Infolinks වලින් වැඩ කරමු - අවසන් ලිපිය


Infolinks වලින් වැඩ කරමු දෙවැනි ලිපිය දාන්න ප්‍රමාද උන එක ගැන සමාවෙන්න. මම හිතන්නේ කට්ටියටම Infolinks Activation Mail එක ඇති. හ්ම්ම්ම්...තාමත් මේල් එක ආවේ නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. ආයිත් උත්සහා කරලා බලන්නකෝ. තාම කට්ටිය Infolinks වලින් වැඩ කරමු පළමු ලිපිය කියෙව්වේ නැත්තම් පහල ලිංක් එකෙන් ගිහිල්ලා බලන්න.
Infolinks වලින් වැඩ කරමු - පළමු ලිපිය >>

හරි. දැන් හැමෝම Infolinks වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාගේ අකවුන්ට් එකට ඇතුල් වෙන්න. දැන් ඔයාට පහත විදිහේ තිරයක් ලැබෙයි. (පළමු පින්තුරය බලන්න)

පළමු පින්තුරය
ඔතන තමයි ඔයාගේ අකවුන්ට් එක හම්බුවුන මුදල් ප්‍රමාණය, ක්ලික්ස් ප්‍රමාණය, Impression ප්‍රමාණය එහෙම පෙන්නන්නේ.

මම ඔයාට කිව්‍වානේ අපි රෙජිස්ටර් වෙද්දි අපේ වෙබ් අඩවිය විදිහට ඉංග්‍රිසි සයිට් එකක් දෙන්න කියලා. දැන් හදන්නේ අපි ඒක අපේ සිංහල බ්ලොගයට ඇඩ් කරගන්නයි. ඒක කරගන්න පහළ තියෙන විදිහට කරන්න.

මුලින්ම My Account කියන කොටසට යන්න (දෙවැනි රුපය බලන්න)


දෙවැනි රුපය


දැන් එන තිරයේ Add Websites කියන කොටසට යන්න. (තුන්වැනි රුපය බලන්න)





ඔතනදි ඔයාගේ බ්ලොග් එකේ විස්තර දිලා Submit බොත්තම ඔබන්න. ‍බ්ලොග් එක ඇඩ් වෙන්න ටික දවසක් යන්නට ඉඩ තියෙනවා.
දැන් අපි බලමු අපිට ලැබෙන ඇඩ්ස් අපිට අවශ්‍ය ලෙස සකසාගන්න හැටි ගැන.

ඒකට ඔයා මුලින්ම  Integration Guide කියන කොටසේම තියෙන Advanced Integration Wizard කොටසට යන්න ඕන. (හතරවැනි රුපය බලන්න)


හතරවැනි රුපය
එම කොටසේ තියෙන කොටස් ගැන පහත පැහැදිලි කරලා තියෙනවා.

Highlight Color 
හයිලයිට් කලර් කියන්නේ අපේ ලිපියේ ඇඩ් ‍එක වැටෙන ටෙක්ස්ට් එක හයිලයිට් වෙන්න ඕන පාටයි.

Double/Dotted Underline 
මෙමගින් පුලුවන් ඇඩ් එක වැටෙන ටෙක්ස්ට් එක යටින් ඉරක් ඇදලා තියෙනවා වගේ දාන්න. හරියට අපි අපේ පෝස්ට් එක ලිංක් කළා වගේ. ඒ ගොල්ලෝ නම් කියලා තියෙන Double කියන ක්‍රමය තියන්න කියලා. ඒ හින්දා ඒක තියන්න.

Max Allowed Number of Highlighted Links per Page 
මෙමගින් කරන්නේ අපේ පොස්ට් එකකට කොච්චර ඇඩ්ස් පෙන්නන්ද කියලා. එගොල්ලෝ උපරිම දිලා තියෙන්නේ ඇඩ් 12 යි.

Content Category 
මෙමගින් කරන්නේ අපේ බ්ලොගයේ පෙන්නන්න ඕන ඇඩ්ස් වර්ගය ගැනයි. ඒ කියන්නේ කාර් ගැනද, අන්තර්ජාලය ගැනද, සෞඛ්‍ය ගැනද වගේ දේවලුයි.

මේ ක්‍රියාකාරකම් වල Live Demo එකක් දකුණු පසින් බලාගන්නත් පුළුවන්. ඒ හින්දා කිසි අපහසුවකින් තොරව වැඩේ කරගන්න පුළුවන්.

සියල්ල කරාට පස්සේ පිටුවේ යටම තියෙන කියන එකට හරි ලකුණ දාලා Save කියන නිල්පාට බොත්තම ඔබන්න.

දැන් අපි බලමු මේකෙන් මුදල් ගෙන්න ගන්න පුළුවන් ක්‍රම ගැන

1. Payoneer Prepaid Mastercard කාඩ් එකක් මගින්.. ඔයාට කාඩ් එකක් ගන්න ඕනේ නම් මෙතන ඔබන්න. 

2. Paypal Account එකක් මගින්. 

3. Check හෝ බැංකුවක් මගින්.

ඔය ක්‍රම වලින් 1 සහ 2 යන ක්‍රම පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මොකද බැංකුවකට ගෙන්න ගන්නවා කි‍යන්නේ මහා පිස්සු වැඩක්. කොහොමත් ලංකාවට එක භාවිතා වෙන්නේ නැ..

