ගොඩක් අය දැන් නෙට් යන්නේ Dialup Connection එකකින්නේ..එකෙන් ඉතින් වැඩක් කරගන්න එක ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ කියලා පාව්ච්චි කරන අය දන්නවා ඇති..(සමහර වේලාවල් වලට :P ). ඉතින් දැන් ඔය වගේ වේලාවල් අපට අපේ මේල් බලන්නවත් විදිහක් නැනේ..ඇයි ස්ලොනේ..ඉතින් එකට කරන්න පුලුවන් පොඩි වැඩක් ගැන ඔයගොල්ලෝ දැනුවත් කරන්නයි දැන් යන්නේ..

මම දැන් කියන්න යන්නේ Gmail වේගවත් කරගන්න පුලුවන් පොඩි ක්‍රම කිහිපයක් ගැනයි..


1. ජිමේල් ගිණුමේ ලෝඩිං තිරය පෙනෙන වි‍ටම Ctrl + F5 යතුරු දෙක ඔබන්න. දැන් කිසි පරක්කුවක් නැතිව ‍ලෝඩිං තිරය මතු වෙනු ඇත.


2. ජිමේල් ගිණුම ලබා ගැනිමට https://mail.google.com/mail යන වෙබ් ලිපිනය පාව්ච්ච් කරන්න.

3. ගුගල් සපයන වෙළද දැන්විම් නැතිව ලබා ගත්තොත් ඉතා ඉක්මණට පිටුව ලබා ගත හැක. ඒ සදහා https://m.gmail.com වෙත යන්න. ඇත්තෙන්ම මෙය ජිමේල් මොබයිල් සංස්කරණයයි. මෙය Internet Explorer වලට වඩා Firefox හා Opera Web Browser සමග හොදින් වැඩ කරයි.

4. මේ කිසිවකින් වේගය වැඩිකර ගැනිමට නොහැකි වුවා නම් www.google.com/ig වෙත යන්න. එහි දෙන උපදෙස් අනුව ගිණූම වේගවත් කළ හැක….


මේ ක්‍රම වලින් ෂුවර් එකටම ස්පිඩ් කරගන්න පුලුවන්..ඉතින් කරලාම බලලා කමෙන්ට් එකක් දාන්න..