හුග දවසකින් කිසිම දෙයක් දෙන්න බැරි උනා..තරහා වෙන්නනම් එපා.. ඔන්න ඒ හින්දා අද නියම Trix එකක් කියලා දෙන්න යන්නේ... මම කියලා දෙන්නේ කොහොමද My Computer එකට අපේම Drive දාගන්නේ කියලා..



මුලින්ම C:  Drive එකට ගිහිල්ලා කැමති නමකින් ෆොල්ඩරයක් හදාගන්න..

දැන් Start >> Run >> Type CMD & Enter
එතකොට Command Prompt එක ඕපන් වෙනවා..

එකේ මෙන්න මෙහෙම ටයිප් කරලා එන්ටර් කරන්න.
subst z: c:\trixhunter


දැන් My Computer එකට ගිහිල්ලා බලන්නකෝ...කොහොමද වැඩේ...?

-------------------------------------------------------------------------------------------------------------

හරි දැන් බලමු කොහොමද අපි හදපු Drive ඩ්ලිට් කරන්නේ කියලා...

Start >> Run >> Type CMD & Enter

මේ විදිහට ටයිප් කරලා එන්ටර් කරන්න..

subst z: /d

මම උඩම කොඩ් එකේ රතු පාටින් තියෙන ඒවා ඔයාට කැමති විදිහට වෙනස් කරගන්න පුලුවන්...

z: කියන්නේ හදන්න ඕන ඩ්‍රයිව් එකේ letter එකයි
trixhunter කියන්නේ හැදෙන ඩ්‍රයිව් එකේ නමයි


අපි හදන ‍ඩ්‍රයිව් එක මුලින්ම C Drive එකේ ෆොල්ඩර් එකක් හදලා කරන හින්දා අලුතින් හැදෙන ඩ්‍රයිව් එකේ Space එක එන්නේ C Drive එකේ Free Space එකයි.