මේ දවස් වල ගොඩක් අය බ්ලොග් ලියන අය බිහි වෙලා ඉන්නවා. ඉතින් ඒ බ්ලොග් ලියන හැමෝම කැමති තමන්ගේ බ්ලොගයට ගොඩක් අය බලන්න එනවානම්.. මොකද බලන අය අනුවනේ කමෙන්ට් ගාන තීරණය වෙන්නේ.. (මම හරිද දන්නේ නැ.. ) ඉතින් මම මේ පොස්ට් කියන්නේ කොහොමද බ්ලොගයට එන පාථකයෝ වැඩි කරගන්නේ කියලා..


ක්‍රම ගොඩක් තියෙනවා.. කොහොමද බලන්න කරලාම බලන්නකෝ...

පිරිස් ගෙන්වා ගැනිමේ අඩවි


මම පහත දිලා තියෙන අඩවි වල වෙන වෙනම ලියාපදිංචි වෙන්න. ඒවා මගින් ඔබේ බ්ලොගයට කියවන්නන් ඇදි එනවා..

Yahoo Directory
Open Directory
Syndic8
Newisfree
NewsKnowledge
Guardian Weblog Guide
Technorati
Bloglines
Topix.net
Open Weblog Directory


මම ඔය දුන්නේ දැනට හොදම පිරිස් ගෙන්වා ගැනිමේ අඩවි 10යි.. මේවාට අමතරව තව ඒවා තියෙනවානම් ඒවායෙත් ලියාපදිංචි වෙන්න..තව ‍ගොඩක් තියෙනවා..මේ හොදම 10..


සමාජ ජාලා අඩවි තුල ලියාපදිංචිය


මෙමගිනුත් ගොඩක් පිරිස් ගෙන්වා ගන්න පුලුවන්.. උදා - මුණුපොත
මුණුපොතේ ඔබ කමෙන්ට් එකක් සිදුකරනවානම් එම කමෙන්ට් එකට පසු ඔබගේ බ්ලොගයේ ලිංක් එක දෙන්න..


මුණුපොත වගේම තවත් අඩවි ගත්තොත්,


Myspace.com , Twitter.comMybloglog.com


වෙනත් බ්ලොග් අඩවි වලින් පිරිස් ගෙන්වා ගැනිම


මෙය සිදුකරන්නේ වෙනත් වෙබ් අඩවියක අදහසක් පළකිරිම තුළින්.. මුණුපොතේ කමෙන්ට් කරන ආකාරයටම ඔබේ අදහසට යටින් බ්ලොග් අඩවියේ ලිපිනය යෙදිමෙන්.. ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවියක මෙම ක්‍රියාව සිදුකිරිමෙන් ඔබේ අඩවියට පිරිස් ගෙන්වා ගන්න පුලුවන්..


පහත තියෙනවා මෙම ක්‍රමය අනුගමනය කරන්න පුලුවන් ජනප්‍රිය අඩවි කිහිපයක්...


Digg
Twitthis
Stumbleupon
Reddit
Technorati


වැඩි කමෙන්ට් ප්‍රමාණයක් ලබාගැනිම


දැන් කියන්න යන්නේ බ්ලොග් පොස්ට් වලට කමෙන්ට් වැඩිපුර ලබාගන්න හැටි..

මුල්ම ක්‍රමය විදිහට ගත්තොත් අප දාන පොස්ට් වල බලන්නාගෙන් ප්‍රශ්න ඇහිම.. එතකොට එයට පිළිතුර දන්න කෙනා පිළිතුරු දෙනවා..එවිට ගොඩක් අය ඔබලේ ලිපියට කමෙන්ට් කරනවා..


දෙවැනි ක්‍රමය ලෙස ලියන ලිපිය උදාහරණ දක්වමින් ඉතා පැහැදිලිව ලිවිම..මුළු විෂය ධාරාවම වුවත් කමක් නැ....මොකද එවිට ගොඩක් අය හොද දැනුමක් ලබාගන්නවා. ඒ වගේම ඔබේ ලිපිය පිළිබදව අදහස් දැක්විම අනිවාර්යෙන්ම සිදුකරනවා...


