ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද? Internet Explorer වල උඩ කොනේ තියෙන ලොගෝ එක. දැන් මම කියන්න යන්නේ එක අයින් කරලා අපිට කැමති පින්තුරයක් දාගන්නේ කොහොමද කියලා.


මුලින්ම Paint ඕපන් කරගන්න. හරි දැන් එකේ Image සයිස් එක 22 x 22 කට ගන්න. දැන් කැමති පින්තුරයක් දාලා එක Bitmap එකක් විදිහට සේව් කරගන්න.

දැන් Run එක ඕපන් කරගන්න. එකේ gpedit.msc කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න. දැන් ඕපන් වෙයි Group Policy කියන එක.

හරි දැන් එකේ User Configurations යටතේ ඇති Windows Settings ඩබල් ක්ලික් කරන්න. දැන් Internet Explorer Maintence කියන එක ඇතුලට යන්න. දැන් Browser User Interface කියන එක ඇතුලට යන්න. දැන් දකුණු පැත්තේ ඔප්ෂන් 3 ක් වැටෙන්න ඇති. එකේ මුල්ම එකෙන් IE එකේ Title එක වෙනස් කරගන්න පුලුවන්. අපිට ඕනේ දෙවෙනි එක. එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. දැන් එන ඩයලොග් බොක්ස් එකෙන් ඔයගොල්ලෝ හදපු ලොගො එක තෝරලා දෙන්න. දැන් OK කරලා වැඩේ අහවර කරන්න.

ප්රශ්නයක් තිබ්බොත් කමෙන්ට් වලට දාන්න. මම විසදලා දෙන්නම්. මම මේ දවස් වල XP Tricks කියලා දෙනවා වැඩිද මන්දා. :P