DocStoc - ඇඩ්සෙන්ස් වලට තල්ලුවක්

ගොඩක් අය උත්සහා කරන්නේ ගුගල් මගින් ලබාදෙන ගන්නම අමාරු සේවාව ලබාගන්නනේ.. ඒ කියන්නේ ගුගල් ඇඩ්සෙන්ස්... ඉතින් මට හම්බුනා පොඩි සයිට් එකක්. ‍(පොඩි කිව්වාට පොඩි නැ හොදේ) මේ සයිට් එක හරහා අපිට ඇඩ්සෙන්ස් ලබාගන්න පුලුවන්(ලු) මේ වගේ පොස්ට් එකක් ලසිදු අයියාත් දාලා තිබ්බා.. මේක මම දැනගත්තේ ඊයේ රාත්‍රියේදි තමයි.. මාත් මේකට ඉල්ලුම් කරලා තියෙන්නේ..

මේක මම දැනගත්තේ DigitalPoint වෙබ් අඩවියෙන්..



අපි දැන් ඇඩ්සෙන්ස් ගන්න යන වෙබ් අඩවියේ නම Docstoc. මුලින්ම ඔයාලා පහල තියෙන ලිංක් එකට ගිහිල්ලා ඔයාගේ තොරතුරු දීලා රෙජිස්ටර් වෙන්න...

http://www.docstoc.com/login/?ref=header-reg&pt=92&register=1&ft=19

දැන් ඔයා රෙජිස්ටර් උන තොරතුරු දිලා වෙබ් අඩවියට ඇතුල් වෙන්න. ඊට පස්සේ ඔයාලා ගාව තියෙන මොනවාහරි Documents ටිකක් ඔය සයිට් එකට දාන්න.. මොනවගේ ඒවාද දන්නේ කියලා දැනගන්න ඕනේනම් ඔය සයිට් එකට කට්ටිය දාලා තියෙන ඒවා බලන්න...දැන් පහල තියෙන ලිංක් එකට යන්න..

http://www.docstoc.com/doccash/join/

ඔතනදි ඇඩ්සෙන්ස් අකවුන්ට් තියෙන අයටත් ආයිත් ගන්න පුලුවන්.. ඔයාලා අලුතෙන් හදනවානම්  I'd like to set up an AdSense account කියන ‍එක තෝරන්න. දැන් එන ෆෝම් එකට ඔයාගේ ඊ-මේල් ලිපිනය දිලා Submit බොත්තම් ඔබන්න. ඊට පස්සේ ඔයාලට ඇඩ්සෙන්ස් එකෙන් හා මේ වෙබ් අඩවියෙන් මේල් 2ක් එවයි... ඇඩ්සෙන්ස් එකෙන් ආපු මැසේජ් එක බලලා එකේ තියෙනවා ලිංක් එකක්. එක ක්ලික් කරලා ලැබෙන ෆෝම් එක පුරවන්නත් ඕන.. දවස් දෙකකින් විතර ඇඩ්සෙන්ස් වලින් ඔයාට මේල් එකක් එවයි ඔයාට ඇඩ්සෙන්ස් හම්බුනාද කියලා... 


ඔයාලා ඇඩ්සෙන්ස් වලට ඉල්ලුම් කළාට පස්සේ එම අකවුන්ට් ‍එකේ තත්වය ඔයාලට පහල ලිංක් එකෙන් බලාගන්න පුලුවන්..


http://www.docstoc.com/settings/?tab=doccash


මට තාම හම්බුනේ නැ... ඔන්න හම්බුනේ නැ කියලා මාවනම් කන්න එපා... ට්‍රයි කරලා බලන්න... ඉතින් හරි ගියොත් එහෙම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා...  ඉතින් අදහසක් දාන්නත් අමතක කරන්න එපා... 

Keyloggers - සැම දෙයක් දෙසම බලාසිටින සැගවුනු ඇස

යතුරුපුවරුවෙන් පරිගණකයට ඇතුල් කරන සියලුම දත්ත ඔබගේ අනුදැනුමකින් තොරව වාර්තා කරගෙන ආදාළ වැඩසටහන නිපදවු පුද්ගලයාට එවලේම හෝ පසුව ලබාදෙන වැඩසටහන් Keylogger ලෙස හදුන්වයි..
Keylogger යන වචනය සැදි තිබෙන්නේ Key + Log කියන වචන දෙක එකට එකතු විමෙනි. අපේ රටේ තිබෙන බොහෝමයක් ඉන්ටර්නෙට් කැෆේ වල මෙම වර්ගයේ වැඩසටහන් ස්ථාපනය වි පවතී.



