කාලෙකින් අලුත් පෝස්ට් එකක් දාන්නත් බැරි වුන හින්දා අද ඔන්න නියම පොස්ට් එක්ක දාන්න යන්නේ...කරලා බලලා කමෙන්ට් එක්ක දාන්න අමතක කරන්න එපා... මේකයි වැ‍ඩේ.. ඔබ පරිඝණකයේ දාලා තියෙන වයිරස් ගාඩ් එක එයාගේ වැ‍ඩේ හරිය‍ට කරනවාද කියලා බලන්න පුලුවන් විදිහක් ගැනයි..

1. මුලින්ම Notepad එක ඕපන් කරලා මේ Text එක Copy කරලා Notepad එකට Paste කරන්න.

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDA RD-ANTIVIRUS-TEST-FILE!$H+H*

2. පස්සේ File > Save As ගිහිල්ලා එක Save කරන්න ඕනේ. එක සේව් කරද්දි File Name එක විදිහට EICAR.com කියලා ටයිප් කරන්න ඕනේ..

දැන් එක සේව් කරන්න බලන්න.. සේව් කරද්දි එක වයිරස් එකක් කියලා පෙන්නුවොත් වයිරස් ගාඩ් එක හොදට එයාගේ වැඩේ කරනවාද කියලා හිතා ගන්න පුලුවන්...

අමාරු වුනොත් කමෙන්ට් වලට දාන්න...මම බලන්නම්