ඔන්න අද Chrome Extension හදමු - කුප්පි 1 දෙන්න යන්නේ. කට්ටිය කලින් ලිපිය කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න.  අද කියලා දෙන්න යන්නේ කොහොමද මුලික පියවර කරගන්නේ කියලා! ඉතින් අද මම කියන්නේ කොහොමද RSS BOX එකක් හදාගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව පියවර වල් ගැන බලමු!


මුලින්ම අපිට මේක සදහා වෙබ් අඩවියක සහය අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒකට RssInclude කියන වෙබ් අඩවිය යොදාගන්නවා.


මුලින්ම මෙතනින් RssInclude වෙබ් අඩවියට පිවිසෙන්න.


ඊට පස්සේ Create a New RSS Box කියන ලොකු නිල් පාට බොත්තම ඔබන්න.


දැන් ඔයා කැමති තේමාවක් (Template) එකක් තෝරගන්න.


දැන් ඔයාගේ බ්ලොග් එකේ RSS FEED ලිපිනය දෙන්න.


ඔක්කොම හදාගත්තාට පස්සේ ඔයාලා යන්න ඕන content and styling options කියන ටැබ් එකට.




ඊට පස්සේ ඔය‍‍ගොල්ලෝ ඊළග ටැබ් එකට ගියාම ඔයාලා මේ සයිට් එකේ Register වෙන්න ඕනේ. Register වෙලා කලින් පරිදි Include කියන ටැබ් එකට යන්න ඕන.  


එතකොට එතනින් අපිට මේ බොක්ස් එක කෝඩ් වර්ග කිහිපයකින් තෝරගන්න දෙනවා. මම JaveScript code ‍එක තෝරගන්නවා. 


ඒක අපි කොහේහරි සේව් කරගෙන තියාගන්න ඕන.


දැන් අපි හදන්න යන්නේ අපේ Extension එක. මුලින්ම මම දීලා තියෙන File එක බාගන්න.



බාගෙන ලග තියාගෙන ඉන්න. ඊළග ලිපියෙන් අපි Extension එකේ ෆයිල්ස් හදන හැටි ගැන කතා කරමු!