කොහොමද කට්ටියට..ඔන්න තවත් බ්ලොගර් ට්‍රික් එකක් ගෙනවා..පහල තියෙන පින්තුරය බලන්නකෝ ඉස්සෙල්ලා..


මම හිතන්නේ පින්තුරය දැක්කම හිතෙන්නේ ඇති මොකක්ද කියලා... ඒ තමයි ඔයාගේ බ්ලොගයේ පොස්ට් ටයටිල් එකට ඉස්සරහින් පින්තුරයක් දාන එක..කරන එකනම් ලේසියි..පහල තියෙන විදිහට වැඩේ කරගන්නකෝ..

පියවර 1 - මුලින්ම පින්තුරයක් ඕන වෙනවා ඉස්සරහාට දාන්න..එකට ඔයාට කැමති පින්තුරයක් දාන්න පුලුවන්..ටිකක් පොඩි එකක් හොදේ.. හිහි

පියවර 2 - පස්සේ හදපු පින්තුරය අප්ලොඩ් කරලා පින්තුරයේ direct link එක ගන්න ඕන..

පියවර 3 - Desgin > > Edit HTML > > Expand Widget Templates යන්න..

ඊට පස්සේ මේ කොඩ් එක හොයාගන්න..

<b:if cond='data:post.url'>
<a expr:href='data:post.url'><data:post.title/></a>


අපිට ඕන පොස්ට් ටයිටිල් එකට කලින් පින්තුරය වැටෙන්නනේ... ඒ කොඩ්  දෙක මැදට පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න.

<img src="Your image URL here"/>


දැන් කොඩ් ටික ‍තියෙන්න ඕනේ මේ විදිහට...

<b:if cond='data:post.url'>
<img src="Your image URL here"/>
<a expr:href='data:post.url'><data:post.title/></a>


රතුපාටින් තියෙන Your image URL here තැනට පින්තුරයේ direct link එක දෙන්න.. දැන් වැඩේ හරි දැන් බ්ලොග් එකේ preview එකක් බලලා..ටෙම්ප්ලෙට් එක සේව් කරන්න..

අහා..තව දෙයක් කියන්න තියෙනවා..තව පොඩ්ඩෙන් අමතක වෙනවා...මම හෙට ඉදන් ජාවාස්ක්‍රිප්ට් ගැන ලිපි ටිකක් ලියනවා..ඒවත් ඔයාලට දැකගන්න පුලුව්න්..

ඒවගෙම පුලුවන්නම් අපේ මුණුපොතේ මිතුරැ පිටුවටත් එක් වෙන්න.. මෙතනින් මිතුරු පිටුවට යන්න...

අදහසක් එහෙම දාලා ඔය ඇඩ් එකක් උඩ ක්ලික් කරන්න හොදේ...