කොහොමද ඔන්න දැන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ එළකිරි ගැජට් එකක් ගැන..මේක බ්ලොගර් වලට විතරයි හරියන්නේ..

මේකයි වෙන්නේ අපි දැන් බ්ලොගර් එකට Followers ගැජට් එකක් දානවනේ..ඒත් දැන් එක පොඩි ගතියක් එක්ක දාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා..මේ ගැජට් එක ගුගල්ලා අලුතෙන් තමයි හදුන්වලා දිලා තියෙන්නේ..

ඩිමෝ එක බලන්න ඕනේනම් මගේ සයිට් එකේ උඩ බලන්නකෝ..

මෙන්න මෙහෙමයි දාන්නේ...

---------------------------------------------------------------------------------

මුලින්ම මේ ලිංක් එක‍ට යන්න...

ඊට පස්සේ ඔයාගේ බ්ලොගය හදලා තියෙන මේල් ඇඩ්රස් එකෙන් ලොග් වෙන්න..

දැන් දකුණු පැත්තේ ඔයාගේ ‍ඔක්කොම බ්ලොග් ටික පෙනෙයි..එකෙන් ඔයාට ගැජට් එක දාගන්න ඕන බ්ලොගයේ නම උඩ ක්ලික් කරන්න..

ඊට පස්සේ බ්ලොගයට අදාල ලිංක්ස් ටිකක් ලැබෙයි..මෙන්න මේ වගේ...


ඔය ලිස්ට් එකෙන් Gadgets කියන ‍බොත්තම ඔබන්න..ඊට පස්සේ මේ වගේ පිටුවක් එයි..එකෙන් Social bar කියන එක ක්ලික් කරන්න..



ඊට පස්සේ එම ගැජට් එකේ Settings ටික ඔබට ලැබෙයි..එතනින් ඔබට අවශය ලෙස ගැජට් එක හදාගෙන බ්ලොගයට ඇඩ් කරන්න විතරයි තියෙන්නේ..

ඒව‍ගේම අදහසක් දාන්නත් අමතක කරන්න එපා...