මම දැන් කියන්නම් කොහොමද Paypal Account එකක් එකක් Infolinks වලට ඇඩ් කරන්නේ කියලා.

මුලින්ම My Account කියන එකට යන්න. ( දැනටමත් එකට යන්න දන්න හින්දා පින්තුර දාන්නේ නැ හොදේ)
දැන් ඔයාට පහත ‍වගේ තිරයක් ලැබෙයි. එතනින් Payment Details කියන එක ඉස්සරහා තියෙන Edit බොත්තම ඔබන්න. (පස්වැනි රුපය බලන්න)

පස්වැනි රුපය
දැන් පහත වගේ තිරයක් ලැබෙයි. එකෙන් Paypal Account කියන එක තෝරලා ඔයාගේ Paypal Account එකේ මේල් එක දෙන්න. දිලා සේව් කරන්න. (හයවැනි රුපය බලන්න)

හයවැනි රුපය
අපි දැන් සියල්ල හදාගෙන ඉවරයි. ලිපි ටිකත් ඉවරයි. ඔයාලත් Autoblog එකක් වගේ හදනවානම් Infolinks  ලැබෙයි. කට්ටියම Autoblog හදන්න ඕනේ නම් මෙතන බලන්න. 

මගේ මේ බ්ලොග් එකට නම් දැන්ම ඇඩ්ස් ඇඩ් වෙලා වගේ...දැන් විශ්වාසයි නේද?

අනිත් කාරණය කට්ටිය ඇඩ්සෙන්ස් වලට ට්‍රයි කරනවානම් හොද ට්‍රැෆික් එකක් තියෙන්න ඕනේනේ. ඒකට අපේ බ්ලොග් එක Google,Yahoo,Bing වගේ ඒවාට විතරක් ඇඩ් කරලා මදි. මුළු ලෝකෙන්ම කට්ටිය ගෙන්න ගන්න මෙන්න ‍ලේසිම විදිහ. 

ලොකේ පුරා තියෙන හැම සර්ච් එන්ජින් එකකටම බ්ලොග් එක ඇඩ් එක කරගන්න 


මේකට ඩොමේන් එකක් දෙන්න කැමති අය ඉන්නවානම් කියන්න. අනික මේකේ නැති සර්ච් එන්ජින් තියෙනවානම් කියන්න ඒවත් දාන්නම්...

ලිපියේ අඩුපාඩු, ඔබේ අත්දැකිම් එහෙමත් අපිත් එක්ක බෙදාගන්න

Infolinks වලින් වැඩ කරමු - පලමු කොටස

ගොඩක් බ්ලොග් ලියන අය ඇඩ්සෙන්ස් ට්‍රයි කරන බවක් පේනවා. අඩවියට හොද ටැ‍ෆික් එකක් තිබ්බොත් ඇඩ්සෙන්ස් හම්බුවෙන්න තියෙන හැකියාව වැඩියි. නමුත් ටැෆික් එක අඩු අයටනම් හම්බුවෙන්න තියෙන හැකියාව බොහොමත්ම අඩුයි. ඉතින් දැන් ගොඩක් අය ඇඩ්සෙන්ස් වලට ට්‍රයි කරන එක අතහැරලා වෙනත් දැන්විම් කලාවන්ට යන්න පටන් අරගෙන තියෙන්නේ. ඒත් ගොඩක් අයට හොද, විශ්වාසවන්ත තැනක් හොයාගන්න බැරිව ඉන්නවා. ඉතින් අද මම හොද,විශ්වාසවන්ත ඇඩ් ක්‍රමයක් ගැන කියන්නම්. ‍හැබැයි මේ ඇඩ් ක්‍රමය සිංහල බ්ලොග් වලට වැඩ කරන්නේ නැ. ඒත් වැඩ කරන විදිහට හදාගන්න පුළුවන්. මම ඒ ‍ගැන තව ටිකකින් කියන්නම්.

ඇඩ් ක්‍රමය ගැන කතා කළොත් එකේ නම තමයි Infolinks


මේක වැඩ කරන හැටි ගැන කතා කොළොත් අපි අපේ පොස්ට් එකේ ලිපියක් ලිවිමේදි එයට නොයෙක් ඉංග්‍රිසි වචන යෙදුවොත් (මාතෘකාවට ගැලපෙන) Infolinks වෙතින් එම ඉංග්‍රිසි වචන වලට ගැලපෙන ඇඩ් එකක් ඒ ඉංග්‍රිසි වචනය ගාවට මවුසය ගෙන ආවිට පෙන්නනවා. කවුරුහරි ඒ ඇඩ් එක උඩ ක්ලික් කරොත් එයට ආදාල යම්කිසි මුදලක් අපේ ගිණුමට බැර වෙනවා.

