ඔන්න දැන් කියන්න යන්නේ ගුගල් ක්‍රොම් පාවිච්චි කරන අයට පොඩි වැදගත් දෙයක් ගැන..හවුලේ පරිගණකය පාවිච්චි කරනවානම් මේක වැදගත් වෙයි. මම පාව්ච්චි කරන්නෙත් ක්‍රොම්. ඉතින් මට ඕන උනා මේ ක්‍රොම් එක ඕපන් වෙද්දි පාස්වර්ඩ් එක දෙන්න බැරිද කියලා හොයන්න...පස්සේ ටිකක් හොයලා හොයලා බැලුවා..මෙන්න දෙයියෝ දුන්නා වගේ ළගටම හම්බුනා..



මේක කරන්නේ ක්‍රොම් එක්ස්ටෙන්ෂන් එකකින්.. එකේ නම Secure Profile කියලා. නියම එක්ස්ටෙන්ශන් එක.. අපි මේක කරන හැටි පියවරෙන් පියවර බලමු..


පියවර 1 - Secure Profile එක්ස්ටෙන්ෂන් එක බාගන්න
පියවර 2 - දැන් එක බාගත්තට පස්සේ නිකම්ම Install වෙනවා.
පියවර 3 - දැන් Message එකක් එනවා.. ඒක OK කරන්න..දැන් පහල තියෙනවා වගේ පිටුවක් ලැබෙයි..


ඔතනදි ඔයාට ඕන පාස්වර්ඩ් එක දිලා Save කරන්න..

පියවර 4 - දැන් ක්‍රොම් එක නැවතත් ඕපන් කරලා බලන්න..ඕපන් වෙද්දි පාස්වර්ඩ් එක ඉල්ලනවා..මාර ගති..අවුලකට තියෙන්නේ අපි ටයිප් කරන පාස්වර්ඩ් අනිත් අයට පෙනවා...ඒකට මොකෝ?? බලාගෙන ඉන්න එකට දෙකක් දිලා පාස්වර්ඩ් එක ගහන එකනේ තියෙන්නේ...හිහි.. :P

දාගෙනම බලලා කමෙන්ට් එකක් දාන්න... මිට වඩා හොද එකක් ඔයගොල්ලෝ ගාව තියෙනවානම් අපිට කියන්නත් අමතක කරන්න එපා..