ඔබ භාවිතා කරන පරිගණකයේත් මෙවැනි ‍වැඩසටහන් ක්‍රියාත්මක වෙනවාදැයි සොයා එය නැවැත්විය හැක. එසේ නොමැති නම් මෙම නෙට් කැෆේ වල තිබෙන පරිගණක වල ඊ-මේල් ලිපින , මුර පද වගේ දැ ටයිප් කිරිමේදි Character Map එක යොදා ගෙන ටයිප් කරන්න.. එය ලබා ගැනිම සදහා,

Start > All Programes > Accessories > System Tools > Character Map

නමුත් මේ ආකාරයට ටයිප් කෙරුවත් ඒවාත් හසු කරගත හැකි මෙවැනි වැඩසටහන් දැන් තිබෙනවා.. ඉතින් අපි ඊළගට බලමු කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා..

මේ සදහා අපිට පෝටබල් මාදිලියේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් යොදාගත හැක. නැතිනම් උබුන්ටු Live CD එකක් යොදාගෙන මේ වැඩේ පහසුවෙන් කරගත හැක. Puppy Linux, Slax, DSL යනු මෙවන් පෝටබල් වර්ගයේ මෙහෙයුම් පද්ධති වේ. මේවා ‍පෙන් ඩ්‍රයිව් එකක වුවත් පහසුවෙන් ගෙන යා හැකිය. පසුව Chrome වෙබ් බ්‍රවුසරය පරිගණකයේ පිහිටුවා ගන්න. මෙහිද පොටබල් සංස්කරණයක් තිබේ.. ඉන්පසු බ්‍රව්සරයට LastPass නැමැති ඇඩෝනය ස්ථාපනය කරගන්න. එය භාවිතයෙන් ඔබට අවශ්‍ය මුරපද සියල්ල ඇතුලත් කර Automatic Logging ඔප්ෂනය ක්‍රියාත්මක කරන්න. මී ළගට ඔබට අවශ්‍ය සියලුම මුරපද මෙම ඇඩෝනය භාවිතයෙන් අවශ්‍ය වෙබ් අඩවි වලට පහසුවෙන් ඇතුලත් කර ගත හැක. මෙමගින් ඔබේ දත්ත වලට උපරිම ආරාක්ෂාවක් ලබාගත හැක..

LastPass Extension - https://chrome.google.com/extensions/detail/hdokiejnpimakedhajhdlcegeplioahd?hl=en
Chrome Portable - http://portableapps.com/apps/internet/google_chrome_portable
Puppy Linux Portable - http://www.pendrivelinux.com/puppy-linux-on-usb/
Wikipedia - http://en.wikipedia.org/wiki/Keystroke_logging

මම හිතනවා පොස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... එහෙනම් අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා..

Google For You - ප්‍රශ්නේට මෙහෙම උත්තර දෙමු!

ඔන්න අද උදේම කට්ටිය පුදුම වෙන දෙයක් දෙන්න යන්නේ, මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.. දැන් මුණුපොතේ දි එහෙම කට්ටිය අපෙන් ප්‍රශ්න අහනවනේ. ඉතින් ගොඩක් අය ඒකට දෙන පිළිතුර තමයි ගුගල් එකේ බලන්න කියලා.. ඕක ‍ඔහොම කියනවාට වඩා ටිකක් වෙනස් විදිහකට දුන්නොත් මොකද?


මෙහෙමයි වැඩේ කරන්නේ!

මුලින්ම Google For You වෙබ් අඩවියට යන්න. (ලිංක් එක වැඩ කලේ නැත්තම් වෙබ් පිටුව Refresh කරන්න)
ඊට පස්සේ එතන තියෙන සර්ච් බොක්ස් එකේ අරයා කළින් අහපු ප්‍රශ්නය ටයිප් කරන්න.
ඊ‍ට පස්සේ Google Search බොත්තම ඔබන්න.
එහෙම කළාට පස්සේ ඊට පහලින් පොඩි ලිංක් එකක් දෙනවා පේනවා ඇති.
අන්න ඒක අර ප්‍රශ්නේ අහපු කෙනාට දෙන්න..
ඕනේ නම් කොහොමද මේක වෙන්නේ කියලා බලන්නනම් ඔයත් ඒ ලිංක් එකට ගිහිල්ලා බලන්නකෝ..