මම හිතනවා දැන්විම් වැඩ කරන හැටි ගැන දැනුමක් එන්න ඇති කියලා. දැන් අපි බලමු මේ අඩවියේ සමාජිකයෙකු වෙලා අපේ බ්ලොගයට දැන්විම් ලබාගන්න හැටි.

මුලින්ම Infolinks වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.

දැන් වෙබ් අඩවියට ගියාම පහත ආකාරයේ තිරයක් පෙනෙයි. එකෙන් Join us Now බොත්තම ඔබන්න (පලමු රුපය බලන්න)

පලමු රුපය

දැන් ඔයාට ඔයාගේ තොරතුරු පුරවන්න ෆෝම් එකක් ලැබෙන්න ඇති.. හෝව්..හෝව්...පුරවන්න එපා. මම මුලදිම කිව්වනේ නිකං පිරෙව්වාට ඔයාට සිංහල බ්ලොග් වලට දැන්විම් ගන්න බැරි වෙයි කියලා. අන්න ඒ හින්දා ඔයාට ලැබුන ෆෝම් එකේ Website URL එකට ඉංග්‍රිසි බ්ලොග් එකක ලිංක් එක දෙන්න. දැන් සාමාන්‍ය පරිදි අනිත් කොටස් පුර‍වගෙන යන්න.

දැන් අවසානේට තියෙන Continue බොත්තම ඔබලා රෙජිස්ටර් විමේ පියවරවල් අවසන් කරගන්න.

දැන් පහත ආකාරයේ තිරයක් ඔයාට ලැබෙනවා. (දෙවැනි රුපය බලන්න) එකේ නිල් පාට කොටුව තුළ තිබෙන කෝඩ් එක ඔයාගේ බ්ලොගයේ </body> ටැග් එක ඉවර වෙන්න කළින් පෙස්ට් කරන්න. ඕක ඔහොම කිව්වාට තේරුනේ නැත්තම් ඊට පහලින් තියෙන බොත්තම ඔබන්න. (දෙවැනි රුපයේ රතු පාටින් කොටු කර ඇති තැන බලන්න)

දෙවැනි රුපය

දැන් ඒ ගැජට් එක ස්වයංකියව ඔයාගේ බ්ලොගයට ඇඩ් වෙනවා. දැන් ඔයාට මෙයට ආදාළ මේල් එක ලැබෙන්න ව්‍යාපාර දින 2ක් පමණ ගතවෙනවා. 

අදට එහෙනම් ඔය ඇති. කට්ටියම Infolinks වෙබ් අඩවියේ සාමාජිකයෙක් වෙලා ඉන්නකෝ. අපි ඊලග කොටසෙන් බලමු කොහොමද ඇතුලේ වැඩ ටික කරගන්නේ කියලා. ඉදිරියට අපිත් සමග එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා.

එකම මේල් ඇඩ්රස් එකෙන් Facebook Accounts දෙකක් හදමු...

කොහොමද කට්ටියට ඔන්න කියන්න යන්නේ පොඩි අලුත් වැඩක්...මේක දන්න අයත් ඇති...ඒත් ඉතින් නොදන්න අය ඊට වැඩි කියනවානේ... මාතෘකාව දැක්කාම තේරෙන්න ඇති මේ මොකක්ද කියලා...  හරි අපි දැන් මේක කරන හැටි බලමු...


ඔයගොල්ලෝ මේල් බලද්දි ඔයාගේ මේල් එක ටයිප් කර‍න්නේ මෙහෙමනේ,

Yourname@gmail.com

නමුත් ඔයා දන්නවාද ඔයාගේ ඔය මේල් ලිපිනයට තවත් මේල් ලිපිනයක් ලැබෙනවා කියලා? ඔයාට හම්බුවෙන අනිත් මේල් ලිපිනය තමයි පහල තියෙන්නේ,

Yourname@googlemail.com

දැන් දැක්කද මොකක්ද වැඩේ කියලා? හැබැයි Yourname@googlemail.com එකට එන මේල් එන්නෙත් Yourname@gmail.com එකටම තමයි... නමුත් මුණුපොතෙන් හිතන්නේ ඒ මේල් ඇඩ්රස් දෙකක් කියලා... මුණුපොතෙන් විතරක් නෙමෙයි හැම සයිට් එකකම..

දැන් දන්නවානේ කොහොමද මුණුපොතේ එකම මේල් ඇඩ්රස් එකෙන් අකවුන්ට් ‍2ක් හදන්නේ කියලා... අලුතෙන් හදන අකවුන්ට් එකේ ඊමේල් එක විදිහට දෙන්න ඕනේ Yourname@googlemail.com කියන එක..

මේක යාහු වලටත් වැඩ මම හිතන්නේ.... මට ඒක හරියයිද කියලා නම් ෂුවර් නැ...කරලාම බලන්න...

 මේ තියෙන්නේ ඔයාගේ දැන් යාහු මේල් ලිපිනය
Yourname@yahoo.com

මේ තියෙන් නේ අනිත් එක...
Yourname@yahoomail.com

කරලා බලලා අදහසකුත් දාලාම යන්නකෝ.... 

1GB Free Space ගන්න ඕනේද?

