බ්ලොග් කියවන්නන් වැඩියෙන් ගෙන්වා ගැනිම හා මගේ මෘදුකාංගය එළිදැක්විම
Monday, August 23, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මේ දවස් වල ගොඩක් අය බ්ලොග් ලියන අය බිහි වෙලා ඉන්නවා. ඉතින් ඒ බ්ලොග් ලියන හැමෝම කැමති තමන්ගේ බ්ලොගයට ගොඩක් අය බලන්න එනවානම්.. මොකද බලන අය අනුවනේ කමෙන්ට් ගාන තීරණය වෙන්නේ.. (මම හරිද දන්නේ නැ.. ) ඉතින් මම මේ පොස්ට් කියන්නේ කොහොමද බ්ලොගයට එන පාථකයෝ වැඩි කරගන්නේ කියලා..
ක්‍රම ගොඩක් තියෙනවා.. කොහොමද බලන්න කරලාම බලන්නකෝ...
පිරිස් ගෙන්වා ගැනිමේ අඩවි
මම පහත දිලා තියෙන අඩවි වල වෙන වෙනම ලියාපදිංචි වෙන්න. ඒවා මගින් ඔබේ බ්ලොගයට කියවන්නන් ඇදි එනවා..
Yahoo Directory
Open Directory
Syndic8
Newisfree
NewsKnowledge
Guardian Weblog Guide
Technorati
Bloglines
Topix.net
Open Weblog Directory
මම ඔය දුන්නේ දැනට හොදම පිරිස් ගෙන්වා ගැනිමේ අඩවි 10යි.. මේවාට අමතරව තව ඒවා තියෙනවානම් ඒවායෙත් ලියාපදිංචි වෙන්න..තව ගොඩක් තියෙනවා..මේ හොදම 10..
සමාජ ජාලා අඩවි තුල ලියාපදිංචිය
මෙමගිනුත් ගොඩක් පිරිස් ගෙන්වා ගන්න පුලුවන්.. උදා - මුණුපොත
මුණුපොතේ ඔබ කමෙන්ට් එකක් සිදුකරනවානම් එම කමෙන්ට් එකට පසු ඔබගේ බ්ලොගයේ ලිංක් එක දෙන්න..
මුණුපොත වගේම තවත් අඩවි ගත්තොත්,
Myspace.com , Twitter.com , Mybloglog.com
වෙනත් බ්ලොග් අඩවි වලින් පිරිස් ගෙන්වා ගැනිම
මෙය සිදුකරන්නේ වෙනත් වෙබ් අඩවියක අදහසක් පළකිරිම තුළින්.. මුණුපොතේ කමෙන්ට් කරන ආකාරයටම ඔබේ අදහසට යටින් බ්ලොග් අඩවියේ ලිපිනය යෙදිමෙන්.. ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවියක මෙම ක්‍රියාව සිදුකිරිමෙන් ඔබේ අඩවියට පිරිස් ගෙන්වා ගන්න පුලුවන්..
පහත තියෙනවා මෙම ක්‍රමය අනුගමනය කරන්න පුලුවන් ජනප්‍රිය අඩවි කිහිපයක්...
Digg
Twitthis
Stumbleupon
Reddit
Technorati
වැඩි කමෙන්ට් ප්‍රමාණයක් ලබාගැනිම
දැන් කියන්න යන්නේ බ්ලොග් පොස්ට් වලට කමෙන්ට් වැඩිපුර ලබාගන්න හැටි..
මුල්ම ක්‍රමය විදිහට ගත්තොත් අප දාන පොස්ට් වල බලන්නාගෙන් ප්‍රශ්න ඇහිම.. එතකොට එයට පිළිතුර දන්න කෙනා පිළිතුරු දෙනවා..එවිට ගොඩක් අය ඔබලේ ලිපියට කමෙන්ට් කරනවා..
දෙවැනි ක්‍රමය ලෙස ලියන ලිපිය උදාහරණ දක්වමින් ඉතා පැහැදිලිව ලිවිම..මුළු විෂය ධාරාවම වුවත් කමක් නැ....මොකද එවිට ගොඩක් අය හොද දැනුමක් ලබාගන්නවා. ඒ වගේම ඔබේ ලිපිය පිළිබදව අදහස් දැක්විම අනිවාර්යෙන්ම සිදුකරනවා...
