ඉමේජ් ෆයිල් එකක් යන්න තේරුම් 2ක් ඇත. එනම් යම්කිසි පින්තුරයකි. අනික යම්කිසි CD/DVD එකක ඇති සියලුම දත්තයන්හි පිටපතක් ලබාගනිමින් සකසන තනි ෆයිලයකි. ඔබ සාමාන‍්‍යයෙන් කඩයකින් CD/DVD මිළදි ගෙන බලද්දි එහි ඇතුලත ඇත්තේ ISO වර්ගයේ ෆයිල් එකක් පමණක් විය හැක. ISO වැනි එක්ස්ටෙන්ශන් එකකින් අවසන් වන මෙම ෆයිල්ස් හදුන්වන්නේ Disk Image හෙවත් Image Files යන්නයි.




මේ ආකාරයේ ‍ගොනුවක් ඔබට සාමාන්‍ය ලෙස පරිගණකයේ ස්ථාපනය කර නොහැකිය.

ISO යන ප්‍රමිතිය මුළින්ම ලෝකයට හදුන්වා දුන්නේ ප්‍රමිතිකරණය පිළිබද ජාත්‍යන්තර සංවිධානය (International Organization for standardization = ISO )විසිනි. වර්තමානයේ මෘදුකාංග නිෂ්පාදකයින් බොහෝ දෙනෙක් තම මෘදුකාංග නිර්මාණය කර බෙදා හරින්නේ මෙම ISO ගොනු ලෙසය.

Disk Image වල ප්‍රභේද

Optical Disk, Hard Disk, Floppy Disk සදහා ‍යොදාගන්නා ISO වර්ග කිහිපයක් ඇත. ඒවා පහත දැක්වේ.

Optical Disk

BT5/BT6/BWA/BWI/BWS/BWT
C2D - CCD/IMG/SUB
CDI
CUE/BIN - CSO
DAA
DVD
ISO
ISZ
MDS/MDF
NRG
TOS/BIN

Hard Disk

DMG - GHO
GHS/V2I - MRIMG - PARTIMG

PARTIMG.BZ2 - PQI - TIB - UDIF - VDI - VHD - WIM - KB2

Floppy Disk                             

DCF - DMF - DMS - IMA/IMZ - IMG - VFD - ADF