සුභ උදැසනක් හැමෝටම... ඔන්න අද උදේම හැමෝටම වාසියක් වෙන දෙයක් කියන්න යන්නේ.... ලංකාවේ අලුත් හොස්ටින් කම්පැනියක් ඇවිල්ලා... වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න ආස අයට මෙන්න චාන්ස් එක...


මේ අයගෙන් ඔයාලා කැමති ඩොමේන් එකක් ගත්තොත් 1 GB හොස්ටින් ‍ෆී දෙනවා... කොහොමද වැඩේ.... එතකොට ස්පෙස් ගන්න සල්ලි යන්නෙත් නැ...

හොස්ට් එකනම් මාරම ස්පිඩ්..



ප්‍රශ්න තියෙනවා නම් පහත මේල් ලිපිනයෙන් දැනගන්න පුලුවන්.

hoxpert@hotmail.com


අහ්.. තව දෙයක් මේ මාසේ 30 වෙනිදා‍ට කලින් ගන්න අයට 10% ක වට්ටමක් ගන්නත් පුලුවන්...


තව ඔය කට්ටිය Auto Blogging කරනවානම් ඒ සදහාත් විශේෂ පහසුකම් ලබාගන්න පුලුවන්...

මාත් මේ දැන් වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න හදන්නේ....


අදම එහෙනම් සයිට් එකට ගිහිල්ලා බලන්න...


සයිට් එකට යන්න මෙතන ඔබන්න...

පිටරට පාරවල් වල රොන්දේ ගහන්න යමුද?


 මම මේක ගැන බබාලෝකය බ්ලොග් එකේ තියලා දැක්කේ...ඉතින් අනිත් අයටත් දැනගන්න එක්ක මම මේකේ දාන්න හිතුවා...

මේක ටිකක් අලුත් වැඩක් කිව්වොත් නිවැරදි... මේකෙන් පුලුවන් අපිට North America, Europe, Asia, Africa, Australia යන රටවල් වල පාරේ ඇවිදින්න... හරියට නිකං රොන්දේ ගහනවා වගේ...හිහි...

ඔය පහල තියෙන්නේ මම North America වල ගිය වේලාවේ ගත්ත පින්තුරයක්...


පින්තුරේ දැක්කම මොකෝ හිතන්නේ??? එළ වගේ නේද? මට නම් වැඩේ අල්ලලා ගියා...

මේකේ අවුල තමයි හැම රටකටම යන්න බැරිකම...

මෙතනින් සයිට් එකට ගිහිල්ලා බලන්න...

අදහසක් දාන්න අමතක කරන්නත් එපා... ඒ වගේම ටුවිටර් අයත් එක්කත් ටුවිට් කළොත් හොදයි නේද?

Twitter Official Share බොත්තම බ්ලොගයට දාගන්න...

ගොඩක් අය බ්ලොග් එකට දාගෙන හිටියේ වෙන කොහෙන් හරි ගත්ත, තිම් එකෙන්ම හම්බුවෙන ටුවිටර් බට්න් එකනේ... ඒත් ඔන්න දැන් අපිට ටුවිටර් වෙබ් සයිට් එකෙන්ම අපිට දුන්න ටුවිටර් බට්න් එක දාගන්න පුලුවන්...




හරි දැන් බලමු දාගන්න විදිහ...

පියවර 1 - මුලින්ම බ්ලොගර් වල Design ටැබ් එකට ගිහිල්ලා Edit HTML කොටසට යන්න.

පියවර 2 - දැන් Expand Widget Templates ටික් එක දාන්න...

පියවර 3 - දැන් පහත තියෙන කෝඩ් එක හොයාගන්න.

<div class='post-header-line-1'/>

පියවර 4 - දැන් ඔයාගේ ටුවිටර් බට්න් එකේ කෝඩ් එක හොයාගත්ත කෝඩ් එකට යටින් පේස්ට් කරන්න.

-------------------------------------------------------------------------------------------------------------

Code For Vertical Count Button

<b:if cond='data:blog.pageType == "item"'>
<div style='float:right;margin-right:10px;'>
<a href="http://twitter.com/share" class="twitter-share-button" data-count="vertical" data-via="TWITTER-USERNAME">Tweet</a><script type="text/javascript" src="http://platform.twitter.com/widgets.js"></script>
</div>
</b:if>

Code For Horizontal Count Button

<b:if cond='data:blog.pageType == "item"'>
<div style='float:right;margin-right:10px;'>
<a href="http://twitter.com/share" class="twitter-share-button" data-count="horizontal" data-via="TWITTER-USERNAME">Tweet</a><script type="text/javascript" src="http://platform.twitter.com/widgets.js"></script>
</div>
</b:if>

Code For No Count Button

<b:if cond='data:blog.pageType == "item"'>
<div style='float:right;margin-right:10px;'>
<a href="http://twitter.com/share" class="twitter-share-button" data-count="none" data-via="TWITTER-USERNAME">Tweet</a><script type="text/javascript" src="http://platform.twitter.com/widgets.js"></script>
</div>
</b:if>

ඔය තෝරාගත්ත කෝඩ් එකේ කොළ පාටින් තැනට ඔයාගේ ටුවිටර් Username එක දෙන්න...

