දැන් මම කියන්න යන්නේ පොඩි ඔත්තුවක් ගැන. ඒ Google Chrome ගැන. මේක මම කියන්නේ දැනගැනිම පිණිස පමණයි. මේක හැබැයි ගොඩක් බලපාන්නේ Cafe වලින් Internet යන අයටයි
(ඒත් එතනදි Chrome පාවිච්චි කරොත් විතරයි)

1. Chrome Open කරගෙන Settings වල‍ට යන්න ඕන. ඒකට දකුණු පස උඩ කෙ‍ලවරේ ඇති යතුරක Icon එකක්. ඒක ක්ලික් කරන්න ඕන.






2. පස්සේ option තෝරන්න.



3. පස්සේ එන වින්ඩෝ එකෙන් Personal Stuff ටැබ් එක ක්ලික් කරන්න.


4. පස්සේ එතන තියෙන Show Password බොත්තම ඔබලා එන සංවාද කොටුවෙන් ඕබේ E-Mail Address හෝ Username එක තෝරන්න


5. තෝරලා ඉදිරියෙන් තියෙන Show password බොත්තම ඔබන්න. දැන් පහළින් බලන්න මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා.

ඒ හින්දා Cafe වලින් Internet යන අය පොඩ්ඩක් පරිස්සම් වුනොත් හොදයි.