facebook වැඩ කිඩ

මම කියන්න යන්නේ facebook වල පොඩි වැඩක් ගැන......මෙන්න මේ කියලා තියෙන ටික පිලිවෙලට type කරන්නකෝ.... facebook එකේ homepage එකේ ඉදන්.

up , up , down , down , left , right , left , right , b , a ,enter then click left key and scroll up and down & up and down

දැන් බලන්නකෝ වෙන දේ....මරු නේද? කරලා බලන්නකෝ... තව මේ විදිහටම එකක් තියෙනවා ඒක හැබැයි වෙනස්..... කරලා බලලා ‍කමෙන්ට් එකක් දාන්න

up, up, down, down, left, right, left, right, B, A, Enter key, up and down

මෙකෙත් අර වගේ එකක්....

තවත් සින්ඩියක්..... beta version

මමත් ඔය නිකං ඉන්න එකේ සින්ඩියක් හැදුවා.... එකේ නම lankanblogs තාම අත්හදා බැලිමේ තත්වයේ තියෙන්නේ.... ඔබගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න.. එකට lankanblogs එකට ගිහිල්ලා දකුණු පැත්තේ තියෙනවා "+ ඕබේ බ්ලෝග් අඩවියත් කියලා".... ඒක ක්ලික් කරලා තොරතුරු බලා ගන්න....

අදම register වෙන අයට චාන්ස් එකක් තියෙනවා. අදම ඕබේ බ්ලෝග් එක එකතු කර ගන්න පුලුවන්... (නැතිනම් දවසක් හෝ දවස් 2 ක් යැමට ඉඩ ඇත)

Ray CD එකෙන් Trix එකක්.....

මම කියන්න යන්නේ Ray Magazine එක ගැන...බය වෙන්න වැරුද්දක් නෙමෙයි.... සමහර විට ඔයගොල්ලෝ දන්නවා ඇති ray magazine එක ගැන..... එකේ මේ ලගදි ඉදන් color checker එකක් දාලා තියෙනවා පටන් ගනිද්දි.... ඉතින් ඒක හොයන්න ගියාම බලන එක එපා වෙනවා....ඉතින් ඒකට තමයි මේ trix එක කියලා දෙන්න යන්නේ.....

ඔයගොල්ලන්ට color checker menu එක ආවාම ctrl + enter ඔබන්න.... එතකො‍ට කෙලින්ම ඔයගොල්ලෝ menu එක ඇතුලට යනවා..... (සමහර වේලාවට ගිහිල්ලා පොඩ්ඩක් වේලාවකින් නැවතත් color checker menu එක එන්න පුලුවන්.... එවිටත් ctrl + enter ඔබන්න.. දැන් ඉතින් හරියටම හරි...ආයිත් color checker menu එක එන්නේ නැ....)

මේක ගොඩක් ලේසියි..... කලර් හොය හොය ඉන්න ඕනේ නැ...... කරලා බලලා කමෙන්ට් එකක් දාන්න......


Huawei modem එකක් Unlock කරලා දෙන්න පුලුවන්ද?

මට Huawei Modem එකක් Unlock කරගන්න ඕනේ.......කවුරු හරි දන්න කෙනෙක් මට Unlock Code එක දෙන්න පුලුවන්ද?

Model : Huawei E156G

IMEI : 357133033844406


ලොකු උදව්වක් ඕනේ....

කවුරු හරි දන්නවාද Huawei E156G Modem එක Unlock කරගන්න පුලුවන් විදිහක්.... අනේ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න පුලුවන්ද?

Virus Guard එක හොදට වැඩ කරනවාද කියලා බලමුද?

කාලෙකින් අලුත් පෝස්ට් එකක් දාන්නත් බැරි වුන හින්දා අද ඔන්න නියම පොස්ට් එක්ක දාන්න යන්නේ...කරලා බලලා කමෙන්ට් එක්ක දාන්න අමතක කරන්න එපා... මේකයි වැ‍ඩේ.. ඔබ පරිඝණකයේ දාලා තියෙන වයිරස් ගාඩ් එක එයාගේ වැ‍ඩේ හරිය‍ට කරනවාද කියලා බලන්න පුලුවන් විදිහක් ගැනයි..

1. මුලින්ම Notepad එක ඕපන් කරලා මේ Text එක Copy කරලා Notepad එකට Paste කරන්න.

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDA RD-ANTIVIRUS-TEST-FILE!$H+H*

2. පස්සේ File > Save As ගිහිල්ලා එක Save කරන්න ඕනේ. එක සේව් කරද්දි File Name එක විදිහට EICAR.com කියලා ටයිප් කරන්න ඕනේ..