මාත් ඔන්න ටුවිටර් බොත්තම දැම්මා...දැන් ටුවිටර් අයටත් කියන්න අමතක කරන්න එපා...

ඔන්න දැන් ඔයාටත් ටුවිටර් Official Share බොත්තම තියෙනවා...අදහසක් දාන්න අමතක කරන්න එපා...ප්‍රශ්න ආවොත් කියන්න...

Maxxa ‍සෝෆ්ට්වෙයාර් කෑලි හතරක්....

ඔන්න කට්ටියට මැක්සා සෝෆ්ට්වෙයාර් 4ක් දෙන්න යන්නේ... මේවා අපිට ගොඩක් වේලාවට ඕන වෙනවා... එහෙනම් සෝෆ්ට්වෙයාර් ලිස්ට් එක දෙන්නම්...බලලාම ඉන්නකෝ....




Web Temp 3.33 Portable
Mirillis Splash HD Player Lite
Ad-Aware Free Internet Security 8.3.1
Portbale Total Video Converter 3.12

දැන් අපි බලමු මේ සෝෆ්ට්වෙයාර් ගැන සවිස්තරාත්මකව...

-----------------------------------------------------------------------------------------------------------------------

Web Temp 3.33 Portable 

මේකෙන් පුළුවන් ඔයාගේ පරිගණකයේ උෂ්ණත්වය බලාගන්න.. ෆැන් එක කැරකෙන ස්පිඩ් එක වගේ ඒවත් ඔයාට බලාගන්න පුලුවන්...ගොඩක් වේලාවට අපේ පරිගණකය කැඩෙන්‍නේ උෂ්ණත්වය ඉහළ ගියාම තමයි...දැන් ඉතින් බය වෙන්න දෙයක් නැ...

WebTemp 3.33 Pre6
Letitbit

WebTemp 3.33 Pre6 Portable
Letitbit

Mirillis Splash HD Player Lite 
  
මේකත් අලුතෙන් ආව මිඩියා ප්ලේයරයක්... විඩියෝ එහෙම හොද තත්වයක් යටතේ බලන්න පුලුවන්... මේකේ කියන්න බැරි තරම් වැඩ කැළි තියෙනවා...අරගෙනම බලන්නකෝ...මේකෙන් විඩියෝ බලන්න Codec අවශ්‍ය වෙන්නේ නැ...

Mirillis Splash HD Player Lite 1.5.0.0
Letitbit 

Mirillis Splash HD Player Lite 1.5.0.0 Portable
Letitbit

Ad-Aware Free Internet Security

මෙන්න තියෙනවා අද කාලේට අවශ්‍යම භාණ්ඩයක්... මේක හදලා තියෙන්නේ Symentec ආයතනයයි... මෙහි අඩංගු වෙලා තියෙනවා,
firewall, parental controls, Wi-Fi protection for unsecured hot spots, and identity protection including antiphishing tools and browser search result authentication for Internet Explorer and Firefox.

Download

Mirror 1 :

Mirror 2 :

http://www.fileserve.com/file/fRQDaWk/NAV-TW-30-18-1-0-37-EN.rar
 
 
Total Video Converter

මේක ගැන නම් හැමෝම වගේ දන්නවා... මේ තියෙන්නේ ඒකේ පොටර්බල් සංස්කරණයයි...

Download Filefactory Total Video Converter 3.12 ( Portable )
Download

Download Rapidshare
Download
 
මේ වගේ තවත් පොටර්බල් සංස්කරණ මෘදුකාංග ඕ‍නේ නම් මෙන්න තැන....

බ්ලොග් එක දුරකථනයෙන් බලන්න හදන්නේ මෙහෙමයි....


ඔන්න දැන් මම කියන්න යන්නේ ඔයාගේ බ්ලොග් එක දුරකථනයෙන් බලන්න පුලුවන් විදිහට හදාගන්න හැටි.. මේක හැදුවාට ඔයාගේ බ්ලොගයට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැ... මම ඔන්න මේක උපුටාගත්ත තැනත් දානවා..නැත්තම් ඉතින් අපේ ඇයෝ...


හරි..මම කියන විදිහට කරගන්න පුලුවන්...

මුලින්ම Design - Edit HTML ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න..

දැන් පහල තියෙන කෝඩ් එක හොයාගන්න... ( Ctrl + F )

<b:include data='blog' name='all-head-content'/&gt

(මේ‍ කෝඩ් එක හොයාගන්න බැරි උනොත් </head> එක හොයාගෙන ඊට පහලින් කෝඩ් එක පේස්ට් කරන්න)

දැන් පහල තියෙන කෝඩ් එක ඔයා ඉහළ හොයාගත්ත කෝඩ් එකට පහලින් පේස්ට් කරන්න...

<meta content='IE=EmulateIE7' http-equiv='X-UA-Compatible'/>
<b:if cond='data:blog.isMobile'>
<meta content='width=device-width,minimum-scale=1.0,maximum-scale=1.0' name='viewport'/>
<b:else/>
<meta content='width=1100' name='viewport'/>
</b:if>

ඔන්න දැන් ඔයාගේ බ්ලොග් එකත් කිසිම කරදරයක් නැතුව දුරකථනයකින් වුවත් බලන්න පුලුවන්...


