හාඩ් එකේ ඉඩ මදිද? මෙන්න හැමෝටම වෙබ් හාර්ඩ් ඩිස්ක්...
Thursday, August 12, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
හාඩි ඩිස්ක් එකේ ඉඩ මදිනම් මේ ක්රමය යොදාගෙන බලන්න. මේක හරියට අපේ පරිගණකයට තවත් හාඩි ඩිස්ක් එකක් හයි කළා වගේ තමයි. අහ්..කියන්න අමතක උනා..මේ සේවාව ලබාදෙන්නේ ගුගල් ආයතනයයි.කවදත් ලොභ නැතුව දුන්නනේ එගොල්ලෝ.. :)) මේ ක්රමය ගොඩක් අය භාවිතා කරන්නේ නැ..ඒ හින්දා තමයි මේක ඔයගොල්ලන්ට කියලා දෙන්න හිතුවේ....
හරි අපි දැන් මේ කියන හාඩි ඩිස්ක් එක අරගෙන එක පරිගණකයට හයි කරගන්න හැටි බලමු...
පියවර 1 - මේක මෘදුකාංගයක්..මේකේ නම Gmail Drive. මුලින්ම ඒක ලබාගෙන පරිගණකයට ඉන්ස්ටොල් කරගන්න.. මේකෙදි මේ අය අපිට 7.3 GB පමණ ස්පෙස් එක ලෙස ලබාදෙනවා...
Gmail Drive මෘදුකාංගය මෙතනින් ගන්න..
පියවර 2 - දැන් My Computer එක ඇතුලේ Gmail Drive කියලා අලුත් Drive එකක් හැදිලා තියෙයි.. මේ වෙබ් හාර්ඩ් ඩිස්ක් එක තුල 10MB වලට වඩා අඩු ධාරිතාවයෙන් යුත් ෆයිල්ස් තැන්පත් කරගන්න පුලුවන්..
පියවර 3 - මේක භාවිතා කිරිමට මුලින්ම අපිට අපේ තියෙන Gmail Address එකෙන් ලොග් වෙලා ඉන්න ඕන..ඒකට My Computer එක ඇතුලේ තියෙන Gmail Drive කියන එක උඩ ඩබල් ක්ලික් කරාම හරි...
පියවර 4 - මේක ඇතුලට ෆයිල්ස් යවන්න ඕන මේ විදිහටයි... අපිට යවන්න ඕන ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා එතනින් Send To කියන විධානයෙන් Gmail Drive ලෙස යෙදිමෙනුයි..
මේක ඉතා පහසු කටයුත්තක්..හැබැයි Gmail Drive එක පරිගණකයෙන් ඉවත් කරනවානම් එකේ ඇතුලේ තියෙන ෆයිල්ස් ටික නැවතත් ලබාගන්න අමතක කරන්න එපා..ඉතින් හාඩි එකේ ඉඩ මදිනම් මේක අනිවාර්යෙන්ම භාවිතා කරන්න..මේක මාත් භාවිතා කරනවා..නියමෙට වැඩ..
මේ ගැන ඔබේ අදහසකුත් දාලාම යන්න අමතක කරන්න එපා...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Gmail Drive
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
August 12, 2010 at 2:42 PM
හේ හේ......
එල පෝස්ට් එක.... අපි තරඟයක් තියමුද online storage හොය හොයා පෝස්ට් දාල ;)
August 12, 2010 at 2:43 PM
ගොඩක් හොඳ ලිපියක්.මෙක අපට ලබා දුන්නට ගොඩක් ස්තූතියි.
August 12, 2010 at 4:35 PM
එළ! නියමයි.... මටනම් තාම ඉඩේ අවුලක් ආවෙ නෑ. ආපු දවසට දාගන්න ඕන...
August 12, 2010 at 4:43 PM
@ සහන් - එළ එළ අයියේ දාමු..දාමු..හිහි..ස්තුතියි! ප්රතිචාරයට
August 12, 2010 at 4:44 PM
@ TL LANKA WEB - ස්තුතියි යාලුවා ප්රතිචාරයට...
August 12, 2010 at 4:45 PM
@ Pramod Indunith- ආපු දවසට දාගනිංකෝ..හිහි..අදහසට ස්තුතියි!
August 12, 2010 at 6:28 PM
ඉදහං අදහෙටම තව එකක් දන්න.........