කොහොමද වැඩේ? වැඩේ හොදනම් අදහසක් දාලා යන්නත් අමතක කරන්නත් එපා..

QR Codes - වචන හංගන්න මේක ගමුද?

අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක්.. මේක ගැන සමහරෙක් දන්නවත් ඇති. කමක් නැ ආයිත් දැනගත්තා කියලා වැඩි වෙනවා ඇ.. හරි අපි බලමු මේ මොකක්ද කියලා? කට්ටිය දන්නවානේ Barcode ගැන. ඔව් ඔව් අර කලු පාට කොටුවක් වගේ එකක සුදු පාට ඉරි ගහලා තියෙන්නේ.. හිහි..


අන්න ඒ වගේ දැන් අලුත් කෝඩ් ජාතියක් තියෙනවා. අහලා තියෙනවාද? ඒක තමයි,

QR CODES

මේක කට්ටිය අද වෙන්නත් පුලුවන් ඇහුවේ.. මේ කෝඩ් වලදි පින්තුරය පෙන්නන්නේ Barcode පින්තුරයක් ‍වගේ නෙමෙයි. මේ පහල තියෙන්නේ ඒක පෙන්නන හැටි..

පොඩි ලස්සනකුත් තියෙනවා නේද? මේ ගැන වැඩි විස්තර ඕනේ නම් විකිපිඩියා එකේ තියෙනවා. ඒක බලන්න මෙතන ඔබන්න.

ඉතින් අද මම කියන්න යන්නේ කොහොමද මේ QR CODE එකක් හදාගන්නේ හා කොහොමද එහෙම හදාගත්ත එකක් බලන්නේ කියලා. මේ වැඩ දෙකම ලේසියි..

QR CODE එකක් හදාගමු

‍මේ සදහා අපිට වෙබ් අඩවියක සහය පැතිමට අවශ්‍ය වෙනවා. මේ සදහා මම යොදාගන්නේ kaywa කියන වෙබ් අඩවියෙන් අපිට දිලා තියෙන QR Code Generator එක. මුලින්ම මේ වෙබ් අඩවියට යන්න ඕන.. ඒකට මෙතන ඔබන්න.

සයිට් එකට ගියාම ටිකක් පහලින් තියෙනවා Content Type (Text,URL,Phonenumber,SMS) කියලා එකක්. එකක් එතනින් ඔයාට ඕනේ එක තෝරගන්න. ඊට පස්සේ ඊට පහලින් තියෙන කොටුවේ හංගන්න ඕන වචන සේට් එක ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ Generate බොත්තම් ඔබන්න. ටික වේලාවකින් ඔයාගේ QR Code එක හැදිලා එයි.

QR CODE එකක් කියවන්නේ කොහොමද?


‍මේ සදහා අපිට වෙන වෙබ් අඩවියක සහය පතන්න වෙනවා. ඒ වෙබ් අඩවියේ නම Mini QR. මුලින්ම මෙතනින් ඒ වෙබ් අඩවියට යන්න. ගිහිල්ලා ඒ සයිට් එකේ තියෙන සුදු කොටුවේ ඔයාගේ පින්තුරේ ලිංක් එක දෙන්න ඕනේ. ලිංක් එක දීලා Submit කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ ගානට අර QR CODE එකේ තිබ්බිච්ච හැංගිච්ච අකුරු ටික පේනවා..

ඔයාලා හිතනවානම් මේ ලිපිය ඔබට වැදගත් උනා කියලා ප්‍රතිචාරයක් දාලා යන්න අමතක කරන්න එපා.. එහෙනම් අදට අපි ගියා. තාම ඔයගොල්ලෝ YouthTurn එක්ක එකතු‍වුනේ නැත්තම් මෙතන ඔබන්න.

ප.ලි - මේවා කියවන්න දැන් ෆොන් වලටත් මෘදුකාංග තියෙනවා.. ඒවා වලින් හැම ෆොන් එකකටම වගේ වැඩ කරන ඒවා හදලා තියෙන්නේ Neo-Reader සමාගමෙන්.. ඒ වෙබ් අඩවියෙන් ඒ මෘදුකාංගය නොමිලේම බාගන්න පුලුවන්. ඒකට මෙතන ඔබන්න..