Portable Appz - දැන් නම් පරිගණකය ස්ලෝ වෙන්නේ නැ....

ඔයාලා පරිගණකයේ මෘදුකාංගයක් දාගෙන වැඩක් කරද්දි ස්ලෝද? ඒ ඉතින් රැම් එක මදි නිසානේ (වැරදි නම් හදන්න හොදේ) හැබැයි මේ මෘදුකාංග වල අතේ ගෙන යා හැකි (Portable) මෘදුකාංග තිබ්බොත් වැ‍ඩේ හරි නේද??? අන්න ඒ හින්දා තමයි මම පොටර්බල් මෘදුකාංග එකම තැනකින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් තැනක් හැදුවේ...




ඔයාලා ලගත් පොටර්බල් මෘදුකාංග තියෙනවානම් අපිට එවන්න...


අනිත් කාරණය තමයි මේ සයිට් එකට පොටර්බල් මෘදුකාංග ගැන ලිපි දාන්න කැමති අය ඉන්නවානම් කියන්න.. Comment එකකින් කියන්න..


Portable මෘදුකාංග හදන්න ඕනේ නම් මේ මෘදුකාංගය බාගෙන හදන්න... මෙතන ඔබන්න... ( pass - hackingclz.blogspot.com)


මේ අඩවියෙන් ඔබට ඉදිරියේදි Portable ගේම්ස් ලබාගැනිමටද පුලුවන්... මේ අඩවිය ගැන ඔබේ අදහස් කියන්න...


Portable Appz වෙබ් අඩවියට මෙතනින් යන්න...

eBay හරහා භාණ්ඩ විකිණිමට අපිටත් හැකිද?



මම මේ පොස්ට් එක දාන්නේ යාළුවෙක්ගේ ඉල්ලිමකට.. ඔව්..අපිටත් පුළුවන් භාණ්ඩ විකුණන්න.  ඒකට ඔයා මුලින්ම ebay වල සාමාජිකයෙකු වි සිටින්න ඕනේ. දැන් My Ebay හි Sell නම් මෙනුවේ තියෙන Sell an item කියන ස්ථානයට පිවිසෙන්න.


එවිට‍ පහත වගේ තිරයක් දක්නට ලැබෙනවා. එතනින් Start Selling කියන බොත්තම ඔබන්න.

දැන් ඔයාගේ Account එකට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙනවා.. ඊට පස්සේ Browse Category එකෙන් ඔයා විකුණන්න හදන භාණ්ඩය ගැලපෙන කාණ්ඩය තෝරලා දෙන්න..



දැන් පහළින් තියෙන Continue බොත්තම ඔබන්න..


ඊට පස්සේ ලැබෙන Create Your Listing පිටුවෙන් ඔබේ භාණ්ඩය පිලිබද විස්තරයක් හා ජායාරුප කිහිපයක් වුවත් අප්ලෝඩ් කරන්න පුලුවන්...


සියලුම තොරතුරු දි අවසන් වුවාට පසු පහල තියෙන Continue බොත්තම ඔබලා ඉවර කරන්න...

ඔබ මෙහිදි භාණ්ඩය ඉදිරිපත් කරන්නේ Auction ආකාරයට නම් ඒ සදහා මුලිදි eBay තුළින් සේවා ගාස්තුවක් අය නොකරයි. නමුත් භාණ්ඩය විකිනෙන අවස්ථාවේදි ඒ සදහා 5% ක සේවා ගාස්තුවක් අය කර ගනියි... කෙළින්ම Buy Now ආකාරයෙන් ඉදිරිපත් කරනවානම් ඒ සදහා යන මුදල පසෙකින් පෙන්වනු ලබයි... ඒ පිළිබද ඔබේ අවධානය යොමුකරන්න..

සියල්ල නිසි ලෙස සම්පුර්ණ කර පසු eBay Search Box එක තුල ඔබේ Keywords ටයිප් කර බැලිමේදි ඔබගේ භාණ්ඩය දිස් විය යුතුය...

ඔබේ භාණ්ඩයට යමෙක් මුදල් ගෙව්වේ නම් ඒ තැනාත්තා‍ට ඉක්මණින් එම භාණ්ඩය යැවිය යුතුය.. එය යැවිමට බැරි වුවොත් එම තැනැත්තා ඒ බව eBay වෙත දැනුම් දුන්නොත් ඔබේ ඉදිරි eBay ගණුදෙනු වලදි එය අහිතකර ලෙස බලපාන නිසා එම භාණ්ඩය ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුය...