ඔබේ අඩවියේ තත්වය පිලිබදව සැමවිමට සිහියෙන් ඉන්න
ඔබේ අඩවියේ තත්වය කියන්නේ Google PageRank,Alexa Rank ගැන එහෙම..ඕවා අපිට වෙන වෙනම බලාගන්න අපහසු නම් කරන්න තියෙන්නේ popuri අඩවියේ සහය පැතිමයි. එයට ගියාම මුල්ම පිටුවේ තියෙනවා පහත ආකාරයට කොටසක්.. එහි ඔබේ අඩවියේ ලිපිනය ඇතුල් කර Get Info බොත්තම ඔබන්න විතරයි.. එතකොට සියලුම තොරතුරු එසැනින් ඔබ වෙතට ගෙන එනවා..
popuri අඩවියට යන්න මෙතන ඔබන්න...
සයිට් මැප් එකක් සැදිම
අපිට පුලුවන් අපේ අඩවියට සයිට් මැප් එකක් හදලා කට්ටිය යම් කිසි දෙයක් හොයද්දි ඒයට අපේ බ්ලොගයේ සමාන දෙයක් තියෙනවානම් එය ඔහුට පෙන්වන්න.. එවිටත් ඒ හරහා හොයන්නා අපේ බ්ලොගයට පැමිණෙනවා..
මේ ගැන විස්තර මෙතනින් බලාගන්න...
එහෙනම් ඔය ආකාරයට තමයි අපේ අඩවියට කියවන්නන් ගෙන්වා ගන්නේ හා අපේ ලිපි වලට කමෙන්ට් ලබාගන්නේ.. මෙම ක්‍රම හරියටම කරලා බලන්න..ඔබටත් වෙනසක් දැනේවි..ඉතින් මේක කරලාම බලන්න..
අහ්..තව දෙයක් කියන්න අමතක උනා..මම ගෙදර ඉන්න වෙලාවේ හැදුවා පොඩි මෘදුකාංගයක්..
මෙය සිදුකලේ VB 6 ආධාරයෙන්..
මෘදුකාංගය මෙතනින් බාගන්න...
පොස්ට් එක දිග වැඩි උනාද මන්දා..හිහි.. දැන් ඔබේ වාරේ අදහස් පළකරන්න..
August 23, 2010 at 8:58 AM
නියම ලිපිය! එළ මචං..... නොදන්න වෙබ්සයිට් ගොඩාක් ගැන දැනගත්තා..
August 23, 2010 at 9:33 AM
@ Pramod Indunith - තැන්ක්ස් මචෝ..ලිපියක් දෙයක් ඉගෙන ගත්තානම් මට ඒ ඇති..
August 23, 2010 at 9:59 AM
එළ මචං.....
August 23, 2010 at 10:39 AM
ela Post akk
August 23, 2010 at 12:27 PM
@ තරිදු පමල් - ස්තුතියි ප්‍රතිචාරයට..!!
August 23, 2010 at 12:27 PM
@ panhidablog - තැන්ක්ස්..වැඩක් ගත්තානම් එළ..
August 23, 2010 at 2:59 PM
ලිපිය හොඳයි. වැදගත්.
ඔයාගෙ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ නම් registry value එකක් වෙනස් කරන එක විතරයි නේද? ම්මත් ඕක කරල තියෙනව manually, ඒකත් හොඳයි, මොකද මහන්සියක් නෑ නෙ ටාර් ගාල වෙනස් කරගන්න පුළුවන්නෙ. :)
August 23, 2010 at 7:08 PM
එල ලිපියක්.... ආ මගෙ ලිපියකට ලින්ක් කලාට ගොඩක් ස්තුතියි.!
August 23, 2010 at 7:20 PM
@ Madhawa Habarakada - ඔව් අයියේ...registry value එක වෙනස් කරන එක තමයි... ස්තුතියි! ප්‍රතිචාරයට...
August 23, 2010 at 7:22 PM
@ ගීත් | Geeth - :D ස්තුතියි අයියේ ප්‍රතිචාරයට....
August 23, 2010 at 9:55 PM
මේ තව අවුලක්... ඔයා කීව සයිට් එකෙන් මගෙ බ්ලොග් එකේ තත්වය බලනකොට පේජ් රැන්ක් එක එහෙම පෙන්නන්නේ නැත්තේ ඇයි ???
August 24, 2010 at 8:55 AM
@ ගීත් | Geeth - හ්ම්ම්...මගේ නම් පෙන්නනවා.. ඔයාගේ වර්ඩ්ප්‍රෙස් හින්දාද දන්නේ නැ.. ගුගල් බ්ලොග් වලට විතරද දන්නේ නැ..
August 25, 2010 at 11:46 AM
හ්ම්...
දැණුවත්කළාට ස්තූතියි...
ජයවේවා!!!
August 25, 2010 at 12:07 PM
@ සම්පත් / Jt - ස්තුතියි! යාලුවා.!
September 10, 2010 at 9:14 AM
පට්ටයි...ගොඩාක් ස්තුතියි....