Youth Turn - Social Network - එකතු වෙලාම බලන්න

අද මම ආවේ අලුත් වෙබ් අඩවියක් ගැන කියන්න. මේක කියවගෙන යද්දි කියයි මේ වගේ ඒවා දැන් වැහි වැහැලා කියලා. කමක් නැ.. කියවලාම බලන්නකෝ..

මම මීට කාලෙකට ඉස්සෙල්ලා ඒ කිව්වේ මාස 5කට විතර උඩදි මගේ මුණුපොතේ දාලා තිබ්බා YouthTurn කියලා වෙබ් අඩවියක් හදාගෙන යනවා කියලා. මගේ මුණුපොතේ යාලුවෝ නම් දන්නවා ඇති. ඔන්න ඊයේ රැ සයිට් එකේ ‍වැඩ ඉවර කලේ. දැනට මේකට ගොඩක් විශේෂාංග දාලා තියෙනවා.. තව ගොඩක් තියෙනවා.. හ්ම්ම්... ඔය පහල තියෙන්නේ මෙහි තිර සටහන් කිහිපයක්..

වෙබ් අඩවියේ ඉදරි පෙනුම
යහලුවන් සමග චැට් කරන අතරතුර
මෙහි දැනට තිබෙන විශේෂාංග ගැන ටිකක් ගැන කතා‍ ‍කළොත් මේවා තමයි තියෙන්නේ

Polls - මෙමගින් ඔබට Polls සැදිමට පුලුවන්..
Groups - මෙමගින් ඔබට මුණුපොතේ වගේ Groups සාදා ඒයට අන් අයට එකතු විමට කියන්න පුලුවන්
Articles - මෙමගින් ඔබට Notes ලියා තැබිමේ හැකියාව ඇත.
Q&A (Question & Answer) මෙය මුණුපොතේ ඉදිරියට එන්නට තිබෙන ‍විශේෂාංගයක්.. මෙමගින් ඔබේ ප්‍රශ්න වලට උත්තර ගන්න පුලුවන්
Blog - මෙමගින් ඔබට Blog එකක් ලිවිමට පුලුවන්
Albums - මෙය මගින් ඔබට ඔබේ පින්තුර Albums සැදිමට පුලුවන්.

මීට අමතරව මෙහි චැට් කිරිමේ පහසුකමත්, ඔබ ඔ‍බේ පින්තුර වලට යාලුවන්ව ටැග් කිරිමේ පහසුකමත් ඇත. 

අපි මෙහිදි අපේ පරිශිලකයින්ගේ පෞද්ගලිකත්වය ගැන ගොඩක් හොයලා බැලුවා.. එම නිසා ඔබට ඔබේ පෞද්ගලිකත්වය ගැන බිය විය යුතු නැ.

ඉදිරියේදි අප තවත් ගොඩක් විශේෂාංග එකතු කරන්න ඉන්නවා. ඒ වගේම අපේ මෙම අඩවියේ Mobile Version එකත් නිකුත් කරන්න බලාපො‍රොත්තු වෙනවා. 

මේ සදහා උදව් කරපු ගොඩක් අය ඉන්නවා. මෙය හැසිරවිමට දැනට මම සමග තව තිදෙනෙක් එකතු වෙලා ඉන්නවා.. කසුන් සෙනෙහස්කෙෂාන්, අනිත් කෙ‍නාගේ නම දාන්න එපා කිව්වා.. 

ඒ වගේම නන් අයුරින් උදව් කරපු අයටත් ගොඩක් ස්තුතියි!

ඉතින් ඔබේ අදහස් අපිට කියන්න. ඒ වගේම මෙහි සමාජිකයෙකු වෙන්නත් අමතක කරන්න එපා. 

වෙබ් අඩවියට යැමට පහල ලිංක් එක ඔබන්න.

Chrome Extension හදමු - කුප්පි 2

සමාවෙන්න ඕනේ මේ පොස්ට් එක දාන්න පරක්කු උනාට. මේ‍ක උදේ දාන්න හිටියේ. ඒත් ඒකට වැස්ස හරස් උනා. තව කුප්පියක් ලියන්න තිබ්බත් වැස්ස ෂුවර් නැති නිසා ඒ කුප්පියත් මේ කුප්පියත් එක්කම ලියලා දාන්නම්. එහෙනම් අපි වැඩේට බහිමු. අපි ගිය සැරේ පොස්ට් එකෙන් කතා කළේ RssInclude කියන වෙබ් අඩවිය ගැනනේ. කට්ටිය ඒ පොස්ට් එක බැලුවේ නැත්තම් මෙතන ඔබන්න. කට්ටිය ඒ පොස්ට් එකේ මම දීලා තිබ්බ ෆයිල් එකත් බාගන්න ඇති කියලා හිතනවා. හරි. එහෙනම් ඒ ඔක්කොම එක තැනකට අරගෙන වැඩේ පටන් ගමු.