අන්තර්ජාල වේගය වැඩි කරන හැටි

ඔන්න මම ෆෙස්බුක් එකේ පොරොන්දු වුන විදිහටම ඔයාගේ අන්තර්ජාලයේ එකේ වේගය වැඩි කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්නයි යන්නේ... ඇත්තටම ලංකාවේ අන්තර්ජාල වේගය නම් කතා කරලා වැඩක් නැ...අන්තිම ස්ලෝ....  හරි කට්ටිය මේ ක්‍රමෙත් උත්සහ කරලා බලලා අදහසක් දාන්නකෝ... අපි මේක කරන්නේ මෘදුකාංගයක් යොදාගෙන... මෘදුකාංගය නම් අපිටම හැදුවා වගේ...හිහි..මාත් මේක මගේ අන්තර්ජාලය ස්ලෝ උන වේලාවක කරලා බැලුවා..තිබ්බාට වඩා අන්තර්ජාලය වේගවත් උනා..හ්ම්ම්...කතා ඇති අපි බලමු ‍මෘදුකාංගය ගැන...



මෘදුකාංගයේ නම තමයි Net Traffic 

මේක වැඩ කරන්නේ XP / NT / 2K / ME යන OS වල විතරයි... 


මේ මෘදුකාංගයේ විශේෂත්වය තමයි ඔබේ අන්තර්ජාල වේගයේ සම්පුර්ණ විස්තරයක් පසුව ලබාගැනිමට පුලුවන්. 
අප්ලෝඩ් වේගය හා ඩවුන්ලෝඩ් වේගය නිවැරදිව බලාගන්න පුලුවන්. 
Audio & Alerts Notifications පහසුකම
Stopwatch එකක් ආධාරයෙන් Traffic එක Analyis කරගැනිමේ පහසුකම..

මේක භාවිතා කරන්න පරිගණකයේ Net Frame Work එක තියෙන්න ඕ‍නේ...

මීට අමතරව තවත් ගොඩක් ‍විශේෂාංග තියෙනවා... මේකේ සයිස් එක 1.77 MB විතරයි. ඒක හින්දා ඉක්මණට බාගෙන භාවිතා කරලා බලන්නකෝ...

ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඔබන්න...

එහෙනම් මම ගියා..

ප.ලි - ගාමින්ද කිව්වා එයාට මේ සයිට් එකට යන්න බැ වයිරස් කියලා අල්ලනවා කියලා...මගෙත් AVG තියෙන්නේ...ඒත් එහෙම නැ... එහෙම එනවානම් මේ Link එකට යන්න...

ලෝකයේ විශාලතම ධාරිතාවයකින් යුත් පින්තුර බලන්න ආසද?

කස්ටිය කොහොමද? හොදින් ඇති කියලා හිතනවා...  ඊයේත් මම පොස්ට් එකක් දැම්මේ නැති නිසා අද දාන්න හිතුනා..උදේ දාන්න හිතුවත් කම්මැළි හින්දා හවසට කල් දැම්මා...ඔන්න දැන් ඒ කල් දැම්ම එක ලියනවා..හිහි  හරි අපි දැන් කතාවට එමුකෝ... මාතෘකාව දැක්කාම හිතෙන්න ඇති මොකක්ද කියලා... "ලෝකයේ ලොකුම පින්තුරය" මොකෝ හිතන්නේ ඒ ගැන?  විස්තරයක් එක්කම ප‍ටන් ගන්නම්... විස්තරය බලන්න ඕනේ නැති රූං ගාලා පල්ලෙහාට ගියානම් හරි හොදේ...


මෙහෙමයි මේ පින්තුර වලට කියන්නේ පැනෝරාමා (Panorama) කියලා. මේ වර්ගයේ පින්තුර ගන්නේ නිකං කැමරා වලින් නම් නෙමෙයි.. ඔය පහල තියෙන්නේ කැමරාවේ පින්තුරයක්.... 

මේ කැමරාවක් ගන්න නම් ඉතින් අපේ ගේත් විකුණලා තවත් මොනවාහරි විකුණන්න වෙයි.. හිහි... මම දැක්කා සයිට් එකක මේකේ ගාණ තිබ්බේ $899.00 යි කොහෙද?  


මේ ජායාරුප කලාව තවත් දැනගන්න ඕනේ නම් මෙතනින් යන්න...

මේ පින්තුර ගහන එකත් ලේසි නැ...


පැනෝරාමා වල තියෙන විශේෂත්වය තමයි අංශක 360 ක් ආවරණය වන ලෙස පින්තුරය ගන්න පුලුවන්... පොඩ්ඩක් හිතලා බලන්නකෝ...


හරි...එහෙනම් අපි දැන් ලෝකයේ ලොකුම පින්තුර බලන්න යමු...අහ් කියන්න අමතක වුනා ලෝකයේ ලොකුම පින්තුරය කිව්වේ මේ එක පින්තුරයක් ගත්තොත් එකේ සයිස් 160GB වලටත් වඩා වැඩියි...  නැ නෙමෙයි ඔව්...


දැනට ගොඩක් අය ගහපු පැනෝරාමා ආකාරයේ පින්තුර මේ අඩවියේ තියෙනවා... මම හිතන්නේ දැනට තියෙන හොදම පැනෝරාමා පින්තුර තියෙන සයිට් එක තමයි මේ...




ඩුබායි 45 කියන බ්ල්ඩිමේ පැනෝරාමා ආකාරයේ පින්තුරයක් බලන්න මෙතනින් යන්න...


Alpstein හිම කන්දේ පැනෝරාමා ආකාරයේ පින්තුරයක් බලන්න මෙතනින් යන්න...