දැන් එක සේව් කරන්න බලන්න.. සේව් කරද්දි එක වයිරස් එකක් කියලා පෙන්නුවොත් වයිරස් ගාඩ් එක හොදට එයාගේ වැඩේ කරනවාද කියලා හිතා ගන්න පුලුවන්...

අමාරු වුනොත් කමෙන්ට් වලට දාන්න...මම බලන්නම්

මොබිටෙල් ජංජාල

මේ අවුල නම් මොබිටෙල් කවදා හදයි ද දන්නේ නැ. මම connect වෙලා ඉන්ටර්නේට් යනකොට සැරින්සැරේට disconnect වෙනවා. අනේ ඒ ඇයි කියලා දන්නවානම් කියනවාද? සිග්නල් නැති වෙනවාද දන්නේ නැ......

Any Softwares Serial | 100% Free

මම දැන් කියන්න යන දේ නම් ඔයගොල්ලන්ට ගොඩක් වටින බව නිසැකයි. මේක වෙබ් සයි‍ට් එකක්. මේකේ දැනට තියෙන ඕනැම මෘදුකාංගයක Serial Numbers තියෙනවා. ඔක්කොම නිකං. මේ වෙබ් සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ පෙනෙයි.

පස්සේ ඔයගොල්ලන්ට සිරියල් අවශ්‍ය මෘදුකාංගය පටන් ගන්න මුල්ම නම පහල තියෙන අකුරු පේළියෙන් තෝරන්න.


අන්තිමට කරන්න තියෙන්නේ අවශ්‍ය මෘදුකාංගය ලිස්ට් එකෙන් තෝරන එක විතරයි. පස්සේ ඒකට අදාළ සිරියල් පෙන්වනු ලබයි.

කරලා බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නේ නැතුව.....

වෙබ් සයිට් එකට මෙතනින් යන්න.

මුණු සෙල්ලම් දාමු

මම කියන්න යන දේ සමහර විට ඔයගොල්ලෝ දන්නවත් ඇති. කමක් නැ දන්නේ නැති අය අහගන්නකෝ. මේක ටිකක් අමුතු මෘදුකාංගයක්. මේකේ නම තමයි FaceMorpher. මේකෙන් කරන්නේ අපිට කැමති පින්තුර දෙකක් (හොදට වැඩකරන්න නම් මුණු දෙකක් ඕනේ) Morphe කරන්න පුලුවන්. පින්තුර දෙක හදලා අපිට ඒක Gif , Avi , Swf , Jpg , html එකක් විදිහට සේව් කරගන්න පුලුවන්. අරගෙනම බලන්න.





PIPL මිනිස් සෙවුම

මම Bounty People Search Engine එක ගැන දාපු පෝස්ට් එකට සහන් අයියා කමේන්ට් එකක් දාලා තිබ්බා. මි‍ට වැඩිය Pipl කියන Search Engine එක හොදයි කියලා. බැලින්නම් ඇත්ත තමයි මේකේදි මුල් නමයි,අග නමයි, ඉන්න තැනයි, රටයි විතරයි ටයිප් කරන්න ඕනේ. මෙන්න පස්සේ එයා ගැන තොරතුරු එනවා. (මම මමම සර්ච් කරගත්තා. හිහිහි) මේකත් මරු ගිහිල්ලා බලන්න.

තමාගේ යාලුවන්ව හොයාගන්න විදිහක්!

peoplebounty මෙය නවතම people search engine කි. මෙම වෙබ් අඩවියෙන් ඔබට කරගත හැකි කාර්යය වන්නේ ඔබගේ පරන යහලුවන් සහ ඔබට අවශය පුද්ගලයන්ගේ තොරතුරු සොයාගනීමටය. මෙහිදි යම්කිසි කෙනෙක් ගැන සොයන විට මූලික වශයෙන් එම පුද්ගලයාගේ නම , වයස , ලිපිනය, ස්ත්‍රී පුරුශ භාවය යනාදී කරුනු පෙන්වයි. මීට අමතරව තවත් එම් පුද්ගලයාගේ පින්තුර හෝ විඩියෝ දර්ශනද පෙන්වයි.තවද මෙම අඩවිය තුල ඔබ නොමිලේ සාමාජික වී මෙම වෙබ් අඩවියට ඔබගෙ තොරතුරුද යැවීමට හැකියාව තිබේ.

ගිහිල්ලාම බලන්න. මෙතනින් යන්න‍

ගුගල් Sidebar

මම කියන්න යන්නේ තවත් ගොඩක් වටිනා මෘදුකාංගයක් ගැන.. මේක ඉදිරිපත් කලේ ගුගල් සමාගමෙන්. මේක නම තමයි Google Desktop. මේකෙන් ඕබේ ඩෙක්ස්ටොප් එකට අලුත් නිව්ස් . කාලගුණය සහා තවත් බෝහෝ දේ මෙයින් ලබා ගන්න පුලුව්න්. මේක Vista Sidebar එක වගේ Desktop එකේ තියන්න පුලුවන් සයිඩ්බාර් එකක්.


