එකවර username කිහිපයකින් google talk භාවිතා කරමු...

කොහොමද? කට්‍ටියට. මම අද කියන්න යන්නේ එකවර username කිහිපයකින් google talk භාවිතා කරන හැටි. මේ ගැන උදාරයාත් ලිවිවා. ඒත් මම දැන් කියන්න යන්නේ ඒකට වඩා ලේසි විදිහක් ගැනයි.

මුලින්ම ඔයගොල්ලන්ගේ desktop එකේ google talk shortcut එක තියෙනවානේ. (නැත්තම් start - all programmes - googletalk යන්න) එක උඩ රයිට් ක්ලික් කරලා propertise තොරන්න. දැන් එන dialog box එකේ තියෙන්නේ target කියලා එකක්.. එකේ ඉස්සරහා අපි gtalk ඉන්ස්ටොල් කරපු පාත් එකත් තියෙනවා. පාත් එක අන්තිමට තියෙනවා. "/startmenu" කියලා එක මකලා එතනට මේ කොඩ් එක ගහන්න. "nomutx"

දැන් එක ok කරලා. ආයිත් gtalk ඕපන් කරන්න.ඒක එහෙමම තියෙද්දි ආයි gtalk ඕපන් කරගන්න. පෙනවානේ. ඒ වගේ අවශ්‍ය තරම් ඕපන් කරගෙන වැඩේ කරගන්නයි තියෙන්නේ.... කරලා බලලා කමෙන්ට් එකක් ‍එහෙම දාලා යන්න..

උදව්වක් ඕනේ...

ඔයගොල්ලො දන්නවාද Wordpress වලට HTML Code එකක් ඇඩ් කරගන්න පුලුවන් හැටි. මම ඇඩ් කරාම එක නිකං ටෙක්ස් එකක් වගේ පෙන්නේ. අනේ කවුරුහරි දන්වානම් කියලා දෙනවාද?

IE තමන් සතු කරගැනිම.......

ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද? Internet Explorer වල උඩ කොනේ තියෙන ලොගෝ එක. දැන් මම කියන්න යන්නේ එක අයින් කරලා අපිට කැමති පින්තුරයක් දාගන්නේ කොහොමද කියලා.


මුලින්ම Paint ඕපන් කරගන්න. හරි දැන් එකේ Image සයිස් එක 22 x 22 කට ගන්න. දැන් කැමති පින්තුරයක් දාලා එක Bitmap එකක් විදිහට සේව් කරගන්න.

දැන් Run එක ඕපන් කරගන්න. එකේ gpedit.msc කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න. දැන් ඕපන් වෙයි Group Policy කියන එක.

හරි දැන් එකේ User Configurations යටතේ ඇති Windows Settings ඩබල් ක්ලික් කරන්න. දැන් Internet Explorer Maintence කියන එක ඇතුලට යන්න. දැන් Browser User Interface කියන එක ඇතුලට යන්න. දැන් දකුණු පැත්තේ ඔප්ෂන් 3 ක් වැටෙන්න ඇති. එකේ මුල්ම එකෙන් IE එකේ Title එක වෙනස් කරගන්න පුලුවන්. අපිට ඕනේ දෙවෙනි එක. එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. දැන් එන ඩයලොග් බොක්ස් එකෙන් ඔයගොල්ලෝ හදපු ලොගො එක තෝරලා දෙන්න. දැන් OK කරලා වැඩේ අහවර කරන්න.

ප්රශ්නයක් තිබ්බොත් කමෙන්ට් වලට දාන්න. මම විසදලා දෙන්නම්. මම මේ දවස් වල XP Tricks කියලා දෙනවා වැඩිද මන්දා. :P

Pinball Tricks | පින්බොල් වැඩ කිඩ

Pinball ගේම් එකේ එන පොඩි වැඩක්. කරලාම බලමු.

මුලින්ම Pinball ඕපන් කරගන්න. (start > all programmes > games > pinball)
දැන් එකේ hidden test කියලා ටයිප් කරන්න. දැන් ඔයගොල්ලන්ට බෝලය මවුස් එකෙන් පාලනය කරන්න පුලුවන්.. කොහොමද වැඩේ. මේ තියෙන්නේ තවත් ටිකක්.

1max = got 1 extra ball
gmax = activate the gravity hole


Star Wars කාටුන් එක XP වලදි බලන්න......

මේක Windows XP වල එන ගොඩක් කට්ටිය නොදන්නා පොඩි Trick එකක්. ඔයගොල්ලොත් කැමතිද Star Wars ෆිල්ම් එක XP වලදි කා‍ටුන් එකක් විදිහට බලන්න. පොඩි දෙයයි කරන්න ඕනේ. ඔන්න ඉතින් කරලා බලලා කමෙන්ට් එකක් දාලා ඔය ඇඩ් එකක් උඩ එහෙම ක්ලික් කරලා යන්න.

මුලින්ම Run එක විවෘත කරගන්න. දැන් එකේ telnet කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න. දැන් CMD එක ඕපන් වෙනවා. දැන් o අකුර ටයිප් කරලා එන්ටර් කරන්න. හරි දැන් towel.blinkenlights.nl කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. දැන් තත්පර කිහිපයක් ඉන්න. ඔන්න දැන් හරි. දැන් ඉතින් ෆිල්ම් එක බලන්න පුලුවන්. මේක Vista, 7 වලට වැඩද කියලානම් දන්නේ නැ. වැඩද කියලා බලලා අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්නකෝ....

කවි මඩුවේ විශේෂ විකාශය

ලාංකිය සිතුවිලි මගින් සංවිධානය කරනු ලබන කවි මඩුවේ විශේෂ විකාශයක් ලාංකිය බ්ලොග් කියවනයෙන්.....
දැනට ඉදිරිපත් වි සිටින කවින්ගේ නම් අද රැට.