August 12, 2010 at 6:53 PM
@ සහන් - දාන්න දාන්න..හිහි
August 13, 2010 at 9:35 AM
මේක Google වැඩක් නෙවෙයි. මෙකෙන් වෙන්නේ අපේ මේල් බොක්ස් එකේ ඉතිරි ඉඩ file store කරන්න use කරන එක. මේක gmail third-party add-on එකක්. මේකේ ගොඩක් restrictions තියනවා. විකිපීඩියාව කියවලා බලන්න. http://en.wikipedia.org/wiki/GMail_Drive
මම දැනට http://skydrive.live.com/ පාවිච්චි කරනවා. මෙකේ 25GB ඉඩක් දෙනවා. 50MB දක්වා ඕනෑම වර්ගයක files තියාගන්න පුළුවන්. ගිහින් බලන්න. මීට වඩා හොඳ ඒවත් ඇති. මට නම් මේක ප්රමාණවත්.
හාඩ් එකේ ඉඩ මදි කතාව තේරුමක් නැති කතාවත්. මේකෙන් file එකක් ගන්න යන වෙලාව? ඊට වඩා යන වියදම? හදිසියකට ප්රයෝජනයට ගන්න ඉතාම වැදගත් files තියාගන්න නම් වටිනවා.
August 13, 2010 at 9:41 AM
මට තව එකක් කියන්න අමතක වුනා මේ දෙකේ concept එකේම ලොකු වෙනසක් තියනවා. gmail කියන්නේ online mail box එකක්. skydrive කියන්නේ online file storage එකක්.
August 13, 2010 at 10:19 AM
@ කාංචන දිනූක - ඔව්..අයියේ..මම පිළිගන්නවා skydrive හොදයි කියලා..මම මේක දැම්මේ කැමති අයට පාව්චිච් කරන්නයි..මම live අකවුන්ට් එකක් හදන්න යද්දි මට අකවුන්ට් එකක් හදන්න බැලු..පස්සේ එන්නලු..ඊට පස්සේ තමයි මට Gmail Drive හම්බවුනේ...කෙසේ හෝ බොහොම ස්තුතියි ප්රතිචාරයට!
August 13, 2010 at 12:33 PM
නියමයි මමත් දාල බෑලුව නියමෙට වෑඩ කරනවා.
August 13, 2010 at 4:46 PM
@ Srinath - බොහොමත්ම ස්තුතියි ප්රතිචාරයට සහෝ!
August 13, 2010 at 7:18 PM
මමත් හිතන්නෙ sky drive නම් හොඳයි කියල, ඇයි තව ගොඩක් ඔහොම ඒව තියෙන්නෙ. box.net, boxfiles, etc... මමත් Gdrive කාලයක් පාවිච්චි කලා, නමුත් එතරම්ම එක වැදගත් උනේ නෙති නිසා එහෙම්ම එක නැති වෙලා ගියා. ඒකට දාන ෆයිල්ස් ආපහු බාගන්න ඕනෙ කියල එකක් නෑ, ඒව අපේ mail box එකේ ඉඩේ හැමදාම තියෙනව, ඒකට access කරන්න ලින්ක් එකක් අපිට අපේ මේල් එකට send කරගන්න පුළුවන්, එතකොට GDrive එක ඉවත් කලත් ෆයිල් ගන්න පුළුවන්.
August 13, 2010 at 8:19 PM
@ Madhawa Habarakada - හොද පැහැදිලි කිරිමක් අයියේ..ස්තුතියි! ප්රතිචාරයට...
August 16, 2010 at 7:44 PM
http://www.amilaprasad.co.cc/2010/08/blog-post_8624.html සහ trix අතර සම්බන්ධයක් තියනවද??
August 19, 2010 at 11:00 AM
malli weradilawath com 1 hard aka giyoth mokada wenne??? ahema unoth file tikath yanawaneda??/
August 19, 2010 at 6:18 PM
@ කාංචන දිනූක - නැහැ...මාත් දැනුයි මේක දැක්කේ..බොහොම ස්තුතියි! මේක පෙන්නුවාට..
August 19, 2010 at 6:22 PM
@ Suriyawansa Patiraja Mudiyanselage - අපැහැදිලි අයියේ.. මොකේ ෆයිල් ටිකද? හාඩ් එකේද? එහෙමත් නැතිනම් වෙබ් හාඩ් එකේද? හාඩ් එක ගියොත් ෆයිල් යනවා..වෙබ් හාර්ඩ් ඩිස්ක් එකේ ඒවා යන්නේ නැ...
August 21, 2010 at 2:34 PM
api mechchara DVD walata gahalath thama ida madi oya 7.5 kannada
eth article eka ela
podi idak one nam hodai
August 21, 2010 at 2:49 PM
@ Mr.Lock - ප්රතිචාරයට ස්තුතියි!
April 22, 2011 at 8:38 AM
NIYAMAI
December 29, 2011 at 6:00 PM
මේක DROP BOX
හැබැයි රෙෆරල් සිද්ධියක්
8 GB maximum bonus space possible from referrals.
මගේ රෙෆරල් ලින්ක් එක http://db.tt/Nw4tQLk
try if you like