කොහොමද? දැන් කියන්න යන්නේ යාහු මැසෙන්ජර් භාවිතා කරන අයට වටිනා ගැජට් එකක් ගැන..ඒක තමයි බ්ලොගයේ සයිඩ්බාර් එකට යාහු මැසෙන්ජර් Status Button එකක් බ්ලොගයට දාගන්න හැටි...

පහත පින්තුරය බැලුවාම තේරුම්ගන්න පුලුවන් මේ මොකක්ද කියලා..



දැක්කනේ වැඩේ..ඔන්න ඔය වගේ බට්න් එකක් දාගන්න විදිහ තමයි දැන් කියන්න යන්නේ... ඔය වගේ බ්ලොගයට Skype බට්න් සහ Gtalk බට්න් දාගන්න පුලුවන්..

පහල තියෙන විදිහට මේ බට්න් එක ඔයාගේ බ්ලොගයට දාගන්න..

මුලින්ම බ්ලොගර් වලට ලොග් වෙලා Dashboard යන්න..ගිහිල්ලා Design තොරලා Add a gadget බොත්තම ඔබන්න..ඊට පස්සේ Add HTML / JAVASCRIPT ඔබන්න..

දැන් පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න..

<a href="ymsgr:sendIM?your IM id"> <img src="http://opi.yahoo.com/online?u=your IM id&amp;m=g&amp;t=2&amp;l=us"/>
</a>

ඔය කොඩ් එකේ රතුපාටින් තියෙන your IM id කියන තැනට ඔයාගේ යාහු මැසේන්ජර් වල ID එක දෙන්න..දැන් ගැජට් එක සේව් කරලා බලන්න..

ඔයාගේ ප්‍රතිචාරයත් දාලාම යන්න..