ඉ-මේල් පණිවිඩයක් යවන විට එහි පිටපත් කියක් රැදෙනවාද කියා ඔබ කවදා හෝ ගණන් කොට තියෙනවාද???

යවන්නාගේ පරිගණකයේ ලබාන්නාගේ පරිගණකයේ ඉන්ටර්නේට් සපයන සේවා දායකයා ගාව හා ඒහා සම්බන්ධ සර්වර් වලත් මේවා රැදේ. මෙමගින් වැදගත් තොරතුරක් වුවත් වෙන කෙනෙක් අතට පත්වි මට ඇති ඉඩ කඩ වැඩියි.. මෙය වළක්වාලන්ට තියෙන හොදම විදිහ තමයි ඉමේල් පණිවිඩයක් යම් කාලයක් ගිය විට ඉබේම මැකි යන්නට සැලැස්විමයි. එය කල හැකි ලොව මුල්ම පරිගණක වැඩසටහන තමයි Vanish (Self-Destructing Digital Data) කියන්නේ. මේක හදලා තියෙන්නේ ඇමරිකා වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ රොක්සානා ජිම්බාසු හා අමිත් ලෙවි යන දෙදෙනායි... දැනට එහි තියෙන උපරිම කල් ඉකුත්විමේ කාලය පැය 08 කි....

වැනිෂ් මෘදුකාංගය වැඩ කරන හැටි http://vanish.cs.washinton.edu වෙබ් අඩවියෙන් බලා ගත හැක.. මෙහි කල්ඉකුත් විමේ කාලය පැය 08 ක් වුවත් අපිට ඕන විදිහට එය විනාඩියකට වුවත් සදාගත හැකිය.