ADSL පාව්ච්චි කරනවානම් ඒ අයට වර්ඩ්ප්‍රේස් වලින් හදපු සයිට් වලට යන්න බැ. පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ. ඔය වැඩේ මටත් උනා. පස්සේ හොයලා බැලුවා මොකක්ද ප්‍රශ්නේ කියලා. ඒත් හරිගියේ නැ. පස්සේ අහලා බැලුවා අපේ කණියා අයියාගෙන්. එයාගේ සයිට් එකටත් යන්න බැරුව හිටියේ.. එයා කිව්වා ADSL ගේ DNS අවුලක් කියලා. මම ඇහුවා මේක හදාගන්න විදිහක් නැද්ද කියලා. එයා කිව්වා DNS වලින්ම හදාගන්න පුලුවන් කියලා. හුටා! මම ඉතින් ඔය DNS ගැන දන්නේ නැනේ..ඊට පස්සේ අයියාගෙන්ම අහගත්තා..දැන්වත් DNS ගැන හොයන්න ඕන.

හරි. අපි දැන් මේක හදාගන්න හැටි බලමු.

මුලින්ම Start - Control Panel - Network Connections - Local Area Connection කියන එකේ Propertise යන්න. ඊට පස්සේ Internet Protocol (TCP/IP) කියන එකේ Propertise යන්න.

අපහැදිලි නම් පින්තුරය උඩ ක්ලික් කරලා බලන්න

දැන් ඕපන් වෙන Dialog Box එක යටම තියෙනවා DNS Server කියලා ටෙක්ස්බොක්ස් 2ක්.


ඒකට අපි DNS IP ඇඩ්රස් 2ක් දෙන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි.

මුලින්ම මේ වෙබ් අඩවියට යවන්න. OPEN DNS
දැන් ඒ සයිට් එකේ යටම තියෙනවා IP Address 2ක් ඒක පිලිවෙලින් අර ටෙක්ස්බොක්ස් වලට ඇතුලත් කරන්න ඕන.


දැන් ඇතුල් කලාට පස්සේ OK කරලා බලන්න. දැන් කිසි අවුලක් නැතිව වර්ඩ්ප්‍රෙස් සයිට් වලට යන්න පුලුවන්..

මේක ADSL පාව්ච්චි කරන හොද ලිපියක්. ඒ හින්දා ඔබේ අදහස පල කරන්නත් අමතක කරන්න එපා..