මේ තියෙන්නේ එකේ පින්තුරයක්. මෘදුකාංගය ගන්න මෙතනින්

Office වල‍ට යොදාගත හැකි මෙවලම්

1.Office වැඩසටහනට ආදා ගත හැකි මෙම මෙවලමෙන් ඔබ සාදා ගන්නා ලිපි හො දත්ත සමුහයක් PDF හෝ XPS (අන්තර්ජාලයට ලිපි සකස් කිරිමේදි XML විදිහේ ලිපි පැහැදිලිව පෙන්විමට යොදා ගනි) ආකාරයට දත්ත පරිවර්ථනය කිරිමට යොදා ගත හැකිය....

2.Word වැඩසටහන හරහා ගණිතමය හා අංක සුත්ර භාවිතය‍ට එම ලිපි වලට ඇතුලත් කරන වැඩසටහනක් ලෙස මෙය හැදින්විමට පුලුවනි.



3.VB පරිගණක භාෂාවේන් සකස් කරන ලද පරිගණක වැඩසටහන් ලේඛණයක ඇති තාක්ෂණික දෝෂ හුවා දැක්විම සදහා මෙම වැඩසටහන Office වල‍ට ලෙස යොදා ගත හැක.

4.වර්ඩ් වැඩසටහන යොදා ගෙන සකස් කරන ඉතා දිගු ලිපි වල එම ජේද වල හා පිටු වල හැඩය Formatting දිගටම නිසියාකාරව පවත්වා ගැනිමට හැකි මෙවලමකි.

5.මෙම වැඩසටහන Office වැඩසටහනට එකතු කිරිමෙන් විද්‍යුත් ලිපි හා දින පොත් සටහන් තබන Outlook තබන වැඩසටහන විසින් සකස් ‍කොට පරිගණකයේ ගබඩා කරන තොරතුරු සෙවිම පහසු කරනු ලබයි.

දැනට ඇති හොදම Live CD 5

1.Knoppix යනු debian මුලය කරගත් ලිනක්සි හි මුල්ම Open Source live Cd එකයි. මෙමගින් සපයන ලබන සේවාවන් වනුයේ මැකි ගිය දත්ත නැවත ලබා ගැනිමේ හැකියාවත් හානි වු දත්ත කියවිමේ හැකියාව ආදි වැඩසටහන් හා තවත් වැඩසටහන් 2000 කට අධික ප්රාමාණයක් ඇත.

2.Ultimate Boot Cd 4 Windows කියන්නේ වින්‍‍ඩොස් එක්පි සර්වර් 2003 පදනම් කරගෙන නිපදවා ඇත. මෙමගින් දෘඩ තැටියේ හා මැකි ගිය දත්ත ලබා ගැනිමට හැකිය.

3.Back Track 4. මෙමගින් මැකි ගිය දත්ත නැවත ලබා ගැනිමට බැරිය නමුත් මෙය ඉතා හොද ආරාක්ෂකයෙක් ලෙස හදුන්වන්න පුලුවන්. ඒ කියන්නේ ඕබේ පරිගණක ජාලයට පැමිණ තොරතුරු සොරකම් කරන සොරුන්ව ඇල්ලිමට මෙයට පුලුවන්. මෙහි වැඩස‍ටහන් 300 ක් පමණ ඇත.

4.Puppy Linux. මෙය Ultimate Small Linux පවුලේ සාමාජිකයෙකි. Linuxපාව්ච්චි කර නොමැති කෙනෙක්ට වුවද පහසුවෙන් භාවිතා කර හැක. මෙමගින් File Recovery and Partition කිරිමේ හැකියාව ඇත. මෙහි File එක 100MB පමණ වේ.
5. Ubuntu ඔබ කවුරුත් අදුරන මෙහෙයුම් පද්ධතියකි. මෙය අංග සම්පුර්ණ මෙහෙයුම් ‍පද්ධති‍යකි. මෙහි නම් මෘදුකාංගයට බොහෝ දෙනා කැමතිය.

Mozilla FireFox Mobile Web Browser

Mozilla ඔවුන්ගේ මුල්ම Mobile Web Browser එක නිකුත් කරලා.. ගොඩක් අය පාවිච්චි කරන Mozilla FireFox එක තමයි ඔවුන් ඉදිරිපත් කරලා තියෙන්නේ... මේක තාම මම බාගත්තේ නැ..... ඔයගොල්ලෝ බාගෙන බලලා එහෙම කියන්නකෝ. බලමුකෝ හොදයිද කියලා. :D

මෙන්න ලිංක් එක