1. මුලින්ම ඔයා කලින් පොස්ට් එකේදි බාගත්ත ෆයිල් එක ඕපන් කරන්න.

2. එකේ ඔයාට  icon.png, icon_128.png, manifest.json, style.css, trixhunter.html කියලා ෆයිල්ස් 5ක් දැකගන්න  ලැබේයි.

3. මුලින්ම trixhunter.html කියන එක ඔයාලගේ බ්ලොග් එකේ නමින් Rename කරගන්න. (yoursitename.html)

4. දැන් ඒ ෆයිල් එක Notepad ආධාරයෙන් ඕපන් කරගන්න.

5. එකේ <td> <td> කියන කෝඩ් දෙක අතරේ තියෙන javascript එක අයින් කරන්න.

6. ඊට පස්සේ එතනට අර මම කලින් පොස්ට් එකේ කිව්වා වගේ අර සයිට් එකෙන් අපිට ලබාදෙන කෝඩ් එක එතනට පේස්ට් කරන්න ඕනේ. දැන් ඒ ෆයිල් එක සේව් කරගන්න.

7. දැන් manifest.json කියන ෆයිල් එක Notepad ආධාරයෙන් ඕපන් කරගන්න. එකේ Name, Description වගේ තැන් වෙනස් කරන්න. එකේම තියෙන popup කියන තැනට අපි කළින් හදාගත්ත html ෆයිල් එකේ නම දෙන්න ඕනේ. දැන් ඒ ෆයිල් එකත් සේව් කරගන්න.


8. දැන් ඔයගොල්ලෝ icons 2ක් හදාගන්න ඕන. ඒ දෙකම .png විදිහට හදාගන්න ඕන. මුල්ම අයිකොන් එක 128x128 px සයිස් එකට හදලා ඒක icon_128.png විදිහට ඔයාලගේ අර ෆයිල්ස් තියෙන ෆොල්ඩර් එකේම තියාගන්න. අනිත් එක 19x19 px සයිස් එකට හදලා ඒක icon.png කියලා සේව් කරගන්න.


ඔයාට අයිකොන් හදන්න ආමාරු නම් මේ අඩවියේ වල බලන්න - http://www.iconarchive.com/

9. දැන් අපි ඔක්කොම ෆයිල්ස් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපේ ෆයිල්ස් ටික Chrome Extension එකක් විදිහට හදාගන්න එක.

10. ඒකට මුලින්ම මේ ලිංක් එක ක්ලික් කරන්න. ඒකේ උඩම දකුණු පැත්තේ තියෙන Developer Mode කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට බට්න් 3ක් දැකගන්න පුලුවන්. එකෙන් Load unpacked extension කියන බොත්තම ඔබලා ඔයාලා හදාගත්ත ෆයිල්ස් තියෙන ෆොල්ඩරය තෝරන්න.

දැන් ඔයාගේ extension එක ඔයාගේ browser එක ස්ථාපනය වෙනවා. දැන් ඉතින් ඔයාගේ browser එකේ උඩම දකුණු කෙලවරේ ඔයා ‍කලින් යොදාගත්ත අයිකොන් එක වැටිලා ඇති ඒක ඔබන්න.


ඔන්න එහෙනම් අපි ‍අපේ මුල්ම Chrome Extension එක හදලා ඉවරයි. ඔය තමයි මුලික දැනුම. ඔය කෝඩ් එක අධ්‍යනය කරලා තව තව දේවල් හදන්න පුලුවන්.

දැන් ඔයා හදපු එක අනිත් අයට දෙනවානම් එක ඉස්සෙල්ලා Extension Gallery එකට දාන්න ඕන. ඒකට මෙතන ඔබන්න.


එහෙනම් ඔන්න අපේ වැඩේ ඉවරයි. දැන් ඔයාගේ වැඩේ. ඔයාත් මේ වගේ එකක් හැදුවානම් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. අදහසක් දාන්නත් අමතක කරන්න එපා. අපහැදිලි තැනක් තියෙනවානම් කියන්න. 