තේම්ස් නදිය, බිග් බෙන් ඔරලොසුවේ පැනෝරාමා ආකාරයේ පින්තුරයක් බලන්න මෙතනින් යන්න....




තවත් මේ වගේ පැනෝරාමා පින්තුර බලන්න මෙතනින් යන්න....


ඔයාලා ගාවත් මේ වගේ සයිට් තියෙනවා නම් අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්නකෝ...පොස්ට් එක හොදනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා....

යාලුවන්ව බය කරන්න ආසද?

අපේ කට්ටිය අලුත් වැඩ වලට කැමතිනේ...මෙන්න එහෙනම් ඔයාලගේ යාලුවන්ව බය කරන්න නියම ක්‍රම ටිකක්... අදහසක් දාන්න අමතක කරන්න එපා...


ඔයාලගේ යාලුවන්ව මේල් වලින් රවට්ටන්න... 
  
මේ වෙබ් අඩවි දෙකෙන් ඔබේ යාලුවන්ට මේල් එකක් යවන්න පුලුවන්...එතකොට ඔයාව එයාට හොයාගන්න බැ කවුද ඒව්වේ කියලා... වෙබ් අඩවිය රෙජිස්ටර් වෙන්න ඕනේත් නැනේ...


AnonMail (මේ වෙබ් අඩවියෙන් ඔබට ඇනිමොව්ස් විදිහට අන්තර්ජාලයේ සැරිසරන්නත් පුලුවන්) 
Foammails

යාලුවාව කෝල් එකකින් බය කරන්න...

ඔන්න තවත් නියම වැඩක්...මේකෙන් ඔයාලගේ යාලුවන්ට කෝල් එකක් ගන්න පුලුවන්...හැබැයි ඉතින් ගන්නේ කොහෙන්ද කියලා නැ...හිහි 

Prank Dialer (මේකෙනම් ගොඩක් එවා නිකං නෙවෙයි)
My Phone Blaster (මේක නම් නිකං දෙන්නේ)

Poop එකක් අරින්න... (මේකනම් මම දන්නෙත් නැ..හොයලා බලන්නකෝ)

Poop Sender   (මේකත් නිකං නෙමෙයි)

ඕවා කරලාම බලන්නකෝ...මාත් යාලුවෝ ටිකක් බය කෙරුවා...හිහි...ඔන්න අදහසකුත් දාලාම යන්න හොදේ...

බ්ලොග් එකට එන අය වැඩි කරගන්න මේ ක්‍රමයත් බලන්න...

මේ දවස් වල කට්ටිය බ්ලොග් එකට එන කට්ටිය වැඩි කරගන්න හදනවානේ. දැන් මම කියන්න යන්න තවත් ඒ වගේ කට්ටිය වැඩිකරගන්න පුලුවන් ක්‍රමයක් ගැන... 


ගොඩක් අය අපේ බ්ලොගයට එන්නේ ගුගල් සර්ච් එන්ජින් එක හරහානේ... කට්ටිය සර්ච් කරන්නේ තමන්ට අවශ‍්‍ය දේ මුලින්ම දාලානේ... එතකොට සමහරක් වේලාවට තමයි අපේ බ්ලොගය හම්බුවෙන්නේ...නමුත් මේ දැන් පහල විදිහට හැදුවොත් හැම සර්ච් එකකටම ‍වගේ අපිව අහුවෙන විදිහට හදන්න පුලුවන්...

සාමාන්‍යයෙන් දැන් අපේ බ්ලොගයේ යම්කිසි දෙයක් ‍සර්ච් කරොත් පහත විදිහට තමයි පෙන්නේ...

(
(බ්ලොගයේ නම ඉස්සරහට දාලා..එතකොට අපේ බ්ලොගය අහුවෙනවා අඩුයි..)


අපි දැන් මම කියන්න යන ක්‍රමේට හැදුවොත් එන්නේ මේ විදිහට...


(බ්ලොගයේ නම පස්සට දාලා...)


කරගන්න ඕනේ නම් පහළ විදිහට කරන්න...
ගුගල් පෙජ්රෑන්ක් තියෙන සයිට් එකක් නම් මෙහෙම කරන්න ඕනේ නැ...

----------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------

මුලින්ම බ්ලොගර් වලට ගිහිල්ලා Design වලට ගිහිල්ලා Edit HTML යන්න. 

දැන් පහල තියෙන කෝඩ් එක හොයාගන්න..

<title><data:blog.title/></title>

දැන් ඒ කොඩ් එක අයින් කරලා එතනට පහල තියෙන කෝඩ් එක පේස්ට් කරන්න...

<b:if cond='data:blog.pageType == "item"'>
<title><data:blog.pageName/> |<data:blog.title/></title>
<b:else/>
<title><data:blog.pageTitle/></title> </b:if>


දැන් ටෙම්ප්ලේට් එක සේව් කරන්න...

දැන් වැඩේ ඉවරයි... අනිවා වැඩේ හරියන්න ඕන...කරලාම බලන්න... ඔබේ අත්දැකිම් අපිත් එක්ක බෙදාහදා ගන්න...