දුරකථන වෛරස ඉතිහාසයට යමු..
Wednesday, August 25, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
පරිගණක වෛරස ගැන වදවන ඔබ දුරකථන වෛරස ගැන දන්නවාද? දන්නේ නැත්නම් මේ පොස්ට් එක බලන්න. අපි දැන් යන්න හදන්නේ දුරකථන වෛරස ඉතිහාසයටයි..
මුලික වශයෙන් ගත්තාම දුරකථන වෛරස පරිගණක වෛරස වලට සමානයි. මේ දෙවර්ගයම කරන්නේ ඔබේ උපකරණයට හානි කිරිමයි. ජංගම දුරකථනයකට වෛරස පැමිණෙන්නේ බ්ලුටුත්, එම්.එම්.එස් වලින්ය. දැනට සිදුකර ඇති අධ්‍යන වලින් ඔප්පු වි තිබෙන්නේ දුරකථන වෛරස වැඩියෙන් බලපෑම් කර තිබෙන්නේ Symbian මෙහෙයුම් පද්ධති සහිත දුරකථන වලටයි.
දුරකථන වෛරසයක් ගැන මුල්වරට සදහන් වුයේ 2004 වසරේ ජුනි මාසයේදිය. එතැන් සිට අද දක්වා හදුනාගෙන ඇති වෛරස 05කි. එනම් Cabir, Skulls, Commwarrior, Locknut, Fontal මෙම වෛරස වේ.
Cabir වෛරසය
මුල්වරට වාර්තාවිම - 2004 වසරේ ජුනි මාසය
වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - බ්ලුටුත් හරහා
හානිය - කිසිදු හානියක් නැත
Skulls වෛරසය
මුල්වරට වාර්තාවිම - 2004 වසරේ නොවැම්බර් මාසය
වෛරසයේ බලපෑම - Symbian මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා
හානිය - දුරකථන පණිවිඩ ලබාගැනිම හා කෙටි පණිවිඩ යැවිම හැර අන් සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය විම
Commwarrior වෛරසය
මුල්වරට වාර්තාවිම - 2005 වසරේ ජනවාරි මාසය
වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - බ්ලුටුත් හා එම්.එම්.එස් හරහා
හානිය - Phone Book හි ඇතුලත් සියලුම අංක වලට එම්.එම්.එස් පණිවිඩ යැම.
Locknut වෛරසය
මුල්වරට වාර්තාවිම - 2005 වසරේ මාර්තු මාසය
වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා
හානිය - දුරකථනයේ සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය වේ
Fontal වෛරසය
මුල්වරට වාර්තාවිම - 2005 වසරේ අප්‍රේල් මාසය
වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා
හානිය - දුරකථනයේ සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය වේ
මේවා වලින් බේරිය හැකි ක්‍රම කතා කොළොත්,
නාදුනන ෆයිල්ස් හදුනාගෙන ඒවා අයින් කිරිම, ප්‍රතිවෛරස මෘදුකාංගයක් දුරකථනය ඉන්ස්ටොල් කිරිම..
මොකෝ හිතන්නේ මේ ලිපිය ගැන? ඔබේ අදහසත් ලියලාම යන්න.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
History
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
August 25, 2010 at 3:26 PM
අයියෝ.. මම හිතුවෙ phone වලට මීට වඩා වයිරස් ඇති කියලා :D
August 25, 2010 at 3:34 PM
@ Kanishka | කණියා - හිහි...ඔයිට වඩා ඇති අයියේ..ඔය තමයි දුරකථන වලට මුලින්ම බලපැම් ඇතිකල වර්ග..
August 25, 2010 at 6:45 PM
අපෝ එක වයිරස් එකක් හම්බ වුනා මටත් 6600 ෆෝන් එකක් තිබුණු දවස්වල. ෆෝන් එකෙන් හැම වෙලාවෙම අනිත් බ්ලූටූත් ඔන් කරලා තියෙන ෆෝන් එකකටම ෆයිල් එකක් යනවා. ඔෆ් කරන්නත් බෑ.. ෆෝමැට් කලත් සමහර වෙලාවට ඒක අයින් වුනේ නෑ.. මහ ජරාවක් ඒ වයිරස් එක නම්..
August 25, 2010 at 8:55 PM
@ ළමයා - මෙතන තියෙන වර්ග වලින් එකක්ද දන්නේ නැ.. ස්තුතියි ප්‍රතිචාරයට ළමයා!
June 18, 2011 at 11:06 PM
එලකිරි කොල්ලා