ඔබගේ දැන්විම නොමිලේ ප්‍රචාරය කරගන්න

ඔබගේ බ්ලොග් අඩවියේ දැන්විමක් නොමිලේ ප්‍රචාරය කිරිමට අප සුදානම්. ඔබට කරන්නට තියෙන්නේ පහත ෆොමරය නිවැරදිව පුරවා එවිමයි.

මුණුපොතට තවත් ආක්‍රමණයක්....

VIRUS ALERT
SPAM ATTACK. DON'T USE IT

ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ මුණුපොත වයිරස් වලින් ආක්‍රමණය කරනවා කියලා. මිට ඉස්සරත් වයිරස් එකකින් එහෙම කරලා තිබ්බා. ඒ ගැන අපේ Hacking Clz සහොදරයා ලිපියක් දාලා තිබ්බා. ඒක බලන්න මෙතන ඔබන්න.
ඔන්න දැන් ඒවගේ එකක් ඇවිල්ලා. මේකේ නම MYNEWAPP. ‍මේක ගැන මම පොඩ්ඩකට ඉස්සෙල්ලා දැක්කේ මුණුපොතේ තියනවා දැකලා. මේ ගැන කියලා තිබ්බේ නම් M.I.SL එකෙන්. අනිත් අයටත් දැනගන්න තමයි මේ පොස්ට් එක දාන්න හිතුනේ. මේකේ ක්‍රියාකාරිත්වය කෙටියෙන් කිව්වොත් SIMS 3 වයිරස් එක වගේම තමයි.

ඔයාගේ යාලුවෙක් ඔයාගේ Status එකට කමෙන්ට් කලා වගේ තියෙන්නේ. ඒ කමෙන්ට් එකේ ඔය ලින්ක් එක අඩංගුව තියෙනවා.

කෝකටත් පරිස්සමෙන් ඔය ලින්ක් එක උඩ ක්ලික් කරන්න එපා. M.I.SL එක කියලා තියෙන්නේ SPAM එකක් කියලා.

XP ට ගෙදර යන්න වෙයිද?

වින්ඩොස් XP ආවාට පස්සේ විස්ටා,හත වගේ ඒවා ආවනේ. ඒත් තවමත් XP පාව්ච්චි කරන කොටස වැඩිය. ඔවුන්ට තියෙන ලොකුම සහනය තමයි අලුත් පරිඝණකයකට නොයා පරණ පරිඝණකයේ සිටම අලුත් වැඩ කරගැනිමට හැකි විමයි. එහෙත් ඒම තත්වය 2011 දි නැතිවිමට ඉඩ යෙදි තිබෙනවා. ඒයට හේතුව තමයි HD නිෂ්පාදකයින් එම තාක්ෂණය වෙනස් කිරිමට යැමයි. ඒවිට ඒවායේ XP දුවවිමට නොහැකිය. එම හාර්ඩ් වල එන අලුත්ම තාක්ෂණය තමයි 4k format කියන්නේ. මෙම තාක්ෂනය ගැන සම්මතයකට ආවේ 2009 සැප්තැම්බරයේය. එතැන් පසු ආපු වින්ඩොස්,ලිනක්ස්,ඇපල් OS මෙම තාක්ෂණ‍යට අනුකුලව නිපදා තියෙනවා. එහෙත් මිට අවුරුදු 9 කට කළින් ආපු XP එසේ නැත.

2011 ජනවාරි මස සිට එන ඔක්කොම HD 4K format එකට හදපු ඒවාය.
මේ සියල්ලෙන්ම කියාපාන්නේ අලුත් HD එකක් ගන්නවානම් XP අනිවාර්යෙන් අතහැරිය යුතු බවද?

