කොහොමද? ඔන්න අද වර්ඩ්ප්‍රෙස් දාන්න ඉගෙන ගමු ලිපි පෙලේ 2වෙනි කොටසයි..

මම හිතන්නේ දැන් කලින් ලිපියේ කිව්වා වගේ හොස්ටින් ගන්න ඇති නේද? ඔයගොල්ලෝ හොස්ටින් ගද්දි දෙන මේල් ලිපිනයට ඔයාගේ හොස්ටින් අකවුන්ට් ‍එකේ තොරතුරු ලැබිලා ඇති..අපිට දැන් ඒ ටික ඕනවෙනවා...

හරි...දැන් අපිට ඕනේ වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටොල් කරන්නයි..ඒකට ක්‍රම 2ක් තියෙනවා. එක ක්‍රමයක් තියෙනවා ඒකට‍ ටිකක් වේලාවක් යනවා..

ඒ ක්‍රමය සැම්ගේ අඩවියේ තිබුනා..ඒකෙන් ඒ ක්‍රමය ඕනේනම් බලාගන්න..

ඒත් මම කියන්න යන්නේ ඊට වඩා ලේසි ක්‍රමයක් ගැන.. උපරිම විනාඩි 5යි...මේකට අවශය වෙනවා Filezilla කියන මෘදුකාංගය.. මම හිතන්නේ ඒක ඩවුන්ලොඩ් කරගන්න ඇති කලින් ලිපිය කියවද්දි...

මම මෙතනදි නම් යොදාගන්නේ ‍ෆ්‍රි හොස්ටින්..ඒත් ‍ෆ්‍රි හොස්ටින් වල වගේම තමයි පෙයිඩ් හොස්ටින් වලත් දාන්නේ...

මම මේකෙදි යොදාගන්න හොස්ටින් ලබාගන්නේ Srilankeeya.net අඩවියෙන්.. පහල තියෙන වි‍ඩියෝ එකනම් කලේ කලබලයෙන් එහෙන් මෙහෙන් පැටලෙන්න ඇති..පොඩි පොඩි වැරදිත් ඇති..ඒකට සමාවෙන්න ඕනේ..මොකද මේ දවස් වල මට බ්ලොග් එක පැත්තේ තියා ජංජාලේ පැත්තෙවත් එන්න බැ..

විඩියෝ එක අපහැදිලි නම් විඩියෝව මත ක්ලික් කර එම විඩියෝව යුටියුබ් හරහා බලන්න..



ඔන්න එහෙනම් මම ගියා..අපහැදිලි නම් කියන්න මම ආයිත් කියලා දෙන්නම්..ස්ථාපනයේදි අවුලක් ආවොත් කියන්න..මම උදව් කරන්නම්..

මම ඊලග ලිපියෙන් කොහොමද වර්ඩ්‍ප්‍රෙස් වලට තිම්, ප්ලගින්ස් දාගන්නේ කියලා දෙන්නම්..

ඔබට ජය!!

අදහසක් දාන්නත් අමතක කරන්න එපා...