ෂු..කොහොමද කට්ටියට..මේ දවස්වල බ්ලොගර් වල ලෙඩ එනවා කියලා බ්ලොග් වල දැක්කා..කොහොමද එහෙම තියලා එකපාරටම අපේ බ්ලොග් ටික බ්ලොගර් වලින් ඩිලිට් උනොත්..

පිස්සු හැදෙනවානේ..අපේ ලිපි, කමෙන්ට් එහෙම ඔක්කොම ඩිලිට් වෙනවා..ඉතින්එහෙම  දෙයක් වුනොත් එහෙම.අපි එකට කළින්ම ලැස්ති වෙලා හිටියානම් හරිනේද? 

ඔන්න දැන් කියන්න යන්නේ බ්ලොගර් වල ලිපි ටිකයි,කමෙන්ට් ටිකයි බැක්අප් කරගන්න හැටි..ඔයගොල්ලෝ දන්නවා ඇති තිම් එක බැක්අප් කරගන්න..මේකත් ඒ ‍වගේ තමයි..පළ්ලෙහා තියෙනවා කරන හැටි..බලන්න‍කෝ..

මුලින්ම ඔයගොල්ලෝ බ්ලොගර් Draft වලින් ලොග් වෙන්න ඕන.. මේ ලිංක් එකෙන් යන්න..
පස්සේ බැක්අප් කරන්න ඕනේ බ්ලොග් එකේ Settings යන්න..
මුල්ම පිටෙම තියෙනවා Blog Tools කියලා එකක්..
එතන තියෙනවා Export Your Blog කියලා..ඒක ඔබලා Blog බැක්අප් එක පරිගණකයට ලබාගන්න..






File එක සේව් වෙන්නේ XML එකක් විදිහට.. කොකටත් ලැස්ති වෙලා ඉන්න එපැයි..හිහි..
කොහොමද වැඩේ..කමෙන්ට් එකකුත් දාලාම යන්න..

පුලුවන්නම් ඔය ඇඩ් එකක් උඩ ක්ලික් කරලාම යන්න.. හි හි