරම් බ්ලොගස් ඇතුල් කරන්න පුලුවන්..
  • ඒ වගේම කවුරු හරි ‍හොරකම් කරලා තිබ්බොත් ‍අපිට Case එකක් දාන්නත් පුළුවන්..
  • අපි දාපු බ්ලොග් වල හැම තොරතුරක්ම මෙහි Dashboard එක මගින් බලාගන්න පුලුවන්..
මේකේ තව වැඩ කෑලි තියෙනවා.. මාත් ඔන්න බැජ් එකක් දාගත්තා..දකින්න ඇතිනේ..

මේකෙන් අපිට පහල තියෙන ඒවා ‍හොරකම් කලොත් බලාගන්න පුලුවන්..
  • පින්තුර
  • වචන
  • විඩියෝ
  • ගීත
  • ලිපි

ඉතින් දැන්ම ඔයාලත් අකවුන්ට් එකක් හදාගෙන බලන්න.. නිකංනේ දෙන්නෙත්... අඩවියට යන්න පහල ලිංක් එක ක්ලික් කරන්න


ඔබේ අදහස කියලා යන්නත් අමතක කරන්න එපා