ඔබේ අඩවියේ තත්වය පිලිබදව සැමවිමට සිහියෙන් ඉන්න


ඔබේ අඩවියේ තත්වය කියන්නේ Google PageRank,Alexa Rank ගැන එහෙම..ඕවා අපිට වෙන වෙනම බලාගන්න අපහසු නම් කරන්න තියෙන්නේ popuri අඩවියේ සහය පැතිමයි. එයට ගියාම මුල්ම පිටුවේ තියෙනවා පහත ආකාරයට කොටසක්.. එහි ඔබේ අඩවියේ ලිපිනය ඇතුල් කර Get Info බොත්තම ඔබන්න විතරයි.. එතකොට සියලුම තොරතුරු එසැනින් ඔබ වෙතට ගෙන එනවා.. 




popuri අඩවියට යන්න මෙතන ඔබන්න...


සයිට් මැප් එකක් සැදිම


අපිට පුලුවන් අපේ අඩවියට සයිට් මැප් එකක් හදලා කට්ටිය යම් කිසි දෙයක් හොයද්දි ඒයට අපේ බ්ලොගයේ සමාන දෙයක් තියෙනවානම් එය ඔහුට පෙන්වන්න.. එවිටත් ‍ඒ හරහා හොයන්නා අපේ බ්ලොගයට පැමිණෙනවා..


මේ ගැන විස්තර මෙතනින් බලාගන්න...


එහෙනම් ඔය ආකාරයට තමයි අපේ අඩවියට කියවන්නන් ගෙන්වා ගන්නේ හා අපේ ලිපි වලට කමෙන්ට් ලබාගන්නේ.. මෙම ක්‍රම හරියටම කරලා බලන්න..ඔබටත් වෙනසක් දැනේවි..ඉතින් මේක කරලාම බලන්න.. 


අහ්..තව දෙයක් කියන්න අමතක උනා..මම ගෙදර ඉන්න වෙලාවේ හැදුවා පොඩි මෘදුකාංගයක්..

IE Skin Changer


මෙයින් වෙන කාර්්‍ය ගැන කතා කලොත් අපි දැන් ක්‍රොම් බ්‍රව්සර් එකට, ෆයර් ෆොක්ස් එකට එහෙම තිම්ස් දානවනේ..නමුත් ඉන්ටර්නෙට් එක්ස්‍ෆ්ලොරා එකට නැනේ.. නමුත් මෙම මෘදුකාංගය හරහා එයටත් තිම් එකක් දාගන්න පුලුවන්...

Before 

After



දැනට මෙහි Support කරන්නේ Bitmap ආකාරයේ ඉමේජ් විතරයි..ඒ වගේම IE v6 වලට හා ඊට අඩු වර්ශන් වලට විතරයි වැඩ... IE v8 වගේ අලුත් ඒවාට වැඩ නැ..ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා මෙය තව වැඩි දියුණු කරන්න.. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මෙය සිදුකලාම හැම ෆොල්ඩරයක් ඇතුලටම මේක ඇක්ටිව් වෙනවා..ඒ හින්දා ලස්සන පින්තුරයක් දාලා හදාගන්න..

මෙය අපිට Manual කරගන්න පුලුවන් Registry එක වෙනස් කරලා.. මෙයින් වෙන්නේ එය මෘදුකාංගයක් හරහා සිදු කිරිමයි.. ඒ වගේම දාපු පින්තුරයක් ඉවත් කරන්නත් පුලුවන්..ඒ නිසා බය වෙන්න ඕන නැ... මෘදුකාංගය හසුරවන්න එච්චර අමාරුත් නැ.. 


මෙය සිදුකලේ VB 6 ආධාරයෙන්..


මෘදුකාංගය මෙතනින් බාගන්න...


පොස්ට් එක දිග වැඩි උනාද මන්දා..හිහි.. දැන් ඔබේ වාරේ අදහස් පළකරන්න..


ඔබට ජය!