මූණුපොතේ ඉන්න අයට ටුල්ස් ටිකක්

ඔයගොල්ලෝ හැම කෙනෙක්ම වාගේ මුණු පොතේ ඉන්නවා ඇති‍නේ. මුණුපොතේ දවසේම ඉන්න අයට හොද, එළකිරි ටුල්ස් ටිකක් ගෙනවා. භාවිතාකරලාම හොද නරක කියන්න. මේවා කලව‍මේ තියෙන්නේ - පෙලක් ඒවා ගිනි නරියාගේ ඇඩෝන , පෙලක් ඒවාට වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් ඕන.

YOUTUBE වෙනස දැක්කද?

අද දෙවැනි ලිපිය මේක. ඔයගොල්ලෝ යුටියුබ් පැත්තේ ගියානම් දකින්න ඇති නේද? යුටියුබ් ලොගො එකේ වෙනස.. මම මිට කලින් නම් දැකලා ගුගල් සර්ච් එන්ජිමේ විතරයි. ඒත් දැන් ගුගල්ලා යුටියුබ් එකෙත් ලොගෝ වෙනස් කරලා. මම හිතන්නේ මෙතැන් සිට ඉදිරියට සර්ච් එන්ජිමේ වගේම යුටියුබ් එකේ ලොගෝ එකත් වෙනස් කරයි. ඇත්තටම යුටියුබ් එකේ ලොගෝ එක ලස්සනයි.



FIFA 2010 THEME SONG - WAVING FLAG සිංදුව ඕනේනම් මෙතනින් ගන්න. ලස්සන සිංදුවක්..

බ්ලොගර් Nav බාර් එක අයින් කරමු

කොහොමද කස්ටියට..අම්මෝ. අන්තිම ලිපිය ලිව්වේ මැයි 30 වෙනිදා. ඊට පස්සේ ලිපියක් දාන්නත් බැරිවුනා. හරි ඒකට කමක් නැ. මේ දවස් ටිකේ හොද තිම් හෙව්වා බ්ලොග් එකට දාන්න. තියෙන එක තිම් එකක්වත් මගේ හිතට ඇල්ලුවේ නැ. පස්සේ මතක් උනා Blogger ටෙම්ප්ලේට් ඩිසයිනර් එක. පස්සේ එකෙන් මේ තිම් එක හදාගත්තා.හැදුවාට පස්සේ මට ඕන උනා අර උඩ එන Nav Bar එක අයින් කරන්න. ඒක අයින් කරගන්න දන්න හැම Trick එකක්ම දැම්මා. එකක්වත් හරි ගියේ නැ. පස්සේ ජංජාලයේ ගුගල් අයියාගෙන් ඇහුවා. අන්තිමට කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. අද කියන්න යන්නේ කොහොමද ඒ වැ‍ඩේ කරගන්නේ කියලා. මම දැක්කා ගොඩක් අය ඕක අයින්කරගන්න බැරිව ඉන්නවා. පොඩි වැඩයි කරන්න තියෙන්නේ.

මුලින්ම බ්ලොගර් වලට ගිහිල්ලා Layout වලට යන්න ඕනේ. Layout නෙමෙයි දැන් තියෙන්නේ Design කියලානේ. ඒකට ගිහිල්ලා Edit Html එකට යන්නකෝ. කෝකටත් කියලා තිම් එකේ බැක්අප් එකක් දාගන්න. පස්සේ තිම් එකේ තොරතුරු තියෙන තැන තියෙන්නේ. ඒක තියෙන්නේ තිම් එකේ කොඩ්ස් පටන් ගන්න තැනම පොඩ්ඩක් පහළින්. මෙන්න මේ වගේ.



හරි ඒකට පහලින් මෙන්න මේ කෝඩ් එක පේස්ට් කරන්න ඕන. මේ වගේ..




දැන් වැඩේ හරි. දැන් ටෙම්ප්ලේට් එක සේව් කරලා ඔයාගේ බ්ලොග් එකට ගිහිල්ලා බලන්න. කමෙන්ට් එකක් එහෙම කරලා යන්න.