Chrome Extension හදමු - කුප්පි 1

ඔන්න අද Chrome Extension හදමු - කුප්පි 1 දෙන්න යන්නේ. කට්ටිය කලින් ලිපිය කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න.  අද කියලා දෙන්න යන්නේ කොහොමද මුලික පියවර කරගන්නේ කියලා! ඉතින් අද මම කියන්නේ කොහොමද RSS BOX එකක් හදාගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව පියවර වල් ගැන බලමු!


මුලින්ම අපිට මේක සදහා වෙබ් අඩවියක සහය අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒකට RssInclude කියන වෙබ් අඩවිය යොදාගන්නවා.


මුලින්ම මෙතනින් RssInclude වෙබ් අඩවියට පිවිසෙන්න.


ඊට පස්සේ Create a New RSS Box කියන ලොකු නිල් පාට බොත්තම ඔබන්න.


දැන් ඔයා කැමති තේමාවක් (Template) එකක් තෝරගන්න.


දැන් ඔයාගේ බ්ලොග් එකේ RSS FEED ලිපිනය දෙන්න.


ඔක්කොම හදාගත්තාට පස්සේ ඔයාලා යන්න ඕන content and styling options කියන ටැබ් එකට.




ඊට පස්සේ ඔය‍‍ගොල්ලෝ ඊළග ටැබ් එකට ගියාම ඔයාලා මේ සයිට් එකේ Register වෙන්න ඕනේ. Register වෙලා කලින් පරිදි Include කියන ටැබ් එකට යන්න ඕන.  


එතකොට එතනින් අපිට මේ බොක්ස් එක කෝඩ් වර්ග කිහිපයකින් තෝරගන්න දෙනවා. මම JaveScript code ‍එක තෝරගන්නවා. 


ඒක අපි කොහේහරි සේව් කරගෙන තියාගන්න ඕන.


දැන් අපි හදන්න යන්නේ අපේ Extension එක. මුලින්ම මම දීලා තියෙන File එක බාගන්න.



බාගෙන ලග තියාගෙන ඉන්න. ඊළග ලිපියෙන් අපි Extension එකේ ෆයිල්ස් හදන හැටි ගැන කතා කරමු!

Chrome Extension හදමු - කුප්පි 0


කොහොමද කට්ටියට?? මම අද නිකං ඉන්න වේලාවක හැදුවා පොඩි Chrome Extension එකක්. ඉතින් මම හිතුවා මම හදපු හැටි පියවරෙන් පියවර ඔයාලටත් කියලා දෙන්න. මේකෙන්‍ වෙන්නේ යම්කිසි වෙබ් අඩවියක RSS FEED වලින් ඒ වෙබ් අඩවියට යන්නේ නැතුව ඒ Extension එක මගින් බලන්න. තේරුනේ නැත්තම් අර මම හැදුවා කිව්ව Extension එක ටෙස්ට් කරලා බලන්නකෝ.


දැක්කද? ඔන්න ඔහොම තමයි ඔයාලගේ Chrome Extension එකත් පෙන්නේ.. අදට මම ඔයගොල්ලන්ට මුලික දැනුම හා දැනගත යුතු දේවල් පිලිබද කියන්නම්..

අවශ්‍ය මුලික දැනුම

HTML 5 , Javascript වගේ ඒවා ගැන ටිකක් ඉගෙන ‍ගන්න ඕන. ඊට පස්සේ මේ Chrome Extension එකටම කියලා තියෙනවා API එකක්. එකත් ටිකක් බලන්න ඕනේ. එකට මෙතන කොටන්න.

දැන් ඔය  Extension එකක ප්‍රධාන කොටස් එහෙමත් තියෙනවා. 

ඒවා කිහිපයක් නම්, extension එකක් ඇතුලෙ user interface එක පොඩි පොඩි Sub කොටස් කඩලා පෙන්නන්න පුලුවනි. මේ පොඩි පොඩි කොටස් මෙහෙමයි.


ඔය ටික ඔය නිකං ඉන්න වේලාවකට අතපත ගාලා බලන්නකෝ.. අනික ඔය තව පොඩි පොඩි Extension එහෙම දාලා බලන්න. හරි. එහෙනම් අනිත් පොස්ට් එක දානකම් ඕවා බලන්න. අනිකත් ඉක්මණට දාන්නම්. අදට මම යන්නම්. ආයිත් ඉක්මණට හම්බුවෙමු! මේ කුප්පිය ගැන ඔයාලගේ අදහස් ඔය පහලින් ලියලාම යන්නකෝ.